Tuesday, August 21, 2012

steven spielberg ගේ සිනමාව තාක්ෂණ පෙළහරක් ද? පවුලේ මිත්‍යවක් ද?

පහතින් පල වන්නේ ජිජැක් ගේ A Pervert’s Guide to Family නමැති ලිපියේ කොටසක පරිවර්තනයකි. ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සිනමාව සම්බන්ධයෙන් ඔහු මෙහිදී විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මේ අදහස් සිංහලෙන්, ජිජැක් ගේ නම නොකියා කියන සමහරුන් වැඩි දුරටත් කියා සිටින්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන් මෙසේ නොකරන නිසා ඔවුන්ගේ පඩි වැඩි කිරීම සුදුසු නැති බවයි. එම නිසා අපි ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පහසුවක් පිණිස මෙහි මුල් ලිපියට අදාළ සබැඳිය පහතින් පල කර තිබේ. ඔවුන් ද වහ වහා කල යුත්තේ ජිජැක් ගේ ලිපි කියවා, ඒවා තමන්ගේ අදහස් සේ සිංහලෙන් කීමයි.


--------------------------------------------------------------------------------------------------


"සිනමාව සඳහා විපරීතයාගේ අත්වැල" (Pervert’s Guide to Cinema) නම් චිත්‍රපටිය නිපදවීමේ අදහස ඇතුව සොෆී ෆියෙන්ස් මා හමු වූ විට අපගේ පොදු අරමුණ වූයේ මනෝවිශ්ලේෂනාත්මක සිනමා විචාරය තමයි අපගේ මුළු පර්යාවලෝකනයම වෙනස් කිරීමට බල කරන අන්තර්ඥානයන් ගොඩ නගනා අපිට ඇති හොඳම විචාර සම්ප්‍රදාය යන්න පෙන්වා දීමයි. මෙහි මාතෘකාවේ තිබෙනා 'විපරීතයා' යන්න මේ අනුව පටු සායනික ප්‍රවර්ගයක් නොවේ; එමගින් ඒ වෙනුවට අදහස් කරන්නේ අපගේ ස්වභාවික (spontaneous) පර්යාවලෝකනයන් විපරීතකරණය (perverting) - උඩු යටිකුරු කිරීම - යන්නයි.

මනෝවිශ්ලේෂණ විචාරයට එරෙහිව ඇති සාමාන්‍යය විරෝධය වන්නේ එමගින් සියල්ල පවුල් සංකීර්ණයන් දක්වා ඌනනය කරන බවයි: කතාව මොක උනත් එය "ඇත්තටම" ඊඩිපස්, ව්‍යාභිචාරය, ආදිය සම්බන්ධ වන බවයි. මෙය නිවැරදි නොවන බව ඔප්පු කිරීමට උත්සාහ කරනවාට වඩා කල යුත්තේ අභියෝගය බාර ගැනීමයි. පවුල් ප්‍රශ්න වලින් වඩාත්ම දුරස්ථ වන චිත්‍රපට වර්ගය වන්නේ, ඇති විශාල ප්‍රමාණයේ බිහිසුණු සිදුවීමක් විශ්මිත අයුරින් පෙන්වා නරඹන්නා පිනවන ව්‍යසන චිත්‍රපටයි (catastrophe films). මෙය අපිව කැඳවාගෙන එන්නේ ව්‍යසන චිත්‍රපට කියවීම සම්බන්ධයෙන් පළමු නියාමය වෙතයි: අප කල යුත්තේ "ලොකු සිදුවීමේ" මායාවට නොරැවටී "කුඩා සිදුවීම" (පවුල් සම්බන්ධතා) මත අවධානය තියා ගැනීම සහ විශ්මිත ව්‍යසනය පවුල් අර්බුධයක හැඟවීමක් ලෙස කියවීමයි. ගන්න ස්ටීවන් ස්පීල්බර්ග්: ඔහුගේ සියලුම ප්‍රධාන චිත්‍රපටි - ET, Empire of the Sun, Jurassic Park, Schindler’s List - යටින් දිවෙන රහසිගත තේමාව වන්නේ පියාගේ සහ පීතෘ අධිකාරියේ යලි මතු වීමයි. අප මතක තබා ගත යුතුයි, ET පෙනී සිටින කුඩා දරුවාගේ පවුල පියා විසින් ඇත හැර දමනු ලබා ඇති බව (අපි ආරම්භයේදී දැන ගන්නා පරිදි) සහ ඒ නිසා ET කියන්නේ ඇත්තටම අලුත් පියෙක් ලබා දෙන "වියැකී යන මැදිහත්කරුවෙක්" වැනි අයෙකි (චිත්‍රපටියේ අවසාන දර්ශනය වන විටම එහි හොඳ විද්‍යාඥයා මව වැළඳ ගන්නා හැටි අපට පෙනේ) - අලුත් පියා මෙහි පැමිණි පසු, ET හට ළමයා ඇත හැර "නිවෙස් බලා යන්න පුළුවන්".


