Monday, September 3, 2012

තාරාවෝ ඉගිලෙති




ගල්කිස්ස පොලීසිය විසින් ගණිකානිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝස්තු 11 දින අත් අඩංගුවට ගෙන  (එම අවස්ථාවේ  එහි ‍වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමෙන් පසු නඩු දිනයක් නියමව ඇප මත නිදහස් කරන ලදී. එදිනම උසාවියේ ගණිකාචෝදනාව බාර ගෙන වැරදිකරුවන් වු  වෙනත් අයට  රැ 50,000 බැගින් දඩ නියම විය. 

 ගුණයා විසින් මෙම සිද්ධිය, තම 3 mana වෙබි අඩවියෙන් අසුචි අච්චාරුවක් සාදා තමන්ද කන ගමන් අන් අයටද කැවීමට උත්සහ කරවමින් සිටියි. ගුණයා ගේ පට්ටපල් බොරුවලට අනුව මාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසිය වන අතර රිමාන්ඩ් දින 14 කි. මම එහි හිමිකරුවා ද වෙයි.




ගුණයාගේ කුහක දෙබිඩි වත ගැන මතක් කරන විට මට මතකයට නැගෙන සිද්ධීන් අපමණය. සාමාන්‍යයෙන් ගුණයා ගේ ප්‍රතිපත්තිය වන්නේ ප්‍රතිපත්තියක් නැති කමයි. ඔහු සමහර වෙලාවට නිදහස් ලිංගිකත්වය, වැඩිහිටි ලිංගිකත්වය ආදී දේ වෙනුවෙන්, එසේ කිරීමට මිනිසුන්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී හිඳී. තවත් විටක, එය මහා පරිමාන අවුලකි, අදේශපාලනයකි, බඩුකාර කමකි. සමහර විට නිල් සිනමා පට වල ස්ත්‍රීන්ගේ ලිංගික ශ්‍රමය හුවමාරු වීම ගැටළුවක් නොවන්නේ එය 'දුක නිවන සිනමාව' වන නිසාය. තවත් විටෙක ලිංගික ශ්‍රමය හුවමාරු වන කර්මාන්තයක් යනු අන්තිම ප්‍රති-මාක්ස්වාදී ආනන්තරීය පාප කර්මයකි.

මා මීට පෙරද  මෙවැනිම වු නඩුවකට ‍පෙනී සිට ඇත. ඒ 2001 වසරේ London සඟරාවේ මැයි-ජුනි කලාපය වෙළද පලේ තිබියදි එය අසැබි සඟරාවක් ලෙස මරදාන පොලිසිය විසින් විකුණු තැනැත්තාත් සමග අත්අඩංගුවට ගත්විටදී ය. London සඟරාවේ අතර තිබු අන් අසැබි සඟරා සහිතව අනෙක් වෙළදුන් තමන් වැරදිකරුවන් වී මාලිගාකන්ද උසාවියෙන් රු. 500 ක දඩයක් නියමව, ගෙවා පිටව යත්දි පිටකොටුවේ බෝ ගහ යට පත්තර තට්ටුව හිමි විමලරත්නව නිවැරදිකරු ලෙස  පෙනි සිටින ලෙස මා කැමති කරවා ගත්තෙමි. නඩු වාර දෙක තුනක් ගිය විට ගුණයා මට කිවෙ වැරදිකරු වී නඩුව ඉවර කර ගන්නා ලෙස ය. එවිට අප විසින් ඒ දක්වා මාතොට සහ London  හරහා අධිපති ලිංගිකත්ව කතිකාවට එරෙහිව කළ පෙනි සිටීම පාවාදීමක් වන නිසා එයට වෙනස් ව මා දිගින් දිගටම අවුරුදු එක හමාරක් නීතිපති සමග නඩු කියා නඩුවෙන්  දිනූවෙමි. ඇසැබි  යන්නට නිර්වචනයක් පොලිසියට නොතිබු ලෙසම  ගුණයා තලු මරන ගණිකා නිවස යන්නටද ඇත්තේ පොලිස් නඩුවක් පමණි. ලංකාවේ තිබෙන පිරිහී ගිය ආයතනයක් ගොනුකල නඩුවක  සැකකරුවෙක් වු මා සමග එල්ලීමෙන් අග්නිදිග ආසියාවේ දැවැන්තම පක්ෂයේ නායක ගුණයා කටු දෙහි ගසක පැටලුනු ගෝනි නුල් පන්දුවක්  බවට පත්වී ඇත. එහිදි තමාගේම  නහය මුහුණේ කැත නිසා ගුණයා කපා ගෙන ඇත්තේ තමන්ද පෙනි සිටි තමන්ගේම අතීත වමන වමාරා තමන්ද කන ගමන් ය. හැමදාමත් නඩුවට පෙනි සිටීමට හෝමාගම සිට ස්වේච්ඡාවෙන් පැමිණි අවු 74 ක් වු අකුරු නොදන්නා වුවද අපේ මතවාදී අරගල  වෙනුවෙන් පෙනි සිටි, පසුව මියගිය විමලරත්නටවත් ගරු  කරන්න  ඉගෙන ගනිං  කුහක  ගුනයෝ. ඒ London  සඟරාවල් පෙන්නල තමයි ගුණය ඔය පක්ෂය ලියාපදිංචිය ගත්තෙත්.

