Wednesday, August 29, 2012

ජාතික හෙළ උරුමයේ 'රියැලිටි ටී වී' යෝජනාව


බෙහෙවින් කතා බහට ලක් වී ඇති මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. එනම්, එම බිලි පූජාව සජීවී ලෙස මාධ්‍ය මගින් විකාශය කරන ලෙසයි. බොහෝ දෙනා මෙය ජාතිවාදී කතාවක් ලෙස ගත්තද, අපි නම් එය මෙලෙස බාර නොගන්නෙමු. ඇත්තටම ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී කර තිබෙන්නේ ජිජැකියානු යෝජනාවකි.

අපිට ලැබී ඇති තොරතුරු අනුව ජාතික හෙළ උරුමය මෙතනදී තබා ඇත්තේ ඔවුන්ගේ 'රියැලිටි ටී වී' වැඩසටහන් මාලාවක පළමු පියවර පමණි.

ඇට දෙකේ උපමා කතාව

රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා කෙරෙන විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වෘත්තීය සමිති අරගලය ධනවාදයට එරෙහි මිනිස් අරගලයක කොටසක් ලෙස හඳුනා ගැනීමට නොහැකි විවිධ ආකාරයේ නන්නත්තාර වූ වාමාංශිකයන් පිළිබඳව අප අතර ඇති වූ සාකච්චාවකදී කරලියට පැමිණි ජිජැක් ගේ මෙම විහිලු කතාව සහ ඒ හා සම්බන්ධ විග්‍රහය ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමු.

ජිජැක් ගේ විහිලු කතාව මෙයයි: 

Saturday, August 25, 2012

බදියු, හේගල් සහ ජාතික චින්තනය

ඔබලා වැනි කණ්ඩායම් හැමදාම කරන්නේ බටහිර සුදු පිරිමියක් ගැන කතා කරන එක විතරයි නේද? ඩෙරීඩා, ලකාන්, ෆූකෝ ගැන ඉස්සර කතා කරනවා. දැන් දීප්තිලා කියනවා හේගල් තමයි දාර්ශනිකයා, ඔබලා කියනවා බදියු තමයි දාර්ශනිකයා කියල. හැමදාම අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව තමන්ගේ දැනුමක් නිර්මාණය කරන්න හිතන්නේ නැද්ද? අපේ රටේ දේශපාලනය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩ නගපු දැනුමකින් මිසක් බදියු හෝ හේගල් විසින් ගොඩනගපු දැනුමකින් නොවෙයි.

ඉහත සටහන අප වෙත ලැබුණු කොමෙන්ටුවකි. තරමක් පැටලිලි සහගත් උවද මෙමගින් අසා ඇති ප්‍රශ්න නිරවුල් කල ගත යුතු බව අපගේ හැඟීමයි. 

Thursday, August 23, 2012

'පාරභෞතික' කියන්නේ 'මනස්ගාතද'?



දර්ශනය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති අය අද ලංකාවේ දර්ශනය ගැන ලියනවා (අප මෙහිදී විධිමත් භාවය යන්නෙන් අදහස් කරන්නේ දර්ශනය ආයතනගත විශ්ව විද්‍යා ලයකින් ඉගෙන ගැනීම පමණක් නොව එය එම විෂය තුල පිළිගත් ප්‍රමිතීන් ට අනුව ඉගෙන ගැනීමයි). එහෙම ලියන ගමන් අපෙන් පෙරලා ප්‍රශ්න කරනවා උඹලා දන්නේ අහවල් කෙංගෙඩියක්ද කියලා. මේ සියලු දෙනාට පිළිතුරු දෙන එක වෙලාව නාස්ති කිරීමක්. මේගොල්ලන් දර්ශනය දන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් අපිට තියෙන එකම නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ලිපි වල ඒගොල්ලෝ දර්ශනය ගැන දන්නවා කියල ඒගොල්ලෝම කියන එක.

නමුත් මේ දර්ශනය ගැන දන්නවා කියලා මැරෙන්න දඟලන මල්ලිලාගේ දාර්ශනික අවබෝධය පිළිබඳව තීරණයක් ගැනීමේදී අපේ පාඨකයන්ට පුංචි ඔත්තුවක් අපි දෙන්න කැමතියි.

Tuesday, August 21, 2012

steven spielberg ගේ සිනමාව තාක්ෂණ පෙළහරක් ද? පවුලේ මිත්‍යවක් ද?

