නමුත් එය ට පෙර තරමක් කෙටියෙන් වෙනත් කරුණක් පිළිබඳව අදහස් දැක්වීමටයි මෙම සටහන ලියවෙන්නේ.
Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts
Wednesday, April 17, 2013
ජාතික චින්තනය ගැන තව දුරටත්
ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන සාකච්චාවක් සමගයි.
Saturday, March 30, 2013
Pour Gamlath
සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ.
කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය.
කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය.
Tuesday, March 12, 2013
ගණික කටු කම්බි
ලංකාවේ කලාත්මක
ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීම යි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය
කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය
විසින් සීචනය කිරීම යි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ලෙස, වරක් චන්ද්‍රගුප්ත තේනුවර සිත්තරාගේ චිත්‍ර
ප්‍රදර්ශනයක සමරු පොතක් පෙරලමින් සිටින විට මුණ ගැසුණු අපූරු සටහනක්
සිහිවේ. සටහන තියා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා ය. මතක විදියට එහි ලියා
තිබුනේ මෙවැන්නකි: "ඔබගේ කලා නිර්මාණ තුලින් ජාතික සමගිය ගොඩ නැගීමට ගන්නා
උත්සාහයට අපගේ ආචාරය!". අපිට පුළුවන් මෙය කලාව පිලිබඳ 'විජිත හේරත් තිසීසය' ලෙස නම් කිරීම ට. මෙයට පරස්පර ලෙස අප යෝජනා කරන්නේ කලා කෘතියකින් කල යුතු වන්නේ කලා කෘතියකින් පමණක් ප්‍රකාශ කල හැකි
දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීම යි. වෙනත් ලෙසකින් කියනවානම් කලා කෘතියක සුවිශේෂය කුමක්ද කියා සොයා බැලීම යි.
Monday, February 25, 2013
ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය (2 කොටස)
පහතින් පල වෙන්නේ බදියුගේ "ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය" නම් අප විසින් කොටස් වශයෙන් පල කරන ලිපියේ දෙවන කොටසයි. එහි පළමු කොටස මෙතනින් කියවන්න.
Sunday, February 10, 2013
පර්දාව, විමුක්තිකාමී දේශපාලනය සහ...
'බොදු බල සේනා' සංවිධානය විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසියම් ආකාරයක දෙපළු වීමක් සලකුණු කර ඇති බව පෙනේ. එහි නිල නායකයන්ට අනුව ඉහත සංවිධානය විසින් මූලිකව ප්‍රති-ජීවක දී පණ ගන්වන ලද සිංහල සමාජයේ ඇති මුස්ලිම් විරෝධී වර්ගවාදය, ගැටුමක් දක්වා වර්ධනය වීම මේ මොහෙතේ සේවය කරන්නේ සිංහල-බෞද්ධයන්ගේ ප්‍රධාන සතුරාටය. මෙම සන්දර්භය තුල, විමුක්තිකාමී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් වාර්ගික දේශපාලනය හමුවේ ගත යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව ඉහල සංකල්පීය ගුණයෙන් යුතු සාකච්චාවක් ඇති කිරීම ප්‍රයෝජනවත් වේය කියා සිතමු. මෙයට ආරම්භයක් ලෙස ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් පැළඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් බදියු විසින් රචනා කරන ලද ප්රශස්ත රචනාවක් සිංහලට නගන්නට අපි තීරණය කළෙමු. තරමක් දීර්ඝ එම රචනය කොටස් කීපයකින් පල කිරීමට අදහස් කලමු.
මෙය සන්දර්භ ගත කිරීම සඳහා අපට තල තුනක කරුණු තුනක් කියන්න ඉඩ දෙන්න.
Wednesday, February 6, 2013
බලය සහ දර්ශනය ගැන තවදුරටත්...
මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ඕනෑම අයෙකුට මෙම අභියෝගය මග හැර යා නොහැකි බව අපගේ අදහසයි.
