Monday, September 9, 2013

මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක් ඇත.

x කන්ඩායම හෝ එහි හිටපු නායකයන් අතර විවාදයකට ඓතිහාසික වැදගත්කමක් දැරිය හැකි වන්නේ x කන්ඩායම විසින් නියෝජනය කළ සැබෑ දේශපාලන ගැටළුවලට පිලිතුරක් සොයන විවාදයක් බවට මෙය පත්කරගත හැකිනම් පමණකි. දීප්ති කුමාර ගුණරත්නට විවාදයකදී කීමට දෙයක් ඉතිරි වී ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එහෙත් එසේ විශ්වාස කිරීමට නිර්මාල්ට ඇති අයිතියට මම ගරු කරමි. එදාත් අප අතරින් සංවාදයේ වටිනාකම වඩාත්ම විශ්වාස කලේ නිර්මාල් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදය පිළිබඳව ඔහුගේ වෙනස් නොවුනු ආස්ථානයට මම අද ද ගරු කරමි. අප සියලූ දෙනාම දීප්තිව අත් හැරිය පසුත් නිර්මාල් තවමත් ඔහුට ප‍්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කිරීමට හා විවාද කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. ඒ නිර්මාල්ගේ හැටි ය. අප කළ දේශපාලනයට නිර්මාල් රැගෙන ආ ශක්‍යතාවය එයයි. ඔහුගේ මෙම ගුණය නිසා අප සියලූ දෙනාටම වඩා නිවැරදි සහ සාධාරණ තීරණ ගැනීමට අතීතයේදී බල කෙරුනි. වසර අටක නිහැඩියාව බිඳිමින් x කන්ඩායම තුළ මාගේ ජීවිතය ගැන මේ ලිපිය ලියන්නේ ඔහුගේ ඒ වඩා සාධාරණවාදී දේශපාලනයට ගරු කිරීමක් වශයෙනි. ඊට අමතරව මීට වසර අටකට පෙර x කන්ඩායමට එරෙහි අපගේ න්‍යායික සහ දේශපාලනික ප‍්‍රහාරය ගැන දීප්තිගේ තවමත් කෙරෙන නොනවතින කංකෙඳිරිය මෙයින් නවතීවිය යන බලාපොරොත්තුව නිසා ය. අපගේ පුද්ගලික ජීවිත ද අපගේ දේශපාලනික ක‍්‍රියාකාරකම් ද ඔහුගේ කුඩා විශ්වයෙන් ඔබ්බට ගමන් කර දැන් වසර ගණනාවකි. අපට වඩාත් වැදගත් වන්නේ ඔහු විසින් නියෝජනය කරන විනාශකාරී දේශපාලනික ප‍්‍රවණතාවයන් වෙත මෙම විවාදයේදී අවධානය යොමු වේද යන්න යි. එදා මෙන්ම අදත් අපගේ විවේචනය එල්ල වන්නේ හුදෙක් දීප්ති කුමාර ගුණරත්නට නොවේ. අපගේ අවධානය යොමුවන්නේත්, පහත කරුණු දැක්වීම කරන්නේත් වමාංශික දේශපාලනය සහ මෙවැනි නායකයන් අතර සම්බන්ධය කෙරෙහි මේ විවාදය යොමු කිරීමේ ආධ්‍යාශයෙනි.
2004 දෙසැම්බර් 26 දින පුපුරා ගිය x කණ්ඩායම තුළ කාලයක් පුරා නිර්මාණය වී පැවති අභ්‍යන්තර අර්බුදයෙහි ප‍්‍රධාන භූමිකාවක් මා විසින් රඟපාන ලද අතර එහිදී මාගේ දේශපාලනික අභිප‍්‍රාය වූයේ ඒ වන විට අපගේ ද සහභාගීත්වයෙන් නිර්මාණය වී තිබුණු අතිශයින් විනාශකාරී සහ සමාජයට අහිතකර දේශපාලනික ප‍්‍රවණතාවය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි. (මෙම අරගලයට සහභාගී වූ සියළු දෙනා මෙම මතය දැරුවේ නැති  බවද මෙහිදී පැවසිය යුතුය) අතරමැදි සම්මුතීන්ගෙන් එම අභිප‍්‍රාය සාර්ථක කර ගැනීමට නොහැකි බව මාගේ දේශපාලනික නිගමනය වූ අතර ඒ මත පිහිටා ඒ මොහොතේදී කිරීමට අවශ්‍යව තිබූ දෙය මා විසින් කරන ලදි. x කණ්ඩායමේ අභ්‍යන්තර අරගලයට දායක වූ සියලූ පාර්ශවයන් විසින් ඒ කෙරෙහි තමාගේ දායකත්වය හා එහි දේශපාලනය x කණ්ඩායමේ අර්බුදයට පසු පළවූ ලන්ඩන් සගරාවේත් ඉන් පසුව පළවූ විවිධ ලිපි ලේඛණ හරහාත් පැහැදිලි කර ඇත. එම ක‍්‍රියාව ඕනෑම කෙනෙකුට පසු ආවර්තීව තමන් කැමති ආකාරයට විග‍්‍රහ කිරීමට හැකි අතර මාවිසින් කරන ලද ක‍්‍රියාවෙහි සම්පූර්ණ වගකීම ද එයින් මා වෙත එල්ල වූ පුද්ගලික බලපෑම් ද මා විසින් පිළිගන්නා ලදි. එම නිසා මා විසින් කරන ලද ක‍්‍රියාව පිළිබඳව නිදහසට කාරණා ඉදිරිපත් කිරීම් අවශ්‍ය යයි එදාත් මා විශ්වාස නොකළ අතර වර්තමානයේ ද එය අවශ්‍ය වේ යයි මම නොසිතමි. x කණ්ඩායමේ දේශපාලනයට හා එහි ව්‍යුහයට අප විරුද්ධවූයේ ඇයි යන්න පමණක් නොව එම දේශපාලනය හා එහි ව්‍යුහය නිර්මාණය කිරීමට අපගේ තිබූ දායකත්වයද අප මේවන විට විවිධ ලේඛණ හරහා ප‍්‍රකාශයට පත්කර ඇත.
දැන් වසර අටකට පසුව නිර්මාල් ප‍්‍රසිද්ධ විවාදයකදී දීප්ති වෙත අභිමුඛ වීමට යයි. විවාදයෙහි මාතෘකාව මඩ ගැසීම දේශපාලනික ද නැද්ද යන්නයි. දීප්තිගේ 3මාන වෙබ් අඩවියෙන් දක්වා ඇති පරිදි මීට අදාළ සුමිත් චාමින්දගේ හඬපටයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ය. සයිබර් මැරකම් පිළිබඳව ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා වෙත මා ලියූ ඊ මේල් පනිවිඩයක මා විසින් සුමිත් චාමින්ද මහතාව විවේචනය කිරීම කුකුල්ලූ කෙටවීමක පෙරලා ගැනීමට දීප්ති කුමාර ගුණරත්න මහතා උත්සහ දරන්නේ ය යන්න මගේ නිගමනයයි. ඇත්ත වශයෙන්ම නම් දැවැන්ත මූලධර්මවාදී ප‍්‍රවාහයක් තුළ කෙමෙන් ගිලී යමින්, ධනවාදයේ කෲරත්වයට ද, වර්ගවාදයේ සහ පීතෲමූලිකත්වයේ පීඩනයට ද යටත්ව සිටින ජනතාවක් සිටින රටක මේ කුකුළු කෙටවීම් වලට දේශපාලනික අදාළත්වයක් නැත. එසේ වුව ද දීප්ති විසින් නියෝජනය කරන දේශපාලනික ප‍්‍රවණතාවය මම එදා ද බරපතල ගැටළුවක් ලෙස භාරගත් අතර අද ද ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ‍්‍රී ලාංකීය වාම දේපාලනය තුළ වාමාංශික වාග් අලංකාරිකයන්ගෙන් යුක්තව සැබැවින්ම කරගෙන යන දක්ෂිණාංෂික දේශපාලනය යනු වමට සැබෑ දේශපාලන අභියෝගයක් යැයි තදින් විශ්වාස කරමි. කල්‍යානන්ද පෙරේරා විසින් නොකෙරෙන සංවාදයක් යයි නාමකරණය කරන ලද උක්ත විවාදය කුමක් හෝ හේතුවක් නිසා සැබැවින්ම පැවැත්වුන හොත් මෙම අදහස් දැක්වීම විවාදයට අදාළ සියලූ පාර්ශ්වයන්ට වැදගත් වනු ඇතැයි සිතමි.
