Monday, May 7, 2012

සාකෝසිගේ පරාජය සහ දඹුල්ලේ ප්‍රහාරය



ලංකාවේ දේශපාලන සංවාදය තුල 'බටහිර' නම් හැඟවුම්කාරකය තීරණාත්මක පොර පිටියක් වීම පශ්චාත්-යටත්විජිත සන්ධර්භයට ඌණනය කර ඇඟ බේරා නොගෙන අප එකිනෙකට පරස්පර පහත නිමේෂයන් දෙක සලකා බලමු. 

1."බටහිරයන්" සියලු දෙනා අඩු වැඩි වශයෙන් බටහිර වෙනුවෙන් පෙනී සිටිනා බවත්, අප විසින් ලංකාවේ සාකච්චාවට ගැනීමට උත්සාහ කරනා දාර්ශනිකයන්ද, 'අවසාන විග්‍රහයේදී', බටහිර සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නා බවත් නලින් ද සිල්වා මහතා කලක සිට චෝදනා කරයි. මේ සඳහා සිල්වා මහතා නිතර දෙවේලේ යොදනා එක් නිදර්ශනයක් වන්නේ, ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම තහනම් කල විට, එයට මේ 'එකෙක්වත්' විරුද්ධ නොවුණු බවය.



2. එක් අතකින්, "වෙස්ට් එක" ශිෂ්ඨ බවත්, මෙරට මෙන් නොව "වෙස්ට් එකේ" ජනයාට නිදහස හිමි බවත්, එවැනි රට වල පිස්සන්ට රටේ වැදගත් තීරණ ගන්නා දෙන්නේ නැති බවත්; අනෙක් අතට, නාගරිකයන්, සබුද්ධිකයන් හට ග්‍රාමීය ජනයා මෙන් නොව ජාතිවාදය නැති කර, නිවැරදි දේශපාලන තීරණ ගැනීමට හැකි බවත්, දීප්ති කුමාර ගුණරත්න මහතා කලක සිට ප්‍රකාශ කරයි. මේ සඳහා ගුණරත්න මහතා කලකට ඉහතදී ගෙන ආ නිදර්ශනයක් වුයේ, 2002 ජනාධිපතිවරණයේ දෙවැනි වටයට ජේෂ්ඨ ල පෙන් තේරී පත් වූ විට 'ලේෆ්ට් එකම එක් වී ඔහු පරාජය කල ආකාරයයි'.

බටහිර රාජ්‍යයන් සහ දේශපාලනය පිළිබඳව ඇති අනවබෝධය නිසා සිදු විය හැකි දේශපාලන අකරතැබ්බයන් මොනවාද?

පහතින් පලවන්නේ ප්‍රංශයේ ජනාධිපතිවරණය අළලා බදියු විසින් 2012 මැයි මස 5 වැනි දින Le Monde පුවත් පතට ලියු ලිපියක දල පරිවර්තනයකි. 

පැරා, දැන්වත් කියවමුද? "සාකෝසි යනු කුමක්ද?"
  
----------------------------------------------------------------------------------------------


බුද්ධිමතුන්ගේ ජාතිවාදය 
 -ඇලේන් බදියු- 

මැරින් ල පෙන් (Marine Le Pen) සඳහා වැටී ඇති මනාප සංඛ්‍යාවේ වැදගත්කම දරාගත නොහැකිවනවා සේම පුදුමසහගතද වෙයි; අපි සොයනවා පැහැදිලි කිරීමක් - දේශපාලන පන්තිය ප්‍රයෝජනවත් සමාජවිද්‍යාවක් සමග කරලියට පැමිණේ: ගෝලීයකරණයෙන්, ක්‍රය ශක්තිය පහත වැටීමෙන්, ඔවුනගේ දිස්ත්‍රික්ක බෙදී වෙන්වී යාමෙන් සහ ඔවුනගේ දොරකඩ සිටිනා නන්නාදුනනා විදේශිකයන්ගෙන් බියපත් වී, පහල පංතීන්ගේ, නොමග යැවූ ප්‍රදේශයන්ගේ, කම්කරුවන්ගේ සහ අඩු-අධ්‍යාපන ලාභීන්ගේ ප්‍රංශයට,ජාතිකවාදයට සහ විදේෂභීතිකාවට ඵලා යාමට අවශ්‍ය වෙයි. 