මෙය දිගින් දිගටම ඇදී යයි. Empire of the Sun චිත්‍රපටියේදී යුද්ධයට මැදි වූ චීනයේ සිය පවුල විසින් අත් හැර දැමූ දරුවෙකු කැපකරු පියෙකුගේ (මෙය ට රංගනයෙන් එක් වන්නේ ජෝන් මැල්කොවිච් ය) උපකාරයෙන් දිවි ගලවා ගන්නා අයුරු අපට පෙන්වයි. Jurassic Park හී පළමු දර්ශනයේදී අපි දකිනවා පිතෘ චරිතයක් ( මෙය ට රංගන දායකත්වය සෑම් නීල්ය) දරුවන් දෙදෙනාට විහිලුවට මෙන් ඩයිනෝසෝර අස්ථියකින් බිය කරනවා - මේ අස්ථිය තමයි පසුව ඇති විශාල ඩයිනෝසෝරයන් ලෙස පුපුරා යන කුඩා වස්තුව-පැල්ලම (object-stain) සහ එම නිසා මෙම චිත්‍රපටියේ ෆැන්ටසීය විශ්වය තුල ඩයිනෝසෝරයන්ගේ විනාශකාරී කෝපය කරන්නේ පීතෘ ක්‍රෝදය භෞතිකකරණය කිරීමක් කියන උපන්‍යාසය මේ අනුව අපට සැකසහිතව ඉදිරිපත් කල හැකිය. චිත්‍රපටියේ මැදදී අපිට දකින්නට ලැබෙන මග හැරිය හැකි අන්දමේ කරුණකින් මෙය තහවුරු වෙයි. නීල් සහ දරුවන් දෙදෙනා මිනීමරු ඩයිනෝසෝරයන්ගෙන් ගැලවී, ඉතාමත් මහන්සි නිසා ඇති විශාල ගසක නින්දට වැටෙයි; එම ගසේදී නීල් අතින් සිය බඳ පටියේ රැඳවී තිබුණු ඩයිනෝසෝර අස්ථිය ඔහුගෙන් ගිලිහෙන අතර, මෙම හදිසි ගිලිහීමට ඇත්තටම මැජික් ප්‍රතිපල ගෙන ආවා වැනිය - ඔවුන් නිදා ගැනීමට පෙර නීල් දරුවන් දෙදෙනා සමග යලි එක් වන අතර ඔවුන්ට දැඩි සෙනෙහසක් පෙන්වයි. වැදගත් ලෙස, පසුදින උදෑසන ඔවුන්ට ලංවන ඩයිනෝසෝරයන් වන්නේ අහිංසක ශාක භක්ෂක වර්ගයකි... Schindler’s List
ඉතාම ප්‍රාථමික තලයක් තුලදී Jurassic Park හී යලි නිෂ්පාදනයකි (මේ ගැන කියන්න තියෙන්නේ මෙය පළමු නිෂ්පාදනයට වඩා දුර්වල බව පමණි). මෙහිදී ඩයිනෝසෝර් යක්ෂයන් වෙනුවෙන් නාට්සීන් සිටින අතර (චිත්‍රපයේ ආරම්භයේදී) ශින්ඩ්ලර් යනු නරුම ලාභ වෙනුවෙන් සහ අවස්ථාවාදීව පෙනී ඉන්නා දෙමාපිය චරිතයද දුප්පත් යුදෙව්වන් තර්ජිත ළමයින්ද (මෙම චිත්‍රපටිය තුල ඔවුන්ගේ ළමාකරණය හොඳින්ම පැහැදිලි වෙයි) ලෙස පෙනී සිටී - චිත්‍රපටිය විසින් කියනා කතාව වන්නේ යුදෙව්වන් වෙත ඇති සිය පීතෘ වගකීම ශින්ඩ්ලර් විසින් නැවත ක්‍රමිකව සොයා ගැනීම සහ ඔහු වගකීම් ගන්නා පියෙක් ලෙස වෙනස් වීමයි. 