මැද පෙරදිග ද යුරෝපයේ ද ඇතුළු තවත් බොහෝ රටවල ඇති වූ මහජන නැගිටීම් සංවිධානය කිරීමේ ප‍්‍රධාන වේදිකාවක් වූයේ සයිබර් අවකාශයයි. ශ‍්‍රී ලංකාව තුළ නම් මෙම අවකාශය මුල පටන් ම දේශපාලනික කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් එකිනෙකාට මඩ ගසා ගැනීමටත් සයිබර් මැර තර්ජන එල්ල කිරීමට යොදා ගන්නා ලදි. මා දකින ආකාරයට මෙම ක‍්‍රියාවළියේ ඛේදජනක ම මොහොත වූයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිනියක වූ දිමුතු ආටිගල අලලා අශ්ශීල ලිංගික ප‍්‍රචාර රැගෙන යාමට තරම් වාමාංශික යයි සිතිය හැකි පුද්ගලයන් පවා පහත් මට්ටමකට ඇද වැටුනු මොහොතයි. මා දන්නා තරමට ඇය පසුගිය දශක තුනක කාලයක් තුළ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් මතුවූ ප‍්‍රසිද්ධ ස්ත‍්‍රී නායිකාවන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. පුරුෂෝත්තමවාදී දේශපාලන ව්‍යුහයක් තුළ ස්ත‍්‍රියක එසේ ඉස්මතු වීම දුර්ලභ දේශපාලනික මොහොතකි. පොලිස් අත්අඩංගුවට පත් වී යන්තමින් ජීවිතය ගලවා ගත් තමන්ගේම අතීත දේශපාලන සගයෙකුට දක්වන ප‍්‍රතිචාරය මෙය නම් අපි ගැන මොන කතාදැයි විටෙක සිතෙයි. මා දන්නා තරමින් දිමුතු ආටිගල මහත්මියට එල්ල වූ මේ සයිබර් මඩ ප‍්‍රහාර සමාජ දේශපාලනික ගැටළුවක් ලෙස සමාජය තුළ සංවාදයට ලක්වූයේ නැත. ගොසිප්කරණය වූ වාම දේශපාලනයට එබඳු ප‍්‍රහාරයක් දේශපාලනික ගැටළුවක් නොවී ය. දීප්තිගේ ස්වරූපයෙන් නිර්මාල්ට ඉදිරියේදී සැබවින්ම අභිමුඛ වන්නේ මේ අශ්ශීල ගොසිප් දේශපාලනයයි.
මෙම ගොසිප් දේශපාලනයෙහි ප‍්‍රධාන ලක්ෂණය නම් ඕනෑම සමාජයක පවතින යටපත් කරන ලද ලිංගික කරුණු සහ අත්දැකීම් කෙරෙහි වන ආශාව සිය පාඨකයන් තුළ පුබුදුවාලීමෙන් ඒ හරහා ගොඩ නැගෙන සාමූහික සම්මුතිය දේශපාලනිකකරණය කිරීමයි. මෙම උපායමාර්ගයෙහි අති නිපුණයෝ ප‍්‍රධාන ධාරාවේ දක්ෂිණාංෂික මාධ්‍යකරුවන් ය. තම දේශපාලනික සතුරෙකු, පාවාදෙන්නෙකු හෝ ජාතිද්‍රෝහියෙකු වශයෙන් හංවඩුගැසීමට අවශ්‍ය වූ විට ඒ සඳහා භාවිතා කළ හැකි එක් මෙවලමක් ලෙස මොවුහු ගොසිප් භාවිතා කරති. මෙම ගොසිප්කරණය දිමුතු ආටිගලට ද උපේක්ෂා ස්වර්ණමාලිට ද බලපාන්නේ එකම ආකාරයට ය. එය මෙම යුගයේ  බොහෝ විට මතුවන්නේ ස්ත‍්‍රී විරෝධී ස්වරූපයෙනි. පුරුෂෝත්තමවාදී සමාජයන් අර්බුදයට යන විට එම අර්බුදයේ එක් හේතුවක් ලෙස ස්ත‍්‍රිය හඳුනාගන්නා බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත සමාජය පුරා පැතිරුණු ස්ත‍්‍රී විරෝධයක් මතුවන බවත් අප 2004දී ලියා තැබුවෙමු. දැන් වසර නවයකට පසුව ධනංජය කරුණාරත්න වැනි ස්ත‍්‍රීවාදී නාට්‍ය නිර්මාණය කළ කලාකරුවෙකු පවා නාට්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් ගැටළුවලට හේතුව මධ්‍යම පාංතික ස්ත‍්‍රීන්ගේ ලිංගික ඉල්ලීම් යයි සිතන තරමට එය ඉදිරියට ගොස් ඇත.
සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ  (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු  තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ  ඔහු කරන්නේ  සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.
එහෙත් ඔහු ලැකාන් හෝ ජිජැක් කිව්වා යයි කියමින් තළු මරමින් අනුන් ගැන ද තමන් ගැන ද පවසන කතා අසන, ගොසිප් වෙත ඇති ආශාව නිසා ඒ වෙත ආශක්ත වන අයෙකුට “ඔය කිව්වට දීප්ති දර්ශනය ගැන මොනවම හරි දන්නවා” ඇතැයි සිතෙයි. ඇත්ත වශයෙන්ම නම් මෙහිදී ආමන්ත‍්‍රණය කරන්නේ පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසියකටයි. මොහුගේ දාර්ශනික සංවාදයේ වැඩිපුර තිබෙන්නේ ගනිකාවන්, පරපීඩක පිරිමින්, විපරීත ලිංගික හැසිරීම් වැනි මාධ්‍ය විසින් (විශේෂයෙන් නිල් සිනමාව විසින්) විධාරණය කරන ෆැන්ටසිමය ජවනිකා කිහිපයකි. මොහු මේවා කලින් කලට හමුවන සිය පුද්ගලික සතුරන්ට දමා ගැසීමට යොදා ගන්නා අතර මෙම පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසි හරහා ඔහු ගොඩනගන මෙම කතන්දරවල අවාසනාවන්ත දෛව ස්ත‍්‍රියගේ රූපය සමඟ මගේ දේශපාලන ජීවිතය සමපාත වී ඇත. එම නිසා මහුගේ කතන්දරයේ ඇතැම් මිත්‍යාවන් කිහිපයක් නිවැරදි  කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.
මා ඉදිරිපත් කළ කිසිදු න්‍යායික හෝ දේශපාලනික ප‍්‍රශ්නයකට දීප්ති කුමාර ගුණරත්න හෝ ඔහුගේ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙනත් අයෙකු හෝ පිළිතුරු දී නැත. ඒ වෙනුවට ඔවුන් දිගටම මට පෙම්වතුන් දෙදෙනෙකු සිටි බව කියයි. විවාහක (ඒ වනවිටත් වයස අවුරුදු පහක පමණ දියනියක ද සිටි) දීප්ති කුමාර ගුණරත්න මහතා මා සංවිධානයට පැමිනි මුල් කාලයේ මට ලිංගිකව ආශක්ත වූ වත්, ඔහුගේ එම ලිංගික සහජාසයන් පාලනය කර ගැනීමට සිදු වූයේ සංවිධානයේ බල කිරීම මත බවත් ඔහුම ප‍්‍රසිද්ධියේ පවසයි. මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය. එපමණක් නොව මේ කියන කාලයේදී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි. ඔහුගේ බිරිඳ අනූෂා මා දැන හැඳින සිටි අතර ඔහුගේ කුඩා දියනිය කෙරෙහි සංවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ දරුවන් කෙරෙහි මෙන්ම කුළුපග වීමි. නිර්මාල්ගේ දියනිය ද කල්යාගේ දියනිය ද අහිංසකගේ දියනිය ද මේ අතර ප‍්‍රමුඛ විය. එහෙත් සිය දියනිය වඩා ගන්නා නිසා මා උත්සාහ කරන්නේ තමාට ලිංගිකව සමීප වීමට යයි සිතාගත් දීප්ති කුමාර ගුණරත්න ඇත්තෙන්ම නම් දිගින් දිගටම සිය අනුගාමිකයන්ව මා කෙරෙහි කුළුප්පාලන ප‍්‍රකාශයන් කළේ ය. අහවලා ඔයාට ආදරය කරනවා එයා ඔයාගේ පන්තියට ගැලපෙන්නේ නෑ කියන්න, අහවලා ඔයාට ආදරය කරලා ඇඳක් බදාගෙන ඉන්නවා එයාව විශ්ව විද්‍යාලයේදී දැක්කොත් මග අරින්න යනාදී වශයෙන් ඔහු මට නිතර අණ කිරීම් කලේ ය. ඔයා සංවිධානයට එන්නේ පිරිමි වසඟ කර ගන්න යයි ඔහු වරක් කීවේ ය.
