Sunday, April 14, 2013

මීන රාශියේ නතරවුණු බුද්ධිමය සංවාදය

පසුගිය දොරමඩළාව වැඩසටහනේදී අපූරු මොහොතක් දැක ගැනීමට අපට හැකිවිය. එහිදී නලින් ද සිල්වා මහතා සිය මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී දැනුම පිලිබඳ ඔහුගේ ප්‍රවාදය ට එරෙහිව ලොව සිටිනා ඉහලම විද්වතෙකු ගෙන්වන ලෙසත් එම විද්වතා ඉදිරියේ දී පවා තම මතය ඔප්පු කල හැකි බවත් පැවසීය. 

මෙතනදී විද්‍යාවේ දර්ශනය පිලිබඳ අද ලොව සිටින ඉහලම බුද්ධිමතා කවුරුන්ද කියා නලින් ද සිල්වා මහතා සිතන්නට උත්සාහ කරන විට එවැන්නෙක් ගැන තමන් නොදන්නා බව වැටහී සිය කොන්දේසී විරහිත අනුගාමිකයා වන නෙම්සිරි ජයතිලක දෙස බැලුවේය. නමුත් ඒ සඳහා නෙම්සිරි මහතා ලඟද පිළිතුරක් නොවීය. විද්‍යාවේ දර්ශනය පිලිබඳ ලංකාවේ ආරම්භ වූ සාර්ථකම බුද්ධිමය ව්‍යාපාරය වන 'ජාතික චින්තනය' සංවාදය අද වන විට වැටී ඇති ඉතාම දිළිඳු මට්ටම වටහා ගැනීමට මෙය අපූර්ව නිදර්ශනයකි.

අද වන විට 'ජාතික චින්තන සංවාදය' යනු මොනයම් ආකාරයක හෝ බුද්ධිමය නිර්මාණශීලිත්වයක් පිළිබිඹු නොකරන එක තැන පල්වෙන ඇදහිළි කල්ලියක් (cult) බවට පත් වී තිබෙන්නේ කෙසේද කියා මෙමගින් ඔබට වටහා ගැනීමට හැකිවේ. ෆෙයරාබන්ඩ්ගෙන් පසුව විද්‍යාවේ දර්ශනය පිලිබඳව කෙරෙනා කිසිම සාකච්චාවක් සම්බන්ධයෙන් මෙහි නියෝජිතයන්ට නිරවුල් අදහසක් නොමැති වෙයි.    

පසුගිය දශක දෙක තුල විද්‍යාවේ දර්ශනය බෙහෙවින් විවාද සම්පන්න ලෙස වෙනස් වී තිබේ. ඇලේන් බදියු, ස්ලැවෝයි ජිජැක්, ක්වෙන්ටින් මෙයසූ, කැතරීන් මැලබු, බ්රුනෝ ලැටුර්, ග්‍රැහැම් හාමන්, මැනුවෙල් ඩි ලන්ඩා ආදී බහුවිධ ප්‍රවේශයන් තුලින් මෙයට අවතීර්ණ වන චින්තකයන් හැදෑරීම මේ විපර්යාසයන් වටහා ගැනීමට අත්‍යවශ්‍ය වේ. ලංකාවේ අවාසනාව වන්නේ මෙම ගෝලීය බුද්ධිමය සංවාදයන් ගෙන් බොහෝ දුරස්ත ව පැවතීමයි. එම නිසා මෙහිදී ඉතා සරල මතයන් සංකීර්ණ අදහස් ලෙස වටහා ගැනෙන අතර එම සරල මතයන් ට මුවා වී අවට ලෝකය මග හැරිය හැකි වේ. මෙම එක තැන පල්වන බුද්ධිමය සංස්කෘතියට ඉදිරියට යාම සඳහා තල්ලුවක් දීම අද දවසේ අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි.

මෙහි දේශපාලන ප්‍රතිවිපාකයන් කවරේද? අපි එම ප්‍රශ්නය විවෘතව තබමු. 

29 comments:

  1. නලින් මහතා එදා දොරමඩලාවේ එවැනි අභියෝගයක් කර එවැනි බටහිර දාර්ශනිකයෙක් ඉන්නවාද කියා හැගවූයේ ෆෙයරාබන්ඩ්ගෙන් පසු බටහිර විද්‍යාව ගැන වැදගත් යමක් කියපු මිනිහෙක් තාම බිහිවෙලා නැතිනිසා.ඔබ ඔය දාපු නම් වල එකෙක්වත් ඉන්නවාද වැදගත් යැයි යමක් කියපු.දර්ශනයේ පමණක් නොව බටහිර විද්‍යාවේ පවා අද තත්වය එසේය.සමහරු ස්ටිවන් හෝකින්ස් ලොකු කරගෙන දැගලුවාට එය ලූලා නැතිතැන මොකාද එකා පණ්ඩිත්යා කරගැනීමට ගත් උත්සහයක් පමණි.අයින්ස්ටයින්ගේ පසු බටහිර විද්‍යාව පල්ලම් බැසීම අරඹා ඇති අතර නැවත කිසිදා එවැනි බුද්ධිමතුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුළ බිහි වේ යැයි සිතිය නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙලෙස කියන්නේ ඉහත ලැයිස්තුවේ ඉන්න 'එකෙක්' හෝ හොඳින් කියවලා බලල නෙමෙයි නේද? ෆෙයරාබන්ඩ්ගෙන් පසුව කිසිම වැදගත් විද්‍යාව පිලිබඳ දාර්ශනිකයෙක් බිහි වෙලා නැහැ කියල කියන්න ඔබට සිද්ධ වෙනවා සමකාලීන දාර්ශනිකයන් හදාරලා ඒ පිලිබඳ නිගමනයකට එන්න. එසේ නොකොට මුග්ධ ලෙස සමකාලීන දර්ශනය ප්‍රතික්ෂේප කිරීම අයිති වෙන්නේ බුද්ධිමය සංවාදයකට නෙමෙයි, ඇදහිළි කල්ලියකට. ඉහත ලිපියේ තර්කය වන්නේද මෙයයි. ඒ සඳහා තවත් නිදර්ශනයක් සපයා දීම පිළිබඳව ඔබට ස්තුතියි. 'ජාතික චින්තන' සංවාදය ආරම්භයේදී ලංකාවේ වමෙන් එයට ප්‍රතිචාර ලැබුනේත් මෙලෙසය. අද වන විට භූමිකාවන් මාරු වී තිබේ. අපි ඒ ගැන අවංකව කණගාටු වෙමු.

