Thursday, October 27, 2011

සාකෝසි යනු කුමක්ද? ග‍්‍රන්ථ සමාලෝචනයක්

2007 දී ප‍්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප‍්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප‍්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප‍්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, අපි පොතේ නම වන සාකෝසි යන නාමය වෙනුවට ආණ්ඩුකරණ බලයක් භාවිතා කලා වූ වර්තමාන නැතිනම් අතීත දේශපාලන නායකයෙකුගේ නමක් (ඔබාමා, බ්ලෙයාර්, බුෂ්, හෝ මහින්ද රාජපක්‍ෂ වැනි) ආදේශ කලත්, මෙම පොත තවමත් අර්ථයක් ජනනය කරයි. එම නිසා මෙම පොතට විශ්වීය අදාලත්වයක් ඇත. The Meaning of Sarkozy ^MS& කෘතියේ ලේඛකයා වන ඇලේන් බදියු ^Alain Badiou& ප‍්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකි. මෙම පොතේ පළමු පරිච්ජේදය ලියා ඇත්තේ සාකෝසිව ප‍්‍රංශ ජනාධිපති බවට පත් කල 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉතා සුළු කාලයකට පෙරය. අවසාන පරිච්ජේද දෙක ඔහුගේ අළුත්ම පොත වන The Communist Hypothesis ^CH&" හි තව දුරටත් වර්ධනය කර ඇත.



බොහෝ රටවල මෙන්, ප‍්‍රංශයට ඉතිහාස දෙකක් ඇත. එකක් ගතානුගතික සහ රාජ්‍යයේ ව්‍යුහය සමඟ බැඳුනා වූ එකකි. අප අපව නූතන කාලයට සීමා කළහොත් මෙම ඉතිහාසය පටන් ගැනෙන්නේ වර්ෂ 1794 න් පසු වූ තර්මිඩොරියානු ප‍්‍රතිචාරය ^Thermidorian reaction&  සමඟ වන අතර 1815 යළි පිහිටුවීම, තුන්වන නැපෝලියන්ගේ විජයග‍්‍රහණය, 1871 දී පැරිස් කොමියුනය, සමූල ඝාතනය සහ යටත් විජිතවාදී යුද්ධ හරහා සාකෝසිගේ මැතිවරණය දක්වා ගමන් කලේය. ප‍්‍රගතිශීලී වන්නා වූ  දෙවන ඉතිහාසය ශ්‍රේෂ්ඨ ප‍්‍රංශ විප්ලවයෙන් ආරම්භ වන එසේම කම්කරුවන් සහ ශිෂ්‍යයන් පැරිස් වීදි මතකල  මෑත කාලීන අරගල සමගින් අඛන්ඩව පැවතගෙන එන නිර්නාමික බහුජනයාගේ මැදිහත්වීම ගැන ලියවුණු එකකි. මෙම සන්දර්භය තුළ, මැතිවරණ යනු ප‍්‍රජාතාන්ත‍්‍රික භාවිතාවන් නොව රාජ්‍ය භාවිතාවන් ය. මැතිවරණ ක‍්‍රියාවලිය ලුවී අල්තුෂර් විසින් ප‍්‍රථමයෙන් විස්තර කල දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණයන්ගෙන් එකක් ලෙස බදියු හඳුනාගනී. 2007 මැතිවරණයේදී, භීතීන් දෙකක් ක‍්‍රියාත්මක විය. එකක් සැබෑ ^original& වූ අතර දෙවැන්න ව්‍යුත්පන්නයකි ^derivative&. සාකෝසි සැබෑ භීතීය ඔහුගේ වාසියට යොදා ගන්නා කල, සමාජවාදී අපේක්‍ෂිකාව සිතුවේ ඇයට දෙවැන්නෙන් ප‍්‍රතිලාභ ලැබෙනු ඇති බවයි. පැහැදිලි විකල්පයක් නොමැති තත්වයක සමස්ත ජන්දදායකයන් සාකෝසි ට, ඔහුව ජනාධිපති කිරීමට, ජන්දය ප‍්‍රකාශ කළහ. ‘‘මම යෝජනා කරනවා ප‍්‍රමේයක්: සෑම භීතීන් දාමයක්ම අවසාන වන්නේ හිස් බවකින් වන අතර ජන්දය ප‍්‍රකාශ කිරීම යනු මෙය සිදු කරන මෙහෙයුමයි, මෙය මා තර්ක කරනා ලෙසට, දේශපාලනික මෙහෙයුමක් නෙවෙයි නම් එහි නියම ස්වභාවය කුමක්ද? ඇත්තම කියනවා නම්, ජන්දය දැමීම කියන්නේ රාජ්‍ය මෙහෙයුමක්. ජන්දය දැමීම දේශපාලනික ක‍්‍රියාවලියක් ලෙස තේරුම් ගත හැක්කේ දේශපාලනය හා රාජ්‍යය අනන්‍ය වන්නේය යන උපකල්පනය මත පමණි’’ ^MS, p12&. රට තුල සහ රටින් පිට යන දෙකෙහිම ත‍්‍රස්තය හා යුද්ධය සුජාතකරණය කිරීමට සහ එම මොහොතේම ‘‘මාතෘ භූමියේ’’ ආරක්‍ෂාවේ, ඒකාබද්ධතාවේ වැදගත්කම සහ අවශ්‍යතාවය අවධාරණය කිරීමට භීතීය යොදා ගනීවි. බදියු ලියයි: ‘‘සත්‍ය වශයෙන්ම මේ සියල්ලට යටින් වූ තර්කනය වූයේ තනි පක්‍ෂයේ තර්කනයයි. අපේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වූයේත් මෙයයි: සියළුමදෙනා ඔහුගේ පියාපත් සෙවනකට ගන්න. ඇත්තටම මේක ස්වභාවිකයි! මුළු ලෝකයම ධනේෂ්වර පර්යාය, වෙළඳපොල ආර්ථිකය සහ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගෙන මෙම මෙම කරුණු විශ්වීය ගුරුත්වාකර්ෂණය තරම්ම, සමහර විට එයටත් වඩා, විශ්වාසනීය සහ වාස්තවික වන විට, ඇයි අපි තව දුරටත් විරුද්ධ පක්‍ෂ කියන ප‍්‍රබන්ධය පිළිගන්නේ?’’ ^MS, p28-29& ඇත්ත වශයෙන්ම මෙම මූලෝපාය සාකෝසි පමණක් නොව අනෙකුත් බොහෝ ජන්දයෙන් පත් වුණු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් යොදා ගනී.