මෙවැනි අවස්ථා ගණනාවකදී මා සංවිධානයෙන් ඉවත් වීමට උත්සහ කළ ද එය වැලකුනේ බුද්ධික සහ රුවන් බස්නායකගේ  මැදිහත් වීම නිසා ය. අප විසින් ඒ වන විටත් නිශ්චිත සැලසුමකට අනුව සංස්කෘතික කමිටුව සහ එහි ක‍්‍රියාකාරකම් වර්ධනය කරමින් සිටි අතර, 2004 වසර පුරා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පවත්වමින් කලාව සහ දේශපාලනය පිළිබඳව අධ්‍යයනයන් ගණනාවක් සාමාජිකයන්ට ඉදිරිපත් කළෙමු. මා රුවන් බස්නායක සමඟ පේ‍්‍රම සබඳතාවයක් ආරම්භ කළ විට, දීප්ති සිතාගෙන තිබෙන්නේ එය තමාට ලංවීමට නොහැකි නිසා මා යෙදූ අවිඥනික උපක‍්‍රමයක් බවයි. එසේ නම් ඒ බව දැන දැනම ඔහු සංවිධානයේ මධ්‍යම කමිටුවේ බලය යොදා මාස තුනක් ඇතුළත විවාහ විය යුතු යයි මට බල කළේ ඔහුගේ කුමන ආධ්‍යාශයක් සපුරා ගැනීමට ද යන්න තීරණය කිරීමට මම පාඨකයාට භාර කරමි.
ඒ වන විට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමට නියමිතව සිටි මට මාගේ අධ්‍යාපනය අත්හැර දමා විවාහ වන ලෙස කරන ලද බලපෑම මහත් හිරිහැරයක් වූ අතර ඒ අතරම දීප්ති  දිගින් දිගටම මම සංවිධානයේ වෙනත් කාන්තාවක් ඒ වන විට ආදරය කරමින් සිටි පිරිමියෙකු ඩැහැගත්තා යයි කියමින් එකිනෙකට විසම්බන්ධිත දේ ප‍්‍රකාශ කළේ ය. මෙලෙස සාමාජිකයන්ගේ ලිංගිකජීවිත පාලනය කරන්නේ ද සාමාජිකයන් අතර විවාහයන් බ්‍රෝකර්කරණය කරන්නේ ද ඇදහිලි කල්ලි තුළ මිස විප්ලවවාදී සංවිධාන තුළ නොවේ. එපමණක් නොව, ඒ වන විට ඔහු විසින් කියවමින් සිටි මනෝවිශ්ලේෂණ න්‍යාය පරීක්ෂණයට ලක් කිරීමට යයි කියමින් ඔහු මහින්ද ප‍්‍රියදර්ශන ලවා මාව සායනික විශ්ලේෂණයකට ලක් කරන මුවාවෙන් මට මානසික බලපෑම් එල්ල කලේ ය. (මෙම ඊනියා සායනික මනෝවිශ්ලේෂණ මුවාවෙන් කෙරුනු මානසික බලහත්කාරයන් හට මා පමණක් නොව x කණ්ඩායමෙ බොහොමයක් සාමාජිකයන් භාජනය විය) එහෙත් මාගේ කිසිදු ලියවිල්ලක අද වන තුරුත් මෙය මා ගොදුරු කරණයක් ලෙස හඳුන්වා දී නැත. ඒ සියලූ බලපෑම් මධ්‍යයේ වුව ද මා අදත් ප‍්‍රකාශ කරන්නේ x කන්ඩායමට සම්බන්ධ වීමේන් මා ලැබූ සියලූ හොඳ සහ නරක අත්දැකීම්වලට වගකිවයුත්තේ මා පමණක් බවයි.
බුද්ධික සහ මා අතර, සංවිධානයේ ඒ වනවිට පැවති ගමන්මග විශ්ලේෂණය කිරීමටත්, මනෝවිශ්ලේෂණ අධ්‍යයන පදනම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කරුණු සම්පාදනය කිරීමටත් අවශ්‍ය සාකාච්ඡා වට ගණනාවක් ආරම්භ කෙරෙන්නේ ද මේ කාලයේ ය. 2004 ජනවාරි 5 වන දින සිට එම වසර පුරා අප අපගේම ලියවීම් හරහා අප x කන්ඩායමේ දේශපාලනික ප‍්‍රවණතාවයේ ගැටළු සාකච්ඡා කළෙමු. දීප්ති කුමාර ගුණරත්න මහතා “මඩ ලිපි” යනුවෙන් හඳුන්වන මෙම ලිපි ඉදිරියේදී අප මෙම බ්ලොග් අඩවිය හරහා යළි පළකිරීමට අදහස් කරන්නේ අප විසින් මේ ලිපි හරහා කිසි විටෙක කිසිවෙකුටත් මඩ ගසා නැති බව පාඨකයාට දැන ගැනීමට ය. අප එදා විරුද්ධ වූයේ මේ මඩ ගැසීමේ දේශපාලනයටයි. අපට අපගේ අතීත ජීවිතය පිළිබදව නිදහසට කරුණු හෝ පැහැදිලි කිරීම් කරමින් දීප්ති කුමාර ගුණරත්නගේ හෝ අන් අයෙකුගේ සදාචාර අත්සන ගැනීමට අවශ්‍ය නැත. නුමුත් යහපත් සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් නොදැන මෙවැනි ආකාරයේ කණ්ඩායම් වෙත ඇදී යන තරුණ තරුණියන් හට අපගේ අතීත අත්දැකීම් හරහා යමක් ඉගෙන ගැනීමට හැකිවේයැයි අපි සිතමු.
2004 දෙසැම්බර් 26 දින මාත්, බසීත් බුද්ධිකත් ඇඳුම් බෑග් තුනක් පමණක් රැගෙන x නිවසන් පිටව අවෙමු. ඒ  ගමනේ එළඹිය යුතු අවසානයන් වෙත අපි ගමන් කෙරුවෙමු. අප තිදෙනා අදත් දේශපාලනය තුළ වෙන් නොවුනු සගයන් ය. x කන්ඩායමින් ඉවත් වූ පසුව අප කළ සියලූ දේශපාලනික අටයුතුවලදී බසී අපගේ වෙනස් නොවුනු ගමන් සගයකු වූ අතර ඔහුගේ ජීවිතය සංවිධාන නායකයයෙකුගේ කැමැත්තට කොටු කර දීප්ති කුමාර ගුණරත්නට වීඩියෝ ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇත. එමෙන්ම ඔහු තමා ආදරය කරන ස්ත‍්‍රියක සමග විවාහ වී සිටියි. අප තිදෙනාගේ මේ අතීත සහ වර්තමාන සම්බන්ධය අපගේම ආචාර ධාර්මීය මිනුම් දණ්ඩට මිස අන් අයගේ සදාචාරවාදී මිනුම් දඬුවලට යටත් කිරීමට අවශ්‍ය යයි මම නොසිතමි. දීප්ති කුමාර ගුණරත්න නිතර වැනූ ශිෂ්ඨත්වයේ සිහිනය අපට යථාර්තයක් කළ අයෙකු වේ නම් ඒ  බසී ය. දීප්තිට දුර්වලකමක් ලෙස පෙනෙන්නේ බසී මෙහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රෝධයෙන් සිහි විකල් නොවීමයි. තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට මඩ ගැසීමට තම දේශපාලන පක්ෂය සහ එහි සම්පත් අවිනීත ලෙස යොදා ගන්නා අයෙකුට බසී දුර්වලයෙකු ලෙස පෙනී යා හැකි ය. එය දීප්තිගේ ගැටළුවක් මිස අප කාගේ වත් ගැටළුවක් නොවේ.