'අක්ෂරය' චිත්‍රපටිය පෙන්වීමේදී, ගුණයා විසින් ලිංගික සදාචාරවාදයන්ට එරෙහිව මාරාන්තිකව පෙනී හිඳී ('සුළඟ එනු පිණිස' සඳහා නම් මෙවැනි පෙනී හිඳීමක් අප දුටුවේ නැත්තේ ඇයි කියන එක අපි ඔබට තීරණය කරන්න දෙන්නං).

 ජ.වි.පෙ විජිත හේරත් සංස්කෘතික ඇමති  වී ළමා සංස්කෘතික පාලනයක් සඳහා ග්‍රාම්‍ය වු නීති රීති ගෙන එන විට  අපද ඇතුලුව එදා ගුණයාද London සඟරාවෙන් පල කරන ලද ලිපි වලින් පෙනි සිටිමින් ජ.වි.පෙ සංස්කෘතික පොලිසියට එරෙහි විය. වැඩිහිටි ලිංගිකත්වයට ඉඩකඩ අහුරාලීමෙන් සමාජයකට සිදුවිය හැකි බරපතල අනතුරු ගැන අරගලයම ජනරළපුවත්පත හරහා අප කරනා විට ගුණයා අංශක එකසිය අසුවකින් කැරකැවී  කොසු  brush  එකක මිට පැත්තෙන් දත් මදිමින් 3මාන  බංකරයේ සිටිනු  දැක ගැනිමට පුලුවන.

එවකට  X කණ්ඩායමේ මිතු‍‍රකුව සිටි කරු පරණවිතාන  විසින් ස්ති දුෂනයක් සිදු කලා යන්න  1999 රාවය පුවත්පත පලකල විට  එය ත්‍රාසජනක ශෘංගාරාත්මක, ලිංගිකත්වය උරා ගන්නා පුවතක් ලෙස නම් කල ගුණයා, 2000 වර්ෂයේ  අප්‍රේල් මාතොට කලාපයෙන් ඩෙරිඩියන් binary- oppositions ක්‍රමවේදයට අනුව ඇතුල නිසා පිට  යන්න පවතින බවත් ඒ අනුව යෝනිය- පුරුෂ ලිංගයේ පාර භෞතික  meta physics යොදා ඩෙරිඩාගේ කරේ ඉණිමඟක් තබා නැග ඒ අනුව ස්ත්‍රී දුෂණයක් පවතින්නේ නැති (does not exist)  බව දාර්ශනිකව ඔප්පු කලේය (අම්මට හුඩු පරනේ”). පරණේ තරහ වු විට ඥාන විභාගාත්මක ඛන්ඩනයකට ලක්වු ගුණයා දාර්ශනික මැගිලින්  ක්‍රමවේදයට අනුව ( තුක් නොදකින් පරණේ”) පරණවිතාන නැවති සිටි කාමර අංක  තමන් ලඟ තිබෙන  බව කිවේ ය.

