Monday, February 25, 2013

ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය (2 කොටස)

පහතින් පල වෙන්නේ බදියුගේ "ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය" නම් අප විසින් කොටස් වශයෙන් පල කරන ලිපියේ දෙවන කොටසයි. එහි පළමු කොටස මෙතනින් කියවන්න. 


 
12. පාසල් විදුහල්පතිවරයෙක් සිහියට නගා ගන්න. ඔහු පසුපසින් එනවා මිනුම් පටි, කතුරු සහ දණ්ඩ නීති සංග්‍රහය රැගත් පරීක්ෂකවරු. ඔවුන් පැමිණෙන්නේ හිස්-පළඳනා, කුඩා තොප්පි ආදිය 'අසංවර ලෙස ප්‍රදර්ශනකාරී ද' ('ostentatious') නැතිද යන්න පරික්ෂා කිරීමට. කොණ්ඩය ගැට ගසා ඇති ගැටය මත මුද්දරයක් සේ තිබෙන විශාල හිස් පළඳනාව කොහොමද? එහෙම නැත්තන් යුරෝ දෙකේ කාසියක් තරම් කුඩා වන කැප්-තොප්පිය? සියල්ල හරිම සැක සහිතයි. කුඩා එක බොහෝ දුරට විශාල එකේ අසංවර ලෙස ප්‍රදර්ශනාකාරී මාදිලිය විය හැකී. මේ මොකද්ද මේ එන්නේ? පරිස්සමින්! හත් දෙයියනේ, මේ ටොප් හැට් එකක්! ටොප් හැට්ස් ගැන අහපු වෙලාවක මලාමේ (Mallarme) වරක් කිවුවා : ඔය වගේ එකක් දා ගන්න ඕනෑම කෙනෙක්ට ඒක ගලවන්න ලැබෙන්නේ නෑ. ලෝකය අවසන් උනත් තොප්පිය අවසන් වෙන්නේ නෑ.' සදාකාලිකව අසංවර ලෙස ප්‍රදර්ශනාකාරී.

13. ලෞකිකවාදය. මල නොබඳින මූලධර්මයක්! දශක තුන හතරකට ඉස්සර පාසලේදී මිශ්‍ර පංති තහනම් උනා, ගැහැණු ළමයින්ට කලිසම් අඳින්න දුන්නේ නැහැ. ආගමික ඉගැන්වීම් සහ පූජකවරු අනිවාර්ය උනා. සාමූහික මුණ ගැසීම් (communion) බොහොම ආකෘතිගත විදියට උනේ - කොල්ලෝ සුදු අත්පටි බැඳගෙන, කෙල්ලෝ වේල් එකකින් මුහුණ වසාගෙන. ඒවා හිස්-පළඳනා විතරක් නෙමෙයි, මුහුණු ආවරණය වෙන සැබෑම වේල්. මෙහෙම තියෙද්දී තමයි ඔබ මට කියන්නේ අර හිස්-පළඳනාව දමන එක අපරාදයක් කියල සලකන්න කියලා? අර කාලයත් එක්ක ඉස්සරහට නොයෑමේ සංඛේතය, අතීතය, කාලක්‍රමික සිරවීමක් මතක් කර දෙන? සතුටින් අප අතර අද මුහු වන මේ තරුණ කාන්තාවන් අප පිටුවහල් කල යුතුද? බය නැතුව, ධනේශ්වර යන්ත්‍රය කරකවන්න. දුරින් පැමිණෙන කම්කරුවන් පැමිණීම, පිටව යාම, කනගාටු වීම කුමක් උවත් ධනවාදය විසින් සොයා ගනීවි, ආගම් වල මිය ගිය දෙවියන් වෙනුවට පාරිභෝගික භාණ්ඩ නම් ඉහල වන්දියක් ගෙවිය යුතු දෙවියා (fat Moloch of merchandise) ආදේශ කරන්නේ කොහොමද කියලා. 

