Monday, October 31, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ? දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීමතමයි අපි.


අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ල, ඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවා, පහත බලන්න !’’.

2011 අපේ‍්‍රල් මැද, චීන රජය කාල තීරණය ^Time travel& නැත්නම් විකල්ප යථාර්ථය ^Alternate reality& අලළා ගෙතුනු කතා පුවත් රැගත් චිත‍්‍රපට, නවකතා, රූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කළා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබඳව තවමත් සිහින දකිනවා. ඒ නිසාම මේ සිහින දැකීම තහනම් කරන්න සිදුවී තිබෙනවා. මෙහේදී, අපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ද කිව්වොත් මේ පාලන ක‍්‍රමය විසින් සිහින දැකීමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරල. මේ කාලයේ අප නිතර බලන චිත‍්‍රපට ගැන හිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවාගැනීම ඉතා පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලූ ජීවය විනාශ කර දමනව වගේ. ඒත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරගන්න බැහැ.

එහෙනම්, මොකද්ද අපි මෙතන ඉඳගෙන කරන්නේ? ඒ ගැන කියන්න හොඳ හාස්‍යජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්න, නැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්, ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්, ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේ, මිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත.’’ ඔන්න ඔහොම තමයි අපි ජීවත්වෙන්නෙත්. අපට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනව. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම, කියාගන්න භාෂාවක් නොමැතිකම. නිදහස පිළිබඳ කතාකරන්න අපට උගන්වලා තියෙන ආකාරය - ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේ, නිදහස අනර්ථයක් බවට පත්කරනව. අන්න ඒ ගැන තමයි අපේ ක‍්‍රියාකාරීත්වය. ඔබ අපිට රතු තීන්ත සපයනව.

මෙතන අනතුරක් තියෙනවා. ඔබ, ඔබත් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතන විනෝදයෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා, සැණකෙළි කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවිතයට ආපහු ගියාම, හෙට දවසෙ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? ‘‘අපේ තරුණ අවධියේ දී.... ඒ දවස් මොනතරම් සුන්දර ද කියන්නා වාගේ, ඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව. මතක තියාගන්න අපේ මූලික පණිවුඩය, ‘‘විකල්ප ගැන හිතන්න අපට අවසර තියනවා’’. යම් හෙයකින් මේ නීතිය බිඳෙනවා නම්, එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොඳ ලෝකය නම් නොවේ. කොහොමටත්, අප ඉදිරියේ දිගු ගමන් මගක් තියෙනවා. එහිදි සත්‍යවශයෙන්ම දුෂ්කර ප‍්‍රශ්න අපට අභිමුඛ වෙනවා. අපි දන්නවා අපට  ඕනෑ නැති දේ. නමුත්, අපට  ඕනෙ මොනවාද? ධනවාදයේ තැන පිරවිය හැකි සමාජ සංවිධානය කුමක්ද? මොන වගේ නව නායකයින්ද අපට  ඕනෑ?.

යළි සිහියට ගන්න, ගැටලූව දූෂණ, වංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ මේ ක‍්‍රියා පිළිවෙත දිය කරල දාන්න දැනටමත් කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න. කැෆේන් ^caffeine& නොමැති කෝපි වගේ, මධ්‍යසාරය නැතිව බියර් දෙනවා වගේ, මේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේ, ඔවුන් මේකත් කිසි හානියක් නොවන සදාචාරමය විරෝධයක් පමණක් බවට පත්කරන්න උත්සාහ දරයි. විශුද්ධිකරණය කරන ලද ක‍්‍රියාදාමයක්. නමුත් අපි අද මෙතන ඉන්නේ කොකාකෝලා බින් කෑන් ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින්, පින් අතේ වැඩ වලට ඩොලර් කිහිපයක් දන් දෙමින්, නැතිනම් ස්ටාර් බක්ස් කැපචීනෝ ^Starbucks Cappuccino&  කෝප්පයක් මිලදී ගත්තම ඉන් 1% ක මුදලක් තුන්වන ලෝකයේ සාගින්නට පත්වූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වන නිසා එයින් හිත සනසා ගනිමින් ඉන්න පුළුවන් වන ලෝකයක් දැන් අපට හොඳටම ඇති වෙලා තියෙන නිසා. අපේ රැකියා ඒත් සමගම වධහිංසා පිටට දුන්නට පස්සේ, දැන් අපේ මංගල සේවා ඒජන්සි දැන් අපේ ආදර ජීවිතයත් පිටට දීලා තියෙනවා. දැන් අපිට පේනවා, දිගු කාලෙක ඉඳලා, අපි අපේ දේශපාලනික සහභාගිකමත් පිටට දෙන්න ඉඩහැරලා තියෙනවා. දැන් අපිට ඒක ආපහු  ඕනෑ.

