Tuesday, August 27, 2013

නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතිය


නිර්මාල් එක්ක ප්‍රසිද්ධ විවාදයකට අභිමුඛවීමට තමන් කැමති බව ගුණරත්න තුන මාන වෙබ් අඩවියෙහි පළකර තිබුණි. වංගීස එය නිර්මාල් වෙනුවෙන් බාර ගනිමින් ප්‍රතිචාර දක්වල තිබුණ.‍ නොවන සංවාද ගැන හෝ අභිමුඛ වීම් ගැන ගුණරත්න කවදත් විහිළු කතා කියනව. ගුණරත්නගේ මේ විහිළුව නිර්මාල් සීරියස්ව බාරගැනීම ගැන මට නම් නිර්මාල් ගැන ඇත්තේ කණගාටුවක්.

ගුණරත්න බයම අකුර "ස" යන්නය. සංවාදය කියන වචනය කැරපොත්තන්ට මෝර්ටීන් ලෙසයි ගුණරත්නට දැනෙන්නෙ.  ගුණරත්න නිර්මාල් සමඟ (වාම ප්‍රවණතාවය)  2004 දෙසැම්බර්  සංවාදයට අභිමුඛ වූවා නම් X කණ්ඩායම කැඩෙන්නේ නැත. ප්‍රසිද්ධ තැනක සංවාදයට එන්න කියන ගුණරත්න X නිවසෙහිදී අපට අභිමුඛ වූයේ ද නැත.  දෙසැම්බර් 26 වෙනි දින   බුද්ධිකවයි , ප්‍රභාවයි ඒ සඳහා ඉදිරිපත් කරල  X ගෙදර කාමරේ ගුණරත්න හැංගිල සිටි බව එහි සිටි සියළු දෙනාම හොදින්ම දන්නා කරුණකි.


"හිස්ටීරියා" පොත  ගැන කවුරුත්ම ප්‍රතිචාර නොදක්වා සිටි 2004 ඔක්තෝම්බර් වන විට නලින්ද සිල්වා නිර්මාල්ට පණිවිඩයක් එවමින් පොත ගැන සංවාදයකට ඔවුන් ගුණරත්න සමග සුදානම් බව පවසා තිබුණ. "චන්ඩි කෝ" ලෙස අසමින් සිටි ගුණරත්නට, මෙය මහඟු අවස්ථාවක් කර ගැනීමට තිබුනකි. නලින් ද සිල්වා සමග සංවාදයට  තමන් තනිවම නොව නිර්මාල්ටද සහභාගිවන ලෙස ගුණරත්න නිර්මාල්ට  ප්‍රකාශ කර තිබුනි.  ප්‍රශ්න නිසා සතියක් පමණ අප X නිවසට නොගිය වකවානුව තුළ නලින් සමඟ සංවාදය සංවිධානය කරන්න නිර්මාල් ඒ අතරතුර X නිවසට යනව. ගුණරත්න‍ගේ කාමරයට යන නිර්මාල් කියනව,  "මචං අපි X එකේ ප්‍රශ්නත් කතා කරලම විසඳගමු.  වෙන වෙන දේවල් වෙන්න නොදීකියල. ගුණරත්න ඒ වෙලාවේ අමු තිත්ත මෙගා කුණුහරුප  වැස්සකින් නිර්මාල්ට සංග්‍රහ කරනව. "කැ..ය....තෝ දන්නවද ප...යෝ...." ආදී වශයෙන්. නිර්මාල් හොඳටම සමාජයෙන් කට්ට කෑ මිනිහෙක් නිසා අපහාසවලින් නොසැලී සිටියද නිර්මාල් මට ඇවිල්ල කියන්නේ, කතා කරනව නෙමෙයි බං  මේක වියරුවක් කියලයි. නිර්මාල්ට "හොඳ වැඩේ" අපි එදත් කිව්ව.

පාලු ගෙයි වළං බිඳින්න පමණක් දන්න, අහගෙන ඉන්න අයට පමණක් බණ කියන්න සූදානම්  "ගුණරත්න සාදු" (පතුල) ට සංවාදය කියන්නෙ ක්ෂිතියක්. ගුණරත්නගේ ගෝලයෝ අසා සිටීම හා කියවන විට ලිවීමට පමණක් ගුණරත්න සමඟ සිටී.  අනුගාමිකයන් යනු විපරිතයන් බව ගුණරත්න ධර්මදාස ට පිළිතුරු ලෙස කී දෙය අප මෙහිදි ලියා තබමු. X එක කැඩීයාමෙන් පසු ගුණරත්නට ඔහු කැමති ආකාරයේම වාසි දෙකක් අත් වෙනව. එකක් වාම ප්‍රවණතාවය සමඟ සංවාදය අහෝසි වෙනව. අනෙක ගුණරත්න තුල තිබෙන සංවාද බියෙහි අවිඥානිකත්වය නිසා නලින් ද සිල්වා සමඟ සංවාදය නැති වීමෙන් ගුණරත්න සහනයක් ලබනව. නලින් ගේ අභියෝගයත් ගුණරත්නට තවමත් විවෘතය.

