Saturday, December 8, 2012

බුදුන්ගේ උපමා කතාව

පසුගියදා අපට රොහාන් පෙරේරා සමග කලක් වැඩ කරමින් සිටි තරුණයෙක් මුණ ගැසුණි. රොහාන් පෙරේරා නම් චරිතය ලංකාවේ සිදු කල සමාජ මැදිහත්වීම සහ ඒ හරහා බිහිවුණු සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකට පසුව කතා කරන්නට මේ නිසා අපට අවස්ථාව සැලසුණි. '60 දශකයේ ප්‍රංශ දර්ශනය' නම් මැජික් පොල්ලෙන් පරම්පරා කීපයකට මැජික් පෙන්වපු රොහාන් සහ ඔහුගේ විවිධ අවතාර ගැන සිහි කරන විට අපට නිතර මතක් වන බෞද්ධ කතාවක් තිබේ. දර්ශනය ඉගෙන ගන්නට කැමති හුදී ජන පහන් සංවේගය පිණිස එය පහතින් පල කරන්නෙමු.  

වරක් බුදුන් වහන්සේ එක් රහතන් වහන්සේ නමක් සහ තවත් පෘතග්ජන භික්ෂුවක් සමග ගඟකින් එතෙර වීමට සූදානමින් සිටින විට රහතන් වහන්සේ එක්වරම සිය ලේන්සුව ජලය මතුපිට එලා එයට ගොඩ වී ඉර්ධි බලයෙන් එම ලේන්සුව පා කරමින් ගඟෙන් එතෙර වී තිබේ. නමුත් බුදුන් වහන්සේ තොටියා එන තුරු අනෙක් භික්ෂුව සමඟ බලා සිට, පාරුවෙන් ගඟ තරණය කර තිබේ. මෙසේ පාරුවෙන් යන අතර තුරදී අනෙක් පෘතග්ජන භික්ෂුව බුදුන්ගෙන් මෙලෙස විමසා තිබේ :

"අර රහතන් වහන්සේ ඉර්ධි බලයෙන් ගඟෙන් එතෙර වුනා වගේ ඔබ වහන්සේටත් ගඟෙන් එතෙර වන්නට හැකියාව තිබෙද්දී ඇයි මේ පාරුව එනකන් බලාගෙන හිටියේ?" 

එවිට බුදුන් වහන්සේ පාරුව පදවන තොටියාගෙන් මෙම ගමන සඳහා කොපමණ මුදලක් අය කරනවාද කියා විමසා තිබේ. මේ සඳහා 'අඩ මස්සක්' අය කරන බව තොටියා බුදුන්ට පවසා තිබේ. නැවතත් පෘතග්ජන භික්ෂුව දෙසට හැරී බුදුන් මෙලෙස පවසා තිබේ :

"දැන් ඔබට පැහැදිලී නේද අර රහතන් වහන්සේ ගේ ඉර්ධි ප්‍රාතිහාර්යයේ වටිනාකම කීයද කියල? එහි වටිනාකම අඩ මස්සයි පොඩි හාමුදුරුවනේ! "
 
අඩ මස්සක් වටිනා මැජික් වලට ඔබත් රැවටී තිබේද?

2 comments:

  1. සහෝදර වරුනි, ලංකාවේ මට පර තොටේදී හමුවන ගැහැණු මිනිසුන්ට ඇත්තේ සමාජවාදය හෝ කොමිනුස්ට් වාදය ගැන බොහෝ ගැබුරු දාර්ශනික ගැටළු නොව, එය කොතරම් ප්‍රයෝගිකදයි යන ගැටලුවයි. එම තර්කනයට අදාල දෘෂ්ටි වාදයන් තහවරු කරන්නේනම් එය සමාජ වෙනසකට බොහෝ පලදායි වනු ඇත.

    ReplyDelete
  2. kathawa aththa. eth rahathan wahanse kenek newey me wede kare, wenath brahmanayek,
    rahathan wahansela me wage boru weda karanne na

    ReplyDelete