පහතින් පල වන්නේ ජිජැක් ගේ A Pervert’s Guide to Family නමැති ලිපියේ කොටසක පරිවර්තනයකි. ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සිනමාව සම්බන්ධයෙන් ඔහු මෙහිදී විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මේ අදහස් සිංහලෙන්, ජිජැක් ගේ නම නොකියා කියන සමහරුන් වැඩි දුරටත් කියා සිටින්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන් මෙසේ නොකරන නිසා ඔවුන්ගේ පඩි වැඩි කිරීම සුදුසු නැති බවයි. එම නිසා අපි ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පහසුවක් පිණිස මෙහි මුල් ලිපියට අදාළ සබැඳිය පහතින් පල කර තිබේ. ඔවුන් ද වහ වහා කල යුත්තේ ජිජැක් ගේ ලිපි කියවා, ඒවා තමන්ගේ අදහස් සේ සිංහලෙන් කීමයි.


--------------------------------------------------------------------------------------------------

Monday, August 20, 2012

නීස් බෝර් සහ නීල්ස් බෝර්

එකෝමත් එක රටක නීස් බෝර් කියල දාර්ශනිකයෙක් ඉඳල තියනවා. මේ දාර්ශනිකය ගොඩාක් කතා කරලා තියෙන්නේ දෘෂ්ඨිවාදය ගැන. එයා සහ නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයා අතර සම්බන්ධයක් තියනවද කියල මේ දවස් වල අපි හොයමින් යනවා. මොකද, එයත් සමහරක් අය කියන විදියට දෘෂ්ඨිවාදය ගැන ලියල තියෙනවා. ජිජැක් කරලා තියෙන්නේ නීල්ස් බෝර් දෘෂ්ඨිවාදය ගැන ලියපු දේවල් කොපි කරන එකලු. ඒ නිසා ජිජැක් ගේ කතා තමන්ගේ වගේ කියන එක අවුලක් නෑලු. අපිට තාම තේරෙන්නේ නැත්තේ අර අශ්ව ලාඩමේ කතාව නීස් බෝර් කියන දාර්ශනිකයාගේද නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයාගේද කියන එකයි.

Friday, August 17, 2012

"මගේ බුද්ධිමය අනන්‍යතාවය 'පශ්චාත් X' " - නිර්මාල් රංජිත් දේවසිරි

දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සඳහා නැවත නැරඹීම සඳහා අප කලින් ලබා දී තිබූ සබැඳිය මගින් ලැබෙනා වීඩියෝවේ එම වැඩසටහනේ මුල් කොටසක් ඉවත් කර තිබෙන බව අපට කීප දෙනෙක් විසින්ම පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන් නිර්මාල්ගෙන් X කණ්ඩායම හා සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලබා දුන් පිළිතුරු හිතා මතා වාරණය කරනු ලැබුවාද කියා මින් සමහරක් අපගෙන් විමසා සිටියා. ඇත්තටම සිදු වූයේ වෙනත් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට ඇතුලත් කල වීඩියෝවක් වෙත යන සබැඳිය අප ඔබට ලබා දීමයි. ඔවුන් එම කොටස් ඉවත් කලේ තාක්ෂණික ගැටළුවක් මතද, දෘෂ්ඨිවාදී ගැටළුවක් මතද යන්න අප දන්නේ නැත. නමුත්, මත භේදයට තුඩු දී ඇති "පශ්චාත් X" නම් වචනය ඇතුළු එම කතා බහට අදාළ වීඩියෝව ඔබට දැන් පහත සබැඳි හරහා දැක ගත හැකිය. 


Sunday, August 12, 2012

මම රුපියල් ලක්ෂ 12 ක මුදලක් වංචා කලාද?

අපගේ බ්ලොග් අඩවිය නිසා බෙහෙවින් අසීරුතාවයට පත් වී ඇති පිරිස් විසින් තලු මරමින් දිගින් දිගටම මට චෝදනා කරන්නේ මම කලකට පෙර නියෝජනය කල දේශපාලන සංවිධානයක වැඩ කටයුතු සඳහා ලැබුණු රුපියල් ලක්ෂ 12 ක මුදලක් වියදම් කර මෝටර් රථයක් මිලට ගෙන, ගැහැනියක් සමග පිස්සු නටමින් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවයි. මේ පිළිබඳව, මා සමග වැඩ කරනා අනෙකුත් දේශපාලන සගයන්ට ගැටළුවක් නැති උවත්, මෙය මා හට හානියක් විය හැකි බවට අදහසක් ඇති හෙයින්, ප්‍රථම සහ අවසාන වරට මේ ගැන කරුණු පැහැදිලි කිරීමකට මා සූදානම්ය.

