Tuesday, August 7, 2012

දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි?




හේගලියානු දර්ශනය පිළිබඳව ලංකාවේ තරමක උනන්දුවක් ඇති වී තිබීම යහපත් තත්වයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ පිළිබඳව ලියවුනු ස්ලැවොයි ජිජැක් ගේ "අරගලය සහ ප්‍රතිසංධානය" නම් කෙටි ලිපියේ පරිවර්තනයක් අපි ඉදිරි දින කීපයේදී පල කරන්නට අදහස් කරමු. මෙම සටහන වෙන් වන්නේ එය සඳහා වන ඉල ඇදෙන පූර්විකාවකටයි.

හේගල් පිළිබඳව ඇති වී ඇති මෙම තරමක උනන්දුව සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ  'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' මගින් ආරම්භ කර ඇති හේගල් පිලිබඳ සාකච්චාවයි. ඔවුන්ගේ අදහස වන්නේ සමකාලීන දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් හේගල් කියවිය යුතු බවයි. අප කියවා ඇති හේගල් නම් දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශනිකයෙක් ලෙස වටහා ගැනීම අපහසු වූ හෙයින් අපි මෙය තේරුම් ගන්නට විවිධ ලෙස උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. ඉතිහාසයේ අවිචල්‍ය වන පාඩමක් තිබේනම් ඒ සමාජ විප්ලවයන් වලට නායකත්වය දී තිබෙන්නේ දාර්ශනිකයන් නොව, නිර්මාණශීලී දේශපාලන ක්‍රියාකාරීන්ය යන්නයි. මෙලෙස දෙගිඩියාවෙන් සිටි අපට මෙය තේරුම් ගැනීම සඳහා කදිම අවස්තාවක් විවර වූයේ විශ්ව විද්‍යාල ගුරුවරුන් ගේ වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' දක්වන ප්‍රතිචාර සමගයි.



ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන 3මාන හිදී ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කලේ මෙම අරගලය හුදු වැටුප් වැඩි කර ගැනීමේ අරගලයක් පමණක් බවත්, මෙයට සහභාගී වන්නේ පඩියට වැඩ කරන බුර්ෂුවා පංතිය නිසා ඔවුන් මින් එහාට කිසිම දේශපාලනික ක්‍රියාවක් නොකරන බවත්ය. මීට අමතරව නිර්මාල් යනු ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයක් ප්‍රතිගාමී බලවේග වලට පාවා දුන්නෙකු බවත්, එවැන්නෙක් වෘත්තීය සමිති නායකයකු වන්නේ නැති බවත් ඔවුන් පැවසුවා. ඔවුන්ගේ අදහසේ හැටියට නිර්මාල් සඳහා මෙය අවසන් විය හැකි ආකාරයන් ඇත්තේ දෙකක් පමණි. මෙම ඉල්ලීම් දිනා ගැනීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම විශ්ව විද්‍යාල ගුරුවරු මෙම රජයට සහය පල කිරීම නිසා,

1.නිර්මාල්ටත් ආණ්ඩුවට එක් වීමට සිදු වීම

2. වෘත්තීය සමිති තනතුරු වලින් ඉවත් වී විප්ලයවය වෙනුවෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම

මින් ඔවුන් අදහස් කරන්නේ මෙම වෘත්තීය සමිති අරගලය කිසිදු දේශපාලනික වටිනාකමක් නොමැති කාලය නාස්ති කිරීමක් බවයි. මේ පිළිබඳව අපට කීමට තිබුනේ, ඔවුන් මෙවන් අඩියකට වැටීම සම්බන්ධයෙන් කනගාටු වන බව පැවසීම පමණි.