අපට ප‍්‍රකාශ කර ඇත්තේ නිදහස් වෙළඳපොල, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් විදහා දැක්වෙන ඒකීය ලෝකයක අද අප ජීවත් වන බවයි. බදියු මතු කරනු ලබන ප‍්‍රශ්නය වනුයේ: මෙය ඒකීය ලෝකයක්ද? ඔහු දෙන ලද පිළිතුර මෙයයි. ‘‘ ගෝලීයකරණ ලෝකය යනු, සුවිශේෂ ලෙස මූල්‍යමය සංඥාවන්ගේ සහ වස්තූන්ගේ ලෝකයකි. මූල්‍ය ප‍්‍රවාහයන් සහ භාණ්ඩයන් නිදහසේ සමුච්චනය වන ලෝකයකි. මේ තමයි නිශ්චිතවම මාක්ස් මෙයට වසර එකසිය පණහකට පෙර පුරෝකථනය කල ලෝකය; ගෝලීය වෙළඳපොල ලෝකය. මේ ලෝකයේ සාංදෘෂ්‍ය වන්නේ දේවල් විකිණීමට ඇති වස්තූන් සහ සංඥාවන් විකිණීමේ සහ මිළට ගැනීමේ වියුක්ත උපකරණ, විවිධ ආකෘතියේ මුදල් සහ ණය පමණි. නමුත් මේ ලෝකයේ මිනිස් විෂයන් නිදහසේ පවතිනවා ය යන්න සත්‍යය නොවේ. පළමුවෙන්ම කිව හැක්කේ ඔවුන්ට සංචරණය කිරීමට සහ ඔවුන් කැමැති තැනක ජීවත් වීමට ඇති මූලික හිමිකම මුළුමනින්ම අහිමි වී තිබෙන බවයි. ඉමහත් බහුතරයක් ගැහැණුන් ට සහ පිරිමින් ට, තිබෙනවා යැයි කියනා මේ ලෝකයට’, පාරිභෝගික භාණ්ඩ සහ මුදල් වල ලෝකයට, කිසිම අයුරකින් ඇතුල් විය නොහැක. ඔවුන් ඉතා දරුණු ලෙස ඉන් පිටුවහල්  කර වසා දමා, ඉතා සුළු පාරිභෝගික භාණ්ඩ හා කිසිදු මුදලක් නොමැති තැනකට අත්හැර තිබේ.’’ ^MS p55&

