Friday, July 13, 2012

රොහානියානු සිම්ටමය තව දුරටත් රැගෙන යන දිප්ති


මම ගුණයා ගැන ලියන්නේ නැහැ.  ගුණයා අන් අය ගැන ලියපු ‍දේවල් වලින්ම අරගෙන ඵම කන්නාඩියම ගුණයාට හරවන ඵක විතරයි කරන්න තියෙන්නෙ. හිස්ටීරියා පොත පලවීමෙන්  පසු හිස්ටීරියාවපොත කියවා ඇති කෙනෙක් සිටී නම් හෝ එම පොතෙන් ප්‍රශ්න මතු වී තිබේ නම් එවැනි කෙනෙකු තමන්ට මුණ ගස්සවන ලෙස ගුණයා දිනක් කීවේය. බොහෝ කලක් යනතුරු මට කිසිවෙක් හමු වූයේ නැත. බොහෝ දෙනෙක් කීවේ පොත බලා ටික වේලාවකින් එය නවතා දමන බවයි. ශිරාල් ලක්තිලක කීවේ ලිංගිකත්වයට අදාල සාමාන්‍ය සෑම  කාරණාවක්ම හිස්ටීරියාව ලෙස ප්‍රකාශ කර  ඇති නිසා නිරෝගී තමන්ටද පොත බලා හිස්ටීරියාව දැනෙමින් තිබූ නිසා තමන්ට නශ්ඨකාමය වැනි දෙයක් ඇතිවේ යැයි යන සිතුවිල්ල ද පහළවි පොත බැලීමඅතර මග නවතා දැමූ බවයි.  
      
අප මිත්‍ර සරත් ( X එකේ ගෙදරවල් මාරු කරන විට බඩු ඇදීමට මිත්‍රකමට ලොරිය රැගෙන එන කෙනා) හිස්ටීරියාව පොත කියවා තිබුණි. මම දීප්තිට ඔහුව මුණ ගැස්වීමෙන් පසු ඔහු ප්‍රශ්න තුනක් ඇසුවේය.  ඉන් ඵකක්, ‘පසුගිය කාලයේ රොහාන් සමග වැඩියෙන්ම අනන්‍ය වෙලා හිටියෙ ඔයයි. මේ පොතේ විස්තර කරන පරිදි ‘’සිම්ටම්’’ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යන්න, බෝවෙන්න පුළුවන් රොහාන්ගෙ සිම්ටම් එක, ඵ් අනුව  ඔයාට තමයි  වැඩියෙන්ම බලපාල ඇත්තේ. එයින් ඔයා මිදෙන්නේ කොහොමද?    

කලබල වූ දීප්ති කීවේ, ‘නැහැ නේද කල්යා, අපිට එහෙම වෙන්නේ නැහැ. අපි වෙනත් හැදෑරීම් සමග දැනුවත්ව සිටින නිසා ඒක මගහරවගන්න පුළුවන්‍බවයි. නමුත් එසේ වී නැති බවත් දීප්ති තවමත් රොහානියානු සිම්ටමයේ දිගටම වර්තමානය දක්වාමත්  රැදී සිටින බවත් හැඟවෙන තටු නැතිව පියාඹීම’ (රොහාන් කලාපයක් ලෙස නිකුත් වූ) එහි එක් ඡේදයක් පමණක් මෙහි සදහන් කරමි. දීප්ති විසින් රොහාන් ලෙස දමා තිබූ නම සමඟ දීප්ති නම ද අප ආදේශ කර ඇත. 
         
‘’ලංකාවේ දේශපාලනයට රොහාන්-දීප්ති පැමිණිම සනිටුහන් කරන්නේ ඉහත එකිනෙකා ගැටෙන මත දෙක දේශපාලනිකව අභිමුඛ කිරීමෙනි. උදාහරණයක් ලෙස රොහාන් -දීප්ති, කුමුදු කුසුම් කුමාර වැනි අර්ථකතනවාදී දේශපාලකයෙකුගෙන් අසනු ඇත්තේ ස්ත්‍රීන් දෙදෙනෙකු ආදර වස්තුව කර ගත්තේ මන්ද යන්න පමණි. එවිට එයට පිළිතුරු දීමට උත්සාහ කළහොත් කුමුදුගේ මහේක්ෂ දේශපාලන කතිකාව පූර්ණ විසංයෝජනයට ලක්වනු ඇත.”.......

