Monday, June 4, 2012

අප රක්නා උරුමය!

පහතින් පල වන්නේ 1997 ඔක්තෝම්බර් මස "මාතොට" සඟරාවේ සංස්කාරක සටහනයි. වසර පහලවකට පසු අප හමුවේ ඇති චිත්‍රය කුමක්ද? එකල අප සමග මෙම අරගලයේ සිටි ගමන් සගයන් සමහරක් අද ලිංගික සදාචාරවාදයන් දේශනා කරමින් වෙසක් දිනයට සහ පොසොන් දිනයට නිවේදන නිකුත් කරයි. 'නිදහස්-ප්‍රේමය' වෙනුවෙන් එදා පෙනී සිටි අයම අද අප ඒ ගැන කතා කරන විට අපට වලත්තයන්, විපරීතයන් කියමින් සමාජය ගිනි තියයි. ඔවුන් දැන් පෙනී ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරය රැක ගැනීමට යි. බදියු පවසනා පරිදි මේ ඉතිහාසය යලි ඉපැදීමේ යුගයයි. එම නිසා සදාකාලික වර්තමානයක ගිලී ඉන්නා රැඩිකල් දේශපාලන සංවාදයට අප නැවතත් 'ඉතිහාසය' රැගෙන එන්නට තීරණය කළෙමු.

ආදරය සහ සමාජය
 


වරක් ගාබ්‍රියෙල් ගාසියා මාර්කේස් සාහිත්‍ය දේශනයකදී මෙසේ පැවසුවේය: "මට චේ-ගෙවාරා ගැන ලියන්නට අවශ්‍ය උවහොත් ඒ සඳහා වසර දහසක් හෝ පිටු මිලියනයක් අවශ්‍යය".ඒ වනාහී චේ සහ ආදරය අතර සම්බන්ධතාවය මාර්කේස් දුටු ආකාරයයි.නමුත් ලංකාවේ චේ ගැන කතා කරන සුනිල් මාධව චේ ගැන දන්නා දෙයක් නැතැයි අප ප්‍රකාශ කළහොත් බොහෝ දෙනා විස්මිත වෙයි. පෙරලා අපට චෝදනා කරයි. අපි අමුනුෂ්‍යයන් යයි මුර ගාමින් සමාජය ගිනි තබයි. මේ දෙය අපට දැන් හුරු-පුරුදුය.

වසර දහසක්! පිටු මිලියනයක්!

එවැනි ධාරිතාවක් මට නොමැති නිසා මම චේ ගැන නොලියමි - මාර්කේස්.සුනිල් මාධවට සාපේක්ෂව මාර්කේස් යනු දවසේ ජීවිතය තුල විශාල වැඩ කොටසක් කල පුද්ගලයෙකි. නමුත් තවම මාර්කේස් චේ ගැන ලියා නොමැත. සුනිල් මාධව තේ කඩයකට ගියත් කතා කරන්නේ චේ ගැනය. චේ ගේ උණුසුම ගැනය.

අපි සුනිල්ගෙන් බය නැතුව මෙසේ අසන්නෙමු.  ඔබ ඔය තොරොම්බල් කරන ආදරය, උණුසුම ඔබේ මිනිස් සබඳතා තුල කොහෙද තියෙන්නේ? "මාතොට" අපි, ඔබේ වචන වලට 'යටින්' ඇති 'ක්‍රියාව' දකින තුරු ඔබේ 'සත්‍යය' සැක සහිතය. මන්ද චේ කිසිම මිනිසෙකු මැන්නේ ක්‍රියාවෙන් මිස වචන වලින් නොවන නිසාය.

බොහෝ දෙනා අපිට විරුද්ධ වන්නේ මෙතැනදීය.  ඉතා සුන්දර වචන වලින් යටින් 'ක්‍රියාව' හෙළිදරව් කරන විට බොහෝ දෙනාට අපි කුහකයන්, තිරිසනුන්, බ්‍රෂ්ටයන්, විනාස කරන්නන් ලෙස විද්‍යාමාන වෙයි. සමාජය වෙනුවෙන් වැඩ කරන අපිව පුද්ගලික-චේතනා වලින් සන්නද්ධ වී විවේචනය කිරීම ඉතාම සාමාන්‍ය දෙයකි. එවැනි බොහෝ දෙනා අපෙන් අසන්නේ 'කෝ ඕගොල්ලෝ ළඟ තියෙන ආදරය!'

අපි මෙසේ කියන්නෙමු!

කරුණාකර වසර දහසක්! පිටු මිලියනයක්!

ආදරය එතරම් අපට විශාලය.