නමුත් අපව පුදුමයට පත් කරවන සිදු වීමක් වූයේ අධ්‍යාපන අර්බුධය සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවමින් විපක්ෂ නායක තුමා කැඳවූ "නිදහස් අධ්‍යාපනය සුරකිමු" නම් නියෝජිත සමුළුවේදීය. මෙම වෘත්තීය සමිති අරගලය කිසි තේරුමක් නැතැයි කියමින් සිටින ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සුදර්ශන ගුණවර්ධන මහතා මෙයට සහභාගී වූයේ අපව මවිත කරවමිනි. අපට පෙනෙන පරිදි හේගලියානු දර්ශනය ලෙස ඔවුන් කියමින් යන දෙය ඔවුන්ගේ දේශපාලනය සඳහා අවශ්‍ය වන්නේ ඇයි කියා දැන් තේරුම් ගත හැකි මාවතක් මේ ඇසුරින් කෙනෙකුට විවර කර ගත හැකිය.

ඔවුන්ට අනුව රූපික තර්ක ශාස්ත්‍රය තුල A සහ A නොවන්න යන්න දෙකම සත්‍යය වන්නේ නැත. ඒ අනුව,

සුදර්ශන ගුණවර්ධන යනු ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ට අනුව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අරගලය නිකන් පඩි වැඩි කර ගන්න කරන වැඩ වර්ජනයක් නිසා එහි දේශපාලනික වටිනාකමක් නොමැත.

ඒ අනුව සුදර්ශන මෙවැනි තේරුමක් නැති වැඩ වලට පැමිණ කාලය නාස්ති කර ගත යුතු නැත. ඔහු එම සාකච්චාවට අරාධනා ලැබුණු විගස කිව යුතුව තිබුනේ, "අයියෝ, ඕක කිසි තේරුමක් නැති වැඩක්, අපි ඔය වගේ දේවල් වලට කාලය නාස්ති කරන්නේ නෑ, අපිට තියෙනවා විප්ලවවාදී පක්ෂය ගොඩ නගන්න" කියාය. නමුත් ඔහු, පුදුම සහගත ලෙස එවැන්නක් නොකියා, මෙයට සහභාගී වෙයි.

එම නිසා මෙය තේරුම් ගැනීමට අපට රූපික තර්ක ශාස්ත්‍රය ඉක්මවා ගොස්, දයලෙක්තික තර්ක ශාස්ත්‍රයට යාමට සිදු වෙයි.

එයට අනුව A තුල A නොවන්න අන්තර්ගත වෙයි. ඒ අනුව අපිට දැන් ඉහත සිදු වීම වටහා ගත හැකි වෙයි,

සුදර්ශන ගුණවර්ධන යනු ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙකු වේය යන්න සත්‍යය වුවත් ඔහු හේගලියානු ආකාරයට එහි සාමාජිකයෙක් නොවන්නේද වෙයි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ට අනුව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අරගලය නිකන් පඩි වැඩි කර ගන්න කරන වැඩ වර්ජනයක් නිසා එහි දේශපාලනික වටිනාකමක් නොමැති වුවත් එය තුල, හේගලියානු ආකාරයට, එහි ප්‍රතිපක්ෂය වන එය දේශපාලනික ව වැදගත් වෙයි යන්නද තිබේ.

කෙනෙකුට දැන් හේගලියානු දයලෙක්තිකය තේරුම් ගැනීමට අවශ්‍ය මූලික කරුණු සියල්ලම පාහේ තිබේ.

හේගලියානු දයලෙක්තිකය = එකම අරගලයක් සඳහා එකම පක්ෂයකට, එකම වෙලාවක මත දෙකක් තිබීම.

හේගලියානු දයලෙක්තිකය = නිල වෙබ් අඩවියෙන් විරුද්ධ වන වැටුප් සටනකට සහය දෙන්න පැමිණීම

හේගලියානු දයලෙක්තිකය = "දීප්ති! ෂාහ්! දීප්තිනන් මාරයි අනේ! කොච්චර මාරද කියනවානං මාරම මාරයි!" කියා දිනකට දහසය වතාවක් අන්තර්ජාලයේ ලියන හිඟන කොල්ලන් ඉදිරියේ නිර්මාල් ගේ නායකත්වයට අම්බානක නෙලීම සහ රනිල් වික්‍රමසිංහ ඉදිරියේ එයට සහය දීම

හේගලියානු දයලෙක්තිකය = කන්න ඕන වෙලාවට කබරගොයා බුරියානි එකක් වීම



 

14 comments:

  1. එහෙම නෙවෙයි යකෝ......