      Delete
  2. "ඔබ ඔය දාපු නම් වල එකෙක්වත් ඉන්නවාද වැදගත් යැයි යමක් කියපු".
    මිත්‍රයා, ලොකය යනු නලින් ද සිල්වා නොවේ. ඈන්කර් අනුකාරකයකු නොවි ස්වාදින මිනිසකු වන්නට උත්සහ කරන්න.

    ReplyDelete
  3. ජාතික චින්තන සංවාදය ඇදහිලි කල්ලියක් යන්න සතයක් හෝ අසත්‍යක් වේවා ඔවුන් ඉතා හොදින් තම තර්කනයන් 'සාමාන්‍ය' මිනිසුන් වෙත සන්නිවේදනය කරමින් සිටි. විද්‍යා සන්නිවේදනය ඉතා ඉහල මට්ටමක පවත්වා ගනිමින් සිටි (අසනික් ගැටලුවේ සිට අපේ ප්‍රවාද දක්වා). නමුත් විකල්ප දර්ශන කුලකයන් ගේ සන්නිවේදනයේ දුබලකම නිසා 'ජාතික චින්තන' කණ්ඩායමට නිතරග ජයක් ලැබී ඇත. උදාහරණ ලෙස ඔබේ බ්ලොගයේ පලවන ලිපි වලින් එකවර කියවා තේරුම් ගත හැක්කේ ඉතාම අඩු ප්‍රතිශතයකි. සන්නිවේදන හැකියාවන් අතින් ඔබ ඇතුළු අනෙකුත් දර්ශන කුලකයන් ඉතාම පහත් අඩියක සිටිනවා යන්න මාගේ පුද්ගලික විශ්වාසයයි. දෙවනුව ඔවුන් මතුකරන තර්කයන් බිදහෙලිමේදී ඔබදක්වන අසමත්කමද කැපී පෙනෙන නිරික්ෂනකකි. සිල්වා ෆෙයරාබන්ඩ්ගෙන් පසුව කිසිවෙක් කියවා නැතයි යන බොලද අදෝනාව ගැටලුවට පිලියමක් නොවේ. මන්ද තවකෙකුට ඔබ සිල්වා කියවා ඇද්දැයි යන්නත් ප්‍රශ්නකළ හැකිබැවිණි.

    ReplyDelete
    Replies
    1. ඔබ අසන්නේ වැදගත් ප්‍රශ්නයකි. එයට ඉක්මනින් පිළිතුරක් දෙන්නෙමු. නමුත් ඔබ සමග කිසිසේත් එකඟ නොවන කරුණක් ගැන පමණක් මෙතනදී කියන්නට ඉඩ දෙන්න. සිල්වා ෆෙයරාබන්ඩ්ගෙන් පසුව කිසිවක් කියවා නැති වීම "බොළඳ අදෝනාවක්" නොවේ කිසි සේත්ම. එමගින් පෙනෙන්නේ එයට සම්බන්ධ කිසිවෙක් විද්‍යාවේ දර්ශනය පිලිබඳ වන ගෝලීය සංවාද සමග සම්බන්ධ වී නැති බවයි. එය 'ගැටළුවට පිලියමක්' නොව, 'ගැටළුවයි'. මෙමගින් අපි සිල්වා කියවා ඇත්දැයි ප්‍රශ්න කල හැක්කේ කෙසේද කියා පැහැදිලි නොමැත. අපි ඉතා හොඳින් නලින් ද සිල්වා මහතා ගේ රචනා කියවා තිබෙන අතර අප සමකාලීන විද්‍යාව පිලිබඳ දර්ශනයද කියවන්නෙමු. එම නිසා අප ඔහුගේ චින්තනයේ සීමාව හොඳින් දන්නෙමු. එම නිසා 'ගැටලුවට පිළිතුර' වන්නේ මෙන්න මේ සීමාවන් පෙන්වා දීමයි. එවිට අප ඔබගේ ප්‍රශ්නයේ පළමු කොටසට යොමු වේ. එයට අප තරමක් පුළුල් පිළිතුරක් නොදුරු දිනයක ලබා දෙන්නෙමු.

      Delete
    2. මිත්‍රයා, කියවීම විතරක් ප්‍රමානවත් නෑ. කියවල තෙරුම් ගන්න එක තමයි කරන්න ඔනෙ. මම නම් මහා දාර්ශනිකයෙක් නෙමෙයි. හෑබෑයි බටහිර විද්යාව කියන්නෙ අමු බොරුවක් කියල නම් දන්නව. නලින් ද සිල්වා බොරු කියනවනම් ඔප්පු කරල පෙන්වන්න. එහෙම නෑතුව බොරු මඩ එපා.

      Delete
  4. @මධ්‍යස්ථාන,

    ඔබ ගොනුකළ පිළිතුර සම්හන්දව අතිශයෙන් සැහිමකට පත්වෙමි.ඒසදහා වැයකළ කාලයට හා ශ්‍රමයට ස්තුතිවන්ත වෙමි.සිල්වා සිංහල සමාජය ඇදගෙන යමින් පවතින අවිද්‍යාව ට එරෙහි ඔබේ සටනට සුබපතමි.

    AnonymousApril 15, 2013 at 6:24 AM

    ReplyDelete
  5. " පසුගිය දශක දෙක තුල විද්‍යාවේ දර්ශනය බෙහෙවින් විවාද සම්පන්න ලෙස වෙනස් වී තිබේ. ඇලේන් බදියු, ස්ලැවෝයි ජිජැක්, ක්වෙන්ටින් මෙයසූ, කැතරීන් මැලබු, බ්රුනෝ ලැටුර්, ග්‍රැහැම් හාමන්, මැනුවෙල් ඩි ලන්ඩා ආදී බහුවිධ ප්‍රවේශයන් තුලින් මෙයට අවතීර්ණ වන චින්තකයන් හැදෑරීම මේ විපර්යාසයන් වටහා ගැනීමට අත්‍යවශ්‍ය වේ. "

    මෙු අය විද්‍යාවේ දර්ශනයට කළ දායකත්වයන් පිළිබඳ මූලික ප්‍රවාද නලින් ද සිල්වා ෆෙයරාබන්ඩ් පිළිබඳ නැවැත්වූ තැන සිට කියන්න. ෆෙයරාබන්ඩ්ගෙන් පසු කිසිවෙක් පිළිබඳ නලින් කිසිවක් කියා නැද්ද? 