Tuesday, January 15, 2013
"රාවය" වෙනුවෙන්
අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව අපහසුතාවයට පත් කරන හැඟීම විශ්ලේෂණය" කිරීමටය.
මෙවන් වටපිටාවක අපට කල හැක්කේ කුමක්ද කියා බදියු එහිදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි. නමුත් 'රාවය' පුවත් පත ඇතුළු අප මිතුරන් කිසිවෙකුත් එම පොත කියවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත නැවතත් විශාදියට පත්වීමත්, බෙලහීන බව පිලිබඳ කනගාටුවීමටත් තෝරාගෙන තිබේ. අවසානයේදී ඔවුන් 'ජාත්‍යන්තර ප්‍රජාව' සහ 'ජනතාව' විසින් මෙම මහපොළොව නුඋසලන අපරාධ පිළිබඳව මැදිහත් නොවන්නේ ඇයිද කියා කණගාටු වෙයි. තමන් ගේ උපක්රමික තීරණ පදනම් වන සංකල්පීය පදනම දිරාපත් වූ එකක් බව ඔවුන් පිළිගැනීමට සූදානම් නොවේ. ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා ඇති බවත්, එමගින් සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස, එම බලයේ අනපේක්ෂිත අතිරික්තයන් පාලනය වන බවත් ඔවුන් ආගමක් සේ විශ්වාස කරයි. ලංකාවේ මෙය මහා දවල්, අමු අමුවේ උල්ලංඝනය උවත් ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල එය සාපේක්ෂ වශයෙන් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ඔවුන් අදහයි.
Sunday, January 13, 2013
Tuesday, January 8, 2013
පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?
සාමාන්‍යයෙන්
මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ
කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමට යි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන
මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තියම යොදා මැතිවරණ ව්‍යාපාර
කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන
කාල සටහන සකස් වන්නේ රාජ්‍ය විසින් දෙන ලද කාලක්‍රමිකත්වය තුළයි. එම නිසා ඔවුන්ගේ දේශපාලනය අවසාන විග්රහයේදී පදනම් වන්නේ රාජ්‍ය විසින් ගන්නා
ක්‍රියා වලට ප්‍රතික්‍රියා කිරීමයි.
Sunday, December 30, 2012
රතු වැස්සට පසු 2013...
(ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)
මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී දේශපාලන සංවිධානගතවීමක අවශ්‍යතාවය ඇති වූයේ මෙම පොත පරිවර්තනය වීමට පමණක් නොව එය ප්‍රංශ බසින් ප්‍රකාශ වීමටත් පෙරය. නමුත් අපේ රටේ සුවිශේෂී දේශපාලනික පිහිටුමක් නිසා මෙම න්‍යායික-ඓතිහාසික අවබෝධය අපිට දේශපාලනික සංවිධානගතවීමේ යථාර්ථයක් ලෙස අභිමුක නොවූවා පමණක් නොව ඉහත සාකච්චාව හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ විය හැකි 'විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්' වැනි සමාජ අවස්ථාවන් තුල පවා ඉතා සරල, නූගත් වචන ('සංශෝධනවාදය', 'ප්රතිසංස්කරණවාදය'... ) කීපයකින් මෙම අවබෝධය සඟවාලනු හැකි විය. නමුත් විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසුව බිහි වන ලස්සන ලංකාව තුල නූගත් වචන සහ බාගෙට තැම්බූ සංකල්ප තුල සැඟවීමට මානව විමුක්තිය වෙනුවෙන් දේශපාලනය කරන සියලු දෙනා හට තවදුරටත් නොහැකි බව අපගේ අදහසයි.