මෙම ඓතිහාසික සන්දර්භය තුල විමුක්තිවාදී දේශපාලනයේ කාර්යභාරය විය හැක්කේ කුමක්ද? බටහිර ප්‍රජාතන්ත‍්‍රවාදය විස්තීරණ කිරීමද? එය යථාවක් කිරීමද? බදියු සිතන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විස්තීරණයක් ලෙස විමුක්තිවාදී දේශපාලනයේ කාර්යභාරය තේරුම් ගැනීම හාස්‍යජනක බවයි. ‘‘බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පරම වූ භෞතික පදනම වන්නේ වස්තූන්ගේ හා මූල්‍ය සංඥාවන්ගේ නිදහස් සංසරණයයි. එහි ගැඹුරුතම මූලික වෛෂික ආප්තය වන්නේ තරඟකාරීත්වයයි, බලයේ උපකරණවල සහ ධනයේ ආධිපත්‍ය තහවුරු කරනා නිදහස් තරඟකාරීත්වයයි. මෙම ආප්තයට යටත්වීමේ අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ ධනයේ සහ බලයේ වරප‍්‍රසාදයන් විසින් සහ එහි කටුක ආරක්‍ෂාව සඳහා ජීවමාන සිරුරු වෙන් කිරීමයි’’ ^MS p58&.

