Friday, September 6, 2013

ප්ලූටෝ කියන්නේ ග්‍රහ ලෝකයක් නොවෙයි

අපි පහසු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. දීප්ති කුමාර ගුණරත්න මහතා පරසක්වල ගසා මගෙන් විමසා සිටින්නේ මෙයයි. 

"වංගීස ඔයා පිළිගන්න ඔයා ගැහැණියෙකුට ගැහුවා කියලා! ඔයාට මේක හංගන්න බැහැ, මේක දැකපු අය ඉන්නවා" 

දැන් අපි අහන්න ඕන සරලම ප්‍රශ්නය අහමු: මගේ අතීත ආදර සම්බන්ධකම් වලදී සිද්ධ වුන දේ මම ප්‍රසිද්ධියේ කිව යුත්තේ ඇයි? වඩාත් නිශ්චිතව කියනවානම්, එම සම්බන්ධ කම් වලදී සිදු වූ දේ පිළිබඳව මටත්, එම සම්බන්ධයේ අනෙකුත් පාර්ශවයටත් ගැටළුවක් නොමැති වේ නම්, සහ අප තවමත් හොඳින් කතා බහ කරන, එකිනෙකාට උපකාර කරන තරමේ මිතුරන් වන්නේනම්, එම සම්බන්ධකම් ගැන දීප්ති කුමාර ගුණරත්න මහතා ඉදිරියේ පාපොච්චාරණය කල යුත්තේ ඇයි? ඔහු කවුද? 

මගේ ලිංගික සම්බන්ධකම් වල දී මම සමලිංගික ද, විෂම ලිංගිකද, ද්වී ලිංගික ද, මම වඩාත් ආශා කරන්නේ බෝන්ඩේජ් වලටද, සේඩිස්ට් සහ මැසෝකිස්ට් ලෙස සෙක්ස් කරන්නද එහෙමත් නැතිනම් මිෂනාරි ක්‍රමයට සෙක්ස් කරන්නද  කියා මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුත්තේ ඇයි? දර්ශනය කතා කල හැක්කේ මිෂනාරි ක්‍රමයට සෙක්ස් කරන අයට පමණද?  

මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි ප්‍රශ්න වලට මම කිසිදා පිළිතුරු දෙන්නේ නොමැති බවයි. මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට පටන් ගත් සැනින් කෙනෙකු අනෙකාගේ උගුලට හසු වී හමාරයි. මම මගේ මිත්‍ර සම්බන්ධකම්, ආදර සම්බන්ධකම් වල කල කී දෑ ගැන දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කිරීම ප්‍රතික්ෂේප කරමි. 

නමුත් මා වඩාත් උනන්දු කරන ගැටලුව වන්නේ මෙයයි. මෙවැනි මඩ ගැසීම් කියවන තෙවෙනි පාර්ශවයකට ආකාර්ශනීය බව අවිවාදිත වුවත්, මෙවැනි විශ්මයජනක ලෙස පහත්, නිර්මාල් ගේ වචන වලින් කියන්නේනම් අපව කරකවා අතහරින ආකාරයේ, උපක්‍රමයක් අනුගමනය කිරීමට ගුණරත්න මහතාට සිදු වන්නේ ඇයි? 

මෙය පැහැදිලි කර ගැනීම සඳහා මා කලකට ඉහතදී ඇසූ කටකතා දෙකක් කියන්න ඉඩ දෙන්න. ජිජැක් ගේ තෙවැනි බිරිඳ යට ඇඳුම් නිරූපිකාවක සේ සේවය කර ඇතැයි කියා මගේ මිතුරෙක් මට කලකට ඉහතදී පැවසුවාය. ජිජැක් සමග එකඟ නොවන බොහෝ දෙනෙකු ලොව සිටියත් ලොව කිසිම කෙනෙකු ඔහුට 'යට ඇඳුම් නිරූපිකාවකගේ මිනිහා' කියා අපහස කරනු මම අසා නැත්තෙමි. මෙයටත් වඩා නිශ්චිත කටකතාව දෙවැනි එකයි. බොහෝ දෙනෙකු මට පවසා ඇති කතාවක් වන්නේ කැතරීන් මැලබු, ඩෙරිඩා ගේ අවසාන නිල හොර අඹුව බවයි. නමුත් මේ කරුණ සම්බන්ධ කරගෙන ඩෙරිඩා ව විවේචනය කිරීමට හෝ මැලබු විවේචනය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. නිදර්ශනයක් ලෙස කෙනෙකු මෙවැන්නක් අසනු ඇත කියා ඔබ සිතන්නේද?

"අප අසන්නේ ඩෙරිඩා විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා පැවැත්වීම හොඳද නරකද කියා නොවේ. ඊට පරස්පරව අප අසන්නේ තමන්ගේ ආශාව ස්ව-පීඩක යයි නොදන්නා මැලබු ට එය කියා දීම විප්ලවවාදී ද? නැතහොත් එය ස්වයං-උල්ලංඝනයක්ද? යන්නයි"   

නැතිනම්, ජිජැක් විසින් මැලබු වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමු කරනු ඇතිද?