x කන්ඩායමේ අර්බුදයට අප ද මැදිහත් වීමක් කළා වුව ද එයට සම්බන්ධ වූ ප‍්‍රධාන නායකයන් සියලූ දෙනාම පාහේ නිදහස් පුද්ගලයන් ලෙස සිය කැමැත්තට අනුව කි‍්‍රයා කලා මිස අප දෙදෙනාගේ සැළසුමට අනුව ක‍්‍රියා කළේ නැත. ඒ  සෑම අයෙකුටම x කන්ඩායම පිළිබඳව ඔවුන්ගේම වූ විවෙචන තිබූ අතර, x කන්ඩායමේ දෙකඩ වීමෙන් අනතුරුව අප කිසිවිටෙකත් අපට අවශ්‍ය ආකාරයට සංවිධානය මෙයෙවීමට උත්සාහ කලේ නැත. නිර්මාල්, කල්‍යා, සුමිත්, අහිංසක, ප‍්‍රදීප්, බසී, මධුවන්ත, දර්ශන, කසුන්, නිශාන්ත, ප‍්‍රියන්ත, ශානිකා, මනෝජා, නීලිකා ආදී කොළඹ සාමාජිකයන් ද, ප‍්‍රාදේශීය සංවිධානවල නායකයන් සහ සාමාජිකයන් ද ඒ  මොහොතේ දී තමාගේම වූ දේශපාලන තීරණ ගත්තා මිස අපගේ කීමට කිසිවක් කලේ නැත. එම නිසා x කන්ඩායම දෙකඩ වූයේ මට විවාහ වීමට අවශ්‍ය වූ නිසා යයි කෙරෙන චෝදනාව මෙතැනින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඒ මොහොතේ දී අන් අයට කළ නොහැකිව තිබූ හෝ කිරීමට තෝරා නොගත් භූමිකාවක් බුද්ධික සහ මා විසින් තෝරා ගන්නා ලදි. එහි සියලූ වගකීම සහ ප‍්‍රතිඵල අප විසින් දරන ලදි. එමනිසා මෙම විවාදයේදී යලි යලිත් අප පිළිබඳව බොරු ගොතමින් නිර්මාල් විසින් ඇසීමට නියමිත දේශපාලන ප‍්‍රශ්න දීප්ති විසින් මගහැර නොයනු ඇතැයි සිතමි. මම ඬේවිඞ් ලින්ච්ගේ හෝ ටැරන්ටීනෝගේ චිත‍්‍රපටයක දීප්ති දුටු චරිතයක් නොවේ. මාගේ ලිංගිකත්වය පිලිබඳව ෆැන්ටසිකරණය කිරීම නැවැත්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් දැනට කරගෙන යන එන් ජී ඕ කටයුතුවලට (විශේෂයෙන් ඇන්ටිගනී අතිරේකයේ සුජාතභාවයට) ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයයි. ඇරත් දැන් දීප්ති තමන්ම අටවා ගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එම සංකේතීය තනතුරට ගැලපෙන ආකාරයෙන් ද තම තලතුනා වයසට ගැලපෙන ආකාරයෙන් ද හැසිරෙන්නේ නම් වඩාත් හොඳ යයි මගේ යෝජනාවයි. වසරදහයකට පෙර තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට තව දුරටත් මඩ ගැසීම අර්ථ රහිත බව දැන්වත් එතුමා තේරුම් ගත යුතු ය.
අප අද දින සිට මේ කියන විවාදය දක්වා කාලය තුළ අප විසින් ලියන ලදුව x කන්ඩායමට නිර්ණාමිකව එවන ලද ලිපි මෙහිදී පළ කරමු. අප කන්ඩායම විසිරවීමේ සැළසුම ආරම්භ කලේත්, ඊට අවශ්‍ය න්‍යායික පදනම සකස් කලේත් ශ‍්‍රී ලංකාව තුළ ඇති බොහෝ දේශපාලන ධාරාවන්ගේ ඇති වීමට නියමිතව තිබූ ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමෙනි. ධනවාදය විසින් බිහි කරන අර්බුදයේ වගඋත්තරකරුවන් ලෙස මූලධර්මවාදීන් විසින් ස්ත‍්‍රීන්, සුළු ජාතිකයන්, සහ ආන්තික ආගමික සහ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ව නම් කරනු ලබන අනාගතයක් ශ‍්‍රී ලංකාව තුළ එළඹෙනු ඇතැයි ද, මධ්‍යගත නායකයෙකු හෝ පාලනයක් සහිත වාමාංශික පක්ෂවල සංවිධාන ආකෘතිවල අර්බුදයන් හටගනු ඇතැයි ද අප 2004 ලියුවෙමු. එමෙන්ම, ධනවාදයේ මෙම යුගය තුළ නායකයන්ගේ හිස හමුවන තැන ද පක්ෂවල බිඳී විසිරී යාම අනිවාර්යයක් වන හේතු ද අපට එදා තේරුණු මට්ටමින් අපි ලියා තැබුවෙමු. දීප්ති කුමාර ගුණරත්න යනු මෙම සැබෑ දේශපාලනික ගැටළුවල සංකේතාත්මක ප‍්‍රතිමූර්තියකි.  එදා අප x කන්ඩායම යනු ෆැසිස්ට්වාදී ආකෘතියේ සංවිධානයක් ලෙස නම් කලේ එම පදනමෙනි.
ඉන් අනතුරුව මා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූ කාලයේ දී ඇදහිලි කල්ලි පිළිබඳව කියවූ අතර x කන්ඩායමේ සංවිධාන ව්‍යුහය ඇදහිලි කල්ලිවලට සමාන ලක්ෂණ දරන්නේ යයි ලියූ විට අපගේ දේශපාලනික සගයන් පවා ඊට විරුද්ධ වූහ. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කවදාවත් මූලධර්මවාදීන් බිහිවී නැතැයි ඔවුහු පැවසූහ. දැන් ඉතිහාසය අනික් පැත්තට කැරකෙන කාලයයි. යහපත් සමාජ ප‍්‍රාර්ථනා ඇතුව අප සැවොම එක්ව ගොඩනගාගත් දේශපාලන සංවිධානයක් අප සියල්ලන් නොසිතූ අන්තයකට අපගේත් සහභාගීත්වය ඇතිව ගමන්කර ඇතැයි පිළිගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව අපි දනිමු. නමුත්  අප කිසියම් මොහොතක එම යථාර්තයට මුහුණ දිය යුතු ය. අප විසින් කරන ලද දේශපාලනය පිළිබඳව අප විසින්ම විවේචනාත්මක වීම දේශපාලනික ඉදිරිගාමීත්වයකි.
අවසාන වශයෙන් මට තවත් දෙයක් පැවසීමට තිබේ. මම 2004 දී සංවිධානය තුළ ඒ වන විටත් දුර්වලව තිබූ පුරුෂවාදී සංගතිය පාවා දුන්නේ මා විශ්වාස කළ නිදහස් හා සමාජ විපර්යාසකාරී දේශපාලනය වෙනුවෙනි. මා විසින් එහිදී ස්ලාවොයි ජිජැක් උපුටා දක්වමින් “ආදරය යනු පාවා දිය හැකි දෙයයි” යනුවෙන් ලියුවෙමි. එය මේ රැඩිකල් මහත්වරුන් කියවා ඇත්තේ මගේ පෙම්වතාට ලියූ ගුප්ත පනිවුඩයක් ලෙසිනි. මා එය ලියුවේ මා ආදරය කළ, කලක් නිදහස්කාමී, විප්ලවවාදී, කවියන්ගේ, සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ, දාර්ශනිකයන්ගේ, නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින්ගේ දේශපාලන නවාතැනක් වූ අපගේ සංවිධානයට ය. ඒ සියලූ දෙනාවම සංකේතීය පියාගේ නාමයෙන් පාවා දුන් දේශපාලන ප‍්‍රවණතාවයට එක්වූ අතීත දේශපාලන සගයන්ට ය. අද එවැනි නිදහස්කාමී, මිනිසෙකුගේ සමාජ පංතිය හෝ ගැහැනියකගේ හමේ පාටට ඔබ්බට ගිය යමක් දකින, සියලූ දෙනාටම යුක්තිසහගත සමාජයක් බිහිවිය යුතු යයි සිතන, වෑන්ගාඞ් එකෙන් පිටත සාමාන්‍ය සමාජය යනු තමාගේ දේශපාලන සහකරුවා මිස අමන මෝඩයන් යයි නොසිතන දේශපාලනයක් පිළිබද සිහිනය සෙමින් වියැකී යමින් පවතී. එදා සීනුව හැඬවුනේ මගේ පරම්පරාවේ එම සිහිනය යථාර්ථයක් කිරීමට ගිය අයට ය. මරණයේ සීනුව දෙවරක් නාද නොවේ.
ප‍්‍රභා මනුරත්න
කටු සටහන් බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