අනික, "යුරෝපා සංගමයේ ව්‍යවස්ථා පනත් කෙටුම්පතට", එරෙහිව "එපා" කියා චන්දය දුන්නා කියා චෝදනා ලබා සිටිනා ප්‍රංශ "පසුගාමීන්" (“stragglers”) වන්නේත් මොවුන්මය - කෙනෙක් මොවුනට විරුද්ධ පාර්ශවයේ තබන්නේ අපගේ හොඳින් පදම් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජීය ලුණු එකතුව වන, උගත්, නාගරික නූතන මධ්‍යම පංතියයි. 


හොඳය් අපි කියමුකෝ මේ අවස්ථාවේදී උපමා කතාවේ ඉන්නා බූරුවා වන්නේ මෙම "පහතින් එන" ප්‍රංශය කියා: සියලුම ල පෙන් දුෂ්ඨත්වයේ මූලාශ්‍රය වන "ජනප්‍රියවාදී" හොරිකඩයන්. ඒ උනත්, "ජනප්‍රියවාදයට" එරෙහි දේශපාලනික-මාධ්‍යමය  විරෝධය අමුතු එකක්. ප්‍රජාතන්ත්‍රවාදී බලය යනු මෙම ජනතාවගේ මතවාදයන් සහ එහි අතිරික්තයන් වන විට, ජනතාව සම්බන්දයෙන් කෙනෙකුට ඇති සැක සංඛා අප බොහෝ සේ ආඩම්බර වන ප්‍රජාතන්ත්‍රවාදයට අගුණ විය හැකිද? "ප්‍රතිපත්ති සම්පාදකයන් ඔබ වැනි ජනයා සිතන දේ පිලිබඳ සැලකිලිමත්ද?" යන ප්‍රශ්නය ඇසු විට, "කිසි සේත්ම නැත" යන පූර්ණ නිශේදනීය පිළිතුර ලබා දෙන ප්‍රතිශතය 1978 15% ක සිට 2010 වනවිට 42% දක්වා වැඩි වී තිබේ! අනෙක් අතට පූර්ණ සාධනීය පිළිතුරු ("ඇත්තෙන්ම" නැතිනම් "බොහෝ දුරට") ලබා දෙන ප්‍රතිශතය 35% සිට 17% දක්වා අඩු වී තිබේ. රාජ්‍යය සහ මහජනයා අතර සම්බන්ධතාවය විශ්වසනීය එකක් නොවේය යන්න අපට කිව හැකි අවමයයි.


අපේ රාජ්‍යයට උරුම විය යුතු මහජනතාවක් නැති බවත්, මෙම කාලකන්නි ල පෙන් චන්දයෙන් මෙම ප්‍රජාතන්ත්‍රවාදී අප්‍රමාණවත් බව සහතික කරනා බවත් අප සමාලෝචනය කල යුතුද? බ්‍රෙෂ්ට් උත්ප්‍රාසජනක ලෙස යෝජනා කල පරිදි, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍යය වන්නේ ආණ්ඩුව විසින් වෙනත් ජනතාවක් පත් කර ගැනීමය්...

මාගේ තිසීසය වන්නේ තව වැරදිකරුවන් දෙදෙනෙකු අවධාරණය කලයුතු බවයි: එක දිගට බලයට පැමිණි, දකුණේත් වමේත්, රාජ්‍යය බලයේ නායකයන්, සහ සැලකිය යුතු මට්ටමේ බුද්ධිමතුන් ප්‍රමාණයක්.


අවසාන විග්‍රහයේදී, කුමන ජාතිකත්වයකින් උවත්, මෙරටට පැමිණ සිය බිරින්දන් සහ දරුවන් සමග මෙහි වසන කම්කරුවන්ගේ මූලික හිමිකම් හැකිතාක් අඩු කිරීමට තීරණය කලේ අපේ ගම් වල ඉන්න දුප්පත් ජනයා නොවෙයි. එය ඇරඹුවේ සමාජවාදී අමාත්‍යවරයකු වන අතර, දකුණේ සිටි සියලු දෙනා මෙම විවරය තුලින් කලබලෙන් ඇතුළු වුයේ ඉන් පසුවය. අල්ජීරියානුවන් සහ මොරොක්කෝ ජාතිකයන් බොහෝ සේ සිටි Renault වැඩ වර්ජකයන් යනු "ප්‍රංශ සමාජ යථාර්ථයන් හට ඉතා අඩු සම්බන්දයක් ඇති නිර්නායකයන් මත වැඩ කරන ආගමික සහ දේශපාලන කණ්ඩායම් විසින් අවුළුවන ලද සංක්‍රමණික කම්කරුවන්ය" කියා 1983 දී ප්‍රකාශ කලේ නූගත් ගැමියෙක් නොවේ. 