    සුදර්ශන පෙරටුගාමී පක්ෂයේ සාමායිකයෙක් වේ (P)
    සුදර්ශන පෙරටුගාමී පක්ෂයේ සාමායිකයෙක් නොවේ (not P)

    ReplyDelete
  2. උබල ඔකොටෝම පිස්සු යකෝ... කවදාහරි උබල ඔක්කොම පොත් කියවල... තර්ක විතර්ක දාල විප්ලවය කෙරන්න ලෑස්ති වෙනකොට... නාමල් ලංකාවේ ජනාදිපති වෙලා තෙයි... ඊට පස්සේ වෙන්නේ උඩ බලාගෙන නාමල්ට kids හම්බ වෙන්න එපා කියල ප්‍රර්ථනා කෙරන්න විතරි...

    ReplyDelete
  3. එතකොට දැන් සුදර්ශන එන්ජීඕ කාරයෙන් නෙවෙයිද...? මේ බ්ලොග් එකේම කලින් පළවුන ලිපියක
    තිබ්බේ සුදර්ශන කියන එන්ජීඕ කාරයා ගැන..

    ReplyDelete
    Replies
    1. සුදර්ශන ගුණවර්ධන ව නිකම්ම නිකං NGO කාරයෙක් හැටියට නම් කරන එක අන්තිම සවුත්තු වැඩක්. එයා කරන මංඥ්ඤං වැඩ තිබුනත් එයා ගැන ඔය විදිහට කථා කරන එකෙන් නම් වෙන්නෙ මේ ලිපියෙන් මතුකරන දේ නොපෙනී වෙන මඟුලක පැටලී වාද හරඹයක යෙදීමට සිදුවීම පමණයි. අනික සුදර්ශන NGO කාරයෙක් වුනා කියල මොකක්ද මෙතන තියෙන අවුල. මිනිහෙකුගෙ රස්සාව පෙන්නල එයාගෙ දේශපාලනය ප්‍රශ්න කරන එක වැරදියි නේද මහත්මයා.

      Delete
  4. දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශනිකයෙක් ලෙස වටහා ගැනීම අපහසු වූ හෙයින් අපි මෙය තේරුම් ගන්නට විවිධ ලෙස උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. ඉතිහාසයේ අවිචල්‍ය වන පාඩමක් තිබේනම් ඒ සමාජ විප්ලවයන් වලට නායකත්වය දී තිබෙන්නේ දාර්ශනිකයන් නොව, නිර්මාණශීලී දේශපාලන ක්‍රියාකාරීන්ය යන්නයි.

    නිර්මාණශීලී නායකයන් දේශපාලන ව්‍යාපාරවලට නායකත්වය දුන්නද එම නායකයන් ගොඩනැගෙන්නේ අදාළ දාර්ශණික කතිකාවන් තුළිනි. නිර්මාල් අද වැටුප් අරගලයක් හෝ කරන්නේ පසුගිය කාලයේදීඔහුව ගොඩ නැගූ දාර්ශණික කථිකාවන් තුළිනි.
    උදහරණයක් ලෙස ඇයි කුමුදු කුසුම් කුමාරට ආචාර්යවරුන්ගේ සටනට නායකත්වය දෙන්න බැරි??? හේතුව ඔහුව ගොඩනැගූ දාර්ශණික කථාබන රැඩිකල් එකක් නොවීමයි. නායකයන් ගොඩනගන්නේ අදාළ දෘෂ්ඨිවාදී ව්‍යාපෘතිවලින් මිස සිල්ලර කඩවල් වලින් නොවේ.
    එවිට මධ්‍යස්ථානය මෙවා නොතේරනම් ඔබලා සිටින්නේ මනෝ රාජිකයන්ගේ මිසක් දේශපාලනයේනම් නොවේ. කොහොමත් කියන්නට ඇත්තේ දේශපාලන ඇත්තේ තව බොහෝ දුර බවයි.

