Tuesday, November 20, 2012

ද්වේෂා-භියෝගය


රජය විසින් ලබාදුන් වෙනත් පත්වීම් ලෙසම "ස්වාධීන" අධිකරණය සඳහාද එවැනි පත්වීමක් ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් ද  ලබාදුන් බව ta පිළිබඳව විමසීමේදී පෙනී යන කරුණකි. අවම වශයෙන් රැකියාවන් සඳහා ද තෝරාගැනීමක් සිදුවන්නේ දේශපාලන කරුණු සැලකිල්ලට ගෙන ය. එම අයුරින්ම අධිකරණය සඳහා කරන පත්වීම් ගැන ද විමසන්නට ජනයා පෙළඹී නැත. "විධායකය" එසේ නැතහොත් දේශපාලන බලය වැඩියෙන්ම සංකේන්ද්‍රණය වී ඇති ආයතනය හෝ තනතුර යනුම, එම බලය යෙදවීමට නීතියෙන් හෝ පරමාධිපත්‍යයෙන් ම හිමිවී ඇති බලයකි. ඒවා සීමාන්තික හෝ අසීමාන්තික වන්නේ යම් සිද්ධි වලදී ඒවා පාලක-විරුද්ධ පක්ෂ වල අර්ථකතන වලට ලක් කරන අයුරින් ය. බලහත්කාරය, ජන්ද මඟඩි, ජන්ද මංකොල්ල කොපමණ සිදුවුණද මැතිවරණ කල් දැමීම සඳහාද ජන්දය දුන්; පාලකයන්ට ඇවැසි ජනතාවක් ද 1982 ජනමත විචාරණයේදී අපට හමු විය.


ලංකාවේ වැඩිම ජනතා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් (224) එකම අරමුණකට ජන්දය දී ලංකාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට එකඟ වූ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අවුරුදු කීපයකට පසු එයට මුල් වතාවේදී විරුද්ධ වූ එක් මන්ත්‍රීවරයෙකුගේ  (හෙළ උරුම, චම්පික) සතුට මල් ඵල ගන්වමින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුව සම්මත වූයේද ඊනියා පරමාධිපත්‍ය, පරමාධිපත්‍යට එරෙහිවෙමින් ය. එහිදී ද පරමාධිපත්‍යයේ අර්ථකතනය පාලකයන්ගේ සිතැඟි අනුව සිදුවිය. පාර්ලිමේන්තුවේ ඉපැරණි වාමාංශිකයන් ව විප්ලවය නොව ධනපති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීමට නුසුදුසු කල් ඉවත්වූ පිරිසක් බවට එහිදී පත් විය.