20 comments:

  1. 3මාන එකේ "මුතුහර ළමා සමාජය" කියන ලිපියට මම දැම්ම කොමෙන්ට් එක මුන් දැන් ගිලලා, මේතියෙන්නෙ මම ලේඛකයගෙන් ප්‍රශ්නයක් අහල දාපු කොමෙන්ට් එකෙ ස්ක්‍රීන් ශොට් එක.

    http://imgur.com/sUQITqw

    දැන් ඒ කොමෙන්ට් එක විතරක් නෙවේ, එතන තිබ්බ අනිත් කොමෙන්ට් එකත් ඩිලීට් කරල, මේක තාක්ශනික දොශයක් නෙවෙයි, මොකද අනිත් ලිපිවල වෙන අය දාපු කොමෙන්ට්ස් තියනවා (http://imgur.com/QRxgp79).

    ලැජ්ජයි 3(නැතී)මාන.

    මම මේක ඇහුවෙ, කිසිම තේරුමක් නැති ප්‍රායෝගික නොවන කාරනා දෙසාබාන එක (අනිත් උනුත් එහෙම තමයි ) මෙයාලගෙ හැටි හින්දා.

    දර්ශනයේ ව්‍ය්යුත්පන්නය කිමක්ද? (බි.පෙ.සි.)

    -ප.ගෝ.



    ReplyDelete
  2. ප්‍රභා කැමති නැත්ද පිළිගන්න දීප්ති කියන්නෙ අඩු ගානෙ හොඳ පෙම්වතෙක් කියලා? දීප්ති කියන්නෙ තමන් කැමති කාන්තාව වෙනුවෙන් තමන්ගෙ සංවිධානය පරදුවට තියපු කෙනෙක්. හරියට ඉස්සර හිටපු රජවරු තමන් කැමති කාන්තාව වෙනුවෙන් තමන්ගෙ රාජ්‍යය ඔට්ටුවට තිබ්බා වගේ.

    (තමන් ශිෂ්ටාචාරයේ නිරෝගීම මිනිසා යැයි කියා ගන්නා දීප්තිත් මේ වගේ ලෙඩෙක් වුනාම මට අපි ගැන බයත් හිතෙනවා.)

    ReplyDelete
  3. ඔක්කොම ෂෝක්, ප්‍රභා, මෙන්න මේ ටික නම් ගොන් පාට්.

    " මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය."

    අප ජීවත් වන අර්ධ නාගරික හා ගැමි සමාජයේ බොළඳ ගැහැනුත් මේකම මෙන්න මේ වගේ වචනවලින් කියනවා.

    "චීයියා! නාකියා! ඌ හරියට අපේ බාප්පා වගේ."

    වෙනසක් නැහැ, නේද?

    ReplyDelete
  4. බීරි හටන නාටකය
    පාඨකයා - වමා එක්ක වාදෙ කවදදදෝ - ගුණයෝ මට කියල දෙන්නකෝ
    ත්‍රිමාන - නවී පිල්ලේ බතලේ බහිනවා -හාරනකම් ටිකක් ඉන්නවා

    ReplyDelete
  5. කුලියට පරිවර්තන කිරීම ගැන පොර ටෝක් දෙන පෝලෝ සීයා ට ප්‍රභා ගේ ලිපියේ ඇති උපක්‍රමික යෙදුම් නොතේරේ.
    ඉතා හොඳ රචනාවක් ප්‍රභා

    ReplyDelete
    Replies
    1. නොතේරෙන හින්දා අහන්නේ මොකද්ද බන් ඔය කියන උපක්‍රමික යෙදුම​.

      Delete
    2. එහෙම එකක්වත් තේරෙන්නෙ නැත්තම් පොලිටික්ස් කතා කරන එක උඹේ විෂය නෙවෙයි, මුට්ට කරගහනවා වගේ වැඩක් කරපන්.

      Delete
  6. පෙරටුගාමී පක්ෂය වටා තරුණ පොදු ජනයා එකතු වෙයි.මෙය මනුරත්න සොයරියට දරාගැනීමට බැරිවන දේශපාලනය කුමක්ද?ඇය ඇතුලු පිරිසට ඇත්ත හමුවී ඇත එවිට දෙයලෙකතිකය පිලිබදව අවබෝධයක් නැති අය කලබල වීම පුදුමයක් නොවේ.මනුරත්න සොයුරිය දැනගතයුතු වන්නේ ,අද පෙරටුගාමී පක්ෂ එදා එක්ස් කංඩායමට සමාන නොවන බවය.ඇය අද පෙරටුගාමී පක්ෂයේ වර්ධනය නැමති ක්ෂතිම අත්දැකීමට මුහුන දී ඇත .මෙයින් මිදීමට ඇය කලයුත්තේ දෙයලෙක්තිකය හැදෑරීම පමණි.

    ReplyDelete
  7. Nirmal Dewasiri

    තමා අකමැති අයට රිසිසේ මඩ ගහන දීප්ති කුමාර ගුණරත්න මහතාට තමාට විවේචනයක් එල්ල වූ විට වෙන දේ බලන්න.
    දේශපාලනයේදී සහවෙදනාව අවශ්‍ය වන්නේ මේ නිසාය.

    facebook


    ...............

    ඉහත සඳහන් සටහන තියෙන ත්‍රිමාන ගොසිප් කැලෑ පත්තරයේ නම නැති සංස්කාරක වෙන කවුරුත් නොවේ දීප්ති මයි. එයාගේ ගෝල මනෝරි, සුදර්ශන, පුෂ්ප කුමාර හැමෝම එයාගේ යතුරු ලේඛකයන් විතරයි.

    ඉතින් දීප්ති ‘මට කියුව‘ කියල සංස්කාරක නමින් මේ ලියන්නේ දීප්ති මයි.

    මොනවද සුනිලා ගැන ලියන්න තියෙන්නේ ඇගේ දෙපා ළඟ පැදුරේ වාඩි වෙලා ඇගෙන් ස්ත්‍රීවාදය ඉගෙන ගන්න වෙච්ච එකේ පසු කාලෙක එන තරහ ගැනද?

    දීප්ති ට ප්‍රභාගේ ලිපිය දැකලා නහුතෙටටම නැඟලා. මොකද ඒක දීප්ති ගේ ආශාව, පැන්ටසිය, විනෝදය ඔක්කොම හෙළි කරන නිසා.