    >>>>>If Prof. Amaratunga reads work on what is known as the EPR paradox and Aspect’s experiments in the original and not through popular writings he would know that there is no local reality as such, irrespective of the works of Kuhn and Feyerabend. Copenhagen interpretation of Quantum Mechanics, independent of Postmodernism claims that the observations are observer dependant, even if one forgets the Vidyalankara interpretation published as a so called peer reviewed paper at the invitation of the editor of "Kalyani".>>>>>

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=76735

    ජාතික චින්තනය මිය ගොස් ඇති බවට නම් සැකයක් නැහැ. ඉන් උපත ලද නව දරුවා තමයි ගෝටා ගේ බොදු බලු සේනා! රාවණා බලකාය සහ අනෙකුත් බලු සේනා!!

    නලින් ගේ පිරිහීහ ත් හොඳට පෙනුනා ෆූටා සටනේදී ඔහු රජයට කඩේ ගිය හැටියෙන් එස්. බී. ගේ ඇම්බැටටයෙක් බවට වෙලා. අනෙක එයාගේ සෙන්පති නෙම්සිරි ජයතිලක නම් නලින් ගේ පිරිහීම ගැණ තවත් කවර කතාද?

    සිංහලයන්ට මෙතරම් අනාරක්ෂිල බවක් දැනෙන්නේ මන්ද?





    ReplyDelete
    Replies
    1. ඉහත අදහස් සටහනේ ඇති ටයිප් කිරීමේ දෝෂ ගැන සමාවන්න. ඒවා පහත පරිදි නිවැරදි විය යුතුයි.

      මේ අය විද්‍යාවේ දර්ශනයට කළ දායකත්වයන් පිළිබඳ මූලික ප්‍රවාද නලින් ද සිල්වා ෆෙයරාබන්ඩ් පිළිබඳ නැවැත්වූ තැන සිට කියන්න. ෆෙයරාබන්ඩ්ගෙන් පසු කිසිවෙක් පිළිබඳ නලින් කිසිවක් කියා නැද්ද?

      නලින් ගේ පිරිහීමත් හොඳට පෙනුනා ෆූටා සටනේදී ඔහු රජයට කඩේ ගිය හැටියෙන් එස්. බී. ගේ ඇම්බැටටයෙක් බවට පත් වෙලා. අනෙක එයාගේ සෙන්පති නෙම්සිරි ජයතිලක නම් නලින් ගේ පිරිහීම ගැණ තවත් කවර කතාද?

      සිංහලයන්ට මෙතරම් අනාරක්ෂිත බවක් දැනෙන්නේ මන්ද?

      Delete
  6. ලෙස් දෑන් නතින් පොතේ ජිජැක් මෙලසුට උත්තර දීල තියෙනවා නේද ඒ ගැන ඔබලා මොකද කියන්නේ ලෙස් දෑන් නතින් පොත කියවද්දී අපේ ප%වාද පොත් යම් සමාන අදහස් තියෙනවා නේද සිංහල බෙද්ධ සමාජය හා කොමියුනිස්ට්වාදය නේද වෙනස

    ReplyDelete
    Replies
    1. Less Than Nothing කියන පොතේ දී ජිජැක් විසින් මෙයසූ වෙත විවේචනයක් එල්ල කර තිබේ. ජිජැක් පමණක් නොවේ, මෙයසූ වෙත, බදියු, කැතරීන් මැලබු, ඇල්බටෝ ටොස්කානෝ, පීටර් හෝල්වර්ඩ්, ග්‍රැහැම් හර්මන්, රේ බ්‍රාසියර්, එඩ්රියන් ජොන්ස්ටන් ඇතුළු බොහෝ දෙනෙකු විවේචන එල්ල කර තිබේ. ඒ පමණක් නොව ඉඅහත ලැයිස්තුවේ එකිනෙකා එකිනෙකාට එරෙහිව (උදා: බදියුට එරෙහිව ජිජැක්, ජිජැක් ට එරෙහිව බදියු ආදී ලෙස) විවේචන එල්ල කර තිබේ. සෑම කරුණක් සම්බන්ධයෙන්ම එකම මතයක ඉන්න කිසිම දාර්ශනිකයන් දෙදෙනෙකු අප කිසිදා දැක නොමැත. ඒ සැම කෙනා අතරම සමානකම් මෙන්ම අසමානකම් ද තිබේ. මෙයසූ යනු දෙවියන් වහන්සේ නොවේ. ජිජැක් යනුද දෙවියන් වහන්සේ නොවේ. මේ දෙදෙනා සම්බන්ධයෙන්ම අපට විවේචන තිබේ. කිසියම් පුද්ගලයෙක් (ඔහු ලොව පිළිගත් දාර්ශනිකයෙක් උවත්) කියන සියල්ල නිවැරදි ලෙස පිළිගන්නේ ඇදහිළි කල්ලී වලදී මිස දර්ශනයේදී නොවේ.

      Delete
    2. අප මෙලසු බදිවු හා කාලෝ ‍ෙපාන්සේකා අතර ‍ෙවනසක් දකින්නේ නැත Less Than Nothing ෙපාතේ ජිජැක් මතු කරන අදහස් වලට බදිවු හෝ මෙලසු උත්තර දීලා තියේද තියේ නම් එම පොත් දැන ගැනීම පිනිස ලින්ක් දමන්න ඔබ දර්ශය ගැන දිගට කතා කලත් අවශ්‍ය වන්නේ එය දේශපාලනයට ගෙන ඒම නේද ඔබ බදිව්ගේ හා මෙලසුගේ මූලික අදහස් සහිත විධිමත් ලෙිඛනයක් පලකරන්න නැති නම් පරිවර්තනය කරන්න විශේෂයෙන් ජිජැක්ගේ සබ්ලයිම් ඔබිජෙක්ට් පොත පරිවර්තනය කරන්න ඔබට ඔබගේ දෙහපාලනය අවංකභාවය හෙලිකර හැක්කේ ඒ තුලින් පමනි මොකද ලංකාවේ ගොඩාක් දෙනාට ඕන දේශපාලනය කරන්න නොවෙයි ඇකඩමික් බුද්ධිමතුන් වෙන්න සනීප ජීවිත ගත කරන්න

