Thursday, June 7, 2012

ගිම්හානයේ ඇරඹුම!


දීප්තිගේ කණ්ඩායම සමග පවත්වාගෙන යන ගෝරිය නැවැත්වීම හොදයි කියන එකයි මගේ නම් අදහස. මේකෙන් දීප්තිටවත් අපිටවත් වෙන කාටවත් සිද්ධවෙන ප්‍රයෝජනයක් නැහැ. දීප්ති ගැන විවේචනයක් අවශ්‍යයි. අපි ඒ ගැන ඕ තරම් ලියල කතා කරලත් තියනවා. තව දුරටත් එසේ කිරීම අවශ්‍යයි. නමුත් එය කල යුත්තේ බොහොම සංයමයකින් සහ මේගැන උනන්දුවක් දක්වන අයට බුද්ධිමය හා දේශපාලන වශයෙන් ප්‍රයෝජනයක් අත් වෙන ආකාරයටයි. වැදගත්ම දේ දීප්ති දේශපාලනය යනුවෙන් අදහස් කරන දේ දේශපාලනය නොවන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය සමග සාකච්චා කිරීමයි. දීප්තිගේ වටේ ඉන්නේ අත්දැකීම් නැති තරුණ පිරිසක්. ඊට අමතරව විවිධ හේතු නිසා දීප්තිත් එක්ක ඉන්න අයත් ඉන්නවා. කවුද අහල තිබුන, මම හිතන්නේ කල්යගෙන්, සමන් පුෂ්පකුමාර දීප්ති එක්ක ඉන්න එක පහදන්නේ කොහොමද කියල. ක හොඳ ප්‍රශ්නයක්. මට පුළුවන් සමන්ගේ නමට තව නම් ගොඩක් එකතු කරන්න. සුදර්ශන වගේ... ඒ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙන්න මම කැමති නැහැ. මම ඒ ප්‍රශ්නය අහපු කෙනාට කියන්න කැමති ප්‍රශ්නය ඉතා හොඳින් බාරගන්න බවයි. ඒ ප්‍රශ්නය ගැන පසුව විස්තරාත්මකව කතා කරන්න මම කැමතියි.

විශේෂයෙන් දැනට කෙරෙන සාකච්චාව ලංකාවේ දේශපාලන සංවාද වල සන්දර්භයේ තියල බැලුවහමත් ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ.ඒ නිසා අපි ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ වඩාත් ප්‍රයෝජනවත් විදිහට මේ සාකච්චාව ගෙනියන්නේ කොහොමද කියන එක ගැන.
 
දීප්ති ගැන වෙන ඕනැ කෙනෙකුට වැඩිය සවිස්තරාත්මක විවේචනයක් කරන්න තරම් දීප්ති සමග මට තියන අත්දැකීම් බහුලයි කියලයි මම හිතන්නේ. ඒවායේ සමාජයට පොදුවේ වැදගත් වෙයි කියල හිතන දේ විස්තරාත්මකව ලියන්න මම බලාපොරොත්තු වෙනවා.


දීප්ති කියන්නේ සංකීර්ණ මනුෂ්‍යයෙක්. එයාට ගොඩක් විභවතාවයන් තියනවා. මම දීප්තිත් එක්ක එකතුවෙලා කරපු කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. කෙන් කියන්නේ මට ඒ කරපු දේවල් ගැන විවේචන නැහැ කියන එක නෙවෙයි. ඒ ප්‍රශ්නය ගැන පසුව විස්තරාත්මකව කතා කරන්න මම කැමතියි.