ප්‍රශ්නවලට අබිමුඛ නොවන ගුණරත්න, සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති වූ විට, මාතොට සඟරාවට කෙළවපු (ගුණරත්න ලන්ඩන් මුල් සඟරාවෙ පල කර පරිදි) රුවන් පර්ඩිනැන්ඩස් වෙතට හැරී, බසීට පවසන්නේ ඕගොල්ලෝ කිසි දේකට බයවෙන්න එපා. මම රුවන් සමඟ ඔක්කොම කතා කරගෙන තියෙන්නේ ලන්ඩන් සඟරාවත් මගෙ නමට ලියාපදිංචි කළායනුවෙනි. (ලන්ඩන් යන නමට ගුණරත්න පේටන්ට් ඉල්ලල තිබුණ, ව්‍යාපාර නාම ලියංපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන්. පිලිතුරු දී තිබුණේ එංගලන්තෙ රැජිණටවත් ලන්ඩන් කියන පොදු නාමයට පේටන්ට් නොදෙන බවයි). පසු කලෙක මගෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලල ගොඩපෙරකදෝරුවෙක් මඟින් එන්තරවාසියක් එවනව, සඟරාවේ අයිතිය  සම්බන්ධයෙන්. මම අධිනීතිඥයෙක් මාර්ගයෙන් පිළිතුරු යැවීමෙන් පසු ගුණරත්නගේ දතකට පූට්ටු වෙනව. සංවාදය පැත්තකට දැමු ගුණරත්න එදා වැඩ කලේ එලෙස ය. අපව මඟ හැර එදා රුවන් සමග ගුණරත්න කල ගණුදෙනුව හරහා, යකාගේ ආච්චිද තම ව්‍යාපෘති සදහා යොදා ගන්නා  රුවන් 2005 දී රාජපක්ෂට උදව් කිරීම දක්වා ගුණරත්නව  රැගෙන ගියේය.

මහජන පුස්තකාලයෙ ඩෙරිඩා "ඉගැන්වීමටයොදා තිබු රැස්වීමේ ගුණරත්න කුමුදු රැස්වීමේ නැතැයි සිතා කුමුදු ඩෙරිඩා නොදන්නවා යැයි, චන්ඩි පාට් දානව. කුමුදු ඉදිරියට ඇවිත් ගුණරත්නට අභිමුඛ වෙමින් උත්තර දෙනව. පසුව ‍හොල්මන් වෙලා කියනව "මම දැනගෙන හිටියෙ නෑහැ කුමුදු රැස්වීමෙ ඉන්නව කියල.මෑතක දී මාතර නිල්දිය  ශාලාවෙ පැවති  සමබිම රැස්වීමක් අමතන ගුණරත්න ගෙන් ප්‍රශ්ණ අහන්න  කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි මාධව නැගී සිටින විට එය දුටු ගුණරත්න "තෝ තක්කඩිය..වාඩිවෙයන්කියල  සංවාදය මග හැරිමට ආවේශයෙන් කෑගහනව. ප්‍රජාතන්ත්‍රවාදීරැස්වීමේ ගුණරත්නගේ හැසිරීම් නිසා සුදර්ශනගෙ NGO ප්‍රජාතන්ත්‍රවාදය අප්සට් ගිහින්, යහපාලක සුදර්ශන ද මාධවට Get out කියනව.  පස්සෙ අම්පාරෙදි බොදු බල සේනා විසින් "සමබිමරැස්විම නවත්වන තුරු සුදර්ශනට Get out කියනව.  ඒක හරියට තුෂාරා film එකේහොයි..,” කියල  කියන කෙනාට  වෙනත් කෙ‍නෙත් ඇවිත් "හොයි...හොයි..කියල කියනව වගේ

ගුණරත්න විහිළුවට කරන අභියෝගය සීරියස් ගත්ත නිර්මාල්ට තව දින දෙක තුනකින් තුනමාන වෙබ්වල පලවෙන තවත් විහිළු ප්‍රකාශ ගැන අපට මෙලෙස ලිවිය හැකියි.

"දැක්කද මං විහිළුවට කීව දේ මුං සීරියස් අරගෙන. මාත් එක්ක සංවාදයකට එන එක මුන්ගේ ෆැන්ටසියක්. මං මේකට නොයන විට කුඩු වෙන්නෙ මුන්ගෙ ෆැන්ටසිය. තොපිට හොඳ වැඩේ."
- ගුණරත්න

"මේ සංවාදයට අපි මැදිහත් නොවන්නේ විපරීතයෙක් මේ සඳහා මැදිහත් වූ නිසාය
- ගුණරත්න


"මං වගේ මිනිහෙක් එක්ක (ලෝකයම තමන් දන්නවා යැයි ගුණරත්නගේ සිතීම- ගුණරත්නගෙ ෂෝක් ගුණරත්නට ෂෝක් - උපුටා ගැනිම ජගත් ගෙනි) සංවාද කිරීම ට එන්නේ මුං, මුංව ලොකු කර ගන්නයි. මං අහුවෙයි ඕවට." 
- ගුණරත්න

රොහාන්  ගැන අනිල් හොඳින්ම දන්නවා යැයි කියන්නේ රොහාන් අනාගතයෙන්ද කීමට නියමිත ප්‍රයෝජ්‍යතාවාදී කථා අනිල් වේලාසනින්ම හොඳින් දැන සිටි බවය. ගුණරත්න අනිල් ගේ මෙම  රොහාන් පිලිබඳ දැනුමනිතරම වනවයි. ගුණරත්න ගැන අපි හොඳින් දන්නවා කියන්නේද ඒ තර්කයට අනුවය. 