14. දේවල් වෙන හැටියට, ඇත්තටම අද තියෙන ලොකුම ආගම ව්‍යාපාර නෙමෙයිද? මේකට සාපේක්ෂව මේ භක්තිමත් මුසල්මානුවන් ව පේන්නේ බොහොම විනයක් සහිත සුළුතරයක් ලෙස නෙමෙයිද? අනෙක් අතට මේ පහත් පෙලේ ආගමේ අසංවර ලෙස ප්‍රදර්ශනකාරී සංඛේත අපිට කලිසම්, ටී ෂර්ට්, සපත්තු ආදිය තුල Nike, Chevignon, Lacoste වැනි නම් වලින් අපිට දැක ගන්නට නැතිද? දෙවි කෙනෙකුට භක්තිවන්ත වෙනවාට වඩා, කොම්පැනියක විලාසිතා ගොදුරක් වෙන එක පහත් නොවේද? අපිට අවශ්‍ය ඉලක්කයේ හදවතටම පහර දෙන්නනන්, අපි විශාල අරමුණක් තුල සිතනවානන්, අවශ්‍ය වෙන්නේ කුමක්ද කියා අපි දන්නවා : වෙළඳ නාම වලට එරෙහිව නීතියක්. චිරාක් මහත්තයෝ, ඔන්න කරන්න ඕන වැඩ. ප්‍රාග්ධනයේ අසංවර ලෙස ප්‍රදර්ශනාත්මක සංඥාවන් පැකිලීමකින් තොරව තහනම් කරන්න.       

15. ඇත්තටම! නිරුවතින් යන එක ගැහැණියගේ යුතුකමද? කලවා නිරාවරණය කිරීම අත්‍යවශ්‍යද? දෙතනත් ඕනද? කරාබුවක් දමපු බුරියත් යුතුකමක් ලෙස එළියේ දැමීම? ඈත ගමක පිහිනුම් තටාකයක් තුල සමහර කාල පරිච්චේද කාන්තාවන්ට පමණක් වෙන් කර තිබුනා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් තමන්ව සඟවාගෙන සිටින භක්තිමත් කාන්තාවන් සතුටින් දිය නෑමට පුළුවන් වුනේ. නමුත් නගරාධිපතිවරයා මෙය බලසම්පන්න තර්කයකින් ඉවර කළා: 'ගැහැනියගේ සිරුර සඟවා නොතැබිය යුතුයි'. අනිවාර්යයෙන් ම! සියලුම ගැහැනුන් නිරුවතින්! මේක පුළුවන් තරම් කෝපය එන ලෙස කල යුතුයි! 

16. මට එක දෙයක් පැහැදිලි කරන්න. විවිධ කාල වලදී සහ විවිධ ස්ථාන වලදී සිරුරේ පෙන්විය යුතු සහ නොපෙන්විය යුතු තීරණය කරන ස්ත්‍රීවාදී සහ ජනරජවාදී සබුද්ධිකත්වය කියන්නේ කුමක්ද? මගේ දැනුමේ හැටියට, අදටත් සහ පාසල් වලින් පිටත්, දෙතන හරි, ලිංගීන්ද්‍රය අසල ඇති රෝම හරි, පුරුෂ ලිංග හරි පෙන්නන්නේ නැහැ. මෙම කොටස් 'ප්‍රදර්ශනය නොවීම' ගැන මම තරහ ගන්න ඕනද? මම ස්වාමිපුරුෂයන්, ආදරවන්තයන්, වැඩිමහල් සොයුරන් ගැන සැක කරන්න ඕනද? ප්‍රංශයේ ගම්වල, ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාවන් කළු වේල්, කළු මේස් සහ කළු හිස්-පළඳනා දැම්මේ වැඩි අතීතයේදී නෙමෙයි - සිසිලියේ සහ වෙනත් තැන්වල එය අදටත් කරනවා. එහෙම කරන්න මියගිය ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකුගේ බිරිඳක් ම වෙන්න ඕන නැහැ. 

(ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.)

No comments:

Post a Comment