Friday, January 18, 2013

හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය

ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් නැංගුරමක් හමු වෙයි. අනෙක් අතට ඔහු සම්පූර්ණයෙන් පශ්චාත්-කාන්ටියානු දර්ශනය සමග සටන් වදිනා හෙයින් නූතන දර්ශනයේ ඉතිහාසය පිළිබඳවත් බැරෑරුම් සාකච්චාවකට එය මග පාදයි. 



මෙහි ආරම්භක පියවර වශයෙන් විමුක්ති ජයසුන්දරගේ "Light in the Yellow Breathing Space" සිනමාපටය ඇසුරින් මේ පිළිබඳව කෙරෙන සංවාදයක් මේ මස 21 වන දින සවස 3ට කොළඹ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙයි. මෙම චිත්‍රපටය ඇසුරින් සමපේක්ෂී යථාර්ථවාදය පිළිබඳව කෙටි හැඳින්වීමක් එහිදී ලබා දේ. මෙහිදී අප මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ අපගේ මෙම අධ්‍යනය කවයට සම්බන්ධ පිරිස සමග මේ පිළිබඳව කතා කිරීමට වන මෙය විශාල ප්‍රචාරයක් දී කිරීමට අප උත්සාහ කරන්නේ නැත. නමුත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන තවත් සුළු පිරිසකට මේ සඳහා සම්බන්ධ විය හැකිය. ඉඩ කඩ සීමිත හෙයින් මෙයට සහභාගී වීමේදී සිනමා පටය බැලීමට පමණක් නොපැමිණෙන ලෙසත් දර්ශනය පිලිබඳ දුර දිග යන සාකච්චාවක් සමග මේ චිත්‍රපටිය කියවීමටත් වෙනුවෙන් පමණක් පැමිණෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 

දිනය : ජනවාරි 21 වන සඳුදා 

වෙලාව : සවස 3 ට 

ස්ථානය : කාමර අංක 230, ශාස්ත්‍ර පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය.

සිනමාපටය  සන්දර්භගත කිරීම : වංගීස සුමනසේකර 

චිත්‍රපට දර්ශනය : Light in the Yellow Breathing Space

අදහස් දැක්වීම : විමුක්ති ජයසුන්දර 

විවෘත සංවාදය 


   

No comments:

Post a Comment