මෙම ඓතිහාසික සන්ධිස්ථානය තුල ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ පරිසරවේදය පිළිබඳ වූ අධිපති කතිකාව මෙම ආකෘතිය ඇතුලෙහි සිරකරමින් පවතින අතර ගෝලීය ආණ්ඩුකරණ පද්ධතියට යටත් කර ගනු ලබමින්ද තිබේ. ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ, පලස්තීනය දෙසට වන ඊශ‍්‍රායල ආක‍්‍රමණශීලීත්වය සහ අනෙක් බොහෝ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලින් ඔප්පු වන්නේ එලෙස අප (ඒකීය ලෙස) තේරුම් ගන්නා ‘‘ලෝකය’’ සාංදෘෂ්‍ය නොවන බවයි. සැබවින්ම සාංදෘෂ්‍ය වන්නේ නිරන්තර ප‍්‍රචන්ඩත්වය මගින්, පොදු මනුෂ්‍ය වර්ගයාගෙන් කෘත‍්‍රිම ලෙස වෙන් කර තබා ඇති ආවෘත සහ ව්‍යාජ ලෝකයකි.’’ ^MS p60& අප සෙවිය යුතු එම ලෝකය කුමක්ද? බදියු අපට දන්වා සිටින්නේ එවැනි ඒකීය ලෝකයක් ගොඩනැගිය හැක්කේ තනි පුද්ගල උත්සාහයෙන් නොව සාමුහික විමුක්තිවාදී දේශපාලන ක‍්‍රියාව හරහා බවයි. ඔහු සිතනවා: ‘‘එම නිසා ඇත්තේ එකම ලෝකයක් පමණියන්න ක‍්‍රියායාකාරකම් සඳහා මූලධර්මයකි, දේශපාලන විධික‍්‍රියාවකි. මේ එකම ලෝකයේ සෑම තැනකදීම සාංදෘෂ්ඨිකත්වයන්ගේ සමානාත්මතාවය පිළිබඳව ඇත්තේද මෙම මූල ධර්මය ම වේ. කේවල ලෝකයක සාංදෘෂ්ටිකත්වය පිළිබඳ මූලධර්මය අනන්‍යතාවයන් සහ වෙනස්කම් වල අසීමිත ක‍්‍රියාව සමග පරස්පර විරෝධී නොවේ. මින් සරලව අදහස් වන්නේ සාමූහික ක‍්‍රියාකාරකම් වල ප‍්‍රත්‍යක්‍ෂයක් බවට මෙය පත් වූ විට මෙම අනන්‍යතාවයන් ඒවයේ නිශේධාත්මක ප‍්‍රතිමානය (අනෙකුන්ට ප‍්‍රතිවිරුද්ධ වීම) ඒවායේ ස්වාධිකාරී ප‍්‍රතිමානයට (සමානය මර්ධනය කිරීම) යටපත් කර ඇති බවයි. ^MS p68& වර්තමාන සූරාකන ලෝක සන්දර්භය පරිවර්තනය කිරීමට මිනිසුන්ට ධෛර්යය අවශ්‍ය ය. නොහැකිභාවය තුළ දරාගෙන සිටීම පෙන්නුම් කරනා සත්ගුණය ධෛර්යය ලෙස බදියු අර්ථ දක්වයි. ලෝකය නැවත සැකසීමේදී ^re-arrainging& කොමියුනිස්ට් උපන්‍යාසය ප‍්‍රායෝගික වියහැකිභාවයක් ^possibility&කල හැකි නව වියහැකිභාවයන් උත්පාදනය කරන්නා වූ නව ‘‘සිදුවීම්’’ ^zzeventsZZ& පිළිබඳ අදහස පවත්වාගෙන යාමට සහ සංරක්‍ෂණය කිරීමට මිනිසුන්ට ධෛර්යය අවශ්‍ය වේ. කොමියුනිස්ට් උපන්‍යාසය මගින් අදහස් වන්නේ කුමක්ද? ඔහු පිළිතුරු දෙයි; ‘‘ පළමුවෙන්ම, එහි ගණික ^generic& අර්ථයෙන් ගත් විට කොමියුනිස්ට්යනු නිශේධාත්මක ලෙස එහි සෞතික ^canonical& පඨීතය වූ කොමියුනිස්ට් ප‍්‍රකාශනයතුළ අපිට දැකිය හැකි වන පරිදි පන්තීන්ගේ තර්කණය, ආධිපත්‍යධාරී පන්තියක් වෙනුවෙන් සැබවින්ම වැඩකරන ජනයාගේ මූලධාර්මික යටත්වීම ජයගත හැකිය යන්නයි. ඈත අතීතයේ සිට ඉතිහාසයේ තිබුණු මෙම සැලැස්ම මඟ  නොහැරිය හැකි නොවේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය තුළින් මූර්තිමත් වන ධනය හිමි සහ එහි පැතිරීම සංවිධානය කරන්නන්ගේ කතිපයාධිකාරී බලය ගලවාහල නොහැකි නොවේ. කොමියුනිස්ට් උපන්‍යාසය වන්නේ ධනයේ අසමානතාවය මෙන්ම ශ‍්‍රම විභජනයද මුලිනුපුටා දැමිය හැකි වෙනස් ආකාරයේ සාමූහික සංවිධානගතවීමක් ප‍්‍රායෝගිකකරණය කල හැකි බවයි: සෑම පුද්ගලයෙකුම බහු කාර්ය කම්කරුවකුවන අතර විශේෂයෙන්ම ජනයා කායික සහ මානසික වැඩ අතරත් ගම සහ නගරය අතරත් හුවමාරු වනු ඇත. බිහිසුණු ධනස්කන්ධයන් පුදගලිකව අත්පත් කර ගැනීම සහ එය පවුල් උරුමයක් ලෙස දායාදවීම අතුරුදහන් වනු ඇත. සිවිල් සමාජයෙන් ස්වායක්ත වූ මිලිටරි සහ පොලිස් බලය ඇති මර්දනකාරී රාජ්‍යයක සාංදෘෂ්ටිකත්වය තව දුරටත් බැලූ බැල්මට පෙනෙන අනිවාර්යතාවයක් ලෙස නොපෙනෙනු ඇත. මාක්ස් අපට කියනවා  ඔහු මෙය දුටුවේ ඔහුගේ ප‍්‍රධානතම එකතු කිරීම ලෙසයිපැරැණි ලෝකයේ නටබුන් විනාශ කිරීමේ  අරමුණින් යුතුව කම්කරු පන්ති ආඥාදායකත්වයකකෙටි ආක‍්‍රමණයකින් පසුව, රාජ්‍යය වියැකී යාමටහැකි වන පරිදි නිෂ්පාදනයන්ගේ හා නිර්මාපකයන්ගේ නිදහස් සබඳතාමත පදනම් වූ යළි සංවිධානය වීමේ දීර්ඝ අනුක‍්‍රමණයක් ඇති වනු ඇත.’’ ^MS p 98-99&