  ......‘සරලව කියන්නේ නම් රොහාන්-දීප්ති ලංකාවේ ඕනෑම දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ පොදු දේශපාලෙන ක්‍රියාකාරිත්වයේ සහ පුද්ගලික ලිංගික අක්ෂයේ පවතින පසමිතුරු හවුල්වීම පෙන්වා දීමෙන් නව-දේශපාලනයක්බිහි කරයි. ඉන් පසු මෙම නව දේශපාලනය තුළ  ක්‍රියාකාරිකයාට ඉතුරු වන්නේ සාද් කී පරිදි දේශපාලනික විප්ලවයේ උපරිම සාර්ථකත්වය පවතින්නේ ලිංගික විප්ලවයතුළ ය  යන ආස්ථානය වෙනුවෙන් පෙනී සිටීම පමණය. රොහානියානු/දීප්තියානු නව දේශපාලනය නොදන්නා අය පමණක් ඉහත යථාර්ථයෙන් ගැලවෙයි. මෙමගින් රොහාන් ලාංකීය දේශපාලනය තුළසුසමාදර්ශි විස්ථානයක්” (Paradigm shift) කරයි. එනම් ශ්‍රමයවෙනුවට ස්ත්‍රියයි’ LONDON /2002/Aug/Sep

රොහානියානු හිස්ටීරියා අවකාශය තුල රොහාන් තුලින් අවිඥානිකව සිදුවන්නක්  ලෙස දීප්ති හඳුන්වන දෙයම  LONDON 2003 June / July  කලාපයේ, මෙන්ම වෙනත් කලාප මගින්ද X කණ්ඩායම අභිමුඛව කුමුදු ඇතැළු වෙනත් අය කළ විවේචනයන් වලදී ද ඵ් අය ගෙන් දීප්ති අසන්නේත් රොහාන් කුමුදුගෙන් අසනවා යැයි දිප්ති කියනු ලබන ඵම පුශ්නයම ය. එපමණක්ද නොව මේ හාදයා සියලු දෙනාගෙන්මරොහානියානු හිස්ටරිකප්‍රශ්නය මේ දක්වාම අසමින් සිටියි.

එසේ  නම් අප මිත්‍ර සරත් ඇසූ ප්‍රශ්නය පරිදි අපට කීමට ඇත්තේ තව දුරටත් රොහානියානු හිස්ටීරියා සිම්ටමයෙන් බේරීමට නොහැකිව එහිම හිර වී දඟලන victim එකක් ලෙස දීප්ති ද සිටින බවයි. මම මුලින් කී පරිදි  බොහෝ දේශපාලන කාරණා ලිංගිකකරණය කරමින් හා එහි විචාරක අක්ෂය ලිංගිකය කරමින් දීප්ති තවමත් රොහාන්ගේ සිගරට්ටුව උරමින් සිටිති.

           "පව්! ජෝන් තාම සිගරට් බොනව

තමන් දේශපාලනය කරනවා යැයි පාරම්බාන 2004 ඉන් ඉවත් වූවන් අපතයන් යැයි දවසකට 25  වතාවක් පමණ තමන්ටම ජප කරමින් සිටින කුමාර මහතා රොහානියානු සිම්ටමයේ සිර වී සිටින බවට තවත් ප්‍රබල කරුණු කීපයක් උපුටා දක්වමු. රොහාන්ට අදාලව දීප්ති ලියූ දෙය දීප්තිට අදාල කරගෙන කියවන්න.

අතෘප්තකර ඉඳීම අනෙකාතමාට තෘප්තිය ගෙන දේයැයි බියෙන් සිටී. (unsatisfied ego)

සතුට තමා කරා ආවොත් තමා වියරුවන නැතිනම් දිය වී යන බව දැනෙයි. මෙම බිය පැවැත්මේ හැම මට්ටමක දී ම ඔහු කරා එයි.

මේ සතුට තමාට රැගෙන එන්නේ අනෙකාමේ භයංකර සතුටින් ගැලවෙන්න අනෙකාව රකුසෙක් විදියට ෆැන්ටසිකරණය කරනවා.

හෙගල් දේශනයකදී “ontology” ගැන වු උදාහරන වෙනුවට උන්ට-logic” උදාහරනයකින් දිප්ති ප්‍රභාගැන කී කථාව. රොහාන් පෙරෙරා අංජනාතම සිහින පෙම්වතිය ගැන අනිල්ට  කි කථාවට  සමාන කොට ගෙන  අනිල් ලියන ලිපියක කොටසකින් ඵම සඟරාවෙන්ම LONDON /2002/Aug/Sep කියවා ගත හැකිය.ඵම සමාන කම මත මෙම දෙදෙනාම සිට ඇත්තේ ඵකම ෆැන්ටසියකය. විහිළු වලදි කොල්ලන් කෙල්ලන් ගැන කියන  කථාවට සමාන විහිළු ඇත්තක් ඵහි ඇත, “LOVE ඵක 50% කින් හරි ගිහිල්ල තියෙන්නෙ. ඵත් කෙල්ලගෙ 50% තාම නැහැ”.‍  ‍‍‍‍ ඵවකට තිබු "X කණ්ඩායමේ" හි Core Group  ඵකට නම් දිප්ති තමන්ගේ 50% ගැන ප්‍රභා සම්බන්ධයෙන් ‍මොනවාත් නොකීවාට හැමදාමත් දිප්තිගේ 50% නිසා ගෙදර ප්‍රශ්න  ප්‍රභා සම්බන්ධයෙන් පමනක් නොව වෙනත් ගැහැණුන්  සම්බන්ධයෙන්ද ඇති වු බව අනිල්ගේ විහිළු සහිත කතා වලින් දැනෙන්නට විය.. තමන්ම නිර්මාණය කර ගන්නා නායකයන්ගේ දුක් ගන්නාරාල භුමිකා රංගනය බලෙන් භාරගෙන්නා  අනිල්. ඵය කොතරම් අමාරු ඵකක්ද යන්න ඵම සඟරාවෙහි අපූරුවට විස්තර කර ඇත. 