"කැතරින්, ඔයා පිළිගන්න ඔයා ඩෙරිඩා ගේ හොර ගෑණි වෙලා හිටියා කියල. එදාට අපේ සංවාදය ඉවරයි"

මෙවැනි වැකියක් ගෝලීය බුද්ධිමතෙක් ලියුවොත් කුමක් සිදු වනු ඇතිද? එවැන්නක් කිසිදා නොලියවීමට තිබෙන්නේ සරල හේතුවකි. ජිජැක් හට මැලබු සමග ඇති විවාදය බුද්ධිමය තලය තුල විසඳා ගැනීමට ඉඩ දෙන යමක් තිබේ. ඒ ඔහුගේ ස්වාධීන පර්යේෂණ පිලිබඳ ඔහුට ඇති විශ්වාසයයි. හේගල් සහ ලැකෝන් අතර ඔහු විසින් ගොඩනගන ලද විශිෂ්ඨ හයිබ්‍රිඩ්කරණය ඔහු කොහෙන්වත් කොපි කල දෙයක් නොවේ. අනෙක් අතට මැලබු ට ජිජැක් ගේ බිරිඳගේ යට ඇඳුම් ගැන විමසීමට අවශ්‍ය නොවන්නේද ඇයගේ ස්වාධීන පර්යේෂණ පිලිබඳ ඇයට ඇති විශ්වාසය නිසාය. හේගල් සහ හෛඩැගර් අතර ඇය ගොඩනගන විශිෂ්ඨ කියවීම ඇය කිසිවෙකුගෙන් කොපි කල දෙයක් නොවේ.  

දැන් අපිට පුළුවන් වඩාත් අපහසු ප්‍රශ්නය වෙත යන්න: පසු ගිය විසිවසර පුරා ගුණරත්න මහතා විසින් කරන ලද පර්යේෂණ මොනවාද? මෙයට ඇති සරල පිළිතුර වන්නේ 'කිසිවක් නොමැත' යන්නයි.

ගුණරත්න මහතා විසින් ෆූකෝ ගැන හෝ ඩෙරිඩා ගැන හෝ ලැකෝන් ගැන හෝ ජිජැක් ගැන හෝ කල විධිමත් පර්යේෂණ ග්‍රන්ථයක් නැතිනම් ශාස්ත්‍රීය රචනාවන් මොනවාද කියා කෙනෙකුට පැවසිය හැකිද? ගුණරත්න මහතාගේ ලිපි ලේඛන කියවා කෙනෙකුට දර්ශනයක් ඉගෙන ගත හැකි වේද? අවශ්‍යනම් කෙනෙකුට හිත හදා ගැනීම සඳහා මෙවැන්නක් පැවසිය හැකිය. 'දීප්ති කරන්නේ ඇකඩමික් වැඩ නෙමෙයි පොලිටිකල් වැඩ. ඇකඩමික් ප්‍රමිති වලින් දීප්ති ව මනින්න බැහැ'. නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණාත්මක පිළිතුරක් නොවේ. මක්නිසාද යත්, ඩෙරිඩා 'හරියටම තේරුම් ගැනීම' නැතිනම් හේගල් ව 'හරියටම තේරුම් ගැනීම' සඳහා මහන්සි වූ මිනිසුන් සහ ගැහැණුන් සිටින්නේ ශාස්ත්‍රාලයේ මිස වෙන කොතැනකවත් නොවේ. එවිට හේගල් ගැන නිවැරදිම දැනුම ඇත්තේ තමන්ට කියා පැවසීමටනම් කෙනෙකුට සිද්ධ වෙනවා හේගල් පිළිබඳව තියෙන විශාල ද්වීතියික සාහිත්‍ය සමග විචාරාත්මකව ගැටී තමන්ගේ නිවැරදි බව පෙන්වන්න.ඉංග්‍රීසියෙන් කියවන දෙයක් සිංහලෙන් නැවත ලිවීම මෙයට කිසිසේත් ප්‍රමාණාත්මක නොවේ. 

නමුත් ගුණරත්න මහතා පසුගිය වසර විස්සක කාලයක් තුල කර ඇත්තේ මෙය පමණයි. මෙරට බොහෝ දෙනෙකු තවමත් වටහාගෙන නොමැති තිත්ත ඇත්ත වන්නේ මෙයයි. මෙයට එකඟ නොවන කෙනෙකු දැන් කල යුත්තේ ගුණරත්න මහතා කල න්‍යායික පර්යේෂණ මොනවාද කියා අපට එළි කිරීමයි. ගුණරත්න මහතා ගේ ලියවිලි හැකිනම් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. එවිට සියළු දෙනාට සරල සත්‍යය වැටහෙනු ඇත. එනම්, ගුණරත්න මහතා යනු විධිමත් අධ්‍යාපනයක් නොමැති කයිවාරුකාරයෙකු බවයි. ප්‍රසිද්ධ විවාදයකදී ගුණරත්න මහතාට අහිමි වීමට ඇති දේ අති විශාල වන්නේ මෙම නිසාය. මෙය ඉතාම හොඳින් දන්නේ ගුණරත්න මහතායි. 