බදියු ඔහුගේ කලින් ලේඛන වල, විශේෂයෙන් Being and Event කෘතිය තුළ, ‘සත්‍යය’, ‘සිදුවීම^event&" රාජ්‍යයනැතිනම් රාජ්‍ය කල්පිත අවස්ථාව^state of situation& ආදී සංකල්ප වර්ධනය කල අතර ඒවා විමුක්තිවාදී සාමූහික ක‍්‍රියාවට මග පෙන්වීමක් ලෙස කොමියුනිස්ට්වාදය නම් අදහස නැවත පිරවීම සඳහා යොදවා ගනු ලබයි. මම දැනටමත් බදියු වර්තමාන ලෝකය සන්දර්භය චිත‍්‍රණය කරන ආකාරය විස්තර කර ඇත. මෙය තමයි දෙන ලද රාජ්‍යය^state& නැතිනම් රාජ්‍ය කල්පිත අවස්ථාව^state of situation&. රාජ්‍යය නැතිනම් රාජ්‍ය කල්පිත අවස්ථාව බදියු අර්ථ දක්වන්නේ වියහැකිභාවයේ වියහැකිභාවය සීමා කරන බාධකයන්ගේ පද්ධතිය’’ ලෙසය. ^CH, p243& මෙයින් අර්ථ දක්වන්නේ දෙන ලද අවස්ථාවක් ^situation& තුල වියනොහැකිභාවය කුමක්ද යන්නයි. මෙහි අදහස අප දෙන ලද අවස්ථාවේ වහලූන් බවට පත්වී ඇති බවද? ඊනියා TINA ^there-is-no-alternative විකල්පයක් නොමැත. සින්ඩ්‍රෝමාව ^syndrome& ? ඇත්ත වශයෙන්ම නැත. බදියු සිදුවීම ^event& අර්ථ දක්වන්නේ ඕනෑම විශේෂිත අවස්ථාවක් සඳහා සාංදෘෂ්‍යය වන්නා වූ ශරීරයන්ගේ සහ භාෂාවන්ගේ සාමාන්‍ය පර්යාය තුල වන ඛන්ඩණයක් ^rupture& ලෙස,’ එනම් එය නව වියහැකිභාවයන් උත්පාදනය කරයි. එය හුදෙක් සාංදෘෂ්‍ය වන්නා වූ වියහැකිභාවයන්ගේ අවබෝධ කර ගැනීමක් නොවේ. එම නිසා, ‘‘රාජ්‍යය’’ යනු සෑම විටම වියහැකිභාවයේ පරිමිතය ^finitude& වන අතර සිදුවීමඑහි අපරිමිතකරණයයි ^infinization&'ZZ ^CH, p243&
මගේ මතකයට අනුව, කොමියුනිස්ට් උපන්‍යාසය තවමත් ජීවමානය යන බදියුගේ අදහසට පසුගිය දශකය තුළ හෝ පසුව මතුවූ නව සිදුවීම් ^event& සමඟ විශ්වාසයක් ලැබී ඇත. 2008 දී මතුපිටට පැමිණි දරුණු ආර්ථික අර්බුදය, ඉරාකයට සහ ඇෆ්ඝනිස්ථානයට කළ නේටෝ ^NATO& මැදිහත්වීම් වල අසාර්ථකත්වය, ඔවුන්ගේ ප‍්‍රතිලාභයන් ආරක්‍ෂා කර ගැනීමට දියුණු ලෝකය තුළ සේම දියුණු වෙමින් පවතින ලෝකය තුල වන බොහෝ බහුජන නැගිටීම් සහ මධ්‍යම පන්තිකයන් ^bourgeoisie& බුද්ධිමය පරිහානිය නැවත නැවතත් ඔප්පු කරන්නේ ලෝකය දැන් දැන් අලූත් අවධියකට ඇතුල් වෙමින් පවතින බවත් එමෙන්ම අලූත් ලෝකයකට නව වියහැකිභාවයන් ^possibility& උත්පාදනය කරනා බවත් ය. මෙම සන්දර්භය තුළ, බදියුගේ මතය වන කොමියුනිස්ට්වාදය නම් අදහසේ භෞතිකකරණය ^materialiration& කල හැකි දෙයක් විය හැක. මෙම ඓතිහාසික සංසිද්ධිය තුළ, ඔයැ The Meaning of Sarkozy නම් ඔහුගේ කෘතිය සිංහල පාඨකයාට ලැබීමට සැලැස්වීම වර්තමාන සූරාකෑමේ පද්ධතියට ඇති විකල්පයන් පිළිබඳ බවතින විවාදයට ප‍්‍රයෝජනවත් සම්මාදමක් විය හැක.






සුමනසිරි ලියනගේ.
(ලේඛකයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන ආර්ථිකය උගන්වයි)

(මෙම ලිපිය 2011 ඔක්තෝම්බර් මස 12 වන දින ‘‘මධ්‍යස්ථානය’’ විසින් සංවිධානය කර ශ‍්‍රී ලංකා පුස්තකාල මණ්ඩල ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේ පැවැත්වූ The Meaning of Sarkozy නම් කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘සාකෝසි යනු කුමක්ද?’’ පොත එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කරන ලද දේශණය අලලා The Island පුවත්පතේ Peradeniya Notes නම් තීරුවට සැකසූ ඉංග‍්‍රීසි ලිපියේ සිංහල අනුවර්තනයකි.
 http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36997 )

අනුවර්තනය : සමල් විමුක්ති හේමචන්ද්‍ර





No comments:

Post a Comment