 හැමදාමත් සිදුවු ලෙස   නැවත නැවතත්  තමන්ටම හේගල් ව තේරුම් කර ගැනීමට. අනුන්ට පවත්වන හෙගල් සම්මන්තණ මගින් දීප්තිගේ උන්ට-logic යෙන් පවසන පරිදි ප්‍රභා ගේ 50% නැතිව දීප්තිගේ  පැණි 50% වඩාත් දුර ගොස් ඇත. ගෑනු නිසා නොව ඵයට අනුව පැණි පිරිමියෙක් නිසා  සංවිධානයක් ඉවර වීම ඇත්තක් වී ඇත. 

දීප්තිට අනුව 2004 දී X එකෙන් වෙන්ව ගිය උන් වැඩක් නැති. දේශපාලනය නොකරන පුද්ගලවාදී නරුමයන් වී සිටිය දී පවා තමන් ඊනියා පක්ෂයක නායකයෙකු වශයෙන් සිටිය දී වුවද තමා සිටින අතෘප්තකර ඉඳීම නිසා තමන් දිය වී  යන බව ෆැන්ටසිකරණය කරමින් දිගට හරහට වැඩක් නැති වූවන්ටම පැණියා හැලපයා, අමාරිසා, පබා, කළුවා  ලෙස පවසමින් පහර ‍දෙනු ලබයි.

වරලත් ගණකාධිකාරවරයෙකු ලෙස සුදුසුකම් තබාගෙන නිදහස් ලොරි රියදුරුකමක් කරමින් ඉතිරිවෙන වේලාව සැහැල්ලුවෙන් ගතකරන අප මිත්‍ර සරත්. ඉහත ප්‍රශ්නය ගුනයා ගෙන් ඇසීම කොතරම් නම් නිවැරදිද
මින්පසු ගුණයාට අපෙන් පිළිතුරු අවශ්‍ය නැත. රොහාන් ගැන ගුණයා ලියූ දෙය වඩා අදාල වන්නේ ගුණයාටම ය. ඒනිසා දේශපාලනය වෙනුවට අනෙකාගේ ලිංගික හෝ වෙනයම් සතුටක් ගැන කරදර වෙන ගුණයාට එසේ වන්නේ ඇයි යන්න රොහාන් හරහා ගුණයා ගුණයාටම පිළිතුරු දී ඇත.

මින්පසු ගුණයා දේශපාලන හා වෙනත් සමාජ කටයුත්තකට දායකවන්නන්ගේ බුරියෙන් පහල කථා කිරීමට පටන් ගන්නා විටම ඔබ සියළු දෙනා ගුණයා රොහාන් ගැන ලියූ දේ හොඳින් බලන්න. එවිට එම කණ්ණාඩියෙන් ගුණයාගේ මුහුණ ඔබට දැක ගත හැකි වේ.

මුණසිංහ ආරච්චිගේ කල්යානන්ද පෙරේරා

දැන් මට මගේ නම ලියන්න පුළුවන්. මගේ තාත්ත ආරච්චි කෙනෙක්. අම්ම උඩරට කුමාරිහාමි කෙනෙක්. නිම්හිම් සෙව් අමරදේව වෙනුවට ජෝතිපාල ගේ  දැන් කාලේ ඵ් වගේ බැරි ඇයි දෝ, මට යතුරත් දීලයි ගියේ..... යන්න කියන්නේ යතුරු තියෙන නිසා හිල් වලින් අපිට දීප්ති  දෙස  බැලීමට වුවමනා නොවෙන නිසාය.