      Delete
  7. නලින්ද සිල්වා මහාචාර්ය තුමා වසර 25ක් තිස්සේ වර්ධනය කර තිබෙන ප්‍රවාදයන් ඔබ කියවා නැති බවයි පෙනෙන්නේ. බටහිර විද්‍යාව හා බටහිර දර්ශණය යනු බොරුවක් බවත් එය පසුපස යන්නෝ හුදු අනුකාරකවාදීන් බවත් එතුමා ඔප්පුකර පෙන්වා ඇත. ඒ අනුව ඔබලා ද හුදු අනුකාරකවාදීන් පිරිසකි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මත පදනම් වී ගොඩනගන දැනුම සාපේක්ෂක වේ. එය නිරපේක්ෂක දැනුමක් ලෙස වටහාගන්නේ බටහිර ඔබ ඔය කියන ඊනියා චින්තකයන්ය. ඔබලාට ඔවුන් මහා චින්තකයින් වූවාට මහාචාර්ය තුමා ඔවුන්ව ගනන් නොගන්නේ ඔවුන්ගේ පදනමම බොරුවක් වන බැවිනි. ඒ නිසා ඔවුන්ව හැදැරීමට අවශ්‍යතාවක්ද නැත. නුතන දැනුමට ඔබලා එකතු කර ඇත්තේ කුමක්ද? ඔබලා වැනි කල්ලියක් එකතුවී බටහිර පොතක් කියවා ඒ ගැන උදම් ඇනූ පමණින් එය දැනුමක් බවට පත් නොවේ. එය දැනුමක් බවට පත්වන්නේ එය මහපොලවත් සමග සම්බන්ද වූ විට පමණි. මහාචාර්ය තුමාගේ දැනුම වැරදි බව ඔබලා පෙන්වා ඇත්තේ කවදාද? ඔබලාගේ ඔය
    කියන දැනුම සත්‍ය බව ඔප්පු කර ඇත්තේ කවදා ද?

    ReplyDelete
    Replies
    1. අනුන්ට අනුකාරකයන් කියල බනිනකොට තමන් ගැන මොකෝ වෙන්නේ කියලා හොයලා බැලුවොත් නේද ලොක්කා හොඳ? ඔහේම කියන හැටියට තමන් වෙන මිනිස්සුන්ගේ තර්ක කියවල බලන්නෙත් නැතුව නලින් කියන ඒවා විතරක් සියට සීයක් පිළිගන්නවා. ඔයිට වඩා අනුකාරක කමක් තියෙන්න පුලුවන්ද හලෝ?

      Delete
    2. මම නාලිනී

      Anonymous

      නලින්ද සිල්වා මහාචාර්ය තුමා වසර 25ක් තිස්සේ වර්ධනය කර තිබෙන ප්‍රවාද

      ෙමානවාද? ඒවා අපට කියන්න.

      බටහිර විද්‍යාව හා බටහිර දර්ශණය යනු බොරුවක් වන්ෙන් ෙකෙෙස්ද? අපට කියන්න.

      නිරපේක්ෂක දැනුම කුමක් ද?

      දැනුම මහපොලව සමග සම්බන්ද බව ෙපන්වන්ෙන් ෙකෙෙස්ද?

      දැනුම සත්‍ය බව ඔප්පු කර ෙපන්වන්ෙන් ෙකෙෙස්ද?

      සමාෙවන්න ෙකාම්බුව පනිනවාට.





      Delete
  8. මාලනී මහත්මිය....

    1. කරුණාකර නලින්ද සිල්වා මහාචාර්ය තුමාගේ අපේ ප්‍රවාද, මගේ ලෝකය, ජාතිය සංස්කෘතිය හා චින්තනය, අපෝහකයේ රූපිකය .... පොත් සහ එතුමා විසින් ලියන ලද ලිපි කියවන්න.

    2. බටහිර විද්‍යාව බොරුවක් වන්නේ යම්කිසි දෙයක පැවැත්ම පිළිගැනීමට නම් එය ඉන්ද්‍රිය ගෝචර විය යුතු බව කීම නිසයි. ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට ඔවුන් සමත්ව නැත. එහෙත් ඔවුහු ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති.

    3. නිරපේක්ෂ දැනුමක් නැත. සියලු දැනුම සාපේක්ෂක වේ. සම්මුති දැනුමකි.

    4. දැනුම මහපොලව සමග සම්වන්ධ වෙනවා යනු වෙන මොකක්වත් නොව බටහිරයන්ට අවශ්‍ය ලෙස බටහිර දාර්ශණිකයන්ගේ අච්චුවේ දමා අපේ සමාජය තේරුම් කිරීමෙන් වැලකීමයි.

    5. දැනුම යනු නිර්මාණයකි. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ ඒ ඒ අයගේ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්කෘතියට, මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව වේ. සිංහල බෞද්ධයන්ට දැනුම් පද්ධතියක් ඇත. මා කීවේ මෙම අඩවියේ ලියන මහත්වරුන් බටහිරයන්ගේ දර්ශණය/ විද්‍යාව පසුපස යන්නන් බැවින් ඔවුන්ට ඔවුන්ගේ දැනුම සත්‍ය බවත් අපගේ දැනුම අසත්‍ය බවත් හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙසයි.

    එහෙත් යමක් පැවසිය යුතුය.... ලංකාවේ ජාතික චින්තනය ගොඩනගන ලද්දේ විශාල ශ්‍රමයක් හා කැප කිරීමක් සමගයි. එය මෙවැනි අඩවි වල ලියන මහත්වරුන්ට මෙන් සනීප ජීවිත ගත කරන ගමන් දාර්ශනිකයන් වෙන්නට දැගලීමක් නොවේ.

    ReplyDelete
  9. මම නාලිනී

    ම ෙග් කියවීම ෙනාෙවයි මට අවශ්‍ය ඔබ අපට කියන ෙද් ගැන ඔබ සමඟ සාකච්ඡා කරන්නයි.

    ඒෙහම නැතිව ඔබ ෙමහි අාෙව් නලින් ද සිල්වා ෙග් අෙලවි ප්‍රචාරක නිලධාරී ෙලස නම් අපට ඔබත් සමඟ කතාවක් නැහැ. ඒ නිසා කරුණාකර ම ෙග් ප්‍රශ්නයට පුලුවන් නම් පිළිතුරු ෙදන්න.