Monday, December 17, 2012
ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය
මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන් දේශපාලකයන් ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව තමන්ගේ පුද්ගලික නින්දගමක් ලෙස සලකමින් පිස්සු නටනා ආකාරය සහ මෙවන් ලංකාවක ඛේදනීය-ප්‍රහසනයයි. පසුගියදා අවසන් වූ 'කලම්බෝ නයිට් රේස්' එක නැරඹීමටද මෙම තරුණයා ගොස් තිබුණු අතර එයට පසු එහිදී ඔහු විනෝද වූ ආකාරය දැක්වෙන චායාරූප විශාල ප්‍රමාණයක් ෆේස්බුක් එකට ඇතුලත් කර තිබෙනු අපට දැක ගත හැකිවිය. 'දේශපාලක පුතුන්' විසින් පිස්සු නටන ආකාරය ගැන බෙහෙවින් විවේචනාත්මක වූ ඔහු, මහ පාරවල් වසා, ඒවා භාවිතා කරනා මිනිසුන් අපහසුතාවයට පත්කරමින්, තවත් දුප්පතුන් විශාල ප්රමාණයකගේ දෛනික ආදායම් අහිමි කරමින් කරනා විගඩම් සිය විනෝදාස්වාදන මාර්ගයක් බව පිළිගැනීම පරස්පරයක් බව හඳුනාගෙන තිබුනේ නැත.
Wednesday, November 28, 2012
බදියු ගැන ලාංකික තිසීස එකොළහ
1. අප ජීවත්වන යුගයේ ප්‍රධානම දාර්ශනිකයා ඇලේන් බදියු බව ස්ලැවොයි ජිජැක් විසින් 2008 වසරේ අවසානයේදී පිළිගනු ලැබීය.ලැකේනියානු න්‍යායේ සමකාලීන ගෝලීය බලකේන්ද්‍රය වන්නේ ස්ලැවොයි ජිජැක් වන අතර, ඔහුගේ වඩාත් පැතිරුණු අනුගාමිකයන් පරාසය අයත්වන්නේ සිනමා විචාරය අළලා ඔහු කරන මැදිහත්වීමටය.
2. බොහෝ දෙනෙකුගේ කැමැත්ත කුමක් වුවත් පසු ගිය දශක එකහමාරක පමණ කාලය තුල මෙරට බුද්ධිමය සංවාදයේ අධෝව්‍යුහය වූයේ ලැකේනියානු න්‍යායෙන් ප්රභවය වූ කතිකාවකි. ජාතික චින්තන ව්‍යාපාරයේ විද්‍යාත්මක සබුද්ධිකත්වයට එරෙහි දාර්ශනික විවේචනය ක්‍රමිකව වාර්ගික දේශපාලනවාදයකටත් ආගමික ගූඨවාදයකටත් ගමන් කිරීම සමග ඉතාම සීමිත පැවැත්මක් සහිත මෙරට බුද්ධිමය සංවාදයේ කේන්ද්‍රයට ඉහත කතිකාව පැමිණ තිබේ.
Sunday, November 25, 2012
කොමියුනිස්ට් උපන්‍යාසය කියන්නේ කුමක්ද?
ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය විසින් ලංකාව තුල ඇති කල හැකි විනාශය පිළිබඳව මහජන සාකච්චාවක් ඇති කිරීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය ඇතුළු සංවිධාන කීපයක් සමග අප සාකච්චාවක් පැවැත්වීම පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න මහතා ගේ කණ්ඩායම බොහෝ සේ කලබල වී ඇත. අප පිළිබඳව අර්ථ විරහිත මඩ ගැසීම් නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය පිළිගන්නේ නොමැති නිසා අපට කලින් කලට මෙවැනි දේ ලිවීමට සිදුවේ. මෙවර ඔවුන් අපට එරෙහිව නගනා ප්‍රධාන අවලාද දෙකකි. එකක් මෙම බ්ලොග් අඩවියේ තිබෙන්නේ අලි කුණුහරුප ගොඩක් බවයි. දෙවනුව කල්‍යානන්ද පෙරේරා සහ වංගීස සුමනසේකර මානසික රෝගීන් බවයි (නිර්මාල් රංජිත් දේවසිරි මානසික රෝගියෙක්ද නැතිද කියා පැහැදිලිව සඳහන් නොවේ - අනේ බොහොම ස්තුතියි දීප්ති!). මෙම බ්ලොග් අඩවියේ පලවන කුණුහරුප මොනවාදැයි සඳහන් කර තිබුනිනම් එයට පිළිතුරු දීම පිළිබඳව සලකා බැලිය හැකිව තිබුණි. අනෙක් අතට සායනික පුහුණුවක් නැතිව මිනිසුන් මානසික රෝගීන් ලෙස මෙලෙස විනිශ්චය කරනා විශ්මිත මනෝ විශ්ලේෂණ න්‍යාය ෆ්‍රොයිඩ් ට හෝ ලැකෝන් ට සම්බන්ධයක් නැති 'රත්මලාන ප්‍රවාදයක්' වන හෙයින් මේවා අසා සිටිනා නූගත් මෝඩ තරුණයන් ගැන අපට අනුකම්පා කල හැකිය. අප මෙවැනි මඩ ගැසීම් වලට බය නොවේ. අප විසින් ඔවුන්ට කල බුද්ධිමය අභියෝගයන් නොදැක්කා සේ කට්ටි පනිමින් සිටිනා මෙම ගොම ගසන්නන් හට අපිට කීමට ඇත්තේ ඔබලා ඒවාට පිළිතුරු නොදුන් බව අප දන්නා බව පමණි. එම නිසා අපගේ පුද්ගලික ජීවන ඉතිහාසයේ අතීත සම්බන්ධකම් ගැන කුණු කන්දල් ලිවීමෙන් අපි එය 'කාලයේ වැලිතලාව' තුල යට යන්නට ඉඩ නොදෙන්නෙමු. ඔවුන් 'හේගලියානු බුද්ධිමතුන්' ලංකාවට ගෙන එන බවට කල බොරු කතා නැවත මතක් කරන්නෙමු. බදියුගේ සද්භාවවේදය ගැන මළපොතේ අකුරක් දන්නේ නැතිව අපගේ අදහස් විවේචනය කල ආකාරය මතක් කරන්නෙමු.
කෙසේ වුවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අප සම්බන්ධ කරමින් ඔවුන් ගොඩ නගනා ප්රභන්ධය අපිට, අප අවසාන වරට සාකච්චා කරමින් සිටි 'ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන්වදිනවා කියන්නේ කුමක්ද' කියන එක සම්බන්ධයෙන් වන මීළඟ කොටසට යහපත් පූර්විකාවක් වශයෙන් ගත හැකිය. 'දේශපාලන පක්ෂය' යන ආකෘතියෙන් අපට තවදුරටත් දේශපාලනය කරන්නට හැකිද? අපි මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. අපි අපේ අවසන් සටහන නතර කලේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම කල යුත්තේ ඇයිද කියනා ප්‍රශ්නයත් සමගය.
කෙසේ වුවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අප සම්බන්ධ කරමින් ඔවුන් ගොඩ නගනා ප්රභන්ධය අපිට, අප අවසාන වරට සාකච්චා කරමින් සිටි 'ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන්වදිනවා කියන්නේ කුමක්ද' කියන එක සම්බන්ධයෙන් වන මීළඟ කොටසට යහපත් පූර්විකාවක් වශයෙන් ගත හැකිය. 'දේශපාලන පක්ෂය' යන ආකෘතියෙන් අපට තවදුරටත් දේශපාලනය කරන්නට හැකිද? අපි මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. අපි අපේ අවසන් සටහන නතර කලේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම කල යුත්තේ ඇයිද කියනා ප්‍රශ්නයත් සමගය.
Saturday, November 3, 2012
ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ කුමක්ද?