සැබවින්ම සිදු වූයේ කුමක්ද කියා දන්නේ ඉතා සුළු පිරිසකි. මේ අතරින් ප්‍රධාන වන්නේ චන්දන බොතේජු නම් මිතුරාය. චන්දනගේ නමින් පල කරන කමෙන්ට්ස් දමන්නේ, චන්දන නොව, මාගේ වැඩ නිසා බෙහෙවින් බිය වී සිටිනා තක්කඩීන් බව මම දනිමි. නමුත් මේ සම්බන්ධයෙන් මෙලෙස කියන්නට අවස්ථාව ලැබී ඇත්තේ, මෙයට වසර 5 ට පමණ පෙර, චන්දන විසින් විවිධ දෙනාට පැවසු කතන්දර නිසා වෙයි. එම නිසා මටත් චන්දනටත් එකඟ විය හැකි තෙවෙනි පාර්ශවයක් ඉදිරියේ, මෙම මුදල් ගනුදෙනුවේ අල ගිය මුල ගිය තැන් වල සිට සාකච්චා කර, මේ පිළිබඳව සැබෑ කතාව පැහැදිලි කර ගැනීමට මම චන්දනට අරාධනා කරමි. ඔබට පහසු වෙලාවක් සහ තැනක් දන්වන්නේනම්, අපට මෙය ඉක්මනින් අවසන් කල හැක. මින් පසු මේ ගැන මම කිසිවක් ම කියන්නේ නැත. මහ ජනයාගේ කැමැත්ත මත දේශපාලනය නොකරන මට, මෙවැනි මඩ ගැසීම් වලින් වන දේශපාලනික අවාසියක් නොමැත. 

ඒ හැරුණු විට මට ඉංග්‍රීසි බැහැ, මම නෙලූෆර් ද මේල් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ගොස් කෙලවාගෙන ඇත ආදී බොරු කියමින් තමන්වම රවට්ට ගන්නා නස්රුදීන්ලාට කියන්නේ කරුණා කර අපහසුවේ නොවැටෙන්න, ඔබලාගේ ඉංග්‍රීසි කෙරුම් මම කියන්න ගියොත් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් වනු ඇත. 
මට මතක් වෙනවා, පරණ London සඟරාවක ගිය සටන් පාඨයක්:
"අපිත් එක්ක නටන්න!"     

වංගීස සුමනසේකර

Thursday, August 9, 2012

කිසිවක්ම නොමැති වීමටත් වඩා අඩුවෙන්....


පහතින් පල වෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ “Less Than Nothing – Hegel and the Shadow of Dialectical Materialism” නම් කෘතියෙන් කොටසක් සඳහා කල දල සිංහල පරිවර්තනයයි. හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද, එය පිළිබඳව මාක්ස්වාදය තුල ඇති විවේචනය, ආදිය සම්බන්ධයෙන් විවිධ හේගලියානු බුද්ධිමතුන්ගේ විවරණ යොදා ගනිමින් මෙහිදී ජිජැක් සරල පැහැදිලි කිරීමක් කරයි. හේගල් පිළිබඳව කරන කියවීමකදී මග හැරිය නොහැකි මෙම සමකාලීන හේගලියානුවාගේ අර්ථ විවරණයන් ඔබගේ අධ්‍යනයන් වලට උපකාරකයක් වෙයි කියා අපි සිතමු. හේගලියානු දයලෙක්තිකය මිනිස් දැනුමේ පරිසමාප්තිය, එහි සුරතාන්තය ලෙසට උත්කර්ෂයට නංවමින්, හේගල් ව ආගමික ගූඨවාදයක් දක්වා ඌණනය කරනා අවස්ථාවාදීන්ගෙන් හේගල් ව බේරා ගැනීමටත්, දර්ශනයේ ඉතිහාසය තුල සර්වඥ බුදුවරුන් හෝ සර්වබලධාරී දෙවිවරුන් හෝ නොමැති බව පෙන්වීම සඳහාත් අප මෙවැනි මැදිහත්වීම් කීපයක් කිරීමට අදහස් කරමු. අවශ්‍ය ඕනෑම කෙනෙකුට, අපි පිස්සන්, බඩු කාරයන් නැතිනම් විපරීතයන් ලෙස ඇති වන තුරු ලියා හිත හදාගෙනකවුරුවත් නැති තැනකට වෙලා මෙය හොරෙන් කියවා බැලිය හැකිය. ලංකාවේ අව්‍යාජ දාර්ශනික ව්‍යාපාරයක් ඇති විය හැක්කේ, දර්ශනයේ ඉතිහාසය ගැන නව්‍ය අර්ථකතන දිය හැකි කියවීමේ සම්ප්‍රදායක් ඇති කිරීමෙන් විනා එක්කෙනෙක් පොත් කියවා, ඉතිරි බොහෝ පිරිසට එම කියවූ පොත් වල අන්තර්ගත දේ, එය කියවූ පුද්ගලයාට තේරුම් ගිය පරිදි, පැහැදිලි කරනා පංති පැවැත්වීමෙන් නොවේ. මේ සඳහා අප වහ වහා කල යුත්තේ මේ පිළිබඳව ලියවී ඇති සාහිත්‍යය වෙත ලාංකික පාඨකයා අභිමුක කිරීමයි. දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය කුමක්ද කියා සියලු දෙනාට වෙරි හිඳුනු දෑසින් දැක ගත හැකි වන්නේ එවැනි දිනයකටයි. පශ්චාත්-X” යනු කුමක්ද කියා එවිට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇති.

