Sunday, August 12, 2012

මම රුපියල් ලක්ෂ 12 ක මුදලක් වංචා කලාද?

අපගේ බ්ලොග් අඩවිය නිසා බෙහෙවින් අසීරුතාවයට පත් වී ඇති පිරිස් විසින් තලු මරමින් දිගින් දිගටම මට චෝදනා කරන්නේ මම කලකට පෙර නියෝජනය කල දේශපාලන සංවිධානයක වැඩ කටයුතු සඳහා ලැබුණු රුපියල් ලක්ෂ 12 ක මුදලක් වියදම් කර මෝටර් රථයක් මිලට ගෙන, ගැහැනියක් සමග පිස්සු නටමින් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවයි. මේ පිළිබඳව, මා සමග වැඩ කරනා අනෙකුත් දේශපාලන සගයන්ට ගැටළුවක් නැති උවත්, මෙය මා හට හානියක් විය හැකි බවට අදහසක් ඇති හෙයින්, ප්‍රථම සහ අවසාන වරට මේ ගැන කරුණු පැහැදිලි කිරීමකට මා සූදානම්ය.

සැබවින්ම සිදු වූයේ කුමක්ද කියා දන්නේ ඉතා සුළු පිරිසකි. මේ අතරින් ප්‍රධාන වන්නේ චන්දන බොතේජු නම් මිතුරාය. චන්දනගේ නමින් පල කරන කමෙන්ට්ස් දමන්නේ, චන්දන නොව, මාගේ වැඩ නිසා බෙහෙවින් බිය වී සිටිනා තක්කඩීන් බව මම දනිමි. නමුත් මේ සම්බන්ධයෙන් මෙලෙස කියන්නට අවස්ථාව ලැබී ඇත්තේ, මෙයට වසර 5 ට පමණ පෙර, චන්දන විසින් විවිධ දෙනාට පැවසු කතන්දර නිසා වෙයි. එම නිසා මටත් චන්දනටත් එකඟ විය හැකි තෙවෙනි පාර්ශවයක් ඉදිරියේ, මෙම මුදල් ගනුදෙනුවේ අල ගිය මුල ගිය තැන් වල සිට සාකච්චා කර, මේ පිළිබඳව සැබෑ කතාව පැහැදිලි කර ගැනීමට මම චන්දනට අරාධනා කරමි. ඔබට පහසු වෙලාවක් සහ තැනක් දන්වන්නේනම්, අපට මෙය ඉක්මනින් අවසන් කල හැක. මින් පසු මේ ගැන මම කිසිවක් ම කියන්නේ නැත. මහ ජනයාගේ කැමැත්ත මත දේශපාලනය නොකරන මට, මෙවැනි මඩ ගැසීම් වලින් වන දේශපාලනික අවාසියක් නොමැත. 

ඒ හැරුණු විට මට ඉංග්‍රීසි බැහැ, මම නෙලූෆර් ද මේල් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ගොස් කෙලවාගෙන ඇත ආදී බොරු කියමින් තමන්වම රවට්ට ගන්නා නස්රුදීන්ලාට කියන්නේ කරුණා කර අපහසුවේ නොවැටෙන්න, ඔබලාගේ ඉංග්‍රීසි කෙරුම් මම කියන්න ගියොත් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් වනු ඇත. 
මට මතක් වෙනවා, පරණ London සඟරාවක ගිය සටන් පාඨයක්:
"අපිත් එක්ක නටන්න!"     

වංගීස සුමනසේකර

5 comments:

  1. oba laksha 12 ka mudalak wancha kalada kiyala api kohomai danne?

    ReplyDelete
    Replies
    1. මගේ යෝජනාව තමයි, ඔයා දැනට මම ලක්ෂ 12 ක මුදලක් වංචා කලාමයි කියල හිතාගෙන වැඩ කරන්න.
      වංගීස

      Delete
  2. wenda deepthila wahi wahala bolaw.....!

    ReplyDelete
  3. Here is the rose, here dance! -මුගේ අලුත්ම විප්ලවාදී දේශපාලනය තමා පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ දර්ශණ අංශයේ කතිකාචාර්ය ධූරයක් ලබා ගන්න බැසිල් රාජපක්ෂගෙන් ලියුමක් අරගෙන යන එක. ඒක අන්තිමට විශ්ව විද්‍යාලයේ කටිටියම විරුද්ධ වෙලා වඩේ අල කර ගත්තා.

    ReplyDelete