මම පාසල් යන කාලයේ අපගේ පාසල් පෙළ පොත් වල සඳහන් වී තිබුනු ආකාරයට අනුව සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක නමයක් තිබෙන අතර එහි අවසාන ග්‍රහලෝකය වන්නේ ප්ලූටෝ ග්‍රහලෝකයයි. නමුත් 2005 වසරේදී සොයා ගත්දෙයක් තමයි ප්ලූටෝ ග්‍රහවස්තුවට වඩා විශාල ග්‍රහ වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා කියන එක. ඒ අනුව සූර්යා වටා පරිභ්‍රමණය වන ග්‍රහ වස්තූන් වල විශාලත්වය අනුව ප්ලූටෝ කියන්නේ නවවැනි විශාලම වස්තුව නොව දස වැන්නයි. එම නිසා 2006 වසරේදී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් ප්ලූටෝ නිල වශයෙන් ග්‍රහලෝකයක් නොවන ලෙස වර්ගීකරණය කරනු ලැබේ. නමුත් අපේ රටේ බොහෝ දෙනෙක් තවමත් සිතා සිටින්නේ ප්ලූටෝ කියන්නේ ග්‍රහලෝකයක් බවයි. අපි ට තිබෙන ප්‍රධාන අභියෝගය වන්නේ මෙම බුද්ධිමය අන්ධකාරය ආලෝකය වෙත විවර කිරීමට උපක්‍රමයක් සෙවීමයි. 

වංගීස සුමනසේකර 

15 comments:

  1. "අප අසන්නේ ලකාන් තමන් වසර හතරක් (1929-33) පෙම්වතිය වශයෙන් ඇසුරු කළ Olesia Sienkiewicz සමඟ විවාහ නොවූයේ මන්ද, එය හොඳද නරකද නියා නොවේ. ඉන් පසුව තමන් 1934 දී විවාහ වූ තමන්ගේ පළමු බිරිඳ Marie-Louise Blondin සමඟ දරුවන් තිදෙනෙකුත් හදා, ජෝර්ජ් බතායි ගේ හිටපු බිරිඳ වූ Sylvia Macklés-Bataille සමඟ පෙමින් බැඳී ඇය බතායි ගෙන් (වෙනවී නමුත්) දික්කසාද නොවී සිටියදීත් අනියම් බිරිඳ ලෙස ඇය සමඟ සම්බන්ධයක් පවත්වා ගෙන යෑම හොඳද නරකද කියා නොවේ. ලකාන් ට Sylvia Macklés-Bataille සමඟ ඇසුරෙන් 1941 ජූලි 3 වැනිදා උපන් දියණියට Judith Bataille යන නම තබන්නට සිදුවූයේ එවිටත ලකාන් Marie-Louise සමඟ විවාහකව සිටීම නිසා වීම හොඳද නරකද කියා නොවේ. ඊට පරස්පරව අප අසන්නේ තමන්ගේ ආශාව ස්ව-පීඩක යයි නොදන්නා Sylvia Macklés ට එය කියා දීම විප්ලවවාදී ද? නැතහොත් එය ස්වයං-උල්ලංඝනයක්ද? යන්නයි"

    නැතිනම්, දීප්ති විසින් Sylvia Macklés වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමු කරනු ඇතිද?

    " Sylvia Macklés, ඔයා පිළිගන්න ඔයා ලකාන් ගේ හොර ගෑණි වෙලා හිටියා කියල. එදාට මම ලකාන් ගෙන් ඉගෙන ගත්තු සියලු දේ වමාරනවා"

    http://www.lacan.com/rolleyes.htm
    http://nosubject.com/index.php?title=Marie-Louise_Blondin
    http://www.nndb.com/people/391/000115046/
    http://en.wikipedia.org/wiki/Sylvia_Bataille

    ReplyDelete
  2. මට පොඩි අසාධාරණයක් වී ඇත. තුනමාන වෙබ් අඩ්වියේ පහත දැක්වෙන කමෙන්ටුව පළැවී ඇත.

    http://3mana.com/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8/#comment-868

    එය පහත දැක්වේ.

    [quote]
    අරසිරි September 5, 2013

    දීප්ති නිර්මාල්ට බයයි. ඒකයි වාදෙන් පැනලා යන්නෙ. නිර්මාල් ඊට වඩා බයයි. ඒකයි දිගටම කතා කරන්නේ ඒත් අන්තිමට මේ විවාදයට ගියොත් දීප්තිට වෙන්නේ අර මඩ නාගෙන ආපු ඌරා එක්ක සටනට ගිහින් පැරදුන සිංහයාට උණ දේ තමයි. ඒනිසා ඌරන් එක්ක විවාදයට යන්න එපා දීප්ති
    [unquote]

    එහි මා ලියූවේ පහත කොටස පමණි.
    [quote]
    අරසිරි September 5, 2013

    දීප්ති නිර්මාල්ට බයයි. ඒකයි වාදෙන් පැනලා යන්නෙ.
    [unquote]

    (එහි අරසිරි යනුවෙන් මා යොදා ඇත්තේ අරවින්ද සහ සිරිමලී පිළිබඳ මගේ පැරණි මතකය වෙනුවෙනි. නැතුව ඔවුන් මේ කිසිවකට හෝ සම්බන්න්ධ නිසා හෝ ඔවුන් මීට ගාවා ගැනීමට මට අවශ්‍ය නිසා හෝ නොවේ. මට දීප්ති මෙන් නොව මගේ අදහස් වෙනුවෙන් තනිවම පෙනී සිටීමේ ආත්මශක්තිය ඇත.)

    ඉතුරු ටික එනම් පහත ටික මුලුමනින්ම ලියා ඇත්තේ තුනමාන වෙබ් අඩවියේ අයිතිකරුවන් විසිනි.

