Wednesday, August 29, 2012

ජාතික හෙළ උරුමයේ 'රියැලිටි ටී වී' යෝජනාව


බෙහෙවින් කතා බහට ලක් වී ඇති මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. එනම්, එම බිලි පූජාව සජීවී ලෙස මාධ්‍ය මගින් විකාශය කරන ලෙසයි. බොහෝ දෙනා මෙය ජාතිවාදී කතාවක් ලෙස ගත්තද, අපි නම් එය මෙලෙස බාර නොගන්නෙමු. ඇත්තටම ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී කර තිබෙන්නේ ජිජැකියානු යෝජනාවකි.

අපිට ලැබී ඇති තොරතුරු අනුව ජාතික හෙළ උරුමය මෙතනදී තබා ඇත්තේ ඔවුන්ගේ 'රියැලිටි ටී වී' වැඩසටහන් මාලාවක පළමු පියවර පමණි.
අවාසනාවකට මෙන් මෙයට සමාජයේ ප්‍රමාණාත්මකව කුඩා සංඛ්‍යාවක් විසින් අදහන ආගමක් සම්බන්ධ වී තිබුනද, මෙම විරෝධය පසු පස එම ආගමික ඇදහිල්ල සහ එය නොඉවසන බහුතරයක් අතර ගැටුමක් කිසි සේත් සම්බන්ධ නොවේ. මේ සඳහා ආරම්භයක් ලෙස මුන්නේශ්වරම් කෝවිල තෝරාගෙන ඇත්තේ, මෙය ලංකාවේ සිදුවන මහා පරිමාන සත්ව ඝාතන අතරින් කුඩාම එක වන නිසාය. එවිට මෙවන් සත්ව ඝාතනයන් ඉදිරියේදී සජීවීව පෙන්වීමේදී එයට යෝග්‍ය වන තාක්ෂණික කරුණු (සංස්කරණ විධි ක්‍රම, පසුබිම් සංගීතය ආදිය) පිළිබඳව ටෙලිවිෂන් නිෂ්පාදකයන්ට ප්‍රායෝගික අවබෝධයක් ලැබිය හැකිය.

මෙම පුහුණුවෙන් පසුව ලංකාවේ මෙයට වඩා ප්‍රමාණාත්මකව විශාල සත්ව ඝාතනයන් දිනපතා සිදු කරන 'පුස්සැල්ල' වැනි සමාගම් වල බ්‍රොයිලර් ගොවිපලවල් වල සජීවී දර්ශන විකාශනය ආරම්භ කල හැකිය. මෙහිදී සෝභිත හිමියන් ගේ තර්කය මෙවැන්නකි. සිංහල බෞද්ධයෙක් මැක්ඩොනල්ඩ්ස් එකට හරි කේ එෆ් සී එකට හරි ගිහිල්ල බිග් මැක් එකක් හරි බැදපු චිකන් ඩ්‍රම් ස්ටික් එකක් හරි කනකොට ඔහු/ඇය මෙම ආහාරය සඳහා කුකුලෙකු මරා ඇති බව 'දන්නේ නැත'. මින් අදහස් වන්නේ සබුද්ධික තලයක් තුලදී ඔහු/ඇය මෙය නොදන්නවා යන්න නොවේ. නමුත් අපගේ ජීවන අත්දැකීම් වල එක්තරා ප්‍රාථමික තලයක් තුල මෙය ක්‍රියාත්මක වෙන්නේ නොදනුමක් ලෙසයි. අපි ආහාරය රස විඳින විට එම යථාර්ථවාදී දැනුම බාධාවක් වන්නේ නැත. මෙය සරල ලෙස දැනගෙන නොදන්නවා සේ ඉන්නවා නොවෙයි. එය ඇත්තටම ඔහුගේ/ඇයගේ ජීවන යථාර්ථයේ කොටසක් නොවෙයි. ඒක හරියට ජිජැක් Examined Life චිත්‍රපටියේදී කුණු ගොඩක් අසල සිට අදහස් දැක්වීම හා සමානය. අපි සබුද්ධිකව දන්නවා අපි ඉවතලන කුණු, අපි සෝදා හරින අසූචි කොහේ හරි යනවා කියල, නමුත් ඒක තව දුරටත් අපේ ජීවන යථාර්ථයට අයිති වෙන්නේ නැහැ. ඕමල්පේ හිමියන් මෙහිදී යෝජනා කරන්නේ, මෙන්න මෙම සුව පහසු දුරස්ථ බව අභියෝගයට ලක් කරමින් සිංහල බෞද්ධයාගේ පරිභෝජනවාදී යථාර්ථය අවුල් කිරීමයි.