    සංවාදය විවෘතයි !!

    ReplyDelete
    Replies
    1. මහත්මයාණෙනි. ඔබ සමඟ සංවාදයක් කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ඒ සඳහා ඔබ ඔබ පළමුව සපුරාලිය යුතු කොන්දේසිය මෙයයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නිළවරණය පැවැත්වෙන ආකාරය පළමුව සොයා බැලීමයි. ඔබ එය ටක්කෙටම සොයා ගත් පසු ඔබට කුමුදු කුසුම් කුමාර මහතාව විශ්ව විද්‍යල ආචාර්ය සමිති සම්මේලනයේ සටනට නායකත්වයට නම් නොකර නිර්මාල්ව නම් කිරීමේ රස රහස (ඔබට අවශ්‍යම නිසා) සොයා ගත හැක. එය නොදැන බොරුවට කෑ ගසා මේ නටන නැටුමෙන් ඔබලා ලඟා කර ගන්නේ කුමක්ද? කොටයක් උඩට නැග කුංඤ්ඤය ගලවා දෙක නැති කරගත් වඳුරාට වූ දේ පමණි. මාර්ටින් නිලමෝර් කිව් දේ තවමත් වචන පමණද? කරුණාකර වචන වෙනුවට ක්‍රියාව දෙස බලන්න. මේ නැතිවෙමින් යන්නෙ අපේ බූදලයක් නොවේ. ඔබට එය තේරෙන්නේ නැතිනම් මොනව කරන්නද?

      Delete
  5. දවල් මිගෙල් රෑ දනියෙල් විපරීත ටින් ටින් කොලුවා

    යකෝ මේක මාර වැඩක්නේ. ඔන්න මේ ලගදී දවසක විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්නයෙන් ලංකාවේ අධ්‍යපන අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වුනා. මේ සාකච්ඡාවට ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, බුද්ධිමතුන් සහ සිවිල් ...සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගී වුනා.

    මේ අවස්ථාවට නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයත් ඇවිත් හිටියා. ජෝසප් ස්ටාලින් මහත්තයත් ඇවිත් හිටියා. එයාලා තමයි අධ්‍යපන අර්බුදය ගැන කතා කරන්න මුල පිරුවේ. මේ අවස්ථාවට සුදර්ශණ ගුනවර්ධනත් සහභාගී වුනා. ඔන්න එතනදී සුදර්ශනට නිර්මාල්ව හම්බ වෙනවා. එතකොට නිර්මාල් සුදර්ශණගෙන් ඉල්ලීමක් කරනවා. ‛‛ මචං මට උබගා දිගටම ගැහුවට කමක් නෑ. ඒත් කරුණාකරලා අපේ අරගලය අවුල් වෙන විදිහට ලියන් එපා. මොකද අපි වගේම උබත් මේ සම්බන්ධයෙන් වැඩ කරනවනේ.’’ ඉතින් නිර්මාල් මේ ඉල්ලීම කලාට පස්සේ අපි කල්පනා කලා ඔවුන්ගේ අරගලය ඔවුන් කැමති ආකාරයකට කරගෙන ගියදෙන් අපි ඔහුගේ ඉල්ලීම සලකා බලමු කියලා.