    [quote]
    නිර්මාල් ඊට වඩා බයයි. ඒකයි දිගටම කතා කරන්නේ ඒත් අන්තිමට මේ විවාදයට ගියොත් දීප්තිට වෙන්නේ අර මඩ නාගෙන ආපු ඌරා එක්ක සටනට ගිහින් පැරදුන සිංහයාට උණ දේ තමයි. ඒනිසා ඌරන් එක්ක විවාදයට යන්න එපා දීප්ති
    [unquote]

    වෙබ් අඩවියක අයිතිකරුවන්ට තම අඩවියේ තමන් කැමති ඕනෙම දෙයක් ලියා ගත හැකිය. එහෙත් ඒ වෙනුවෙන් තමන් අකමැති අදහස් විකෘති කිරීම අඩුම තරමින් දීප්තිගේ වචනයෙන් පවසනවා නම් කැත වැඩකි. මහත්මයකු ලෙස ("මම තමයි ශිෂ්ටාචරයේ නිරෝගීම මිනිසා.") සමාජය ඉදිරියේ පෙනී සිටීමට දඟලන දීප්ති යනු ඔබට ජීවිතිතයේ මුණ ගැසිය හැකි පහත් ම නින්දිත ම නීච ම අධම ම චරිතයක් බව දීප්තිව තරමක් හෝ අශ්‍රය කර ඇති අය දනිති. තම පැරණි මිතුරන් පිළිබඳ ඕනෑම දෙයක් කිසිම පැකිලීමකින් තොරව පාවා දිය හැකි දීප්ති යනු අංක එකේ නරුමයෙකි.

    මගේ කමෙන්ටුවට දීප්ති එකතු කර ඇති දෙයින් (එනම් විශේෂයෙන්ම "ඒනිසා ඌරන් එක්ක විවාදයට යන්න එපා දීප්ති".) පෙනෙන්නේ දීප්ති යනු සැබෑ ජීවිතයේත් තමන් කියවීමට ආශා කරන දේ අනුන් ලියනවා වගේ තමන්ම ලියා ඊළඟට ඒවා තමන්ම කියාවා රස විඳින තරමේ බරපතළ මානසික ව්‍යාධියකින් පෙළෙන අයකු බවයි.

    වංගීස කියනවා වගේ "අපි ට තිබෙන ප්‍රධාන අභියෝගය වන්නේ මෙම බුද්ධිමය අන්ධකාරය ආලෝකය වෙත විවර කිරීමට උපක්‍රමයක් සෙවීමයි."

    ReplyDelete
  3. “එනම්, ගුණරත්න මහතා යනු විධිමත් අධ්‍යාපනයක් නොමැති කයිවාරුකාරයෙකු බවයි.“

    ඇයි එහෙම කියන්නේ වංගීස? දීප්ති දර්ශනය පිළිබඳ භාහිර උපාධියකට පේරාදෙණියේ කාලයක් ලියා පදිංචි වෙලා හිටියා නේද? ඩෙස්මන්ඩ්ව ඔච්චර උඩ දාලත් දීප්ති ට ඒ උපාධි සහතිකය ඉවර කර ගන්න බැරි වුණාද?

    ඒ වුනත් එක කරල දෙන්න බැරි වුණත් දීප්ති ගේ දාර්ශනික හඬ බවට පත්වෙලා ඉන්න තරුණ දාර්ශනිකයෙක් ඩෙස්මන්ඩ් ට පිහිටෙන් ශාස්ත්‍රාලයට ඇතුළු කරගන්න දීප්ති සමත් වෙලා තියෙනවා නේද? දීප්ති පුෂ්ප කුමාර ගේ නමින් ලියපු ලිපි කියවන්න කෘෂිකරම පීඨයේ සඟරාව කියවන්න. ඇයි ලංකාවේ අයට ලියන්න ඕන ඉංග්‍රීසියෙන් ද? ඉංග්‍රීසියෙන් ලියන එව සමබිම සඟරාවට දුන්නොත් සුදර්ශන ට ඒව තේරෙනවද?

    විකාර කියන්න එපා වංගීස!

    ReplyDelete
  4. "දෙවනුව නිර්මාල් විසින් තමන්ගේ නියෝජිතයා ලෙස නිළ වශයෙන් පත් කළ වංගීස සුමනසේකර මහතා සම්බන්ධයෙන් යමක් කිව යුතුය. මොහු වරක් ප්‍රසිද්ධ ගායක ඉන්ද්‍රචාප ලියනගේ නම් අයගේ ආදරණීය බිරිද හට බීමත්ව කෙස් වැටියෙන් අල්ලා අම්බානකට පහර දුන් බව අපට වාර්තා වේ. ඒ අනුව ගෑණුන්ට ගහන අය සමග නිර්මාල්ට ඇති දේශපාලන සම්බන්ධ කුමක්ද?" - දීප්ති

    වංගීසගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ ලිංගික ජීවිතය අපට වැඩක් නැත. මක් නිසාද යත් එකඟතාවයකින් යුත් වැඩිහිටියන් - කන්සෙන්ටිං අඩල්ට්ස් - අතර සිදුවන දේ ගැන අප කරදර නොවන බැවිනි. නමුත් දීප්ති කියන කරුණ අපට නොසලකා හැරිය නොහැක්කේ එම කරුණ එකඟතාවයකින් යුත් වැඩිහිටියන් අතර සිදුවූ දෙයක් නොවන බැවිනි.