මෙම මහඟු කටයුත්ත එක්වරම 'පුස්සැල්ල' වැනි මහා පරිමාන සත්ව ඝාතක සමාගම් වලින් පටන් ගත නොහැකි වන නිසා මෙය මුන්නේශ්වරම් වලින් ආරම්භ කිරීමට තීරණය වී ඇත. එම නිසා මේ පිළිබඳව ලංකාවේ මාංශ නිෂ්පාදනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් දැනටම බිය වී ඇති බවත් අපට දැන ගන්නට ලැබී තිබේ. මෙයට අමතරව, මේ වසරේ කුකුල් මස් මෙට්‍රික් ටොන් 5,000 අපනයනය කරන බව පැවසු බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික සැලසුම් වෙනස් කර 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා' යන බුදු වදනින් පෝෂණය වුනු ශිෂ්ඨ සම්පන්න වූ සභ්‍යත්වයක් තියෙන රටක් නිර්මාණය කිරීමට තීරණය කෙරී තිබේ.

5 comments:

  1. මෙතන වෙනෙස බිලි පූජා කරන සතුන් මරන්නේ කිසිම හේතුවකට නොවෙමි. සතකු මර ආහාරයට ගැනීම සහ සතකු කිසිම හේතුවක් නොමැතිව මැරීම අතර වෙනෙසක් තෙබෙනවා

    ReplyDelete
    Replies
    1. ඔයාට "ආහාරයට ගැනීම" කියන්නෙ හේතුවක්. තවත් පිරිසකට "දෙවියන්ට පුද කිරීම" කියන්නෙ හේතුවක්. ඔයාගෙ හේතුවට තව පිරිසකගෙ හේතුවක් යටපත් කිරීම් වැරදියි.

      Delete
  2. ගොං කථා කියන්න එපා බං. කෑමට මස් සකස් කිරීමේදී සතුන් ඝාතනය කරන ක්‍රමවේදය, ප්‍රවාහනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ පිළිගත් නීති මාලාවක් පවා තියෙනවා. අනික ඒක කරන්නේ මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා.

    අන්ධ ආගමික විශ්වාසයක් පදනම් කරගෙන පොදු ස්ථානයක තිරශ්චීන විදියට සතුන් සමූල ඝාතනය කිරීම ඒකත් එක්ක සන්සන්දනය කරන්න බැරි බව බබෙකුටත් තේරෙනවා. ඕන නම් ඔය සීන් එකේ පරණ වීඩියෝ එකක් හොයා ගෙන බලපන්.

    ලියන්න දෙයක් නැත්තම් නොලියා නිකං ඉඳපන්. ගොං ටෝක් දෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. උබල වගෙ සින්හල බෞද්ධයොන්ට අනුව උබෙ කතා තමයි කොමෙන්ටිස්. අනිත් එව්ව ගොන් කතා. උබට කන්න මරණකොට පිලිගත් ක්‍රමවේදෙ. අනික් එව්ව තිරශ්චීන සමූල ඝාතන. පුස්සැල්ලා, මැක්සීස් වගෙ කොම්පැනි කරන්නෙ සමූලගාතන නෙමේද? පිලිගත් ක්‍රමේද උබෙ ප්‍රශ්නෙ? ඒ ආගම්වල තියෙන්නෙත් පිරිසක් එකතුවී හදාගත් ක්‍රමවේදයක් තමයි. වෙන ආගම්වීම නේද උබේ ප්‍රශ්නෙ? සින්හල අය මිනී මරනකොට උනත් (ඒ කන්නත් නෙමේ, දෙවියන්ටත් නෙමේ)උබට මෙහෙම ප්‍රශ්න ආවද? යන්න මෙයා යන්න......

      Delete
  3. සිංහල බෞද්ධයන් වගේ එළිපිට දෙබිඩි කුහක ජාතියක් මේ ලෝකෙම ඉන්නවද කියල සැකයි. මුන්ට අනුව, නීති රීති වලට අනුව ආහාරය සඳහා සත්තු මරණ එක බුදුන්ගේ දහමට අනුව ප්‍රශ්නයක් නෑ. වෙනත් ආගමික විශ්වාසයක් උඩ සත්තු මරණ එක විතරයි පව. අනේ යකෝ තොපි වගේ දෙබිඩ්ඩෝ.

    ReplyDelete