දීප්ති ලියන කියන ඒවා දකිනකොට දීප්ති සමග දිගු අතීත සම්බන්ධතා තියන කෙනෙකුගේ කට කහනවා වගේ හැඟීමක් ඇතිවීම වලක්වන්න බැහැ. උදාහරණයකට දීප්ති පුබුදු ජයගොඩට යෝජනා කියනවා විප්ලවවාදීන් පොලිසි යන්නේ නැහැ කියල. එයා  උදාහරණයට ගන්නේ කොටුවේ දුම්රියපොළ අසලදී අපි කීපදෙනෙකුට පහර දීපු අවස්ථාවේ අපේ අය පොලිසියට යාම. එක දැක්කහම මගේ කට කහන්න පටන් ගත්ත සුමිත්වයි ප්‍රදීප්වයි රත්මලානේ ගෙදරින් එලවන්න දීප්ති පොලිසියට යන්න හදනකොට මම එක ප්‍රශ්නකරපුවහම දීප්ති මට දීපු උත්තරය මතක් වෙලා. උත්තරය තමයි තමන් ශිෂ්ට මනුෂ්‍යයෙක් නිසා ශිෂ් ආයතනයක් වන පොලිසියට යන බව. මෙතැනදී විප්ලවවාදීත්වය අතනදී ශිෂ්බව. මේවා සංයමයෙන් අහගෙන ඉන්න අපි පුරුදු විය යුතුයි.
 

නිර්මාල් රංජිත් දේවසිරි

6 comments:

  1. saman pushpa kumaarage deshapaalana charyaawama warthamaana depthiwa watahaa ganne hoda maana dandak..
    saman campus aapu aluthama sambandha une wikosata.a kiyanne warthamaana samaajawaadi samaanathaa pakshayata. meya a ayage rasweemwala mulinma kathaa kale jaathyantharawaadaya. in passe mokada une dannewada ? sinaha nowanne! mea jaathyantharawaadiyaa anshaka 180ka karanamak gahalaa pannaa hela urumayata demala peedithayanta erehi wargawaaadi uddhaye maddaawema. meyaa champikala ekka wedikaawala pawaa demala le ellala kathaa pawath uwa.mea demala le illa illa wedikaa gaane kaa gahapu mea manussayaa hitigamanma pannaa deepthi ge odokkuwata.! dan apata puluwan neda deepthi ge 'deshapaalana wyaadhiye' rooga lakshana hoyaa ganne mithrawaruni !

    ReplyDelete
  2. මට හිතෙන්නෙ ඔයාලා වගෙම දිප්තිත් වඩා හොද සමාජයක් වෙනුවෙන් වෑඩ කරන්නෙ. නමුත් ඉතිහාසෙ වුනා වගෙ වෑරදක් වුනාට පසු ඒ ගෑන කතාකරනවට වඩා කලින්ම නිවරදි දෙශපාලනය වටහා ගන්න අවශ්ය සoවාදයක් ඈරබීම ඉතා වෑදගත් පියවරක්.

    ඒ ගෑන ඔබලාගෙ මෑදිහත් විම බලාපොරොත්තු වෙනවා මොකද ඔබ දෙගොල්ලො වටාම ඉන්නෙ සමජ් වෙනසක් වෙනුවෙන් කෑපවුනු තරුණයින් නිසා ඔවුන් නිසි දෙශපාලන මර්ගය පෙන්නිම පරිනත ඔබගෙ වගකිමක්.

    ReplyDelete
  3. godak budhimathun parinatha venawath samaga adaha wenas wenawa udaharanayakta lankawey Nalinda de Silva gannta puluwan. Man hithanney obbey ehatha adahas Samange varathmana bawithva pehadili weneny ne

    ReplyDelete
  4. හා ඒ කියන්නේ විප්ලවවාදීන් වෙන්න නම් කොළඹ විශ්වවිද්‍යාලේ ඉතිහාස අංශයේ ආචාර්ය අමාරිස් හම්බවෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. Deepthita Api Deepthi Kiyanawa Misak Wena Nam Walin Katha Karanne Naththe Bayata Neme. Api Rakina Urumaya Eka Nowana Nisa. Oyata Nirmal ta AMAris Kiyala Kiyanna Puluwan Oya Danne Nirmal Gana Mahinda Piyadarshana Kiyapuwa Witharai. Karanna Deyak Na Mahindata Ona De Oya Karagana Yanna.

      Delete
  5. api kohomada as kan wahan inne Nirmalta katha widihata ara deepthige viparitha kolu rena boruwata mada gahanakota

    ReplyDelete