දීප්ති,  සුමිත්, අරුණ, මහින්ද, නිර්මාල්, බස්නායක, බුද්ධික, විපුල, අනිල්, කල්යා, මානෙල්

රොහාන් පෙරේරා ගේ සිම්ටම් එක වැඩියෙන්ම බලපාන්නේ දීප්තිට වුවත් එය අන් යට වැළඳී යැයි සිතමින් එය ඉවත් කිරීමට හෝටන් තැන්නේ පැවැත්වූ 'සායනය'. මට මතක් වෙනවා විජේවීර වරක් ක්ෂය රෝගියා ගැන කියපු කතාවක්. ක්ෂය රෝගියා වැඩියෙන්ම ආස කරන්නේ තමාගේ රෝගය අන් අයටත් වැළඳී තිබෙන බව සිතීමටයි.

1 comment:

  1. බාබර් ජයරත්න
    මේ කියන කාරණාව අනුව අපට තේරෙන්නේ තමන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළ මහා පොරක් යැයි කියන පැණියාම කිසිම දේශපාලන තර්කයක් අවබෝධ කර ගන්නට බැරි ගොබ්බ මැටිටෙකු වන බවයි. මේ නුහුගූණ පැණියා කියන විදිහට හිස්ටීරියාව පොත කාටවත් තේරෙන්නේ නැතිලු. යකෝ මටත් ඔය පොත තේරුණේ නෑ. ඒ වුනාට මම ඒක තැන් තැන් වල නොකියා හිටියේ එහෙම කියපුවම ඒක ලියපු කෙනා නෙමෙයි. මම ගොබිබයෙක් කියලා හැමෝටම තේරෙන නිසයි. මූ ඒකවත් නොතේරෙන අමු ගොබ්බයෙක් කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. උදාහරණයක් විදිහට ශේක්ෂ්පියර්ගේ පොතක් මට කියවන්න තියා කියවන්න උත්සහා කරන්නවත් තේරෙන් නෑ. ඒකෙනේ අවබෝධ වෙන්නේ මම ගොබ්බයෙක් කියන එකද නැත්තම් ශේක්ෂ්පියර් ගොබ්බයෙක් කියන එකද? ඇත්තටම කාගේ හරි ගැඔුරු දාර්ශණික මනෝවිශ්ලේෂණ ග්‍රන්ථයක් මට හරි මම වගේම තවත් ගොබ්බයෝ ගොඩක් හරි කියවලා ඒක තේරුම් ගන්න බැරි වුනානම් අපිට හිතෙන්නේ මේක ලියපු එකාට පිස්සු කියලයි. ඒ වුනාට ඇත්තටම අපි ගොබ්බයෝ කියලා ඒක ලියපු කෙනා මොනවා කරන්නද? අනික මේ පැණියා මහ බූරුවෙක් කියන්නේ දැන් නම් මූ මගේ ඉස්සර යාළුවෙක් කියලවත් කියන්න මට ලැජජයි. නැත්තම් මූ අර ශිරාල් ලක්තිලක වගේ දේශපාලනිකව මංඥ වෙච්ච හාදයෙක් කියන ගොබ්බ කතා විස්වාස කරයි ද? යකෝ ශිරාල්ට හිස්ටීරියාව තියා මම හිතන්නේ හීන් සැරයවත් කියවලා තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. අද ජාතිවාදයට විරුද්ධව කතා කියන ශිරාල්ම හෙට ජාතිවාදීන් එක්ක ඉන්නවා. හැබැයි පැනියා හරි අර කතාවක තියෙනවා වගේ එක අත්තේ වහන්නේ එක වගේම ගොබ්බයෝනේ. මූ වගේම ශිරාලුත් අමු මැට්ටෙක් වෙන්නේ මේ නිසයි. මූ කියනවා ශිරාල් කියනවලු මේ පොත ටිකක් බලාගෙන යද්දී ඌටත් හිස්ටීරියාව හැදීගෙන ආවා කියලා එක නම් හරි මොකද මිනිහා රනිල් එක්ක ඉන්කොට රනිල් වගේ සජිත් එක්ක ඉන්නකොට සජිත් වගේ අපි මෙහෙම හිතමු අපි ච්ත්‍රපටියක් බලනවා නැත්නම් පොතක් කියවනවා එකේ තියෙන්නේ තිනකරම මීනිරිණ ඒවා. එතකොට අපි ඒක කියවලා මිනී මරනවද? නැත්නම් පිස්සෝ ඉන්න චිත්‍රපටියක් බලලා පිස්සන් වගේ හැසිරෙනවද? යකෝ එමෙ බැලුවම ඇනටමි පොත් කියවන දොස්තරලා පාරේ තොටේ මොනතරම් නම් පිස්සු නටන්න ඕනෙද? මම නම් හිතන්නේ අපි මූට අනුකම්පා කරන්න ඕනේ. මොකද මූට දේශපාලනය ගැන දන්නා තරම තමයි.
    16 hours ago · Like · 1

    ReplyDelete