Wednesday, March 6, 2013

"කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය

'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත. 


නමුත් එවැන්නන් බොහෝ සෙයින් මෙරට නොමැති බව අප ඉතාම හොඳින් දන්නෙමු. එය නිර්මාණය කල යුත්තක් මිස දැනටමත් තනා නිම කර තිබෙන්නක් නොවේ. එවැනි දෙයක් නිර්මාණය කිරීම ඉතාම අපහසු, එතරම් ජනප්‍රිය නොවන, කළකිරීම් බහුල කටයුත්තකි. නමුත් අද දවසේ අපට කරන්නට ඉතිරි වී ඇති ප්‍රයෝජනවත් වැඩ වන්නේ මේවාය කියා අප තරයේ අදහමු. එවැනි දෙයක් කිරීම සඳහා තමන්ගේ සංවාදය ඉතාම පුළුල්ව සහ ගැඹුරින් සමාජගත කිරීමට 'කතිකා අධ්‍යයන කවය' සම්බන්ධ වේ කියා අපි බලාපොරොත්තු වෙමු. 

No comments:

Post a Comment