    ආශාව අවිඥානක නම් දීප්ති ගේ ආශාව ගැහැණු සහ ලිංගික ආශාව නේද? ඉතින් මේ සංවිධානය හදා ගත්තේ ඒකට ගැහැණු ගෙන්න ගන්නයි. තමන්ගේ ලිපි ලේඛන වල ගැහැණු ඉලක්ක කරන්නේ එකටයි. දීප්ති ට අවශ්‍ය ගැහැණු තමන් ළඟ තබා ගෙන ඒ අය හසුරුවන්න. එහෙම බැරි ගෑණුන් එක්ක දීප්ති වෛර බඳීනවා.

    මෙන්න දීප්තිට රිදුණු තැන්

    “මේ ප්‍රභා මනුරත්න මගේ බිරිදට සහ දුවට පවා අපහාස කරනව. මට එයාගෙම අම්මව අනියමින් ලිංගිකව පවා දෙනව.“

    දීප්ති අන් අයට පහර ගහන විට ඒ අයගේ පවුල් වල සාමාජිකයන් ඊට සම්බන්ධ කරන්නේ නැද්ද?

    මෙන්න දීප්ති තමන් අනිත් අයට කරන දේ අනුනට ආරෝපණය කරන හැටි

    “පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නට අපහාස කිරීම“

    ඉදිරියට ප්‍රභා සහ බුද්ධික තව දේවල් ලියන බව කී විට දැන් දීප්ති තර්ජනය කරන්නේ පිය වද්දා ඒක නවත්වන්නයි.

    දීප්ති ගැන තේරුම් ගන්න කල්ලි නායකත්වය cult leadership වගේම megalomania වෘංහනෝන්මාදය යනු කුමක් ද යන්නත් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා.

    ReplyDelete
  8. සමාජ විචාර


    දීප්ති ට සුනිලා අබේසේකර මහත්මිය ගැන ලිවීමට බැරි තරම් ඇය නරක කෙනෙක් වුණත් දීප්ති ගේ දේශපාලනයට සියලු පහසුකම් සපයන සමබිම ට අනුව ‘සුනිලා අබේසේකර මහත්මියගේ හදිසි අභාවය ලංකාවේ මානව අයිතිවසිකම් ව්‍යාපාරයට පමණක් නොව ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයට ඇතිකරන ලද්දේ පිරිමසාලිය නොහෙන පාඩුවකි.
    ‘සමබිම’ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරයි.‘ දීප්ති ලා යැපෙන සමබිම පිහිටුවීමට මුල් වී ක්‍රියා කළ කෙනෙක් ලු සුනිලා මහත්මිය. ඉතින් සුදර්ශන ලා මනෝරි ලා ගෙන යන මේ දෙබිඩි ක්‍රීඩාව ගැන සමබිමට අරමුදල් සපයන්නන් දන්නවාද?

    ReplyDelete
  9. දීප්ති දීප්ති ගැන මෙසේ ලියයි: “ ඔයා සුනිලා සමග සමීපව කාලයක් වැඩ කළ ස්ත්‍රිවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් යම් සේවයක් කල අයෙක් නිසා“

    අනේ මගේ කට!ඔයා කළ සේවය ගැන ප්‍රභා ලියල තියෙන්නේ!!

    ReplyDelete
  10. දීප්ති තමන්ගෙන් ප්‍රශ්න අසාතමන් උත්තර බඳින ගොසිප් වෙබ් අඩවියේ මෙලෙස කියයි:

    “අපෙන් අසන්නේ එක්ස් එකෙන් තමන්ට කළේ කුමක්ද යන්නයි. මේ වගේ තමන්ගේ මානසික අසහනයට අත් කපා ගන්නා ස්වපීඩාකාමී උමතු ස්ත්‍රියක් කිසිදිනෙක මැද පාන්තිකයෙකු කසාද බදින්නේ නැත. ඒ නිසා අපි කුරුනෑගලින් ගෙනා බ්‍රෑන්ඩි නිව් ෆැක්ට්‍රි අන්ලොක් ගොන්නාම්බා වන බුද්ධික බණ්ඩාර මේ පිස්සු ගෑණි කසාද බදින්නේ එක්ස් කණ්ඩායම නිසාය. මේ වගේ පිස්සු ගෑණියෙක් නිසා තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නා නිර්මාල් නම් නරුමවාදි දවල් මිගෙල් නරුමයාගේ රෑ දිනියෙල් දෙල්කද ජීවිතය අපි ඉස්සරහට කියන්නට කැමතිය.“

    දීප්ති ට අනුව ගැහැණියක කසාද බඳින්නට ඕනෑ මැද පාන්තිතයෙකි. දීප්ති තමන් මැද පාන්තිකයෙක් යැයි සිතනවා විය හැකිය. ඒ නිසා දීප්ති ගේ බිරීඳ අනූෂාට සතුටු විය හැකි යැයි ඔහු සිතන බව පෙනෙයි. කුරුණෑගල මැද පාන්තිකයෝ නැත. එක්ස් කණ්ඩායම නිසා ප්‍රභා බුද්ධික සමඟ විවාහ වී යැයි කියන දීප්ති එයින් අඟවන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. එය හොඳක් නම් ඇයි දිගින් දිගටම ප්‍රභා ගේ හා බුද්ධික ගේ විවාහයට ගරහන්නේ? දීප්ති අනූෂා කසාද බැන්දේ කුමක් නිසාද? දීප්ති ට ඔහුගේ බිරිඳ අනූෂා හමුවන්නේ කොහොමද? දීප්ති තමන්ගේ කොන දේශපාලනිකව චූන්කර ගන්නේ කවුරු නිසාද?

    කාටද පිස්සු? ප්‍රභා ටද? දීප්ති ටද?

    ReplyDelete
  11. මොනවද මේ කරන්නෙ? මෙයාලගෙ දේශපාලනය මේකද?

    ReplyDelete

  12. දීප්ති දීප්තිට මෙහෙම කියනවා:

    “ප්‍රභා මනුරත්න කියන පිස්සු ගෑනියෙක් මට අපහාස කරලා ලියලා තියෙන ලිපියක් පළ කරනවා.“

    ප්‍රභා මනුරත්න ඇමෙරිකාවේ කැන්සාස් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි විෂයයට ශාස්ත්‍රපති උපාධියක් ලබා දැනට ඇමෙරිකාවේම ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂයයට ආචාර්ය උපාධිය සඳහා හදාරමින් සිටිනවා. ඇය විවිධ ජාත්‍යන්තර සමිමන්තුණ සඳහා පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ අවස්ථා පිළිබඳ ගූගල් කිරීමෙන් දීප්ති ගේ ගෝලයන්ට දැන ගන්නට පුළුවන්. හැබැයි ඒ විස්තර තියෙන්නේ ඉංග්‍රීසියෙන්. පරෙස්සමෙන් දීප්ති, අළුත් වචන ඉගෙන ගන්න වෙයි. ඩික්ෂනරිය ළඟ තියා ගන්න. ෆේස් බුක් එකේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලියන හොරට නීතිඥයන් වෙච්ච අයට නම් මේව කියවන්න හදන එක අවදානම්.

    මෙන්න ප්‍රභා ගැන කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ වෙබ් පිටුවේ තියෙන විස්තරය, කියවන්න යන්නේ පරෙස්සමෙන් :

    Prabha Manuratne
    B.A. (Kelaniya), M.A. (Kansas) - Lecturer

    Prabha Manuratne has worked in the Department of English, University of Kelaniya since 2003. She is currently on study leave, reading for her PhD at the State University of New York at Buffalo, U.S.A. She is a graduate of the University of Kelaniya, and she went on to complete her M.A. Degree at Kansas State University, U.S.A. in 2007. She has also completed a Certificate in Women’s Studies, Kansas State University (2006) and a Diploma in Mass Communication (1994) at the Sri Lanka Media Foundation. Prior to joining the University of Kelaniya, she worked as a Temporary Assistant Lecturer at the University of Colombo from 2001 to 2003, as an instructor of English at the English Language Teaching Unit, Kelaniya University, and as a journalist at The Island newspaper (1994-1996). She is a junior Fulbright Fellow and was awarded the Earl R. Davies Award for the Best Student-Scholar at the English Department, Kansas State University in 2006. In addition to pursuing her graduate studies, she is also working as a Teaching Assistant in the Writing Program at SUNY at Buffalo.