    එම සිදුවීම දුටු අයට හැඟුනු ආකාරය අනුව මෙම සිදුවීමට අදාල ස්ත්‍රී පාර්ශවයට වංගීස ඇගේ කෙස් වැටියෙන් අල්ලා පහර දුන් අවස්ථාවේ එය කිසිසේත්ම එම කාන්තාවගේ එකඟතාවයෙන් සිදු වූ බව කීමට ඉඩක් නොමැත. එය අමු අමුවේම කාන්තාවන් පිරිමින්ට වඩා ශාරීරික ශක්තියෙන් දුර්වලය යන ජීව විද්‍යාත්මක සත්‍යයට අනුව සිදු වූ එමෙන්ම අදාල කාන්තාව එම මොහොතේ එල්ල කළ විරෝධය නොතකමින් ඇයට ශාරීරික පීඩාවක් මෙන්ම මාන්සික පීඩාවක් (සහ අන් අය විසින් ද දැකීම නිසා ලැජ්ජ්ජාවක් සහ අවමානයක්) ද ගෙන එමින් සිදු වූ එම ම්ලේච්ඡ ප්‍රහාරය එය හැඳින්විය යුතු සියලුම කනටේශන්ස් ඇතුලත් හොඳ සිංහල වචනයක් වන "ගෑනුන්ට ගහන" යන වචනයෙන් හැඳින්වීම උචිතය යන්න එම සිදුවීම දුටු අයට කිව හැක.

    වංගීස සඳහන් කරන එස්-ඇන්ඩ්-එම් සම්බන්ධයන් ශිෂ්ට ලෝකයේ පවතින්නේ එකඟතාවයකින් යුත් වැඩිහිට්යන් අතරය යන්න එම සම්බන්ධයන් නිල් චිත්‍රපට වලින් පමණක් අත්විඳ ඇති වංගීස නොදැන සිටීම ගැන අපට පුදුමයක් නැත. එකඟතාවයකින් තොරව එවැනි සම්බන්ධයන් පැවැත්වීමට ගියහොත් සිදුවන්නේ මිහිර සිරිතිලකට පහර දුන් මෙගා බයිට් කාරයන්ට වෙච්ච්ව වැඩේම බව අපි වංගීසට මතක් කර දෙන්නේ අපේ පැරණි මිතුරන්ට අපි ද්වේශ නොකරන බැවිනි.

    මම එයාට එදා ගැහව්වාට එයා දැන් මගෙ හොඳ යාලුවෙක් යැයි කීමට වංගීස උත්සාහ ගෙන ඇති බව පෙනේ. වංගීස මේ තර්ක කරන ආකරයෙන් වංගීස ගේ බුද්ධි මට්ටමත් දේශපාලන පරිණත බවත් පෙනේ. ජෙප්පන්ට චන්ද්‍රිකා ගේ කැබිනට් එකේ ඇමතිකම් දුන්නාට විජයව මැරුවේ ජේ. වී. පී. එකෙන්ය යන්න අහෝසි නොවන බව වංගීස නොදන්නේද?

    කාන්තාවක් තමන්ට වඩා ශාරීරික ශක්තියෙන් අඩු වීම යන ජීව විද්‍යාත්මක සත්‍යය මත පදනම් වෙමින් ගෑනුන්ට ගහන වංගීස ගැන අපට කීමට ඇත්තේ දීප්ති ගැන නිර්මාල් කියා ඇති පහත දේ ම ය.

    "ඔහු වගකීම් සහගත සමාජයීය ක‍්‍රියාකාරකම්වලට සුදුසු මට්ටමේ මානසික සමතුළිතතාවයක් නම් නැත්තෙක්" - නිර්මාල්

    ReplyDelete
    Replies
    1. වංගීස අපරාධයක් කරලා තියෙනවනන් පොලිසියට කියන්න. අගතියට පත් පාර්ශවය සමග ඉක්මනින් නෛතික ක්‍රියා මාර්ග ගන්න. නැත්තන් දැන් මඩ ගහන එක නවත්තන්න. විවාදෙට එන්න බයනන් ඒ ගැන තව කතා කරන්නේ නැතුව අමතක උනා වගේ පී. බී. ජයසුන්දර ගැන ලිපි ලියන්න. නාන්න එපා.

      Delete
    2. හරි වංගීස ගැනුන්ට ගහන මානසික අසමතුලිත පොරක්. එතකොට වංගීස නිර්මාල් එක්ක එක කණ්ඩායමක ඉන්නව කියල නොදැනද ජිජැක් වගේ වාද කරමු කියල නිර්මාල්ට අභියෝග කලේ? අනික වාදෙට ඇවිත්ම ඕව සේරම කියල දීප්තිට කැත වැඩ කරපු, අපතයො, කාලකණ්ණියො, පාහරයො, බඩුකාරයො, විපරීතයො, පොන්නයො යනාදී මෙකී නොකී සේරම හෙලිදරවු කිරීම නේද හොඳම වැඩේ?

      Delete
  5. ඉහත මතු කර ඇත්තේ දේශපාලන කරුණකි. නෛතික කරුණක් නොවේ. දේශපාලන ප්‍රශ්න උසාවි වල විසඳිය නොහැකි බැවින් ඊට ලැබී ඇති ප්‍රතිචාරය දේශපාලන සංවිධානයකට අනුචිත පුද්ගලයෙකුගෙන් ලැබී ඇති පිළිතුරක් ලෙස සලකා බැහැර කිරීම උචිතය.