ඔහුගේ "සතුරන්" වූ දක්ෂිනාන්ෂිකයන්ගේ අනිවාර්ය උද්දාමයට තුඩු දෙමින් මෙසේ ප්‍රකාශ කලේ සමාජවාදී අගමැතිවරයකුය. ල පෙන් කතා කරන්නේ සැබෑ ගැටළු පිලිබඳවය කියා පැවසීමට තරම් යහපත් කල්පනාවක් තිබුනේ අප අතරින් කාටද? Front Nationale එකේ අල්සැටියන් (Alsatian) සටන් කරුවෙක්ද? නැත, ඒ අගමැති මිතරෝන් ය. තමන් මෙහි හිඳීම සඳහා නෛතික පත්‍රිකා ලබා ගැනීමට අවස්තාව අහිමි කරන ලද අය, කිසිඳු සැබෑ හිමිකමක් නොමැතිව සිර කර තබන රැඳවුම් මධ්‍යස්ථාන නිර්මාණය කලේ ග්‍රාමීය අභ්‍යන්තරයේ සිටිනා රවටන ලද ජනතාව නොවේ. 


ලොව පුරා දෝංකාර දෙන, ප්‍රංශයට ඇතුල් වීමේ වීසා නිකුත් කිරීම අත පල්ලෙන් රූරා වැටෙන වේගයට අඩු කිරීමටත්, ඒ සමගම කුමන වන්දියක් ගෙවා හෝ පොලීසිය විසින් ක්‍රියාවට නැගිය යුතු පිටුවහල් කිරීමේ කෝටාවාන් වැඩි කිරීමටත් අණ දුන්නේ අපගේ නගර වල පරිදියේ සිටිනා ඉච්චාභංගත්වයට පත් වූ සංක්‍රමණිකයන් නොවේ. අනේකත්වයේ කඩතුරාවක් මත මෙහි ජීවත් වන සහ වැඩ කරන මිලියන ගණනක ජනයාගේ නිදහසට සහ සමානාත්මතාවයට පහර දෙන, එකකට පසු එකක් ආ සීමාකාරී නීති රීති - මේවා නිදැල්ලේ හරින ලද "ජනප්‍රියවාදයේ" ක්‍රියාකාරකම් නොවේ.


ෆ්රන්සුවා මිතරෝන් ගේ සිට, නැවතීමකින් තොරවම ඊට පසුව පැමිණි සියලුම ආණ්ඩු වලින්, අපට සරල ලෙසම මෙම අපරාදයන්ගේ හිනිපෙත්තේ දකින්න ලැබෙන්නේ රාජ්‍යයයි. මෙම අවකාශය තුල නිදර්ශන දෙකක් පමණක් දෙන්නේනම්, චාල්ස් පස්කුවා (Charles Pasqua) ගේ විදේෂභීතිකා නීතීන් ඉවත්කිරීම කිසි ලෙසකින්වත් කල නොහැකි බව ඔහුට පසුව බලයට පැමිණි සැනින් සමාජවාදී ලයනල් ජෝස්පින් (Lional Jospin) පෙන්වා දුන් අතර, නිකොලස් සාකෝසි යටතේ වුවාට වඩා වැඩියෙන් නෛතික පත්‍රිකා නැති කම්කරුවන් සඳහා නිල තත්වයක් ලබා දීම පිලිබඳ තීරණය තමා ගේ පාලනය යටතේ නොවන බව සමාජවාදී ෆ්රන්සුවා ඔලාන්ඩ් (Francoise Hollande) ඉඟි කර තිබේ. මෙම දිශාවටම ඇති අඛණ්ඩතාවය පැහැදිලිය. අවලස්සන ජාතිවාදී මතවාදය සහ ප්‍රතික්‍රියාව ගොඩ නගන්නේ රාජ්‍යයේ මෙම ධෛර්යය කිරීම මගින් මිස, එය අනෙක් අතට සිදු වන්නක් නොවේ. 


