Sunday, September 1, 2013

විවාදයේ පූර්ව කොන්දේසි පිළිබඳව

දීප්ති කුමාර ගුණරත්න මහතා, එක්වරම, විවාදය පැවැත්වීමටනම් මවිසින් ඉටු කරනු ලැබිය යුතු පූර්ව කොන්දේසි කීපයක් ඉදිරිපත් කර තිබේ. එනම් ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම පිළිබඳව කල්‍යානන්ද පෙරේරා ට චෝදනා එල්ල වීම පිළිබඳව ඔහුගේ මිතුරෙකු ලෙස මට කීමට ඇති දෙය සහ එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳට බීමත්ව පහරදීම පිළිබඳව වංගීස සුමනසේකර ට විරුද්ධව ඇති කතාව පිලිබඳව මට කීමට ඇති දෙය පැවසීමයි. 

නමුත් ගුණරත්න මහතා මට පළමුවෙන් අභියෝග කල අවස්ථාවේදී මෙවැනි කොන්දේසි කිසිවක් නොතිබුණි. එහිදී ඔහු ලියා තිබුනේ මට කැමති දිනෙක, කැමති තැනක, කැමති වෙලාවක මෙය පවත්වන ලෙසත් එයට ඔහු පැමිණෙන බවත්ය. ඒ අනුව මෙය වඩාත් හොඳින් සංවිධානය කිරීම සඳහා මම මාගේ නියෝජිතයා ලෙස වංගීස ට ඉදිරිපත් වන්නට යෝජනා කලෙමි. නමුත් දැන් මෙම නියෝජිතයන් සම්බන්ධයෙන් කරුණු දක්වා මෙම විවාදය නොපැවැත්වීම අර්ථයක් රහිත වන නිසා මම මෙහි සංවිධාන කටයුතු තනිව කිරීමට තීරණය කලෙමි. මේ අනුව මෙම විවාදයේ සංවිධාන කටයුතු සඳහා ගුණරත්න මහතාට හෝ ඒ මහතාගේ නියෝජිතයෙකුට ඍජුවම මා ඇමතීය හැකිය (කිසිදු පූර්ව කොන්දේසියක් නැත). මේ සඳහා 0718016200 යන ජංගම දුරකථන අංකයට ඇමතුමක් දිය හැකිය. 

ඒ අනුව කල්‍යානන්ද පෙරේරා හෝ වංගීස සුමනසේකර තවදුරටත් මෙම විවාදයේ පාර්ශව කරුවන් නොවේ. එම නිසා ඔවුන් ලියන දෙයට මම වග කියනු නොලැබේ. සැබවින්ම ගුණරත්න මහතාට අවශ්‍ය වූයේද මා සමග විවාද කිරීම වන නිසා මෙය ගැටළුවක් විය නොහැකිය. 

දැන් ගුණරත්න මහතා මගෙන් අසා ඇති ප්‍රශ්න පිළිබඳව යමක් කිව යුතුය. ගුණරත්න මහතා සිය පළමු අභියෝගය කල අවස්ථාවේදී පවසා සිටියේ එතුමා කරන දෙය මඩ ගැසීම් ලෙස අප අර්ථකථනය කිරීම වැරදි බවත් ඒවාට 'සත්‍යවාදී සහ න්‍යායික පදනමක්' තිබෙනා බවත් ය. දැන් ගුණරත්න මහතා මගෙන් අසා තිබෙනා ප්‍රශ්න පිළිබඳව ද මට කීමට තිබෙන්නේ එවැන්නකි. ඒවා 'සත්‍යවාදී සහ න්‍යායික පදනමක්' නොමැති මඩ වන අතර විවාදය තුලදී මම මෙය හොඳින් පෙන්වා දෙන්නෙමි. එම නිසා එය විවාදයේ පූර්ව කොන්දේසියක් නොව විවාදයේ මූලික අන්තර්ගතයි. මම මේ සෑම ප්‍රශ්නයකටම පැහැදිලි පිළිතුරු ලබා දෙන්නෙමි. 