පළමු කොටස
දැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින අවස්ථාව යන්නෙන් 'වර්තමාන මාධ්‍ය සාකච්චාවන් තුල ඇති දේශපාලනික මාතෘකා' යන්න සලකා බලමු. එවිට අපට මෙවැනි සංඝටක කීපයක් හඳුනා ගත හැකිය 'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය', '13 වෙනි සංශෝධනය අවලංගු කිරීමේ ඉල්ලීම', ආදී ලෙස. දැන්, පවතින අවස්ථාවේ නීතියට අනුව දෘෂ්‍යමානය තුල වඩාත් හොඳින් පෙනෙන්නට තිබෙන්නේ මෙවැනි දේය . එයට සාපේක්ෂව, 'විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඇරඹු අධ්‍යාපනය පිලිබඳ සංවාදය' යන්නට තිබෙන්නේ අඩු තීව්‍රතාවයකින් යුතු දෘශ්‍යමානයකි. නමුත් මෙම බ්ලොග් අඩවිය තුල පල වෙන දෙයෙහි අන්තර්ගතය තීරණය වන්නේ මෙම දෘශ්‍යමානයන්ගේ තීව්‍රතාවය තීරණය වන නීතිය තුලින් නොවේ - එම අර්ථයෙන් ගත් විට අප 'නීති විරෝධී' බ්ලොග් අඩවියක් වන්නෙමු. පවත්නා අවස්ථාවේ නීතියට සහ කාලක්රමිකත්වයට (temporality) පිටින් සිතනා අපගේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය තීරණය වන්නේ වෙනත් ගැටළු කීපයක් අනුසාරයෙන් වන අතර එය අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ අපගේ දේශපාලන දැක්ම සහ භාවිතය සමගය. අපගේ අදහසේ හැටියට මෙම පුළුල් සිතිජය නොමැති ව සමකාලීන දේශපාලනය ගැන සිතන්නට යන ඕනෑම කෙනෙක් පවත්නා අවස්ථාවේ තර්කනය තුල සිරවී විශාදියට පත්වීම අනිවාර්ය වෙයි.
දැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින අවස්ථාව යන්නෙන් 'වර්තමාන මාධ්‍ය සාකච්චාවන් තුල ඇති දේශපාලනික මාතෘකා' යන්න සලකා බලමු. එවිට අපට මෙවැනි සංඝටක කීපයක් හඳුනා ගත හැකිය 'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය', '13 වෙනි සංශෝධනය අවලංගු කිරීමේ ඉල්ලීම', ආදී ලෙස. දැන්, පවතින අවස්ථාවේ නීතියට අනුව දෘෂ්‍යමානය තුල වඩාත් හොඳින් පෙනෙන්නට තිබෙන්නේ මෙවැනි දේය . එයට සාපේක්ෂව, 'විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ඇරඹු අධ්‍යාපනය පිලිබඳ සංවාදය' යන්නට තිබෙන්නේ අඩු තීව්‍රතාවයකින් යුතු දෘශ්‍යමානයකි. නමුත් මෙම බ්ලොග් අඩවිය තුල පල වෙන දෙයෙහි අන්තර්ගතය තීරණය වන්නේ මෙම දෘශ්‍යමානයන්ගේ තීව්‍රතාවය තීරණය වන නීතිය තුලින් නොවේ - එම අර්ථයෙන් ගත් විට අප 'නීති විරෝධී' බ්ලොග් අඩවියක් වන්නෙමු. පවත්නා අවස්ථාවේ නීතියට සහ කාලක්රමිකත්වයට (temporality) පිටින් සිතනා අපගේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය තීරණය වන්නේ වෙනත් ගැටළු කීපයක් අනුසාරයෙන් වන අතර එය අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ අපගේ දේශපාලන දැක්ම සහ භාවිතය සමගය. අපගේ අදහසේ හැටියට මෙම පුළුල් සිතිජය නොමැති ව සමකාලීන දේශපාලනය ගැන සිතන්නට යන ඕනෑම කෙනෙක් පවත්නා අවස්ථාවේ තර්කනය තුල සිරවී විශාදියට පත්වීම අනිවාර්ය වෙයි.
Saturday, October 27, 2012
විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?
විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ.
සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ආකාරයෙන් මේ වෘත්තීය සමිති අරගලය සමග අනන්‍ය විණි නම්, ඒ මේ කියන ඉල්ලීම නිසා බව සැබවි. එහෙත්, වැඩ වැරූ මාස තුනේ පඩිය පමණක් අතට ගෙන, අවශේෂ ඉල්ලීම් පිළිබඳ නොපැහැදිලි ප්රකාශනයකින් සෑහීමකට පත්ව සියයට 6 පස්සට තැබීම පරාජයක් නම්, එම පරාජයේ වගකීම දැරිය යුත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම ද යන්න විමසා බැලීම මෙහි අරමුණයි.
Wednesday, October 24, 2012
'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස්
“සාකච්චාවල්
(negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද
කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද
කියල. අනෙක්
අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින්
ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ
රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය එහෙම නොවෙයි. දර්ශනයට එහි මහා අභ්‍යන්තර ගැටුම් (විඥානවාදය සහ යථාර්ථවාදය අතර ආදී ලෙස)
තිබෙන්න පුළුවන් නමුත් ඒවා ඇත්තටම බොරු ගැටුම්. බලයක් ලෙස
නොපවතින නිසා පවත්නා බලයන් සමග ගැටෙන්නට දර්ශනයට නොහැකි උවත් එය ගැටුම් නොමැති
යුද්ධයක් ලෙස, ඔවුන්ට එරෙහි ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස සටන් කරනවා. ඒ එක්කම එයට බැහැ ඔවුන් සමග සංවාද කරන්න. ඔවුන්ට කියන්නට කිසිවක්ම එයට
නැහැ. සන්නිවේදනය කරන්න කිසිවක්ම නැහැ. කල හැක්කේ සාකච්චා (negotiate)
කිරීම පමණයි. බලයන් කියන්නේ
හුදු පරිබාහිර දේවල් පමණක් නොව අප සැවම විනිවිද යන දේවල්ද වන නිසා දර්ශනය විසින්
අප සමග කෙරෙන නිරන්තර සාකච්චාවකටත් අපටම එරෙහිව කරන ගරිල්ලා ව්‍යාපාරයකටත් අප
සියලු දෙනාවම ඇද දමනවා.”
Wednesday, October 17, 2012
අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට
මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු
හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම
වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස
බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන
සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ
හිරු රැස් ගලයි. මට කුමක් සිදු වනු ඇති ද?
මා දෙස බලා හිඳින එක් උත්කර්ෂවත් වස්තුවක් වන්නේ
අධ්‍යාපනය පිලිබඳ සංකල්පනයයි. එය ගොඩනැගනේනේ අරගලය වටා ගොඩනැගුනු සංවාදය තුලින් ය.
අනෙක සරසවි ආචාර්යවරයා නම් වූ නව භූමිකාවයි. එය බොහෝ දුරට නිර්මාණය වන්නේ
අරගලයේ භාවිතය මගිනි. අරගලය තුලින් මා දෙස බලා හිඳින මේ නව ප්‍රපංච යුගලය වටහා
ගැනීම මේ ලිවීමේ අරමුණයි. ඒ සඳහා මේ පැත්තෙන් යමු.
ද.දේ.නි. අධ්‍යාපනය සඳහා සියයට හයක් : මනඃ සෘෂ්ටියෙන් සැබෑ වැඩසටහනක් දක්වා
විශ්ව විද්‍යාල
ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය
සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි
භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි.
පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන්
විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. මෙයට පෙර සාමාන්‍ය තත්වයන් වලදී විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් දරන
ස්වෙච්චා තනතුරු වලින් ඉවත් වීම වැනි වෙනත් මාදිලියේ විරෝධතා වෙත සම්මේලනය යොමු වී
තිබිණි. දෙවනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පිලිබඳ ගැටලුව විශ්ව විද්‍යාල සීමාවෙන් ඔබ්බෙහි සිටිනා පොදු මහජනයා වෙත ගෙන යාමේ 2011 වසරේ උපක්‍රමය ඉදිරියට ගෙන යමින් සම්මේලනය විසින් සිය සාමාජිකයන්ගේ නිශ්චිත
ඉල්ලීම් වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වඩාත් පොදු ගැටළු අවධාරණය කරන ලදී. මේ නිසා මෙවර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැවෙන ප්‍රශ්න පිළිබඳව පුළුල් සාකච්චාවක් ඇති
කිරීමට සම්මේලනයට හැකි විය. වෘත්තීය
සමිති අරගලයක් යනු මූලික වශයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණු සහිත පාර්ශවයන් දෙකක් අතර
අරගලයක් වන හෙයින් සංයුක්ත ප්‍රතිඵලයක් නොමැතිව වෘත්තීය සමිති අරගලයක් අවසන් කිරීම
යනු වෘත්තීය සමිති ඉතිහාසයේ අමුතුම අත්දැකීමක් නොවේ. මෙම අරගලය සංයුක්ත සහ භෞතික ජයග්රහණයන් නොමැතිව අවසන් වූ පමණින් එය
අනිවාර්යයෙන් අසාර්ථක වූ බවක් ඉන් හැඟවෙන්නේ නැත. එලෙසින්ම එය පරාජයක් වූවද, වෘත්තීය සමිති
නායකයන්ට සහ එහි සාමාජිකයන්ට හැකිනම් මෙවැන්නක් අනාගතයේ නැවත සිදු නොවන ලෙස මෙම පරාජයට හේතු වූ කාරනා
හඳුනා ගන්නට මෙම පරාජය කල කිරීමට හෝ අපේක්ෂාභංගත්වයට හේතු නොවනු ඇත.
Monday, October 15, 2012
නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද?
පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම්
සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා
තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය
නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ඉගෙන ගත්තේ පරණ බණ කතාවකින් නිසා මේ ගැන අප එතරම් කලබල විය යුතු නොවේ.
Sunday, October 14, 2012
අරාබි වසන්තය ඇත්තටම ශ්‍රේෂ්ඨ ද ?
මැද පෙරදිග මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ඉතා ලාමක විග්රහයන්
වෙනුවට ඒ පිළිබඳව කිසියම් ආකාරයක ගැඹුරු සාකච්චාවක් කල යුතු බව අප සඳහන් කළෙමු. 'සමාජ වෙනසක්' වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට අප ජීවත් වන යුගයේ මග හැරිය නොහැකි
අත්දැකීමක් තිබෙනවානම් ඒ අන් කිසිවක් නොව මෙම මහජන නැගී සිටීම්ය.
පහතින් පල වෙන්නේ ඇලේන් බදියු විසින්
ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලියූ ලිපියක සිංහල
පරිවර්තනයේ පළමු කොටසයි. අරාබි නැගී සිටීම් යනු 'ෆේස්බුක් විප්ලව' නැතිනම් 'ඇමෙරිකානු' කුමන්ත්‍රණ
කියා කියන නූගතුන්ට මෙන්ම ඒවා 'ගල් ගසන විප්ලව' කියා ඉවතලන ගෝත්‍රික වාමාංෂිකයන්ට මෙයින් බොහෝ දේ ඉගෙනීමට හැකි වනු ඇත.
මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් වෙයි. එකක්
මෙය ලියවුනු දිනවලම www.lacan.com වෙබ් අඩවියේ පල විය. නමුත් අප මෙම සිංහල පරිවර්තනය සඳහා යොදා ගත්තේ මෑතකදී
පල වුනු බදියුගේ කෘතියකි. බලන්න, Badiou, A. (2012), trans. Elliott, G., “The
Rebirth of History – Times of Riots and Uprisings”, Verso, London, pp 106 –
114.
Subscribe to:
Posts (Atom)


+2012+Screen+Print,+Acylic+on+Canvas+110x67.5+cm.jpg)

.jpg)