රවුෆ් හකීම් black mail කිරීම සඳහා ගුණයාගේ සදාකාලික ගැලවුම් කරුවා වන රුවන් විසින් ආරම්භ කල ක්‍රියාවලියක අවසානයේදී ගැහැනියක් ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා ය. මේ ගැන ඔහුගේ ඔය ශ්‍රී මුඛයෙන් කිසිවක්ම නොලියවීමට ගුණයා තුල තිබුණු පරිස්සම කුමක්ද? මේවා නොදන්නවා සේ නිහඬව ඉන්න කුහක ගුණයා අනිත් මිනිස්සු ඔහුගේ කුණු කන්දල් වලට අඩිය නොතියන විට මව අහිමි වූ ළදරුවෙක් සේ බෙරිහන් දෙයි.

ගුණයාගේ විවේචන, විචාර, එරෙහිවීම් ඇති වෙන්නේ මූලධර්ම මත නෙමෙයි, පුද්ගලික වෛරයන් උඩයි. මේක ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නොවෙන්නේ, පුද්ගලික වෛර දේශපාලනය කර ගන්නා ලෙස ගුණයාම අපට කියා ඇති නිසාය.

මෙම අලුත් පන්නයේ දේශපාලනය ගැන එක උදාහරණයක් මෙසේය. රොහාන් අනෙකා කර ගත් එහෙත් එතරම් පරිමාවක් තමන්ට නොතිබේ යැයි පරිකල්පනය කරගෙන සිටි ගුණයා සිටියේ විශාල බුද්ධිමය හීනමානයකය. අවසානයේ දී තර්කානුකුලව රොහාන් ජයගන්න නොහැකි වූ තැන, ගුණයා එයට ගොඩ මනෝවිශ්ලේෂණ ප්‍රතිකර්මයක් කළේය. එනම් රොහාන් මානසික රෝගියෙකු යන්නයි. එවිට රොහාන්ට පිළිතුරු දීමට නොහැකි වන්නේ ඔහුගේ පිළිතුර මානසික රෝගියෙකුගේ පිළිතුරක් වන නිසා එය කලින්ම පිළිතුරක් ලෙස අවලංගු වී ඇති නිසාය. මෙවන් අසාර්ථක තර්කයකින් රොහාන් එක්ක තිබුණු වෛරය පිරිමහ ගත් ගුණයා සිය 'ජයග්‍රහණය' සැමරුවේ සිය සැබෑම රූපය පෙන්වමිනි. රොහාන් සම්බන්ධයෙන් මෙම ඔහු පැවසු උදාන වැකිය මෙයයි: "තම්බියෝ එනවා අපිට අරින්න". ජාතිවාදයට විරුද්ධ මහා විප්ලවවාදියාගේ අවංක ප්‍රතිචාර වන්නේ මේවාය.

පෙර දිනයක  ගුනයා විසින් පොළඹවා නිර්මාල් විසින් ලියන ලද X කන්ඩායමෙන් හෙල උරුමයට කළ විවේචනයක් නිසා හෙල උරුමයේ කමල් අප සමග උරණ වි සිටියදි  බිය නිසා අදහස් ගේටිටුව ලඟ”  පොත එලිදැක්වු දින  කමල්ට සමාවෙන්න කියා  X  කණ්ඩායමේ විනය පාවා දුන් ගුණයා රෝහිත භාෂන කුහකයෙක් බවද  කීය (තුක් නොදකින් භාෂණ”). අජිත් මා සම්බන්ධ ප්‍රශ්නයේදි මට දේශපාලනිකව එකඟවෙත්දි පැරකුම්ට එරෙහිව ගුණයාට රෝහිත භාෂණ ව මේ දැන් (අම්මට හුඩු භාෂණ”) වි ඇත.