කිසිදා කුහකයෙකු නොවූ චේ රහසකින් තොරව ගැහැණුන් බොහෝ දෙනෙකු සමග විවෘතවම ප්‍රේමයෙන් පැටලුණේය. වික්ටෝරියානු කුහක සදාචාරයට විරුද්ධව එවන් පසුබිමකින් පැවත ආ චේ 'නිදහස්-ප්‍රේමය' වෙනුවෙන් ලතින් ඇමරිකානු තරුණ පරම්පරාවේ ආදරණීය සංකේතය විය. චේ කිසිදා ස්ත්‍රීන්ට වෛර කලේ නැත. ස්ත්‍රීන්ට අඩන්තේට්ටම් කලේ නැත. මැරිලින් මොන්රෝ වැනි ඇමෙරිකානු-නිළියගේ නිදහස් ලිංගික ජීවිතය චේ සාකච්චා මේසයට කැඳවීය.

අහෝ එනමුත් ලංකාවේ බොහෝ දෙනා චේ ආදේශ කරන්නේ ප්‍රේමයෙන් විනිර්මුක්ත විප්ලවවාදියෙක් ලෙසින් පමණි. එබැවින් ලාංකීය චේ-ගෙවාරා වනාහී රුධිරය සහ මාංශ වියලී ගිය රැවුල පමණක් හිමි දේවවාදියෙකි.

අපි ඉගෙන යුත්තේ චේ ගෙන් 'ආදරය' ගැනයි.ඔහු ලතින්-ඇමරි-මහාද්වීපයේ ප්‍රජාවට දැක්වූ පක්ෂපාතිත්වය පැන නගින්නේ ආදරය ගැන ඔහු දැරූ අදහස් වලිනි.

එබැවින් කස්ත්‍රෝ කීවේ චේ මෙන් වන්න කියාය.

අපි ඒ වෙනුවට මෙසේ කියමු - චේ මෙන් ආදරය කරන්න!

එක කුහකයන්ට අභියෝගයක්.

- සංස්කාරක කමිටුව -

7 comments:

  1. චේ වගේ බඩු ගැහුවොත් ඇතිද?

    ReplyDelete
  2. ගයනි හදුන්නෙත්තිJune 4, 2012 at 3:29 PM

    කෙසේ වෙතත් චේ සුන්දර මිනිසෙක් වූයේ සමාජය දෙස බැලු ආකාරයට වඩා ආදරය දෙස බැලූ අයුරින් යැයි සිතිම සුන්දර අත්දැකීමකි.

    ReplyDelete
  3. තොරොම්බල් කිරීම කියන එක English වලින් පැහැදිලි කරන්න.

    ReplyDelete
  4. දීප්ති ඒ කාලෙ විහිළුවට ලියපු ඒවා දැන් මුං සීරියස් ගන්නවා. මොකද මුං හෙන ගොඩේ බයියෝ ටිකක් නිසා මුං ට දීප්ති ගෙ කිසිම පස්චාත් නූතන වැඩක් තේරෙන්නෙ නෑ. අනේ මෙහෙමත් ගොඩයො ටිකක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද? දීප්ති 97 දි මේ දේවල් කියල තියෙන්නෙ විහිළුවට ද? අනේ මම දැනන් හිටියේ නෑනෙ. ඔයා කියන එක ඇත්ත. මමත් හෙන ගොඩේ. (නුවරට ඉඳලා ගම්පොලට ගිහින් නුවරඑලිය පාරෙ ගියාම තියෙන පුපුරැස්ස කියන පොඩි කඩමණ්ඩිය ට එහා තියෙන ගමක මම ඉන්නෙ.) මම මේ ගොඩේ කමට, දන්නෙ නැති කමට අහන්නෙ. ඔයාට එහෙම කියන්න කිව්වෙ මාවනැල්ලෙ ඉඳලත් රඹුක්කන පාරේ කිලෝමීටර් 07 ක් විතර ඇතුලෙ ගමක හිටිය දැන් අවුරුදු 08 ක් විතර පිරිවෙන පාරෙ දේවාලෙ පදිංචි වෙලා ඉන්න මහින්ද අයිය ද? දැන් එතකොට මිනිහෙක් ගෙඩේ වෙන්නෙ/ නොවෙන්නෙ කොහොමද කියල මනින නිර්ණායකය දැන් තියෙන්නෙ මහින්ද අතේද? එත‍කොට මේ දවස් වල දීප්ති කියන ඒවා සීරියස් ද කියන්නේ? පොඩ්ඩක් මහින්දගෙන් අහල බලල මටත් දැනගන්න කියන්න බැයිද? එයා දන්නව දීප්ති විහිළුවට කියන්නෙ මොනවද? සීරියස් කියන්නෙ මොනව ද කියල. මොකද එය දන්නවා වගේ පේනවා දීප්තිගෙ අවිඥාණය වැඩකරන හැටි.

      Delete
  5. Man must be disciplined, for he is by nature raw and wild.

    IMMANUEL KANT

    ReplyDelete
  6. DEEPTI DEN KALE LIYANA WIHILU EHEMANA EDIRIYATA ETTA WEIDA?

    ReplyDelete