    මෙන්න බොලෝ ඒ අස්සේ අර ගිනී පොලීකාර ජාතික පත්තරේ ප්‍රධාන කර්තෘගේ පුතා වෙච්ච විපරීත ටින් ටින් කොලුවා ඌගේ අර පිස්සු මධ්‍යස්ථානයේ හෙණ විකාරයක් ලියලා. ඌ කියනවා නිර්මාල් සහ සුදර්ශණ ගැන. එතකම් ඌ දන්නෙනෑ මොකද වුනේ කියලා. දැන් නිර්මාල්ට මූ මාර ඇණයක් වෙලා. ඒත් ඉතින් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම කනවා කනවා කියලා කෑ ගහනයෑ. ඉතින් නිර්මාල්ට දැන් මූව නතර කර ගන්න බෑ. මූ දැන් කරන්නේ මොනවද කියලා මූවත් දන්නේ නෑ.

    මුට ඇති ප්‍රශ්ණ මොනවදෟ

    01- මූව තියෙන්නේ ඇලන් බදියු, දීප්ති, හෙගල්, කාන්ට් වගේ ප්‍රශ්ණ නෙමෙයි මූට තියෙන්නේ ප්‍රසිද්ධ විපරීත ගායකයෙකුගේ ගෑනි එක්ක ආයෙත් සෙට් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්ණය.

    02- චන්දන ලංකාවට ඇවිත් මුගේ හතර හන්දි කඩනවා කියන නිසා එකෙන් බෙරෙන්න තාත්තගේ සරම අස්සේ හැංගෙන්නේ කොහොමද කියන එක.

    03- ඉන්දියාවේ දුප්පත් අහිංසක මාවෝවාදී ගොවියන්ගේ ලක්ෂ 12ක් හොරා ගෙන කාර් අරගෙන පිස්සු කෙළපු නිසා ඒකෙන් ගැලවෙන්නේ කොහොමද?

    04- මුගේ තාත්තා කෙලින පිස්සු සහ ගහන බඩු දැකලා මුට ඔලුව නරක් වෙන එක නැති කර ගන්න ඕන.

    05-මුගේ අලුම විප්ලවාදී දේශපාලනය තමා පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ දර්ශණ අංශයේ කතිකාචාර්ය ධූරයක් ලබා ගන්න බැසිල් රාජපක්ෂගෙන් ලියුමක් අරගෙන යන එක. ඒක අන්තිමට විශ්ව විද්‍යාලයේ කටිටියම විරුද්ධ වෙලා වඩේ අල කර ගත්තා.

    06- මූට තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් නිර්මාල් ඔහු තමා දවල්ට මුගේ තාත්තා. පැණියා තමා මුගේ රෑට තාත්තා. ඒ නිසා මූ දවල්ට බදියු. රෑට රොඩ්ස්ටුවර්ට්.
    මුගේ ඇත්තම නිසා මූ අනගාරික ධර්මපාල

    07- මේ කොලුව නිසා නිර්මාල් ඉන්නේ හරිම කරදරෙන් නිර්මාල්ට දැන් මූව නවත්තන්න බෑ. මොකද පැනියා මූව සම්පූර්ණයෙන්ම පාලනයක කරනවා.

    ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්ණ තියෙන විපරීතයෙක් අහනවා අරක සමානයි මේකට මේක සමානයි අරකට සුදර්ශණ සමානයි දීප්ති දීප්ති සමානයි. පක්ෂය පක්ෂය සමානයි රනිල් මූ දන්නැති කෙහෙල්මම් ලියන්න ගිහින් වරිගේ නහ ගන්නවා.

    අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි උබට දෙන්න තියෙන බේත චන්දන කල්ලය නෙමෙයි. උබට දෙන්න වෙන්නේ ඊට වඩා වැඩි වට්ටෝරුවක්. මොකද උබට චන්දන කල්කය කලා දවස් ගාණක් ඉස්පරිලාලේ ඉන්න වුනාට මට්ටු වුනේ නෑනේ ඒ නිසා. අපි දෙන්නමි උබට දසමූල අර්ශ්ඨය ආය නැගිටින් බැරි වෙන්න. අඩෝ තමන්ගේ පාඩුවේ ඉදපන් මම බාබර් යකෝ ඉස්සෙල්ලම රැවුල කපා ගනින්. නැත්තම් අපි උබේ ඇගේ තියෙන හැම රෝමකූපයක්ම කපනවා.... පස්සේ හම්බ වෙමු. අපි ආය නිර්මාල් ගැන ලියන් නෑ. මොකද නිර්මාල් ඉල්ලීමක් කලා ලියන්න එපා කියලා. ඒ නිසා අපි ලියන්නෑ.- බාබර් ජයරත්න