අපගේ දයාබර බටහිර ශිෂ්ඨාචාරයේ "ශ්‍රේෂ්ඨ" බවේ උස බැනරය ඔසවමින් සහ අපට ඔක්කාරය ගෙනෙන තරම් ක්රුර වූ වෙනස් ලෙස සැලකීමේ නොනවතින නීති දාමයකට සිය චන්දය දෙමින්, සාකෝසි සහ ඔහුගේ සහචරයෝ සංස්කෘතික ජාතිවාදයේ ඉදිරියෙන්ම සිටිනා බවත් මා නොදන්නවා කියා නොසිතමි.

නමුත් අවසානයේදී, මෙවැනි අධිෂ්ඨානශීලී ප්‍රතික්‍රියාකාරීන් විසින් ඉල්ලා සිටින තරම් ජවයකින් මෙයට විරුද්ධව නැගී සිටිනා වමක් සොයා ගැනීමට අපට නොහැකි වෙයි.  බොහෝ වෙලාවට මෙම "ආරක්ෂාව" සඳහා වන ඉල්ලුම තමන්ට "අවබෝධ" වන බව වම ප්‍රකාශ කල අතර, කිසියම් කාන්තාවක් සිය කොණ්ඩය හෝ සිරුර වසාගෙන සිටිනා නිසා ඇයව මහජන අවකාශයෙන් පිටුවල් කිරීමට ඉලක්ක කිරීම වැනි විශ්මයජනක ලෙස මනෝභ්රාන්තික (paranoid) තීරණ වලට හැඟීමකින් තොරව වම චන්දය දී තිබේ.  

සෑම තැනකදීම වම ප්‍රකාශ කරන්නේ ඔවුන්, ධනවාදීන්ගේ දුෂණයට සහ ඒකාධිපතිවාදී, කප්පාදුකාරී (ascetic) අය-වැය වලට එරහිව නොව, නෛතික පත්‍රීකා නැති සහ යලි අපරාධ කරන ගැටවරයන්ට, විශේෂයෙන් ඔවුන් කළු සහ අරාබි ජාතිකයන්නම්,  එරෙහිව සමා විරහිත සටනකට නායකත්වය දෙන බවය්. මෙම අවකාශයේදී, වම මෙන්ම දකුණද සෑම ආකාරයකම ප්‍රතිපත්තීන් පාගා දමා ඇත. නෛතික පත්‍රිකා නොමැති වුවන්ට එදා තිබුනෙත්, අද තිබෙන්නේත්, නීතියේ රාජ්‍යයක් (State of law) නොව, ව්‍යතිරෙකයේ රාජ්‍යයකි (state of exception), නො-නීතියේ රාජ්‍යයකි. මෙසේ නොවේවා කියා පැතුවත්, බැරිවෙලාවත් මිනිසුන් පිටුවහල් කිරීමට අපිට පැවරුවහොත්, ඒ සඳහා ඉතාම ගෞරවනීය මොරොක්කානු හෝ මාලි ජාතික කම්කරුවන් ට වඩා අපගේ පාලකයන් තෝරා ගැනීම යහපත් වේ.

මේ සියල්ල පසුපස, බොහෝ කලක සිට, ඇත්තටම වසර විස්සකට වඩා වැඩියෙන්, සිටින්නේ කවුද? ඔවුනට අනුව, බටහිර සමාජය සහ හුරුබුහුටි ප්‍රංශය දියකර හැරීමේ ක්‍රියාවලියක නිරතවී ඇති මෙම "මුස්ලිම් ව්‍යසනය" නම් අදහසේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයන් කවුද? , තමන්ගේ කුප්‍රකට කාර්යභාරය වූ සැර කතුවැකි, ගොතන ලද පොත් සහ දුෂිත "සමාජ විද්‍යාත්මක මිනුම්" සඳහා කැප වී සිටිනා බුද්ධිමතුන් නොවේද? "ශිෂ්ඨාචාර ගට්ඨනය" (“clash of civilization”), "ජනරජ සම්මුතිය" (“republican pact”) අරාක්ෂා කිරීම, අරාබි ජාතික කාන්තාවන්ගේ දෛනික ජීවිතය මගින් අපගේ ලස්සන "අනාගමිකවාදයට" (secularism), "ස්ත්‍රීවාදයට" ඇති වන තර්ජනය, ආදිය පිළිබඳව තිර කතාව හිමින්සීරුවේ ඉහලට එසෙව්වේ විශ්‍රාමික ගැමියන් සහ නිර්-කාර්මිකකරණයට ලක් වූ නගර වල කම්කරුවන් කණ්ඩායමක්ද?