මේ විදියටම පොලීසිය විසින් මා කළමණාකරුවෙක් කරත්දි ගුණරත්න පොලිස් මාධ්‍ය පුකාශක විසින් මා එහි හිමිකරුවා (තුක් නොදකින් කල්යා) බවට පත් කරන්නේ මා හරහා වෙනත් අයට පහර දීමට ය. එහි හිමිකරු කවුද යන වග ගුණයා හොදින්ම දනි. වාචාලවීමට නිදහසේ වේදිකාවක් හා රජයේ චැනල් එකක් ලැබෙයි නම් දකුණ වම කියා වෙනසක් නැති ගුණයා, මට එරෙහිව වමේ අයව අභිමුඛ කරවන්නේ ලිංගික ශ්‍රමය සුරා කෑමේ පුශ්ණයකට ය. ගුණයා මගේ යහලුවන් ලෙස දැමු ඔහුගේ වෙබ් අඩවියේ පළ කල නම් වල සිටින්නේ ගුණයාගේ තරහාකරුවන්ය. දඹුල්ලට ගොස් තලගොයි ද මරා ගැනීමට try කල ගුණයාට කුරුණෑගලටවත් යැමට නොහැකි විය.

 මාතොට සඟරාව අහිමි වීමෙන් පසු නැවත සඟරාවක් සදහා මුදල් සෙවීමට ගත්උත්සාහයේදී වැල්ලවත්තේ එවකට සම්භාහන මධ්‍යස්ථානයක් හිමිව සිටි මාලා අක්කා ලඟ මාස කීපයක් කැෂියර් රැකියාවක් වු යෝජනාවට බුද්ධික විරුද්ධ වෙත්දි ගුණයා කිවේ තමන්ට එය defend කිරීමට  පුළුවන් බව ය (අම්මට හුඩු කල්යා).

ගුණයා තමන්ගේ ඇත්ත ග්‍රාම්‍ය සදාචාරවාදී පෙනි සිටීම තමන්ටම බැක් ෆයර් වු නිසා අළුත් බේගලයක් එකතු කලේ මා පාතාලයට ද සම්බන්ධ කරවමිනි .2004,  X කන්ඩායමේ හි දි ප්‍රශ්න ඇති වු විට එහි සංවාද වලට පවා නෑවිත් මිතුරු දේශපාලන සබදකමි පාවාදි  බුද්ධික සහ ප්‍රභාව ඉදිරියට දමා හැංගුන හිකනැල් ගුණයාට ගැසීමට පාතාල සබඳකම් අනවශ්‍ය ය. කොහොම උනත් ගුණයා ලග තිබෙනවා යැයි කියන පාතාල හඩ පටය ගුණයා එලියට නොදා තබා ගන්නේ රෝල් කර ගුද මාර්ගයේ ගහ ගැනිමට අවශ්‍ය නිසාය.  ගුණයා ඇඟවීමට උත්සහා කරන්නේ දරුණුම පාතාල සබඳකම් වලින් පවා ගුණයාව තර්ජන වලට ලක්වි ඇති අවදානමක් ඇති යන්න හඟවා වටිනා කමක් ගැනිමට ය.
 