දැන් ගුණරත්න මහතාට මා අභිමුවේ සිය නිවැරදි බව ඔප්පු කර, මා කිච කර. අවිවාදිත ජයග්‍රහයකයා වීමට මහඟු අවස්ථාවක් උදා වී තිබේ. මෙය හැකි ඉක්මනින් ඔහු ඉටු කරගනු ඇතැයි මම සිතමි. ඒ සඳහා ඉක්මනින් මා ඇමතුවොත් අපට දිනයක්, වෙලාවක් සහ තැනක් වෙන්කර ගැනීමට පුළුවනි.

නිර්මාල් රංජිත් දේවසිරි             

4 comments:

  1. I'm on your side... for the choice of your paintings.

    ReplyDelete
  2. නියමයි! නිර්මාල් අසූචි ගඳ ගහන සුපුරුදු මඩ පැකට් එකට ඔබ වැදගත් උත්තරයක් දී ඇත. දැන් බලමු සියවසේ දාර්ශනිකයාගෙ උත්තරේ

    ReplyDelete
  3. විවාදයකට අවශ්‍ය මොනවාද?

    3mana: "තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක." (2013-08-25)

    3mana: "සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි." (2013-09-02)

    විවාදයකට තැනක්, ස්ථානයක් අවශ්‍යය. එහෙත් විවාදය කළයුත්තේ ලිඛිතවය. (එමෙන්ම "මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය." - 3mana / 2013-08-25). ඒ කියන්නෙ අන්තිමේදි දීප්ති යෝජනා කරන්නෙ මෙන්න මේ වගේ ආකෘතියක්. කිසියම් තැනකදී (හමු වෙලා) ප්‍රසිද්ධියේ ලිඛිතව. මේක නම් "නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතියක්" තමයි.

    නමුත් දීප්ති දාලා තියෙන යූටියුබ් වීඩියෝ එකේ පෙනෙන විවාදයේ (https://www.youtube.com/watch?feature=player_embedded&v=QhAMgVFKokk) නම් දීප්ති අවශ්‍ය නෑ කියන මේස පුටු මයික් ඔක්කොම තියෙනවා.

    ReplyDelete
  4. දීප්තිගෙ වචන වලින්ම කියනවනම් දීප්ති කියන්නෙ තමන් "ශීලාචාර, බුද්ධිමතෙක්" බව සිහිනෙන් දකිමින් ඇත්ත ලෝකයෙදි තමන්ට ලැබුනෙ නෑ අනික් අයට තියනව කියල හිතන ආතල් වලට බැනවැදීමම රස්සාව කරගත්තු පොරක්. එක එක නම් වලින් වෙනත් තැන්වල ගොඩක් තුට්ටු දෙකේ වල්කතා කියන ගමන්ම "ශීලාචාර බුද්ධිමත් මිනිස්සු සංවාද කරන හැටි" තමන්ගෙ නිල වෙබ් එකේ දාන්නෙ ඒකයි. මේ සංවාදෙ තිබ්බනම් මේක තවත් එලියට එනව. පොර දැන් අන්දරේ වගේ "ගල මගේ පිට උඩ තියපල්ල, මම ගෙනියල පෙන්නන්නම්" වර්ගයේ ටෝක් දෙන්නෙ ඒකයි. කොහොම උනත් නිර්මාල්ල්ගෙ පැත්ත ප්රතිචාර දෙන විදියත් එක්ක සංවාදෙ නොවුනත් ඔය කාරනාව හැමෝටම පැහැදිලි වෙනව.

    අනේ දීප්ති ඔයාගෙ කොයි ඇම්බැට්ටයද ගලේ පැහැරුවෙ? විවාදෙකට චැලේන්ජ් කරලා?

    ReplyDelete