"නොකෙරෙන වෙද කමට කෝදුරු තෙල් හත් පට්ටයක්  සහ තවත් බිංදුවක්"

කල්‍යානන්ද පෙරේරා       

6 comments:

  1. බැසිල් ගේ සාක්කුවෙ නිර්මාල් , දායාන් ජයතිලක , නලින් ද සිල්වා, අමරසේකර , ඇතුලු නඩය සිටින නිසා දිප්ති ප්‍රවෙසම් විය යුතුය​. ඔවුන් දිප්තිව නැති කිරිමට නිර්මාල නොව නාවනිදි පිල්ලෙ සමග වුවත් එකතු විය හැක​.

    ReplyDelete
    Replies
    1. "යකාගේ ආච්චිද තම ව්‍යාපෘති සදහා යොදා ගන්නා රුවන් 2005 දී රාජපක්ෂට උදව් කිරීම දක්වා ගුණරත්නව රැගෙන ගියේය"

      Delete
  2. හැමදාම ඉන්ටර්නෙට් ගොන් පාර්ට් නෙ අපි දකින්නෙ. "පිටසක්වල කූමාරයයි පැන්චො ටිකයි" අලුත් පිටපත බලන්න තිබ්බ ඇත්තටම ඔය වාදෙ උනානම්

    ReplyDelete
  3. 2013-08-13: "මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. මේ අතරින් එක හේතුවක් වූයේ එම බ්ලොග් අඩවිය තුල අප අනවශ්‍ය පරිදි දීප්ති කුමාර ගුණරත්න මහතා සහ එම මහතාගේ දේශපාලන පක්ෂය ලෙස නම් කරන කණ්ඩායම සමග පැටලීමයි."

    2013-08-24: "මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි."

    දීප්තිත් එක්ක පැටලෙන්න ආසා නෑ.

    දීප්තිත් එක්ක පැටලෙන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. එකම කරුණ නැවත නැවතත් කියන එක තේරුමක් නැහැ. නමුත් තව එක සැරයක් මේක පැහැදිලි කරන්නන්. දීප්ති සමග 'පැටලීම' කියන්නේ මෙහෙම එකක්. එයා එයාගේ වෙබ් අඩවියෙන් සහ ප්‍රසිද්ධ රැස්වීම් වල අපිට මෙහෙම මඩ ගහනවා. එතකොට අපි ඒකට උත්තර දෙන්න යාම 'දීප්ති සමග පැටලීමයි'. නමුත් දීප්ති ඉස්සරහ ප්‍රසිද්ධියේ මුහුණට මුහුණ බලාගෙන එයා කරන වැඩේ හෙළිදරව් කරන එක මඩ වලට උත්තර දෙනවට වඩා වෙනස්. එතකොට එයාට අපි අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න වෙනවා. සියලු දෙනාටම උදෑසන ඉර පායනවා වගේ සත්‍යය දැක ගන්න පුළුවන්.

      Delete
  4. නිර්මාල්; දයාන් ජයතිලක, නලින් ද සිල්වා, අමරසේකර ඇතුලු නඩය සමඟ බැසිල් ගේ සාක්කුවේ ඉන්නා බව මේ නමක් නැති කෙනා හරියටම දන්නෙ කොහොමද? ඔච්චර බය ඇයි දීප්ති නැතිවෙයි කියල. දීප්ති නැතිවෙනව කියල දන්නෙ නැතිවද විවාදෙට එන්න කිව්වෙ. නිර්මාල් සමඟ විවාදෙ කෙරෙන්නෙ නෑ. බයවෙන්න එපා දීප්ති ඉදිරියට එන්නෙ නෑ. කොච්චර කිව්වත් මේක වෙන්න විදිහක් නෑ. දීප්ති ට තේරෙන භාෂාවෙන් පිළිතුරු ලැබී ඇති නිසා දීප්ති එය අවබෝධ කරගනු ඇත. අනෙකා වික්ෂිප්ත කිරීමේ දීප්තිගේ උපාය මෙවර අවසාන වන්නේ නිර්මාල් ගේ අභියෝගය භාරගැනීමෙනි. නිර්මාල්ව කිච කිරීමට දීප්ති නැවත ඉපදී පැමිණියත් නොහැකි වනු ඇත. කරුණාකර ඔහුට මඩ නොගසා ගොම ගසන්න. ගොම ගසා අවසන් වූ විට ඔබේ අත් දෙස බලන්න. නිර්මාල් අසන ප්‍රශ්නය ඔබට හමුවනු ඇත.

    ReplyDelete