Wednesday, August 29, 2012

ඇට දෙකේ උපමා කතාව

රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා කෙරෙන විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වෘත්තීය සමිති අරගලය ධනවාදයට එරෙහි මිනිස් අරගලයක කොටසක් ලෙස හඳුනා ගැනීමට නොහැකි විවිධ ආකාරයේ නන්නත්තාර වූ වාමාංශිකයන් පිළිබඳව අප අතර ඇති වූ සාකච්චාවකදී කරලියට පැමිණි ජිජැක් ගේ මෙම විහිලු කතාව සහ ඒ හා සම්බන්ධ විග්‍රහය ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමු.

ජිජැක් ගේ විහිලු කතාව මෙයයි: 



මොන්ගෝලියානුවන් විසින් රුසියාව යටත් කරගෙන සිටි 16 වෙනි සියවසේ එක දිනකදී, දුහිවිල්ලෙන් වැසී ගිය මාවතක දිළිඳු ගොවියෙක් සිය බිරිඳ සමග ගමනක් යමින් සිටියදී, එක වරම අසු පිටින් පැමිණි මොන්ගෝලියානු සෙන්පතියෙක් ගොවියා වෙතට මෙසේ කියයි : "මම දැන් ඔබේ බිරිඳ දූෂණය කරන්න යන්නේ, එත් මේ පාරේ දූවිල්ල වැඩී. මට බෑ මගේ වෘෂණ කෝෂ වල දුහුවිලි තවර ගන්න. ඒ නිසා මම ඔබේ බිරිඳ දූෂණය කරන අතර තුර මගේ වෘෂණ කෝෂ දෙක දුහුවිලි නොගැවෙන්න අල්ලාගෙන හිටපන්". මෙසේ එම සෙන්පතියා සිය බිරිඳ දූෂණය කර, වෙන්ව ගිය සැනින් සැමියා මහත් සන්තෝෂයෙන් උඩ පනින්නට විය. පුදුමයට පත් බිරිඳ, කෝපයෙන් සහ කණගාටුවෙන් ඇසුවේ, ඇයට මෙවන් අපරාධයක් සිදු වූ පසු ඔහු මෙසේ සතුටුවන්නේ ඇයිද කියාය. මහත් උජාරුවෙන් බිරිඳ දෙසට හැරුණු ගොවියා පැවසුවේ "මම අරූට වැඩේ දුන්න. මම ඌ කිව්ව වගේ උගේ ඇට දෙක අල්ලන් හිටියේ නැහැ. ඒකෙ හොඳට දූවිලි ගෑවුනා!"

ජිජැක් ගේ ප්‍රහසනාත්මක යෝජනාව වන්නේ වාමාංශිකයන් විසින් විවිධ ආකාරයෙන් මේ වන විට කර තිබෙන්නේත් මෙලෙස බලයේ සිටින අයගේ වෘෂණ කෝෂ වල දුහුවිලි තැවරීම වන බවත් අප සැබවින්ම කල යුත්තේ එය කපා දැමීම බවත්ය. නමුත් මෙය කියූ සැනින් එයට ඔහු දල වශයෙන් මෙවැනි එකතු කිරීමක් කරයි. අපි මේක කල යුත්තේ නියම සාමකාමී දෘෂ්ඨිවාදී අරගලයක් තුලින්, ඔවුන් අඩුම තරමේ මෙහෙම දෙයක් වෙනවා කියල දැන ගන්න එකකුත් නැහැ. සමහර විට, විසිවෙනි සියවසේ තිබුණු මායාව තමයි, අපි කෙලින්ම ඇට දෙකෙන් අල්ලලා එකපාරින් ඒක කපලා දාන්න ඕන කියන එක. නමුත් මේකට තව මාදිලීන් තියනවා. සමහර වෙලාවට නිශ්චිත ලෙසම කුඩා වෙනස් කම් තමයි ප්‍රතිපලදායි වෙන්නේ. එතකොට අපි කියන්නේ, මෙහෙම එකක්: 'අයියෝ, අපිට ඔබලාගේ ඇට දෙක කපන්න ඕන නැහැ. අපිට ඕනේ මේක තව හොඳට ක්‍රියාකාරී වෙන කුඩා ප්‍රතිසංස්කරණයක්' එතකොට හැමෝම සන්තෝසයි. හැබැයි ටික වෙලාවකින් ධනපතියා එක පාරටම පාත් වෙලා බලනකොට තිගැස්සේනවා : 'යකෝ! මගේ ඇට දෙක කෝ!'


ජිජැක් මෙම විහිලුව සඳහන් කරන සම්පූර්ණ කතාව පහත සබැඳියෙන් නැරඹිය හැකිය 



2 comments:

  1. කල්‍යානන්දද ලිව්වේ

    ReplyDelete
  2. තොපි දොඩව දොඩව ඉඳපල්ල. මහින්දය ඇවිත් තොපේ ඇට දෙක විතරක් නොවෙයි බඩු සෙට් එකම කපාගෙන ගිහිල්ල බව දැන ගනින්. ගොන් හැත්ත..!

    ReplyDelete