සමාජවාදය කියන්නේ 1990 දී බිඳවැටුණ ක‍්‍රමය  නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුර, වඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. අද චීනය තුල, ඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින්න ලැබෙනවා. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුම, ඔබ ධනවාදය විවේචනය කරද්දි, එමගින් ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධය යන නියමයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ හැකියි.

අද අපි කළ හැකියි කියල දකින්නේ මොකද්ද? අපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරල බලමු. එක අතකින් බලපුවහම, දැන් තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්ත්වය බැලූවොත්  ඕනෑම දෙයක් සිද්ද කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්න ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජයීය හා ආර්ථික කේෂ්ත‍්‍ර දිහා. එහිදී, බොහෝවිට කිසිවක් කළ නොහැකි බවයි කියැවෙන්නේ. ඔබට අවශ්‍යයයි ධනවතුන් සඳහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහළ දමන්න ඒත් ඔවුන් කියනවා. එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරකාරිත්වය බිඳෙනවා. ඔබට අවශ්‍යයයි සෞඛ්‍යය අංශය සඳහා වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවා, කොහොමටත් බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්කිරීම. ලෝකයේ මොකද්දෝ වැරුද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුනත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩිකරන්න හැකියාව නැහැ. සමහරවිට අපි අපේ ප‍්‍රමුඛතා හරිහැටි පෙළගස්වගෙන නැහැ වගෙයි. අපට අවශ්‍ය නෑ වඩා උසස් ජීවන තත්ත්වයක්. අප  ඕනෑ වඩා හොඳ ජීවන තත්ත්වයක්. අප සමාජවාදියෝ නම්, ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබාදහමේ කාටත් පොදු අයිතිය සඳහා බුද්ධිමය දේපළ අයිතිය මගින් පෞද්ගලීකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්‍ෂණයට නතු කරගනු ලබන පොදු දේපොළ. මේ වෙනුවෙන්, මේ සඳහාම පමණක්, අප අරගල කළ යුතුයි.


සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත පිළිබඳ ගැටලූව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබට, අපි ඇමරිකානුවො නොවෙයි, මෙතන ඉන්නකොට. නමුත් තමන් ඇමරිකානුවන් බව කියා පාන ඔය ආරක්‍ෂකවාදීන්ට, මූලධර්මවාදීන්ට මතක් කරල දෙන්න යමක් තියෙනවා. ක‍්‍රිස්තියානිය කියන්නේ මොකද්ද? ඒ තමයි ශුද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණෝ කියන්නේ එකිනෙකා වෙත ඇති පේ‍්‍රමයේ බැඳීමෙන් සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සඳහාම තම නිදහස හා වගකීම ඇත්තාවු විශ්වාසකයින්ගේ සංඝයක්. මේ අර්ථයෙන්, ශුද්ධාත්මයාණන් මේ දැන් අප අතර. එහෙම නම්, අතන වෝල් ස්ටී‍්‍රට්එකේ ඉන්නේ බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිත්‍යා දෘෂ්ඨිකයින් පිරිසක්. ඒ නිසා, දැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බියගෙන දෙන එකම කාරණය, අපි කිසියම් දවසක මේ වැඬේ දාලා ගෙදර යයි; ගිහින් ආපහු වසරකට සැරයක් මුණගැහිලා, බියර් බොමින්, අතීතාවර්ජනය කරමින් ‘‘ඒ දවස්වල  අපි මෙතැන කොච්චර හොඳ කාලයක් ගත කළාද?’’ කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයිද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කරගන්න. අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

2011/10/09 වන දින Occupy Wall Street උද්ඝෝෂණයේදී ස්ලෝවේනියානු දාර්ශනික ස්ලැවෝයි ජිජැක් උද්ඝෝෂකයින් අතරට පැමිණ කළ කතාවේ සිංහල පරිවර්තනය.

http://youtu.be/cylsD-MMEbM

උපුටාගැනීම 'රාවය' පුවත්පත 2011/10/30

No comments:

Post a Comment