මෙම කතාවේම අවසාන කොටස වන්නේ The War of the Worlds නොවේද? ටොම් කෲස් විසින් තමන්ගේ දරුවන් අමතක කරන දික්කසාද වූ වැඩකරන පංතියේ පියෙක් නිරූපණය කරන්න; පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරය සමග ඔහුගේ නියම පීතෘ සහජයන් යලි අවදි වෙන අතර ඔහු දරුවන් රැක බලාගන්න පියෙක් ලෙස තමාවම යලි සොයා ගනී - මුළු චිත්‍රපටය පුරාම ඔහුව පිළිකුල් කරන ඔහුගේ පුතා මෙහි අවසානයේදී ඔහුව පිළිගැනීම මේ අනුව පුදුමයක් නොවේ. 18 වෙනි සියවසේ කතා වලදී මෙන් මේ චිත්‍රපටියට මේ අනුව මෙවැනි උප මාතෘකාවක් යෙදිය හැකිව තිබිණ : "වැඩ කරනා පියෙක් කොහොමද සිය පුතු සමග අවසානය්දී එක් වන්නේ කියන එක ගැන කතාවක්".... කෙනෙක්ට ඉතාම ලේසියෙන් මේ චිත්‍රපටිය ලේ පිපාසිත පිටසක්වල ජීවින් නොමැතිව මවා ගත හැකිය : එහිදී ඉතිරි වන්නේ "මේ චිත්‍රපටිය ඇත්තටම කියනා කතාවයි", තමන්ගේ දරුවන් දෙදෙනාගේ ගෞරවය තමන් වෙත දිනා ගැනීමට මහන්සි වන දික්කසාද වූ, වැඩ කරන පංතියේ පියෙක් පිලිබඳ කතාවක්. මේ චිත්‍රපටියේ දෘෂ්ඨිවාදය තිබෙන්නේ මෙතැනයි: මේ චිත්‍රපටියේ තල දෙක අතර මේ අනුව ගත් විට (අහිමි වූ සහ යලි ලබා ගත් පීතෘ අධිකාරිය සම්බන්ධ ඊඩිපල් තලය; ආක්‍රමණකාරී පිටසක්වල ජීවින් සමග ගැටුම ඇති මනස්කාන්ත තලය) පැහැදිලි අසමමිතියක් තිබේ; ඊඩිපල් තලය යනු මෙය "ඇත්තටම මොකක් සම්බන්ධයෙන්ද" කියන එක වෙන තලය නිසා, පරිබාහිර මනස්කාන්ත තලය යනු මේ අනුව රූපික දිගුවක් පමණක් වෙයි.  

8 comments:

  1. වංගීස ඔයලා දීප්තිට ඊර්ෂ්‍යා කරන්න එපා. ඔයලත් ඕවා කියවලා පුලුවන් දෙයක් කරන්න... ඔයාලට ඕවා තේරෙන්නේ නැහැ.... ඔයා ඔය දාලා තියෙන පරිවර්තනයේ මෙලෝ දෙයක් මට නම් තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ ඇති නොතේරන කම මොකක්ද? සිහියෙන් කියවීම මගින් අවබෝධය ලැබිය හැකිය. සිදුවී ඇත්තේ තුමක්ද? ඔබ පිරිවෙනේ ආතල් කථා දිගටම අසා ඔබගේ 'සිතන මම' මේ වන විට පිරිවෙන පාරේ දේවාලයේ පූජා වට්ටිය මත ඔද්දල්ව වැතිර සිටීමයි. කරුණාකර සිතීම ප්‍රගුණ කරන්න. දීප්ති දීප්ති කියමින් වට වන්දනාවේ යමින් ඔහුගේ අතීත ශ්‍රමය විනාශ නොකරන්න. අතීතයේ ඔහු කළ කාර්යයට ඔහුට හිමි ගෞරවය ඔහුට ලබාගැනීමට ඉඩතබන්න.ඔහු මේ වන විට කරන ඒවාට ද නිසි තැන ඉක්මනින් ඔහුට හමුවන බව අප දනිමු. මේක මතක තබා ගන්න ප්‍රශ්න නැත්නම් දිගටම කථා අහන්න. ටෙනිසන් කුරේ පරදවා දීප්ති ඉදිරියට ගෙන ඒමේ මහින්ද ප්‍රියදර්ශන වැදගත් මහතාගේ ව්‍යාපෘතියට එරෙහි වන්න. මොකද මම 1995 විතර අහපු කථා දීප්ති තාම කියනව. මහින්ද ප්‍රියදර්ශනට ඒවා තාම සිරා. මතක තියා ගන්න මේ 2012 අපිට අතීතය හොඳට මතකයි. දේශපාලනය කියන්නෙ වාඩි හොද්දක් හදනව වගේ වැඩක් නෙමේ. ‍

      Delete
  2. zizek lankawe university lecturer kenek kiyala mama adai danne, marai meya. boru translation nathuwa weda pennapan ban. ko weda? ko Padi?

    ReplyDelete
  3. දේශපාලනය කියන්නේ විශ්ව විද්‍යාලෙක නිබන්ධනයක් (Thesis) වගේ දෙයක් කියලද ඔය මහත්තය(Mr Plagiarism Checker) හිතාගෙන ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විශ්ව විද්‍යාල නිබන්ධන වලදී අනුන්ගේ අදහස් හොරකම් කරන එක අවුලක් , ඒත් දේශපාලනයේදී එහෙම හොරකන් කලාට අවුලක් නෑ. අනේ බං උඹලගේ දේසපාලොනේ :D

      Delete
    2. නිබන්ධනයක අනුන්ගෙ අදහස් අනිවාර්යයෙන්ම දානව, හැබැයි හරියට රෙෆරන්ස් දැම්මෙ නැත්නම් ඒක හොරකමක්. නමුත් දේශපාලන කතිකාවක/ සංවාදයක? එවැනි තැනක හරියට රෙෆරන්ස් දාන එකට වඩා අදහස සමාජගත කිරීම වැදගත් කියලයි මගේ හැඟීම.

      Delete
    3. නිබන්ධනයක හොරෙන් අදහස් හොරකම් කරල ඇකඩමික් ලෝකෙ සැප ගැනීම වැරදියි වගේම, දේශපාලනයේදී වෙන රටවල අය ලියපු පොත් වල අදහස් තමන්ගෙ අදහස් විදිහට ඉංග්‍රීසි නොදන්න අහිංසකයන්ට කියල එයාල අන්ද ගැනීමත් වැරදි බවයි මගෙ අදහස. සමාජගත කිරීමේදී ඇත්ත කතෘගෙ නම කිව්වනම් හොඳයි, ලාබෙට පොරවල් වෙන්න යන්නෙ නැතුව. මෙයාල 1930 වගෙ කාලෙක හිටිය නම් කොමියුනිස් ප්‍රකාශෙත් තමන් කියපු එකක් කියල කියයි.

      Delete
  4. තමන්ගෙ අදහස් විදිහට? ඉංග්‍රීසි නොදන්න අහිංසකයන්ට? අන්ද ගැනීම? සහෝදරයට ශුවර්ද?

    දීප්ති පොරක්ද නැද්ද කියන එක ඉතිහාසය තීරණය කරයි. සහෝදරය කලබල වෙන්න එපා. ඔයාලත් ඔයාලගෙ ක්‍රමේකට දැනුම සමාජගත කරන්න, යහපත් සමාජයක් හදමු. But first of all, be the change you want to see in the world.

    ජය!!!

    ReplyDelete