දක්ෂිනාංශික නායකයන් පමණක් (ඔවුන් සැබවින්ම කරන්නේ කබලට ඒ වන විටත් දමා තිබෙනා කඩල ඉන් එලියට ගැනීමයි) ප්‍රශ්නකිරීමට ලක් කිරීම අවාසනාවන්ත නොවේද - කිසිදිනෙක ඊනියා "වමේ" කියා ගන්නා අයගේ බොහෝ වඩා වැඩියෙන් තිබෙන්නා වූ වගකීම කිසිදා හෙළි නොකර, සහ බොහෝ අවස්ථාවල් වලදී සුපර් මාකට් කැශියර්ලාට වඩා මේවාට වග කියන "දර්ශනය" ගුරුවරුන් - කළු ජාතිකයන් සහ අරාබි ජාතිකයන්, විශේෂයෙන් තරුණ ජනයා, අපගේ අධ්‍යාපන පද්ධතිය දුෂණය කරනා බවත්, අපේ අගනගර විපරීත කරනා බවත්, අපේ නිහදසවල් වලට බාධා කරමින් අපගේ ගැහැනුන්ට අපහාස කරනා බවත් කියමින් අනුරාගිකව ප්‍රශ්න කරන්නන් ඇයි මෙයට ඇතුලත් නැත්තේ? එහෙමත් නැත්නම් "අපේ පා පන්දු කණ්ඩායමේ, ඔවුන් උවමනාවට වඩා ඉන්නා බව" පවසන්නන්? හරියටම යුදෙව්වන් සහ කල්ලන් ගැන කෙනෙක් ඉස්සර කතා කල විදියටමයි: ඔවුන් නිසා අමරණීය ප්‍රංශය මිය යාමේ තර්ජනයකට මුහුණ පා තිබේ. 

සැකයකින් තොරවම තමන් ඉස්ලාම්යයි කියා ගන්නා ෆැසිස්ට්වාදී කල්ලි කණ්ඩායම් වල නැගී සිටීමක් තිබේ. නමුත් මේ ලෙසම බටහිර සහ යේසුස් ක්‍රිස්තුස් රජ තුමා ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා ය කියා තමන්ව හඳුන්වන්නා ෆැසිස්ට්වාදී ව්‍යාපාර තිබේ. නමුත් මෙම කරුණ අපගේ මුස්ලිම්-විරෝධී බුද්ධිමතුන් හට අපේ ශ්‍රේෂ්ඨ "බටහිර" අනන්‍යතාවය නිරන්තරයෙන් වර්ණනා කරමින් සහ අපගේ අගය කල යුතු "ක්‍රිස්තියානි මූලයන්", අනාගමිකවාදයේ කල්ට් එක තුලට එකතු කිරීමට පැමිණීමෙන් වළක්වන්නේ නොමැත - මෙම කල්ට් එකේ වඩාත් දරුණුම අනුගාමිකාවක් වන මරින් ල පෙන්, මෙමගින් ගිනි තබන දේශපාලන ලැව්ගින්නේ තරම අපට පෙන්වා තිබේ. 

සත්‍යය වශයෙන්ම පවසන්නේනම්, ප්‍රති-කම්කරු පංති ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන් මුස්ලිම් භීතිකාවෙ සැබෑ රහස වූ නගර අභ්‍යන්තරයේ තාරුණ්‍යයට එරෙහිව, ගොඩ නැගුවේ බුද්ධිමතුන්ය. ඒ වගේම, විදේශිකයන් සහ ප්‍රථම අරාබි කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්, දිශානතිහරණය වී සහ බියෙන් ත්‍රස්ත වී සිටි චන්ද දායකයන්ට, ගොදුරු ලෙස දෙන ලද්දේ සාමයේ සහ යුක්තියේ සිවිල් සමාජයක් සැදීමට නොහැකි වූ ආණ්ඩු විසින්ය. සෑම විටම වගේම, අදහස (the Idea) - එය කොතරම් අපරාධකාරී උවත් - බලයට පෙර පැමිණෙන අතර, දෙවැන්න මගින් පළමුවැන්න, එයට අවශ්‍ය වන්නා වූ මතවාදයන් තැනීමට යොදා ගනී. බුද්ධිමතා - ඇය කෙතරම් ඔක්කාරජනක උවත් - ඇමතිවරයාට පෙර පැමිණෙන අතර, දෙවැන්න කරන්නේ, පලමුවන්නගේ අනුගාමිකයන් ගොඩ නැගීමයි. 