රොහාන් පෙරේරා හිතන සහ ක්‍රියා කරන විදිය මුලදි බොහෝ දෙනාට ප්‍රශ්ණයක්/මැජික් එකක් වී තිබුනි. පසුව ගුණයාද ඇතුලු බොහෝ දෙනෙකුට මෙන්  රොහාන්ගේ  ප්‍රවේණිදාසයා වු අනිල්ටද රොහාන්ව ලඟ ලඟම මාට්ටු විය . ගුණයාවද ප්‍රශ්නයක් / මැජික් එකක් වී තිබු දෙය දැන් හැම  පැත්තෙන්ම මාට්ටුය. ගුණයෝ මොනව හෝ කරන්න හිතනවනම්  පරණ ක්‍රම දැන්වත්  අතඇරගන්න බලපං බං. දැන් 51යි නේද. අපි නම් කමක් නැත. ගුණයාට වඩා වයස භාගයකින් අඩු අයද ගුණයාට අමතන්නේ ඩල් ගුණයා නමින්ය. ගුණයා ලියන කියන දාර්ශනික සංවාදවලටද අභියෝග කරයි. අපිටත් ලැජ්ජයි බං. උඹ (අවු 2 කට වරක් කොළඹ පමනක් book launchඑකක් පවත්වන) අග්නිදිග ආසියාවේ දැවැන්ත පක්ෂයක දැවැන්ත නායකයෙක් නේද. හුජ්ජ කොල්ලො එක්ක පැටැලෙන්න යන්න එපා බං.... මල කෙලියයි. ඩෙරිඩියන්  කුමයට අනුව  කලින් ලියවුනු  වචනය ලඟට පසුව ආ වචනය  නිසා  ගුණයා ගැන ආදර වාක්‍යකුත් ලියවුනා.

රාවයේ විමලනාත්ටද ජෝකරයෙක් වී ඇති  ගුණයා, මහින්ද රාඡපක්ෂ රනිල් ගෙන්  පැරෙදෙනකම් බලා සිට අපට පහර දීමට (ගුණයා මාධවට ගාල්ලේදි ප්‍රකාශ කල පරිදි) මුක්කං ආරක්ෂක බලකායක් ගොඩ නංවා ඇත. ගුණයාගේ ලණු කෑ එක මුක්කමෙක් මාගේ ඔත්තු බැලිමට උසාවියට විත් පොලිසියෙන් පහර කා එලියට වැටුනි.   දැවැන්ත පක්ෂක නායක, ලෝකයම තමන්ව දන්නවා යැයි පරිකල්පනය කරන ගුණයා වැඩකටම නැති මාව ගනන් ගෙන ඇති තරම සමග  මා සමග ඇති වෛරයේ තරම පැහැදිලිය.

තල් කොළේට වැටුණු බෙලි ගෙඩිය ගුණයා බෝම්බයක් කර ගනිමින් සියළු දෙනාම ගුණයා පසුපසින්  දුවගෙන එනවා යැයි සිතීය. ගුණයාගේ  හා උගේ කොළු රංචුව හැර අන් හැම දෙනාම කියන්නේ බලපිය යකෝ‍ වැටුණේ බෙලි ගෙඩියක්”  කියාය. ගුණයා පසුපස කිසිවෙක් දුව ගියේ නැත. පෙරටුගාමී පක්ෂය ජ.වි.පෙ. න් වෙන්වුනේ ගුණයාට අනුවම X හි සාමුහික කතිකාවක, ශ්‍රමයක ප්‍රතිඵලයක් නම් නැවත ඔවුන් ජ.වි.පෙ හෝ  විජිත හේරත්ලා වන්නේ ද නැත.