    >>>>2. බටහිර විද්‍යාව බොරුවක් වන්නේ යම්කිසි දෙයක පැවැත්ම පිළිගැනීමට නම් එය ඉන්ද්‍රිය ගෝචර විය යුතු බව කීම නිසයි. ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට ඔවුන් සමත්ව නැත. එහෙත් ඔවුහු ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති.>>>>

    බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර වන ප්‍රපංච පිළිබඳ කරන ෙත්රුම් කිරීම් සත්‍ය ද?

    ඔවුන් ෙයාදා ගන්නා 'ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප' ෙමානවාද?

    ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ෙමානවාද?

    >>>>3. නිරපේක්ෂ දැනුමක් නැත. සියලු දැනුම සාපේක්ෂක වේ. සම්මුති දැනුමකි.>>>>

    ඔබ කලින් කීෙව් පහත පරිදියි.

    >>> ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මත පදනම් වී ගොඩනගන දැනුම සාපේක්ෂක වේ. එය නිරපේක්ෂක දැනුමක් ලෙස වටහාගන්නේ බටහිර ඔබ ඔය කියන ඊනියා චින්තකයන්ය.>>>>

    ඒයින් ගම්‍ය වන ෙදයකි මා අැසුෙව්. ඒනම් " ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මත පදනම් වී ගොඩනගන දැනුම සාපේක්ෂක වේ" නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මත පදනම් ෙනාවී ගොඩනගන දැනුම සාපේක්ෂක ෙනාවන්ෙන් ෙනාෙව්ද යන්නයි. දැන් ඔබ කියන්ෙන් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මත පදනම් ෙනාවී ගොඩනගන දැනුමමත් සාපේක්ෂක ෙනාවන්ෙන්ය යන්නයි.


    >>>>4. දැනුම මහපොලව සමග සම්වන්ධ වෙනවා යනු වෙන මොකක්වත් නොව බටහිරයන්ට අවශ්‍ය ලෙස බටහිර දාර්ශණිකයන්ගේ අච්චුවේ දමා අපේ සමාජය තේරුම් කිරීමෙන් වැලකීමයි>>>

    ඔබ ෙයා්ජනා කරන්ෙන් අපේ සමාජය බටහිරයන්ට ෙනාව අපට අවශ්‍ය ලෙස තේරුම් කිරීම ට නලින් දි සිල්වා ලාංෙක්ය අච්චුවක් හදා අැති බවයි. ෙම් අච්චුව කුමක්ද? ඒය බටහිර අදහස් වලින් මිදී අැතැයි ඔප කිය්න් ෙන් කුමන පදනමක් මතද?

    >>> 5. දැනුම යනු නිර්මාණයකි. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ ඒ ඒ අයගේ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්කෘතියට, මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව වේ. සිංහල බෞද්ධයන්ට දැනුම් පද්ධතියක් ඇත. මා කීවේ මෙම අඩවියේ ලියන මහත්වරුන් බටහිරයන්ගේ දර්ශණය/ විද්‍යාව පසුපස යන්නන් බැවින් ඔවුන්ට ඔවුන්ගේ දැනුම සත්‍ය බවත් අපගේ දැනුම අසත්‍ය බවත් හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙසයි.>>>

    සිංහල බෞද්ධයන් ෙග් චින්තනය කුමක් ද? ඔවුන්ෙග් සංස්කෘතිය කුමක් ද?ඔවුන්ෙග් දැනුම් පද්ධතිය කුමක් ද? ඒය බටහිර චින්තනය, සංස්කෘතිය, දැනුම් පද්ධතිය යනාදිෙය් බලපෑෙම්න මිදී අැත්ෙත් ෙකෙ ෙස්ද ? කවර අාකාරයකින්ද? ඔබගේ දැනුම සත්‍ය බව හැකිනම් ඔප්පුකර පෙන්වන්නට ඔබට ප්‍ුල්වන්ද? දැනුම සත්‍ය බව ඔප්පු කර ෙපන්වීම සිංහල බෞද්ධයන් ෙග් චින්තනෙය් අඩංගු ෙදයක් ද? කවර අාකාර ෙයන්ද?

    >>>>එහෙත් යමක් පැවසිය යුතුය.... ලංකාවේ ජාතික චින්තනය ගොඩනගන ලද්දේ විශාල ශ්‍රමයක් හා කැප කිරීමක් සමගයි. එය මෙවැනි අඩවි වල ලියන මහත්වරුන්ට මෙන් සනීප ජීවිත ගත කරන ගමන් දාර්ශනිකයන් වෙන්නට දැගලීමක් නොවේ.>>>

    අපෙ ෙමය මතක් කරන්ෙන් ඉහත කාල ෙය් පශ්චාත් නූතන වාදීන් යැයි කියාගත් ලංකාෙව් පිරිසකට බුද්ධිමය අභිෙයා්ග ඒල්ල වූ විට ඔවුන් ද ෙමි හා සමාන ස්ථාවරයක් ගත් බවයි. ෙම් කියන්ෙන් ශුමයට හා කැප කිරීමට ගරු කිරීමක් වශෙයන් අන් අය ඔබ ප්‍රශ්න ෙනාකළ යුතු බවයි. ෙමයත් සිංහල බෞද්ධයන් ෙග් චින්තනෙය් අඩංගු ෙදයක් විය යුතු යැයි සිතමු.

    ම ෙග් windows 8 සිංහල අක්‍ුරු හරි හැටි ෙනාකියවීම බටහිර චින්තනය නිසා සිදුවන්නක් ෙනාෙව් යැයි සිතමි. ෙම් කරදරය පිළිබඳ සමාවන්නග