    ReplyDelete
  6. "මූව තියෙන්නේ ඇලන් බදියු, දීප්ති, හෙගල්, කාන්ට් වගේ ප්‍රශ්ණ නෙමෙයි"

    අනේ අප්පේ...! මේ දීප්ති ගේ කොල්ලෝ ටික දීප්තිගේ නම එක්ක එක පෙලට ලියන අනිත් නම්! උන්ට ලැජ්ජත් නෑ, උන්ගේ මහ එකාට ලැජ්ජත් නෑ! යකෝ තොපිට ලැජ්ජ නැති උනාට රට්ටු හිනස්සන්න එපා!

    ReplyDelete
  7. බාබර් ජයරත්නAugust 9, 2012 at 12:40 AM

    මෙතන වැඩක් කරන උන්ට ඉන්නේ සුදර්ශනයි නිර්මාලුයි විතරයි. සුදර්ශන තමයි පහුගිය කාලේ දිගටම වැඩ කළේ. දිප්තිගේ කොල්ලො ටිකයි වංගීසයි ඔක්කොම එක වගේ.

    ReplyDelete
  8. උබල ඔකොටෝම පිස්සු යකෝ... උබල මරගනිල්ල... නාමල් ල බදු ගහල ෆුල්ල් අතල් එකකේ ඉන්නවා .... උබල වගේ උනො එක්ක මේ සමාජය වෙනස් කෙරන්න එකතුවෙනවට වැඩ හොදි බෝට්ටුවකින් හරි Australia පනිනවා

    ReplyDelete
  9. දීප්ති කුමාර ගුනරත්න මහතා කරන කියන දේට ප‍්‍රතිචාර දැක්විය යුතුද නැත්ද යන ප‍්‍රශ්නයට ඔව් සහ නැහැ යන පිළිතුරු දෙකම දිය හැක. එතුමා ලියන කියන බොහෝ දේ වල ඉලක්කය එතුමාගේ මෝඩ අනුගාමිකයින්ම පමණක් නිසා බෙහෝ දේට ප‍්‍රතිචාර දැක්වීමෙන් පලක් නැත. එයට මගේ සිතට එන නිරන්තර ප‍්‍රතිචාරය වන්නේ ‘ඇන් ඔෆිසර් ඇන්ඞ් ඒ ජෙන්ට්ල්මන්’ නමැති චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව ආශ‍්‍රයෙන් දීප්ති රොහාන් ගේ අනුගාමිකයින් සහ රොහාන් අතර සම්බන්ධය අරබයා ගොඩනඟා තිබූ කතාව නැවත මතක් කරගන්නා ලෙස දීප්තිගෙන් ඉල්ලා සිටීම පමණි.

    මට පහරදෙන එක නතර කරන්නැයි මම සුදර්ශන හරහා දීප්තිගෙන් ඉල්ලීමක් නොකලෙමි. දීප්ති මා කියන දේ අනුව තීරණ ගැනීමට කැමතිනම් එසේ කළ යුතුව තිබුනේ 2004 දෙසැම්බර් මාසයට පෙර ය. කාමරයෙන් පිට සමාජයේදී තම අනුගාමිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා කරන කියන දේට අන් අය පටලවා නොගන්නැයි කීමෙන් පලක් තිබේ ද?