ලොකු තියරි අවශ්‍ය නැත. ගුණයා පාලිත සිල්වාට විරුද්ධ වු මුල්ම හේතුව වුයේ දෙදෙනා එකතුව කල නාට්‍ය සෙට් එකේ බඩු ටික ගුණයාට ගෙදර ගෙන යෑමට නොදුන් නිසාය. නිහාල් පීරිස්ට විරුද්ධ වුයේ ගුණයාව රාවයට තෝරා නොගෙන පීරිස්ව තෝරා ගත් නිසාය. චන්ද්‍රගුප්ත තේනුවරට විරුද්ධව ලීවේ ඔහුගෙ කලාකෘති ගැන විවේචනයකින් නොව කුමුදිනී සැමුවෙල් වැනි නාගරික බුද්ධිමත් ලස්සන ගැහැණියක් තේනුවරට කැමති වූ නිසාය. මේවා අතිශයෝක්තියෙන් ලියන දේවල් කියා කෙනෙකු සිතනු ඇතත් මම මේවා ලියන්නේ ලැබූ අත්දැකීම් පදනම් කරගෙන ය. නිදර්ශනයක් ලෙස ගුණයා, "අදහස් ගේට්ටුව ළඟ" පොත එලි දැක්වුණු දිනයේදී අප සමග ප්‍රකාශ කලේ ඔහුගේම බිරිඳ අසංස්කෘතික, මෝඩ ගැහැනියක් බවයි (මෙය නිවැරදිව ලියා තැබීම ගැන ගුණයා මට ස්තුතිවන්ත විය යුතු ය).

පානදුර මහ ගෙය තමන්ට නොලැබුන නිසා ගුණයා කොරලවැල්ලේ  නැන්දා කෙනෙකුගේ ගෙදර ගුණයාගේ අම්මාට ඇතුළු සිය පවුලටම ශාප කරමින් නැවති සිටින කාලයේ අල්ලපු ගෙදර බාප්පා බීගෙන විත් කුණුහරුප කියත්දි ඩල් ගුණයා ඔහු පරදවන තොග කුණුහරුප කියන්න පුළුවන් තරමේ පාදඩ ගති සහිත කෙනෙක් විය. ගුණයාගේ වර්තමාන පාදඩ පෙනි සිටීම් ගැන අපට එතරම් ගානක් නොවන්නේ අපගේ මෙම මතකයන් නිසාය. ගුණයා ශිෂ්ඨයි‍, මධ්‍යම පංතිකයි, දේශපාලනිකයි යන්න සිතන අය පමණක් ගුණයාගෙන්  එසේ කරන්නේ ඇයිද යන්න  පුශ්ණ කරයි.

බිල් ක්ලාක් කෙනෙක්, කම්කරුවෙක් වීම ගුණයාට අනුව අප්සට් දෙයකි. Very sorry Lenin කිසිදු රැකියා සුදුසු කමක් නැති නිසා උපතින් brook- bond පියා ගේ පිහිටෙන් හේලිස්  company යේ රැකියාවක් ලබන ගුණයාට chemical හෝ වෙනත් machinery වර්ග අලෙවි කිරීමට භාර නොදි  කැමරා film rolls  අලෙවිකමක් බාර දුන්නද එයද කර ගැනිමට නොහැකිව පන්නා දැමෙයි. දැන් ගුණයා පුද්ගලික වෛර පිරිමහමින් එයට දේශපාලනය ලෙස නමක් දමා පිනට අනුන්ගෙන් කමින් අනුන් කරන රැකියා වලට අපහාස  කරන්නේ පරපුටුගාමි පක්ෂේ බොහෝ දෙනෙක් එවැනිව රැකියා කරමින් ගුණයාව නඩත්තු කරන ගමන්ම ය. 

ගුණයෝ අපිට පෙන්නපන්කෝ ශ්‍රමය සූරාකෑමට, ප්‍රාග්ධන සංසරණයට දායක වෙන්නේ නැතුව අද කාලේ ධනවාදය තුල රස්සාවල් කරන විදිය. උඹ වගේ අනිත් මිනිස්සු හම්බු කරන දෙයින් ඉන්නේ නැති මිනිස්සු කොහොමද කොමියුනිස්ට්වාදී රස්සාවල් හොයා ගන්නේ කියල ගුණය කියල දෙනවනම් අපිට හොඳයි.
අප X අදහස සමාජගත කලේ පිංපියෙක්, පාදඩවෙක්, අපරාධකරුවෙක්, මත් ලෝලියෙක් වු මැල්කම් x කලු ජාතික ව්‍යපාරයේ නියමුවෙකු වීම දක්වා වු  ගමන් මාවත අපට අරුතක් ලැබෙන අයුරින්ය. කරුමයක මහත එය ලීවේ ද ගුණයාමය. එහෙත් ගුණයා ඉපදෙන්නේම සල් අතු පාත් කරත්දි නෙළුම් මල් පිපෙත්දි එක් අතක Of Grammatology සහ අනෙක් අතින් Ticklish Subject පොත්ද රැගෙනය. පියා උපතින් brook- bondය. ගුණයාට බාල නංගිලා දෙදෙනෙක්  සිටි නිසා මව කන්‍ය මරියතුමිය නොවී බේරුනේ අනු නමයෙනි.