    ReplyDelete
  10. මහාචාර්‍යතුමා බටහිර විද්‍යාවට ගහද්දි මෙහෙ ඇන්කරයන්ට රිදෙන එක පුදුම දෙයක් නෙමේ. බටහිර විද්‍යාව කියන්නේ වාස්තවික යථාර්තයක් නෙමෙයි, ඒක බොරුවක් බව ණුවනින් විමසා බලන ඕනම කෙනෙකුට තේරෙනවා. නලින් ද සිල්වා සමග තරහවූ පලියට බටහිර විද්‍යාව සත්‍යක් වෙන්නෑ. කොහොමත් එදා ඉදලම අනුකාරක ඇන්කරයෝ කරේ බටහිරයන්ගේ නම් ටිකක් සහ පොත් ටිකක නම් ටිකක් කියලා අපේ දැනුමක් ගොඩ නැගීමට වෙහෙසෙන කෙනෙක්ට ගහන එක​. මොවුන්ට රටේ කිසිම පිලි ගැනීමක් නැති එක​ රටේ කරුමයක් නොව මේ මුග්ද ඇන්කරයන් ගේම උපන් ගෙයි කරුමයකි. 20, 30ක් කියවන වෙබ් සයිට් වල චන්ඩි පාට් නොදා මහා සමාජයට ඇවිත් පොතක් පලකර නලින් ද සිල්වාට අභියෝග කරානම් ගේම ඉවරනේ. බටහිරයන්ගේ නම් වැලක් කියවන් ගියහම නලින් ද සිල්වාව ජය ගත්තා කියලා හිතනවා කියන්නේ තමන් කැමති ගැහනියක් හිතින් මවාගෙන චූන් වෙනවට වඩා දෙයක් නෙමේ.....

    ReplyDelete
  11. මම නාලිනී

    මේ මා හා වාදයට බට එකම Anonymous නම්, ඉතිව් ඔබ නලින් දි සිල්වා ගෙන් උගත් දේ අපට කියා දෙමින් ඔහුගේ ගරු නම රකින්න සැබෑ නලින්වාදයෙක් ලෙස.

    ඔබ නලින් ගේ පොත් කියවාගෙන ඉන්නේ නැතුව මේ බ්ලොග් එකට ආවේ මොකටද?

    ReplyDelete
  12. it is not the bankruptcy of nalin de silva but of his opponents that they use this as a fact to show the bankruptcy of nalin de silva. if he does not know the 'lokka' it does not mean he is ignorant of these so called global contemporaries. and even if he is actually ignorant of them then it does not show his bancruptcy (i use the same word- my vocabulary is poor). what is important is whether his views can be directly proved to be wrong. the most creative human beings r not readers of many bt few (whole list of physicists - the ones who created the playground for so called philosophers and the rest to play gymnastic- r examples). they r their own independent thinkers. they think until satisfaction. when satisfied they present their views to others to be attacked. having hadnt read many is not a mark of bankruptcy. we sinhalas have a tradition of praising readers not the thinkers from ancient times. people in madyasthanaya r of course sinhalas- no doubt. - shirantha chamara

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා වැටි ඇති වටහා දෙනු පිණිස මෙවැනි උදාහරණයක් පෙන්වීමෙන් පෙනී යන්නේ මෙය ලියුවන්ගේ දිළිඳු මට්ටම විනා අන් කිසිවක් නොවේ. නලින් ද සිල්වා මහතා මේ ගෝලීය දාර්ශනිකයන් යි කියනු ලබන්නන් ගැන නොදන්නේ නම් එය ඔහුගේ දිළිඳු බව දක්වන සාදකයක් වන්නේ නැත. ලෝකයේ බිහිවන විශිෂ්ට මිනිසුන් බොහෝ දේ කියවුවන් නොවේ. ඔවුහු ස්වාදීනව සිතන්නන් ය. යම් තැනකින් දෙකකින් කුඩා වියේදී හා තරුණ වියේදී උත්තේජන ලබාගන්න ඔවුහු එතැන් සිටමනසට වද දෙමින් සිතති. ඉන්පසු විවේචනය උදෙසා තමන් නිර්මාණය කල දේ ඉදිරිපත් කරති. ඉන්පසු ඔවුන් සොයන්නේ තම අදාදහස් වලට කෙලින්ම ප්‍රතිචාර දක්වන්නන් හා එය සමාජගත කිරීමේදී බාධා වන්නන් ගැන පමණි. (ඊනියා දාර්ශනිකයන් ට ජිම්නස්තික් පිටි නිර්මාණය කර දීමට වැඩ කල සියලුම භෞතික විද්යන්යයෝ පාහේ මීට නිදසුන්ය.) නලින් ද සිල්වා මහතාගේ අදහස් සමාජයට පිලිගන්විමේදී බාධා වන්නේ දර්ශනය ගැන වේවා මොකක් ගැන වේවා භෞතික විද්යන්යයන් දක්වන අදහස් වලින් මිසක් ඊනියා දාර්ශනිකයන් දක්වන අදහස් වලින් නොවේ. ඒ කෙසේ වෙතත් මේ මොන මගුලක් වත් නලින් ද සිල්වා මහතාගේ දිළිඳු කමක් ගැන සාදකයක් නොවේ. වැදගත් වන්නේ ඔහුගේ මතයට කෙලින් අභියෝග කල හැකිද යන්න සහ එය පමණක්ම වේ. ලංකාවේ ඊනියා නුතනයන් ගැන මට ඇති අත්දැකීම නම් මොවුහු පැරණි සිංහල සංස්කෘතියේ නරකම දේවල් කරපින්නාගෙන යන බැවි. මොවුහු අගයන්නේ බොහෝ දේ කියවන්නන් අස ඇත්තන් (බහුශ්‍රැතයන්) මිස සිතන්නන් නොවේ. shirantha chamara

      Delete
    2. මිත්‍රයා, එක්තරා දුරකට පසු සංවාද කිරීමට මූලික එකඟතාවයන් අවශ්‍ය වේ. ඔබ සාමාන්‍ය ලෝකය තුල දාර්ශනිකයන් හැටියට පිළිගැනෙන අය (කාන්ට්, හේගල්, ශෙලිං, ශෝපන්හෝව, නීට්චේ, ෆ්‍රගර්, හසල්, හෛඩැගර්, විට්ගන්ස්ටයින්, ඩෙරිඩා, ආදී ලෙස) කියවා තිබෙනවාද නොදන්නෙමු. ඔබ සිතනවානම් ඔවුන් දර්ශනයේ ඉතිහාසය හෝ සිය සමකාලීනයන්ගේ සංවාද කියවා නොමැති අය කියා අපි ඔබ ගැන කණගාටු වෙමු. ඔබ දර්ශනය ඉගෙන ගෙන තිබෙන්නේ කුමන විශ්ව විද්යාලයකින්ද කියා අපි නොදනිමු. නමුත් ඔබට 'සිතන්නන්' කියන එක සම්බන්ධයෙන් ඉතාම වැරදි අදහසක් තිබෙන බව, මේ පිළිබඳව ඉගැන්වෙන ඕනෑම තැනකින් ඔබට කියා දෙනු ඇත. සංවාදයට සම්බන්ධ වීම පිළිබඳව ස්තුතියි.