    ReplyDelete
  6. එක්ස් කණ්ඩායමේ අති විශාල වැඩ කොටසක් කළ ප්‍රභා ට එක්ස් කණ්ඩායමෙන් වෙන්ව ගිය දා ඉඳන් පරණ ආ ගිය කතන්දර සියල්ලම අදිමින් සහ වර්තමානයේ ඇය ආ ගිය තොරතුරු සියල්ල දිගින් දිගට අදිමින් අපරාධකාරයෙක් හඳුන්වා දෙනවා වගේ ඇගේ පින්තූරය හැම තැනම පළ කරමින් (ගෝලයන් ගේ ෆේස් බුක් අඩවි ලෙස පෙන්වන ඒවාට ප්‍රභාගේ පින්තූරය දමා ගෙන ඉන්නේ දීප්ති ඇයට රහිසින් පෙම් කළ නිසාද?) කැත විදියට ඇයට දිගින් දිගටම දීප්ති පහර දෙන්නේ ශිෂ්ඨ භාවය පෙන්වන්නද? ඇයගේ බුද්ධිමය සාධනයන් ගැනත් ඇයගේ දේශපාලන ක්‍රියාකරකම් ගැනත් දීප්ති ඊර්ෂ්‍යා කරන්නේ ප්‍රභා නිසා තමාගේ විනෝදය අහිමි වුනා කියලා අනුමාන කරලාද?

    ගෑණුන්ට එළව එළවා පහර දෙන අය සමග නිර්මාල්ට මොන දේශපාලන සංවාදද?

    ReplyDelete
  7. හේගල් ගැන නිවැරදිම දැනුම ඇත්තේ තමන්ට යැයි දීප්ති කියන විට ඔහු තමාගේ වලිගය හපා ගනියි. ඒ නිසයි වංගීස කියන්නේ එහෙම කියුවාට මදි ඒ සඳහා සාක්කි පෙන්වන්න කියලා.

    මෙන්න සාක්කි. මේ මාතෘකා ඔක්කොම ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් නේද?


    Articles in Journals
    (a) 'Physics and Metaphysics of Art Criticism (in Sinhala) Pratiba, faculty of Agriculture, University of Peradeniya 2005, PP 44-55.

    (b) Language Acquisition: A Dialogue Between Saussure, Piaget and Skinner (in Sinhala) Induwarae, Professor A.D.P. Kalansuriya, Felicitation Volume, Warakapola, Ariya Press, 2004. PP 513 - 540

    (c) 'The Post Structure of Sri Lankan Art (in Sinhala) Wangaharaven Nikama Yami, A Preface to Sangeewa Moonalpe's Short Story, Jaela, Samanthi Press, 2002,PP1-ix

    (d) ‘Anti-feminist Baconian Ideology’ (in Sinhala),Sambasha, Ministry of Education,2000,pp161-171

    ReplyDelete
  8. මගේ අදහස දීප්ති ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ගැන අසා වංගීස මේ කරුණ පිළිබඳ සාකච්ඡාව නැවැත්වීම පිළිගත නොහැකි බවයි.

    ඔහු මෙම පිළිබඳ පාඨකයන් මෙම අඩවියේ අසා ඇති ප්‍රශ්න (බලන්න, මෙහි කමෙන්ටු විවාදය - 2013 සැප්තැම්බර් 17 සවස 3.00 ට http://centrelk.blogspot.dk/2013/09/ 2013-17-300.html#comment-form ) වලට පිළිතුරු දීමට ඉදිරිපත් විය යුතුය. දීප්ති ඔවුනට එරෙහිව නඟා ඇති න්‍යායික අදහස් පිළිබඳ තමන්ගේ ස්ථාවර ඉදිරිපත් කළ යුතුය. මෙම සාකච්ඡාවේ ශාස්ත්‍රීය භාවය දීප්ති ට මඟ හැර යා නොහැකි වනු ඇත්තේ එවිටය.



    ReplyDelete
  9. ප්ලූටෝ ග්‍රහ ලෝකයක් කියල හිතාගෙන ඉන්න අයට ඉහත
    September 7, 2013 at 12:15 AM ඇනෝගෙ කමෙන්ටුව විතරක් උනත් කරුනු තේරුම් ගන්න ප්‍රමාණවත්. හැබැයි ඉතින් වහල්බවට එකා ලෝකයක් ගැන අදහසක්වත් තිබුනොත් තමයි
    ..............තේරුණාද දන්නෙ නැහැ?

    ReplyDelete
  10. විචාරය යන්න විනිශ්චයක් ලබා දීම ලෙසින් දීප්ති තම ගෝලයන්ට කියා දී ඇත. එතැනදී දීප්ති කියා දී ඇත්තේ critique යන වචනයේ ලතින් තේරුම ‘විනිශ්චයක් ලබාදීම‘ යන්නයි. මෙතැනට දීප්තිට ඩෙරීඩා අදාළ වෙන්නේ නැද්ද? ඩෙරීඩා මෙම වචනයේ ලතින් තේරුමේ එල්ලෙනු ඇතිව තිබුණි ද?

    ශබ්දකෝෂ සම්පාදකයන් කියන්නේ මෙම වචනය ග්‍රීක සම්භවයක් ඇති එකක් බවයි. ලතින් තේරුම ඩෙරීඩා ගේ differánce හරහා ග්‍රීක තේරුම දක්වා ලිස්සා ගිය විට දක්නට ලැබෙන්නේ කුමක් ද?