පොත් - එය කොයිතරම් කුණු බක්කියට දැමිය යුතු තරමේ උවත් - පැමිණෙන්නේ, ගොඩනැගීම වෙනුවට රැවටීම කරනා ප්‍රචාරණයට පෙරයි. වසර තිහක් පමණ ඉවසීමෙන් යුතුව කල ලිවීමේ ප්‍රයත්නය, අපහාසාත්මක සහ අරමුණු රහිත මැතිවරණ ව්‍යාපාරය මගින් එහි අඳුරු ප්‍රතිපල අත්විඳින්නේ, හරක් පට්ටියක් සේ චන්දය දැමීමට යන වෙහෙසකර මනස් තුලින්ය. 


තමන් මූලික වශයෙන් ආර්ථික කතපයාධිකාරයේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටි බව නම් කාරණය වසා දැමීමට අන්‍යෝන්‍යව බැඳුනු තේමාවන් වූ අරාක්ෂාව සහ "සංක්‍රමිනික ප්‍රශ්නය" පිළිබඳව එකිනෙකා සමග තරඟ කර ගත් මෙම එකකට පසු එකක් පැමිණි ආණ්ඩු ලැජ්ජාවට පත්විය යුතුය! කොමියුනිස්ට් උපන්‍යාසයේ තාවකාලික බැස යෑම මගින් ඇතිකළ හිස්තැන, ඉස්ලාම් ව්‍යාසනය සහ අපගේ 'වටිනාකම්' නැතිවීම පිළිබඳව විකාර තට්ටුවකින් හිමින් සීරුවේ වසා දැමූ, මේ නව-ජාතිවාදී සහ දරදඬු ජාතිකවාදී බුද්ධිමතුන් ලැජ්ජාවට පත්විය යුතුය. 


දැන් නැගී සිටිනා සීමා විරහිත ෆැසිස්ට්වාදයට, එහි මානසික වර්ධනය වෙනුවෙන් නොනවත්වා පෙනී සිටි, මොවුන්ය වග කිව යුතු වන්නේ.

3 comments:

  1. Alsatian ඇල්සේෂන් \al-ˈsā-shən\- යනු මුර බල්ලෙක් සඳහා යෙදෙන නමකි. උච්චාරනය වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ දක්වා ඇති පරිදි උපුටා දක්වා ඇත. German Shepherd යනුවෙන් ද මේ බල්ලන් වර්ගය හඳුන්වනු ලැබේ.

    වර්ඩ් වෙරිෆිකේශන් ඉවත් කරන්නේ නම් ප්‍රතිචාර වලට පහසුයි.

    ReplyDelete
    Replies
    1. Alsatian යන්නෙහි ඇති එකම තේරුම මෙය නොවේ. එය ප්‍රංශයේ අල්සාසේ (Alsace) ප්රාtන්තයේ වැසියන් හැඳින්වීම සඳහාද යොදා ගනී. මෙය ප්‍රංශයේ බොහෝ වර්ගවාදී ප්‍රදේශයක් ලෙස නම් දරා ඇති අතර, 2007 ජනාධිපතිවරනයේදී මෙහිදී නිකලස් සාකෝසි හට 67% චන්දය ප්‍රකාශ වීමක් සිදු විය. බදියු මෙහිදී මෙම වචනය යොදන්නේ එම අර්ථයෙනි.

      Delete
  2. ශා ..... ! මාරු පරිවර්තනය ! මීට වැඩිය හොඳ නැද්ද කොහොමහරි කියවපියව් කියල මුල් භාෂාවෙන්ම ලිපිය දැම්මනම්.දේශපාලන ලිපි සරලව බස් වහරකින් ඉදිරිපත් කරන්න. මිනිස්සු කියවන්නේ එතකොටයි. මේ ජනතාවාදී අදහසක් එහෙම නොවෙයි.ප්‍රායෝගික කරුණක්

    ReplyDelete