    Prabha’s research interests include representations of violence, gender and violence, and psychoanalytical readings of violence. Her research has often focused on manifestations of systemic violence as expressed in cultural texts from literature to film, art, and popular culture, and pornography. Her general theoretical interests lie in feminist theory, Marxism, and psychoanalysis. Her M.A. thesis focused on the impact of the 1977 economic liberalization policies upon cultural representation of women, gender, and sexuality in Sri Lanka. She is currently working on representations of violence in Middle Eastern and South Asian writing and film.

    In the past, Prabha has taught courses on Critical Theory, Postcolonial Literature, Romantic Poetry, American Literature, and Metaphysical and Neo-Classical Poetry at the English Department of the Kelaniya University. As a Writing Instructor, she has taught 200 level courses to both native and non-native speakers of English at SUNY at Buffalo. In addition, she is a volunteer editor at Sethuka Publishers and worked as a volunteer at the Women’s Bank, Colombo (a savings bank of low-income urban and rural women) as both a teacher and a consultant on cultural affairs. She served on the editorial committee of the Humanities Journal at Kelaniya University in 2008-2009, and served as an editor on the UMBRA editorial committee at SUNY at Buffalo.

    කාටද පිස්සු ප්‍රභාටද?
    නැත්නම් දීප්ති ටද? දීප්ති ගේ පොරටෝක් බණ වගේ අහගෙන ඉන්න අනාථයින්ට ද?

    ReplyDelete
  13. එකල වාමාංසිකයෝද, මනෝ විස්ලේසකයෝද, බ්ලොග් කාරයෝද, අනෙකුත් ඇට්ටිවිස් ලාද කෙස් පලා ගනිමින්, කෙස් මද කමින්, සතුටු සයුරේ කිමිදෙමින්, නාමින්, පීනමින් සිටියහ.

    ඒ අතරේ ධනවාදය නම් පුංචි මකුලුවා උඩට යටට හරහට දිගට සිය දැල එලාගෙන එලාගෙන එලාගෙන යමින් ඉහත කී සියලු දෙනාගේම කිරිපල්ලේ පවා දැල් බැන්දේය.

    දැන් ඔක්කෝටම තවත් සතුටුය.

    ReplyDelete
    Replies
    1. දීප්ති ගේ දේශපාලනය ධනවාදයට විරුද්ධව නොවේ, ඊට පක්ෂවය. මන්ද යත් රනිල් බලයට ආ විට මංගල හරහා රටේ වයර් මාරුකරන්නට දීප්ති ට අවස්ථාව දෙන බවට රුවන් මංගලගෙන් දීප්ති ට පොරොන්දුවක් ලබා දුන්නේ අනූ ගණන්වලදී බැවිනි.

      Delete
  14. " දේශපාලනිකව අප සමග තිබෙන කෝන්තර පිරිමසා ගන්නට දීප්ති ගේ දරුවන්,බිරිද විතරක් නෙවි තමන්ගේම අම්මව පවා පවා දෙන මානසික රෝහලක දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කළ යුතු පිස්සු ගෑනියෙක් ලියන ලිපියක් පවා දීප්තිට විරුද්ධව දේශපාලනිකව පාවිච්චි කරන්නට තරම් නරුමයෙක් වුණ නිර්මාල් තමන්ගේ සංගමයේ සභාපතිවීම ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ එක් පුද්ගයෙකුටවත් ලැජ්ජාවක් නැහැ."

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන සමන් පුෂ්පකුමාර මහතා මේ පිළිබඳව ලැජ්ජා වනවාද? මේ ගැන තමන්ගේ නොකැමැත්ත සිය සංගමයේ මීළඟ රැස්වීමේදී කියනවාද? මේ පිළිබඳව නිර්මාල් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් විමසා බලයි කියා සිතමි

    ReplyDelete
  15. මම මේ පලවෙනි වතාවට කමෙන්ට්ස් දාන්නෙ... මොකද මට නම් එහෙම ලොකු දැනුමක් නෑ ඔයාලට කමෙන්ට්ස් වලින් කියල දෙන්න තරම්. අපි ඉන්න අසූචි ගොඩේ ඉදල බැලවෙ මේකෙ නම් වෙනස් දෙයක් ඇති කියල හිතලයි. දැන් පේනව මේකෙ ඉන්නෙ අසුචි කන අය. මට වචන ගලපන්න එච්චරම තේරෙන් නැති නිසා වෙන කෙනෙක්ගෙන් ගත්තෙ වරහන් අතුලෙ තියෙන වාක්ය (සමානත්මතාවය, සහෝදරකම, සමාජවාදය, ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් ගැන කථා කරන වමේ උන්ගේ හැටි අපි හොද හැටි දනිමු. මුන් මුන් අතරම කොතරම් කුලල් කා ගැනීම් තිබේද?) සමජවාදය කියන එක ඇරුනම සමානත්මතාවය, සහෝදරකම,ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් කියන දේවල් ටික ගැන නම් මට අදහසක් තියෙනව. ඔය ලොකු වචන දාගෙන සමජවාදය කතා කරන මිනිස්සු ගැන හොදට ඉගෙන ගන්න ලැබිච්ච අවස්තවක් මේක. දීප්ති ගැන මම දන්නෙ නෑ මම නම් ඔය X කියන එක තියෙන කාලෙ මේ දෙවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ X කියල එකක් තිබුන කියල දන්නෙ 2010 වගේ. ඇත්තටම මේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් කී දෙනෙක්ද මේ X කියල එකක් ගැන දන්නෙ? දීප්තිගෙ කතා කීපයක් අහල තියෙනව ඉන්ටනෙට් එකේ. දීප්තිගෙ කතා නම් මරු අප්ප... අජිත්ගෙ ලිපිත් මරු නෙ....එතකොට සුමිත් චාමින්දත් නියමයි... අනුරුද්ද ප්රදීපුත් මරු.. ප්රදීප් ජයරත්නත් මරු.....තව ඉන්නව නේද ලොකු ලොකු කතා කාරයො එයාලත් මරු... නිර්මාල් ගෙන් ඇති වැඩක් නෑ කොච්චර ලොකු වැඩ කරන්න ගියත් මේ සෙට් ඔක්කොම එකතු කරල ලස්සන ලෝකෙ හදන එකට මුලපුරන්නවත් බෑනෙ.... අනෙ මේ බොරු බයිල මේ ඔක්කොම කරල තියෙන්නෙත් තම තමන්ගෙ ලෝකවල් වෙන වෙනම හදා ගන්න උත්සාහ කරන එක. මට නම් වැඩක් නෑ එක එක්කෙනාගෙ ඔපා දූප ( අරයගෙ ගෑනිට අරු ගැහුව, අරය කරන්නෙ ගනිකාවො සප්ල්යි කරන එක වගේ දේවල් ) ධනවදයේ ගිලිල ඉන්න අයට වඩා මෙයලගෙ ඇති වෙනස මොකද්ද? ප්රසිද්ධ විවාද තියන්න කට්ටිය ලෑස්තිය. මං වගේ ඔය වාමාන්ශික උගුලෙ හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න ඕන තරම් කොල්ලො මම දන්නව... ඔය ලොකු කතා කියන ඔක්කොටම කියන්නෙ බොරු විකාර කොල්ලන්ගෙ ඔලු වලට දාල අහින්සකයන්ව අමරුවෙ දාල එකම සෙට් එක එකතු වෙලා දාර්ශනික නියායන් ගැන කතා කරනව, හමදාම ඉතින් ඔය සෙට් එකම තමයි, ගොඩක් අයට කරගන්න බැරි උන වැඩ ටික කර ගන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනව, ඊට පස්සෙ තමන් හොදයි කියල හිතන රටකට පැනගන්නව, සමහර අය එන් ජි ඕ එකේ ජොබ් එක කර ගන්න වාමන්ශික වෙනව මට පොඩ්ඩක් කියනවද දැන් අවුරුදු කීයක් කී දෙනෙක් ඔය වගේ දේවල් කරාද? මුකුත් උනාද? මේ ඔක්කොම බොරු කාරයො... කයිවාරු කාරයො. බලන්න මෙයාලගෙ හැසිරීම දිහා... තව අලුත් අලුත් වචන හොයාගෙන කියව කියව ඒව වලින් එක එකෙනාට බැන බැන ඉන්න. ලස්සන ලෝකෙ බලගෙන ඉන්නව අපි එනකල්.