අපි හැමදාමත් කෑවේ බීවේ අපේ මහන්සියෙනි. ගුණයා හැමදාමත් කෑවේ බීවේ අනුන්ව රවට්ටාගෙන ය. රොහාන් මෙන්ම ගුණයා ද කියන්නේ ඒක රැවටෙන උන්ගේ ප්‍රශ්ණයක් කියාය. ගුණයාගේ රංචුව මේ බව දැන්වත් සිතිය යුතුය.

එත් ඉතින් මම කොහොම නාවන්නද මඩේ ලගින තාරාවන්ව ?

550 ජාතක වල ඉතිරි කොටස ඉදිරියට......



කල්‍යානන්ද පෙරේරා








අනුන්ගේ වැසිකිලි වලට එබිකම් කිරීම ජීවන වෘත්තීය කර ගත් දීප්ති කුමාර ගුණරත්න නොහොත් බාබර් ජයරත්න නොහොත් බාබරා ජයරත්න නොහොත් අස්මි ගුණේ කොලුවා වැසිකිළියක චායාරූපයක් ගනිමින්.
 

10 comments:

  1. අපි හැමදාමත් කෑවේ බීවේ අපේ මහන්සියෙනි. ගුණයා හැමදාමත් කෑවේ බීවේ අනුන්ව රවට්ටාගෙන ය. රොහාන් මෙන්ම ගුණයා ද කියන්නේ ඒක රැවටෙන උන්ගේ ප්‍රශ්ණයක් කියාය. ගුණයාගේ රංචුව මේ බව දැන්වත් සිතිය යුතුය.....

    ReplyDelete
  2. එත් ඉතින් මම කොහොම නාවන්නද මඩේ ලගින තාරාවන්ව ?

    ReplyDelete
  3. ෂුවර් එකට කල්යා බඩු පොට් එකක් කරලා තියනවා,

    ReplyDelete
  4. ගුනයාෙග යාලුෙවක්September 4, 2012 at 9:20 AM

    ෙමානව කිව්වත් කමක් නෑ. ඒත් ගුනය කියල කියන්න ඒපා.දීප්ති කියල කතාකරන්න.

    ReplyDelete
    Replies
    1. අහිංසකයි රටක් වටියි ද මේ කථාව

      Delete
  5. //මොනව කිව්වත් කමක් නෑ. ඒත් ගුනය කියල කියන්න ඒපා.දීප්ති කියල කතාකරන්න.//

    එළ.... එළ :)

    ReplyDelete
  6. දීප්ති කියල කතා කරල තියනවා. ඇයි දැක්කෙ නැද්ද "අනුන්ගේ වැසිකිලි වලට එබිකම් කිරීම ජීවන වෘත්තීය කර ගත් දීප්ති කුමාර ගුණරත්න නොහොත් බාබර් ජයරත්න...."?

    ReplyDelete
  7. who is babar jayarathna ? what is the connection with that name to dipthi ?

    ReplyDelete
  8. sashi prabath ranasingheSeptember 25, 2012 at 7:22 PM

    Who is deepthi?Please read my latest novel(pragna prasada)You can buy that novel sooriya publisher.

    ReplyDelete