    [French, from Greek kritik (tekhne), (art) of criticism, feminine of kritikos, critical; see critic.]

    ග්‍රීක tekhne යන්නේ අදහස දීප්ති තම ගෝලයන්ට කියා දෙනු ඇතැයි සිතමු.
    දීප්ති ගේ ඊනියා ඩෙරීඩියානු ලකානියානු දේශපාලනයට සමඟ ‘විනිශ්චයක් ලබාදීම‘ පිළිබඳ අදහස ගැලපෙන්නේ කෙසේද?

    “ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට ආධාර අනුබල දෙන්නා එම ක්‍රියාව කිරීමෙන් නිදහස් මිනිසෙකු වන්නේද? “ යන්න තමන්ට වැදගත් ප්‍රශ්නය වන බව දීප්ති කියයි.
    ඒ කියන්නේ දීප්ති ගේ උනන්දුව ඇත්තේ අනෙකා නිදහස් මිනිසකු කිරීම පිළිබඳ ය. මේ ඔහුගේ දේශපාලනයයි.

    තමන් සහ තමන්ගේ ගෝල බාලයන් නිදහස් මිනිසුන් යැයි දීප්ති සහ ගෝල බාලයන් සිතයි. එක්ස් කණ්ඩායම හැර ගිය අය සමඟ දීප්ති ගේ තරහ ඔවුන් නිදහස් මිනිසුන් කරන්නට තමන් ට තිබුණු අවස්ථාව ඔවුන් තමන්ට අහිමි කිරීම පිළිබඳ යි. ඔවුන් තමන් සමඟ දිගටම සිටියා නම ඔවුන් නිදහස් මිනිසුන් බව ඔවුන් දැන ගන්නට තිබුණි. මේ නිසා නිදහස පිළිබඳ රහස තිබෙන්නේ දීප්ති අතය.

    සෙසු සමස්ත සමාජය පිළිබඳත් දීප්ති ගේ අදහස මෙබඳුය. ඔහුට අවශ්‍ය ලොව මිනිසුන් නිදහස් කරන්නටය. දීප්ති හිතන්නේ තමන් පශ්චාත් නූතන බුදුන්, පශ්චාත් නූතන සොක්‍රටීස් කියාය. නමුත් බුදුන්වත් සොක්‍රටීස් වත් මිනිසුන්ට විමුක්තිය නිදහස ලබා දීමට ඔවුන් විනිශ්චය කළේ නැත. ඔවුන් මිනිසුන් නිදහස් කලේ යථාව දැකගැනීමට ඔවුන් යොමු කිරීමෙනි. පොදුවේ ඇලීමට හේතු පහදා දුන්නා මිස බුදුන් තනි තනි පුද්ගලයා ඇලෙන තැනින් ගැළවීම තමන්ගේ වයාපෘතිය කරගත්තේ නැත. සොක්‍රටීස් ද තමන් දන්නේ යැයි සිතා සිටින සහෝදර පුරවැසියන් සමඟ සංවාදයෙහි යෙදෙමින් ඔවුන් ගේ සිතීමට පදනම් වන භූමිය කතිකාව එනම් භාෂාව තුළින් මතු කරගනිමින් ඔවුනට එය දකින්නට සැළැස්වීමෙන් ඔවුනගේ දැනුම වර්ධනය කරගැනීමට ඔවුනට උදව් කළා මිස පුද්ගලයන් වශයෙන් ඔවුන් විනිශ්චයට යොමු වුනේ නැත.

    (බුදුන් හෝ සොක්‍රටීස් පුද්ගලයන් විනිශ්චයට යොමු නොවීමට හේතු අප සිතා බැලිය යුතුය.)

    ReplyDelete
  11. විචාරය යන්න විනිශ්චයක් ලබා දීම ලෙසින් ගැනීම - 2

    දීප්ති ලකාන් ගේ මනෝවිශ්ලේෂණය යොදා ගනිමින් කරන්නේ අනෙකා සිතන ‍දෙය නොව අනෙකාගේ ක්‍රියා ඔහුගේ අවිඥානය එනම් ආශාව විසින් මෙහෙයවෙන හැටි අවිඥානය විභාග කිරීමෙන් උඩට මතු කරගන්නටය. මනෝවිශ්ලේෂණය දේශපාලනය සඳහා යොදා ගැනීමේ බරපතළ අවුලක් පවතී. අනෙකා නිදහස් කිරීමේ මූලික කොන්දේසිය වන්නේ එම ක්‍රියාවලියට අනෙකා කැමැත්තෙන් සහභාගී විය යුතු වීමයි. බුදුන් දහම් දෙසුවේ එය අසන්නට කැමති අයටය. සොක්‍රටීස්ද එසේමය. ඔවුන් දෙදෙනාම තමන්ගේ බණ කීමේ සංවාද කිරීමේ එළඹුම තුළින් ජනයා බණ සහ සංවාද අසන්නට ආකර්ෂණය කරගෙන ඔවුන් සිතීමට යොමු කළේය. නමුත් දීප්ති කරන්නේ කුමක් ද? ඔහුත් තම බණ අසන්නට කැමති පිරිසක් ආකර්ෂණය කර ගනියි. දීප්තිගේ බණ අසන්නට කැමති අය සිටී නම් දීප්ති බණ කියත් නම් අනිත් අයට ඇති ගැටළුව කුමක් ද?