Tuesday, August 7, 2012

දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි?




හේගලියානු දර්ශනය පිළිබඳව ලංකාවේ තරමක උනන්දුවක් ඇති වී තිබීම යහපත් තත්වයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ පිළිබඳව ලියවුනු ස්ලැවොයි ජිජැක් ගේ "අරගලය සහ ප්‍රතිසංධානය" නම් කෙටි ලිපියේ පරිවර්තනයක් අපි ඉදිරි දින කීපයේදී පල කරන්නට අදහස් කරමු. මෙම සටහන වෙන් වන්නේ එය සඳහා වන ඉල ඇදෙන පූර්විකාවකටයි.

හේගල් පිළිබඳව ඇති වී ඇති මෙම තරමක උනන්දුව සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ  'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' මගින් ආරම්භ කර ඇති හේගල් පිලිබඳ සාකච්චාවයි. ඔවුන්ගේ අදහස වන්නේ සමකාලීන දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් හේගල් කියවිය යුතු බවයි. අප කියවා ඇති හේගල් නම් දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශනිකයෙක් ලෙස වටහා ගැනීම අපහසු වූ හෙයින් අපි මෙය තේරුම් ගන්නට විවිධ ලෙස උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. ඉතිහාසයේ අවිචල්‍ය වන පාඩමක් තිබේනම් ඒ සමාජ විප්ලවයන් වලට නායකත්වය දී තිබෙන්නේ දාර්ශනිකයන් නොව, නිර්මාණශීලී දේශපාලන ක්‍රියාකාරීන්ය යන්නයි. මෙලෙස දෙගිඩියාවෙන් සිටි අපට මෙය තේරුම් ගැනීම සඳහා කදිම අවස්තාවක් විවර වූයේ විශ්ව විද්‍යාල ගුරුවරුන් ගේ වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' දක්වන ප්‍රතිචාර සමගයි.

Sunday, August 5, 2012

රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය

පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය යන මාක්ස්වාදී ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරනවා ද යන්නයි. එම ප‍්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් සැපයීම සඳහා පුළුල් සාකච්චාවක් අවශ්‍ය වන අතර මෙහිදී ඒ සඳහා අවස්ථවක් ඇත්තේ නැත. 

කෙසේ වෙතත් මා මෙහිදී සාකච්චා කිරීමට බලාපොරොත්තු වන මූලික තේමාවට පිවිසීමට පෙර රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී ප‍්‍රවාදය සම්බන්යෙන් කරුණු කීපයක් ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. වර්තමානයේ අප අභිමුවේ ඇති රාජ්‍යය සහ දහනව වන ශතවර්ශයේ දී මාක්ස් විසින් විෂ්ලේෂණයට භාජනය කරන ලද සහ ලෙනින් විසින් තවදුරටත් විමර්ෂනයට භාජනය කරන ලද රාජ්‍යය අතර මූලික වෙනසක් තිබේ. බහුජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම, විශේෂයෙන්ම සර්වජන ඡුන්ද බලයේ පැතිරීම සහ තවත් වර්ධනයන් ගණනාවක් නිසා රාජ්‍යයේ ස්වභාවයේ මූලික වෙනසක් ඇතිවී තිබේ. මේ වෙනස්කම් වලට භාජනය වූ රාජ්‍යය අපි සාකච්චාවේ පහසුව සඳහා දැනට ‘නූතන රාජ්‍යය’ ලෙසින් හඳුන්වමු. මෙම නූතන රාජ්‍යය ඉතා වැදගත් කරුණක් නිසා පූර්ව නූතන රාජ්‍යයෙන් වෙනස් වේ. පූර්ව නූතන රාජ්‍යයේ දක්නට ලැබුනු සුවිශේෂී ලක්ෂනයක් වූයේ රාජ්‍යයේ බල අවකාශයට ප‍්‍රවිෂ්ට වීමට ප‍්‍රභූ නොවන ජනයාට කිසිඳු විධිමත් ක‍්‍රමයක් නොමැති වීමයි. මේ මගින් රාජ්‍යයේ පංතිමය ස්වරූපය සාථාවර ලක්ෂනයක් බවට පත්කරනු ලැබීය.

Wednesday, August 1, 2012

සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල

"සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල" යන මාතෘකාව යටතේ 'චින්තන පර්ෂදය' විසින් සංවිධානය කරනු ලබන සංවාදයක් හෙට, 2 වෙනි දා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය්දී පැවැත්වේ. සංවාදයකට කැමති නම් හවස් වෙලා එන්න ඒ පැත්තට.