    නිර්මාල්

    ReplyDelete
  10. සුදර්ශන ඔයා කියන්න මේ දෙකෙන් කෝකද ඇත්ත. දීප්ති විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වර්ජනය ගැන 3මාන එකේ කියන එකද? ඔයා මේ බදුල්ලෙ ගිහින් කියන එකද?

    උසස් අධ්‍යාපනය අවුල් ජාලයක් වී ඇත්තේ ආයතන ස්වාධීන නැති නිසයි.

    නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන බදුල්ලේදී කියයි.

    ‘විශ්ව විද්‍යාල නිර්දේශපාලනීය කරන්න; දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තන්න’ යනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (5 වැනිදා) බදුල්ල නගරයේ ගහපු පෝස්ටරයක සඳහන් වෙනවා. ඉසෙඩ් ස්කෝර් එක නිසා ඇති වෙච්ච ප්‍රශ්නය නිසා අද උසස් අධ්‍යාපනය තද අවුලක තියෙන්නේ. උසස් පෙළ විභාගය හෙට (6 වෙනිදා ) පටන් ගන්නවා. ඒත් පසුගිය වසරේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට තේරුණේ කවුද කියන එක තවමත් හරියට තීරණය කරන්න බැරිව තියෙනවා. තම්න් තේරිලාද නැද්ද, තේරිලා නම් යන්නේ මොන පීඨයටද කියන එක විභාගය ලියපු ශිෂ්‍යයා දන්නෙ නැහැ. තේරිලා නැත්නම් නැවත විභගයට වාඩි වෙන්න ඇත්තේ එක දවසයි. එහෙම නැවත වරක් උසස් පෙළ ලිව්වත් විභාග ප්‍රශ්න පත්‍ර බලන ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනය කරලා, කවුද උත්තර පත්තර බලන්නෙ?

    යුද්දෙන් පස්සෙ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ ලංකාව සිතූ පැතූ සම්පත් දෙන කේතුමතී රාජධානියක් බවට පත් වෙයි කියලයි. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නෙ? අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා. අන්න ඒකයි උසස් අධ්‍යාපනය නිර්දේශපාලනීයකරනය කරන්න කියලා කියන්න අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. අද කිසිම ආයතනයකට, කිසිම නිලධාරියෙකුට තමන්ගේ දැනුම, හැකියාව හෝ ප්‍රවීනතාවය අනුව තමන්ගේ ක්ෂේත්‍රයේ තීරණයක් ගන්න බැහැ. සියල්ලම ඉහළ විධායකයේ දේශපාලන බලයට යටත් වෙලා. විභාගයක් තියන්නත් බෑ. විශ්ව විද්‍යාලයේ පඩි වැඩි කරන්නත් බෑ. ඩෙංගු මර්දනය කරන්නත් බෑ.

    ඒ නිසා මේ ප්‍රශ්න විසඳීමට මේ රටේ සියළු පක්ෂවල එකඟතාවය ඇතිව ගෙන ආ 17 වන සංශෝධනය නැවත ක්‍රියාත්මක කරලා, රටේ ආයතන ස්වාධීන කරලා මේ ආයතන දේශපාලන ගල ග්‍රහයෙන් මුදවා ගත යුතුයි. අපේ මාතෘකාව උගත් පාඩම් කොමිසම වුවත් මේ ආශ්‍රයෙන් අද රටේ ඇති වී ඇති ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයා ගන්න පුළුවන්.

    http://www.samabima.com/?p=1402

    ReplyDelete
  11. an officer and a gentleman චිත්‍රපටය 1982 දී තිරගත කළ චිත්‍රපටයක්. මේ කියන රෝහාන් ගැන කථාව අහපු කට්ටිය මේ චිත්‍රපටය නරඹන්නට අවස්ථාවක් ලද අයද? චිත්‍රපටය නරඹා තිබුනේ දීප්ති මහතා පමණක් ද? http://youtu.be/l1Ehz_cAMGc

    ReplyDelete
  12. ane mun degolloma ekama ne kiyanne

    ReplyDelete