    එක ගැටළුවක් නම් දීප්ති ගේ බණ අසන (වයසින් හෝ මනසින් හෝ) තරුණ තරුණියන් ට සිදුවන සමාජ විරෝධී මනෝ විපර්යාසයන් ගැන ඔවුන්ගේ පවුල් වල අයට සහ හිත මිතුරන්ට සහ පොදුවේ සමාජ ව්‍යාධීන් කෙරෙහි උනන්දුවක් දක්වන අය තුළ ඇතිවන කම්පාවයි, විරෝධයයි. මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු වැනි අය ළගට ඔවුන් රැගෙන ගොස් දීප්ති ඔවුනට කළ පශ්චාත් නූතන මනෝවිශ්ලේශණයෙන් ඔවුන් මුදවාගන්නට සම්ප්‍රදායික මනෝ විද්‍යා ප්‍රතිකාර කරන්නට ඥාතීන්ට මිතුරන්ට සිදුවීමයි. මෙය කියන්නේ අපහාසයට උපහාසයට නොවේ. මෙබඳු තත්ත්ව තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටියන් ද ඇද ගන්නා කල්ලි වරින් වර බිහිවීම තුළ දියුණු ධනපති රටවල් බරපතළ ලෙස අත් දැක ඇත. කල්ලි පිළිබඳසාහිත්‍යයක් නූතනයේ බිහිව ඇත්තේ ඒ නිසාය. මෙබඳු කල්ලි වලට පිරිස් ආකර්ෂණය වන්නේ මන්ද යන්න පිළිබඳ විග්‍රහයක් සැපයීමට එම සාහිත්‍යය උත්සාහ දරයි.
    දෙවැනි ගැටළුව, දීප්ති තම බණ අසන්නට කැමති පිරිස ආකර්ෂණය කරගන්නේ සමාජයේ අනෙක් අය බැහැරින් සිට මනෝ විශ්ලේෂණයට ලක් කිරීම තුළින්, එනම් සිවිල් සමාජයේ පුද්ගලයන් විනිශ්චය කිරීම මඟින් වීම නිසා ඇතිවන්නකි. තමාගෙන් මනෝවිශ්ලේෂණය ඉගෙනගන්නට පැමිණ කුමන හෝ හේතුනිසා එයින් බැහැර වන්නන්ද මෙසේ දීප්ති ගේ ප්‍රසිද්ධ මනෝවිශ්ලේෂණයට ලක් වෙති.

    මනෝවිශ්ලේෂණය මිනිසුන් ගේ මනස් විභාග කරබලන හෙයින් ඒ සඳහා කිසියම් විධිමත් පුහුණුවක් තිබිය යුතු ය යන්න ලොව පිළිගැනී ඇති කරුණකි. ලකාන් තම පාඨමාලා හැමටම විවෘතව උගන්වා ඕනෑම කෙනෙකුට මනෝ විශ්ලේෂකයෙකු විය හැකිය යන මතය දැරුවාද යන්න අපි නොදනිමු. දීප්ති මනෝවිශ්ලේෂණය හැදෑරුවේ කා සමඟ ද යන්නත් අපි නොදනිමු.

    මනෝවිශ්ලේෂණය ඊට කැමති අදාළ පුද්ගලයා සමඟ පෞද්ගලිකව නොකොට (මෙසේ කීමෙන් දීප්ති මනෝවිශ්ලේෂණය සඳහා නිසි සුදුසුකම් ඇති තැනැත්තෙකු යැයි අප පිළිගන්නා බව කිසිසේත් අදහස් නොවේ) කෙනෙකු එය ප්‍රසිද්ධියේ කරන්නට යාම නිසා සිදුවන්නේ සමාජයෙන් ඊට එරෙහිව විරෝධය මතුවීමයි. දීප්තිගේ දේශපාලන ඉතිහාසය තුළ අපට දැකිය හැකි වන්නේ මිනිසුන් බලහත්කාරයෙන් නිදහස් කරන්නට යෑමේ මෙම ලෙනින්වාදී ව්‍යාපෘතිය නිසා සමාජයෙන් දීප්තිට එල්ලවන බරපතළ විරෝධයයි.

    ReplyDelete
  12. වංගීස ගේ ලිපියේ හරය ගත්තොත් මෙය යැයි කියන්න පුළුවන්ද?

    මිනිස් ජීවිත වල පෞද්ගලික තලයේ සිදුවන දේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම දේශපාලනයට වැදගත් නොවේ. එමෙන්ම දේශපාලනයත් ශාස්ත්‍රීය වැඩත් පටලවා ගත යුතු නොවේ. එසේ නම් අප දේශපාලනයේදී කරන්නේ මොනවාද? 

    ReplyDelete
  13. "වංගීස ගේ ලිපියේ හරය ගත්තොත් මෙය යැයි කියන්න පුළුවන්ද?

    මිනිස් ජීවිත වල පෞද්ගලික තලයේ සිදුවන දේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම දේශපාලනයට වැදගත් නොවේ. එමෙන්ම දේශපාලනයත් ශාස්ත්‍රීය වැඩත් පටලවා ගත යුතු නොවේ. එසේ නම් අප දේශපාලනයේදී කරන්නේ මොනවාද? "
    Very good point. Endorse this.

    Jagath

    ReplyDelete