    ReplyDelete


  16. ගැටලුව වන්නේ දීප්ති සහ ඔහුගේ අනුගාමිකයන් ලියන දේට වඩා මොවුන් පිළිබඳ ඊනියා සිවිල් සමාජය දක්වන දෙබිඩි පිළිවෙතයි. මුළු ලෝකයේම සියලුම අයගේ අයිතිවාසිකම් රැක දීමට ගැන වෙහෙසෙන ඊනියා සිවිල් සමාජ දේශපාලකයෝ දීප්ති ලා තමන්ගේ වැඩවලට යොදා ගනිති. රුවන් ලා කුසල් ලා තම වෙබ් අඩවි වල දීප්තිට ලොකු තැනක් දෙති. දීප්ති ලා සුමිත් ලා තම වෙබ් අඩවි හරහා මැරකම් ප්‍රචණ්ඩත්වය මුදා හරින විට නොදැක්කා සේ සිටිති. දීප්ති ත් එබඳුම ඩබල් ගේමක් ගෙනියයි. තමන්ට සුනිලා ගැන ලියන්නට බැරි යයි දීප්ති කියන විට සුදර්ශන රාවයේ පිටුවක් පුරා සුනිලා ගේ ගූණ ගයයි. එපමණක් නොව දීප්ති ලා පුෂුප කුමාර ලා ගරහන අර්ජුන පරාක්‍රම උපුටා දක්වන්නටද සුදර්ශන නොපැකිලෙයි. දැන් රාවයේමෙම ලිපිය ලියන සුදර්ශන රෑට ගෙදර ගිහින් දීප්තිට කියන්නේ මොකක්ද? සුනිලා නොහිටින්න තමුසෙගෙ පැවැත්මටත් අරමුදල් නැති බව මතක තියා ගන්නවා කියාද? අර්ජුනක් එක්ක හොඳින් හිටියොත් එයාගේ මාර්ගයෙනුත් අරමුදල් සොයා ගත හැකි වෙයි කියාද? සුදර්ශනගේ මේ දෙබිඩි ගේම ගැන අර්ජුන දන්නවාද? බලාගෙන ගියාම සුදර්ශනත් මාර වාමාංශිකයෙක් නේ? මේ කාලේ වාමාංශික කිය්නනේ එන් ජී ඕයි (enjoy) කාරයින්ට නේ?

    සමාජ විචාර

    ReplyDelete
  17. ප්‍රභාගේ ලිපියෙන් සහ එම ලිපිය මුල් කොට ගෙන විවිධ අය ලියූ අදහස් වලින් දීප්ති ට රිදුණු තැන් මෙන්න දීප්ති 3මාන අඩවියේ සංස්කාරක ලෙස ලියන විවිධ උත්තර වලින්
    “ අරගලකාරී දේශපාලනය යනු තමන්ගේ අනන්‍යතා අර්බුදයට එරෙහිව බාහිර සතුරෙකු වර්ගවාදීව නිෂ්පාදනය කරන ප්‍රභා වර්ගයේ දේශපාලන සිතන්නියන් ඉංග්‍රිසි දෙපාර්ථමේන්තු තුළ දුලභ නැත. අඩුම වශයෙන් සිංහල වර්ගවාදයට එරෙහිව අප විසින් කරන ලද සාධනීය දායකත්වය පවා නොතකා මෙම ස්ත්‍රියට මානසික රෝගයක් ඇති බවට කිසිදු සැකයක් නැත. ඇයට අනුව චම්පික රණවක හෝ විමල් වීරවංශ වැනි වර්ගවාදීන්ටත් වඩා දීප්ති භයානකය.“
    ප්‍රභා ලියූ ලිපිය දීප්ති ගේ ගෝලයන් කියවා ප්‍රශ්න අසන බැවින් ඊට උත්තර දෙන්නට දීප්ති හදාගත් කෝකටත් තෛලය වැනි ලිපියක් නැවත පළ කොට ඇත. එපමණක් නොව දීප්ති ශාසත්‍රීය ලේඛකයෙකු මෙන් ඇයට පිළිතුරු දීමේ අපගේ මුලාශ්‍ර සියල්ලම අප සටහන් කර ඇත යි කියයි.
    දීප්ති අඟවන්නේ ප්‍රභා මනෝවිශ්ලේෂණය ඉගෙන ගත්තේ ඔහුගෙන් බවයි. ඔහුගෙන් තමා කුමනාකාර මනෝවිශ්ලේෂණයක් ඉගෙනගත්තේ දැයි ප්‍රභා ගේ ලිපියෙන් කියවෙයි.
    මෙන්න මහා දාර්ශනික දීප්ති සංවාදය ගැන දෙන නිර්වචනය. “සොක්‍රටීස් ට අනුව සංවාදය කියන්නේ නොදන්න දෙයක් ගැන කුණු හරුප කියමින් ප්‍රශ්න අහට එකාට තිත්ත කුණු හරුපින් බනින් එක.“ දීප්ති ත් කරන්නේ මේකම තමයි හරියට සොක්‍රටීස් වගේ.
    දීප්තිට දර්ශණය ගැන ඇති සුදුසුකම් ගැනලියන ලෙසද දීප්ති ඉල්ලීමක් කර ඇත. මෙන්න විස්තරය.
    දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධි ය - ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සරසවිය
    ජිජෙක් ට දර්ශනය ඉගැන්වූ නිසා ජිජැක් දීප්ති ගේ පොත් ඉංග්‍රීසිටය පරිවර්තනය කොට තම්නගේ නමින් පළ කොට තිබේ.
    පුෂ්ප කුමාරට සුදර්ශන ට සහ මනෝරි ට දර්ශනය ඉගැන්වීම
    යකෝ දීප්ති ප්‍රභා ගැන අපි පළ කරපු කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ වෙබ් පිටුවේ තියෙන විස්තරය, කියවලා හැබැයි අපි කිවුවා වගේම තේරිලා නැහැ හරියට.ඉංග්‍රීසි කියවනව කියන්නේ ඩික්ෂනරිය ලඟ තියාගෙන වචන පරිවර්තනය කරනව කියන එකට නොවෙයිනේ. ඒක නේ දීප්ති එහෙම කියවල ගෝලයන්ට කියා දෙන දේ දැන් රටට වහ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න දීප්ති කියන දේ.
    “ අප දන්නා තරමින් ප්‍රභා මනුරත්න යනු UMBRA සගරාවේ සංස්කාරකවරිය නොවේ. EDITOR සහ EDITORIAL COMMITTEE අතර වෙනස ගොබ්බයන් දන්නේ නැති බව අපි දනිමු. උදාහරණයක් ලෙස 2012 වසර සගරාවේ ප්‍රභාගේ නම නැත. තක්කඩි කෛරාටික වැඩ කරන්නට දක්ෂ ප්‍රභා මනුරත්නගේ මෙවැනි ක්‍රියා ගැන අපි නම් පුදුම නොවන්නෙමු.“
    මෙන්න වෙබ් අඩවිය කියන දේ:
    and served as an editor on the UMBRA editorial committee at SUNY at Buffalo.
    එය කියන්නේ සංස්කාරක කමිටුවේ [සාමාජික] සංස්කාරකවරියක ලෙස ඇය සේවය කළ බවයි. දැන් සේවය කරන බව නොවේ. Served යනු serve යන්නේ අතීත කාල පදයයි. දීප්තිට served සහ an editor on කියන ටික නොතේරීම ගැන අපට අනුකම්පා කරන්න පුළුවන්. හැබැයි කයිය තමයි ඉවසන්න බැරි.

    ReplyDelete