      Delete
    3. එක්තරා දුරකට නොව කුමන දුරකටවත් සංවාද කල හැක්කේ එකඟතා මත පමණි. ඔබට සංවාදය යි හඳුන්වන මෙය නැවැත්විය යුතු නම් කල යුත්තේ මා හා එකඟ නොවන තැන ප්‍රකාශ කිරීම පමණි. එවිට එක්කෝ එකඟ නොවන තැන ගැන සංවාද කල හැක නැත්නම් මෙය ඇත හැර දැමිය හැක (එහි ගැටළුවක් නැත). ඒ වෙනුවට මට සිතන්නන් ගැන ඇත්තේ ඊනියා වැරදි අදහසක් යි කියන්නේ කෙසේද? දර්ශනය ගැන ඉගැන්වෙන විශ්වවිද්‍යාල වල හෝ වෙනත් තැන් වල සිතන්නන් යන්නෙන් අදහස් කරන්නේ මා අදහස් කරන්නන් නොවන්නේ නම් එයින් මගේ අදහස 'වැරදි' වන්නේ නැත. ඔබට කල හැක්කේ මා හා එකඟ නොවීම පමණි. එහෙම කැමති නැත්නම් වැරදි බව පෙන්වන්න . ලංකාවේ මිනිසුන් සංවාද අවසන් කරන්නේ කුහක ලෙසය.

      මේ එකකටත් වඩා ඔබ මෙහි මුලික දෙය මග හැර ගොස් ඇත. ඊනියා සමකාලීනයන් කියව තිබීම හෝ නොතිබීම කෙනෙකුගේ දිළිඳු බව පෙන්වන සාදකයක් නොවේ. වැදගත් වන්නේ ඔහුගේ අදහස් වලට අභියෝග කල හැකිද නොහැකිද යන්න පමණි. ඊට ඉක හේතුවක් මම කලින් කීවෙමි. පුද්ගලයන් අනිවාර්යයෙන් කියවන්නේ තමන්ට අභියෝග වන්නන් හා අභියෝග කරන්නන්ය. තවත් හේතුවක් වන්නේ ඊනියා සමකාලීනයන් යනු කවරුන්දි තීරණය වන්නේ සමාජ සාදක මත වීමත් ඒවා සාපේක්ෂ වීමත් ය. මෙයසු නලින් ද සිල්වා කියව නොතිබීම මෙයසු ගේ දිළිඳු කමක් නොවේ යි ගැනීමත් නලින් ද සිල්වා මෙයසු කියව නොතිබීම නලින් ද සිල්වාගේ දිළිඳු කමක් යි ගැනෙන්නේ කෙසේද?ඔබේ මතය සනාථ කිරීමට ඔබ ලෝකයේ සිටි සියලු දාර්ශනිකයන් සැමවිටම එකල තිබු ලෝකය විසින් ඊනියා සමකාලීනයන් ලෙස නම් කෙරුණු අය හැදැ රු බව පෙන්නුවත් මදිය. හේතුව එසේ නොවන පළමු කෙනා නලින් ද සිල්වා යි යමෙකුට කිව හැකි බැවිනි. මගේ මතය සනාථ කිරීමට එක උදාහරණයක් වත් පෙන්වීම අනවශ්‍යය (එහෙත් භෞතික විද්යන්යයන් බොහොමයක් උදාහරණ වේ.). උදාහරණ වලින් කිසිවක් සනාථ නොවේ. කෙලින්ම මතවාදයට අභියෝග කිරීමෙන් මිස ඔබට කවුරුන් න් හෝ දිළිඳු යි ඔප්පු කිරීමට මෙවැනි පහසු ක්‍රමයක් සොයා ගැනීම කල නොහැක. මගේ තර්කය එයයි . ඔබ එයට එකඟද නැද්ද? (මේ වතාවේ මා වැරදි නම් එක්කෝ ඒ බව හිතේ තියාගන්න . නැත්නම් පෙන්වා දෙන්න. එකඟ වන්නේද නොවන්නේද යන්න දැනගැනීම මට ප්‍රමාණවත්. එතනින් එහාට සංවාද කිරීම ඔබේ අයිතිය.)

      මා kant හා russel පමණක් කියව ඇත. එය ද ඔවුන් විද්‍යාව ගැන දරන අදහස් පමණි. ඔබ කියන අනෙක් අය ගැන දැනුම් බින්දුවට ආසන්නය. ම කියව ඇති තරම මා සිටින දිළිඳු තත්වය පෙන්වීමට සාදකයක් කරගැනීමට උත්සහ දරන්නේ දී නොදනිමි. . ඒ නිසා ම කියව ඇති දේ මෙහි කීම මගේ මතය පාවාදීමකි. ඒ නිසා කියව නැති දේ පමණක් කියුවෙමි.
      shirantha chamara

      Delete
  13. ඔබ ඉදිරිපත් කරලා තියෙන පිරිස විද්‍යාවේ දර්ශනය පිළිබද විශේෂඥයන් නොවේ. විද්‍යාවේ දර්ශනය ගැන අදහස් ඉදිරිපත් කරන අය වෙනම පිරිසක්. හැම දාර්ශනිකයයෙන්ම විද්‍යාවේ දර්ශනය ගැන විශේෂඥයෙක් නොවේ. ඇත්ත කතාව ෆෙයාර්බන්ඩ් ගෙන් පස්සේ විද්‍යාවේ දර්ශනය ගැන සැලකිය යුතු අලුත් අදහසක් ඉදිරිපත් කරපු කෙනෙක් නැති බවයි. දැං බටහිර විද්‍යාව ඒ ගැන එච්චර කලබල වෙන්නේ නෑ. වෙන කරන්ඩ දෙයක් නැති නිසා. වෙනකක් තබා සැලකිය යුතු විද්‍යාඥයන් පිරිසක් තාමත් පොපර් ගාව නතර වෙලා ඉන්නේ. තවමත් බටහිර විද්‍යාවේ දර්ශනයේ ප්‍රධාන ධාරා දෙක පොපර් සහ ෆෙයාර්බන්ඩ් ඉදිරිපත් කළ මත දෙකයි.

    ReplyDelete
    Replies
    1. නැවත වරක් ඔබෙන් අහන්න තියෙන්නේ ඔබ මේවා කියන්නේ ඉහත ලැයිස්තුවේ ඉන්න අය විධිමත් ලෙස හදාරාද කියන එකයි. ඔබට සමකාලීන දර්ශනය පිලිබඳ තිබෙන්නේ ඉතාම පටු කියවීමකි. සමකාලීන මහත්ද්වීපික දර්ශනය තුල 'විද්‍යාවේ දර්ශනය', 'කලාවේ දර්ශනය', 'ඉතිහාසයේ දර්ශනය' ආදී ලෙස දර්ශනය විසිතුරු ලෙස බෙදී නොපවතී. මේවා දර්ශනය පිලිබඳ හැඳින්වීමේ ග්‍රන්ථ වලට අයත් බෙදීම් වේ. ඓතිහාසික දාර්ශනිකයන් ගත් විට ඔවුන් එකිනෙකාගේ ගමන්පථය වැටී තිබෙන්නේ මේ ප්‍රවර්ගයන් විනිවිදීම් සහ අන්තර්මුහුවීම් හරහාය. එනිසා ඔවුන්ගෙන් සමහරක් හරියට 'විද්‍යාවේ දර්ශනය' තිබෙන වාට්ටුවටත් තවකෙක් 'දේශපාලනයේ දර්ශනය' අයත් එකටත් දැමිය නොහැක. බදියු වැන්නෙකු, නිදර්ශනයක් ලෙස, 'විද්‍යාවේ දර්ශනය' (philosophy of science) යන යෙදුම පවා පිළිගන්නේ නොමැත.
      විද්‍යාඥයන් පිළිගන්නා දාර්ශනිකයන් කවුද යන්න දර්ශනයේ නව ප්‍රවණතා සඳහා නිර්නායකයක් නොවේ කිසිසේත්ම!

      Delete
    2. විද්‍යාඥයන් පිළිගන්නා දාර්ශනිකයන් කියා වර්ගයක නෑ. කොටින්ම බටහිර විද්‍යාඥයන්ට විද්‍යාවේ දර්ශනය ගැන හොයන්න එතරම් උනන්දුවක් නෑ. ප්‍රශ්නය ඔබ කියන දාර්ශනිකයන්ගේ මතවාද වලින් ලංකාවේ උගත් සමාජය තුල ප්‍රබල සංවාදයක් ඇති කරවීමට නොහැකිවීම ය. මේ දුර්වලතාවය වසන් නොකර අදාල සංවාදය ඇති කිරීම ඔබේ වගකීම. බදියු ගැන සෙවීම වැදගත් බව සිංහල පුවත්පත් කියවන මාක්ස්වාදීන් අතරවත් පිළිගැනීමක් ඇති කරවීමට ඔබට බැරි මන්ද? එතෙක් පශ්චාත් නූතනවාදයට එල්ල වී ඇති විවේචන වලින් සෑහීමකට පත්වන්න.

      Delete
    3. @ Anonymous May 2, 2013 at 4:37 PM
      1. මෙම දාර්ශනිකයන් පිලිබද සන්වාදයට ඈත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. මෙම සන්වාදය ලන්කාව තුල බලපෑම් සහගත කිරීම එක රෑයින් කල නොහෑක.
      2. මෙම ලිපියට කොමෙන්ට්ස් දමන අය කොටස් දෙකකි. කට්ටියක් (නලින්ගෙ ඈන්කරයන්) ඉහත දාර්ශනිකයන්ගෑන මෙලො අවබොදයකින් තොරව එම දර්ශනිකයින් අනවශ්යයෑයි පවසන අතර අනෙක් කොටස (මද්යස්තානය ) මෙම දාර්ශනිකයන්ගේ වෑදගත්කම අවදරනය කරයි. මෙය හරියට පෑනි රස නොදන්නාට එම රස කියා දීමට දරන උත්සාහයක් වෑනිය. රස බලන තාක් කල් එම රස තේරුම් ගත නොහෑක.
      සමල්

      Delete
  14. shirantha chamara

    මම නාලිනී

    ඔබ කියනවා:

    >>ලෝකයේ බිහිවන විශිෂ්ට මිනිසුන් බොහෝ දේ කියවුවන් නොවේ. ඔවුහු ස්වාදීනව සිතන්නන් ය. යම් තැනකින් දෙකකින් කුඩා වියේදී හා තරුණ වියේදී උත්තේජන ලබාගන්න ඔවුහු එතැන් සිටමනසට වද දෙමින් සිතති. ඉන්පසු විවේචනය උදෙසා තමන් නිර්මාණය කල දේ ඉදිරිපත් කරති. ඉන්පසු ඔවුන් සොයන්නේ තම අදාදහස් වලට කෙලින්ම ප්‍රතිචාර දක්වන්නන් හා එය සමාජගත කිරීමේදී බාධා වන්නන් ගැන පමණි. (ඊනියා දාර්ශනිකයන් ට ජිම්නස්තික් පිටි නිර්මාණය කර දීමට වැඩ කල සියලුම භෞතික විද්යන්යයෝ පාහේ මීට නිදසුන්ය.)>>>

    ඔබ මෙම නිගමනයට එළඹුනේ කෙසේද? ඔබ කියන්නේ “ විශිෂ්ට මිනිසුන්“ ට අදහස් තමන්ගේ මනස ඇතුළතින්ම පහළ වන බවද? නලීන් ද සිල්වා එබඳු මනස ඇතුළතින්ම අදහස් නිර්මාණය කරගන්නා කෙනෙක් ද? ඔහු මෙතෙක් ලියා ඇති සියලු ලිපි ලේඛණ අපට පැහැදළි කරන්නේ එබඳු අදහසක්ද?

    ReplyDelete
  15. Here is an example of a course description on philosophy of social sciences at MIT


    http://ocw.mit.edu/courses/linguistics-and-philosophy/24-810-topics-in-philosophy-of-science-social-science-fall-2006/readings/



    Calendar
    WEEK # TOPICS
    1 Introduction
    2 What is "the social"?
    3 Institutions and Practices
    4 "Social Construction"
    5 Reductionism, Individualism, Holism
    6 Explanation, Prediction, Laws
    7 Interpretation and Meaning
    8 Rational Choice Explanations I
    9 Rational Choice Explanations II
    10 Structural Explanations
    11 Functional Explanations
    12 Critical Theory
    13 Values and Objectivity

    ReplyDelete