2010 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට; 1988 සිටම පක්ෂ විපක්ෂ පොරොන්දු වූ ජනාධිපති අපේක්ෂයන් අතරට මහින්ද රාජපක්ෂ දෙවෙනි වරටද ජනාධිපති ලෙස එක් විය. ඔහුගේ ප්‍රබල විරුද්ධ අපේක්ෂකයා ද (සරත් ෆොන්සේකා) ඒ දක්වා වූ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දුන් පොරොන්දුව ප්‍රබල තාර්කික අභියෝගයකට ලක් කළේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ය. "පළමුවර ජනාධිපති තනතුර‍ට තරඟ කරන කිසිවකුගෙන් ජනාධිපති ක්‍රමය වෙනස් කරාවි යැයි බලාපොරොත්තු විය නොහැක්කේ ඔහුට තවත් අවස්ථාවක් ජනාධිපති ධුරයට තරඟ කිරීමට ඇති නිසා" බව පැවැසූ ඩිව්, තව දුරටත් කියා සිටියේ දෙවෙනි වර ජනාධිපතිකමට තරඟ කරන අයගෙන් පමණක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බලාපොරොත්තු විය හැකි බවයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 'ජනාධිපතිවරණයට' ඕනෑම වරක් තරඟ කිරීමට අවස්ථාව හිමිවන බව පැවැසෙන වගන්ති‍යට අත එසවීමට ඩිව්ටම සිදුවූ විට ලජ්ජාව යන තේරුමට අකුරු තව ගොඩක් එකතු කළ යුතුව තිබුණි. අර්ථකතන එසේ තිබියදී 18 න් ලැබුණු එම බලයට වඩා සියළු බලතල විධායකයට එකතු කර ගැනීමට (ව්‍යවස්ථාදායකයත්/අධිකරණයත්) අවශ්‍ය පූර්වජ ලක්ෂණ විධායකය විසින් කරගෙන යාමේ ආරම්භය ආරම්භ කර ඇත. පවතින ක්‍රමවේදයට වෙනස්ව ප්‍රශස්ති කේවට්ටයන්ට (අධිකරණයේ) තනතුරු දීමත් ඔවුන්ගේ පවුලේ අයට නින්දගම් (බැංකු සභාපති හා අධ්‍යක්ෂකම්) දීමත් කර ඇත. පාර්ලිමේන්තු අනුකාරක කමිටුවේ 11 දෙනාගෙන් (සභාපතිකම ඇතුළුව) 07 දෙනෙක් දෝෂාභියෝගය ගෙන ආ ආණ්ඩු පාර්ශවයේ අය වීමත් නිසා එහි ස්වාධීන කම දීන කරමින් ඇත පාලකයන් එකම ෆෝන් එකට සිම් දෙකක් දමා ගත්තේ ය.

විජය කුමාරණතුංග මරා දැමූ පසු, එවකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එය සාධාරණීය කිරීමට සියළු තර්ක ගෙන එන විට, ඒවා බිඳ දැමීමෙන් අනතුරුව ඉතා දුර්වලව පැවසුවේ විජයගේ පවුලේ ද (චන්ද්‍රිකා සමඟ) ප්‍රශ්න තිබූ බවයි. එයට එරෙහිව එම ප්‍රකාශය කළ අයගෙන් බොහෝ දෙනා ඇසුවේ පවුලේ ප්‍රශ්න වලට දෙන පිළිතුරුත්, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් භාරගෙන තිබෙනවා ද යන්නයි. සියළු සාධාරණ තර්ක බිඳ වැටුණු පසු රාජපක්ෂ රෙජීමය ද ශිරාණි බණ්ඩාරනායකගේ හා අධිකරණ සේවා කොමිසමේ සභාපති අතර අනියම් සබඳතා ද මතුකිරීමට උත්සාහ කරන ලදී. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන පවිත්‍රාදේවී වන්නි‍ආරච්චි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව කථානායකට දෝෂාභියෝග යෝජනාව භාරදීමෙන් සංකේතවත් කරවන්නේ ඇයට එරෙහිව ඇති එක් චෝදනාවක් ද වන "විෂමාචාර පැවැත්මයි" ජනයාට ද්විත්ව ලිංගික තේරුමක් දැනෙන ලෙස පිරිමි මන්ත්‍රීවරුන් බොහෝ ගණනක් සිටින පාර්ලිමේන්තුවේ ගැහැණියක්, ගැහැණියකට එ‍රෙහිව යෝජනාවක් කථානායකට භාරදීම මගින් ආසියාතික පිරිමින් ඉල්ලා සිටින, පිවිතුරු ගැහැණුකමේ සංකේතාත්මක බව මතුකර දැක්වීමට අවශ්‍ය පසුබිම් සංකේතයන් ද, පාලකයන් මෙහිදී ප්‍රයෝජනයට ගෙන ඇත.

බලය එක් පුද්ගලයෙතු තුළටම සංකේන්ද්‍රණය කර ගැනීමේ පූර්වජ ලක්ෂණය තවත් අයුරකින් සංකේතවත් වූයේ ග්‍රෝත්‍රයේ සියළු ගැහැණුන් තමන් සමඟ (නායකයා) පමණක් සංසර්ගයේ යෙදීමේ ක්‍රියාවලිය සඳහා ය. ශාරීරිකව නොවුනද වර්තමානයේ ද, පක්ෂයක, සංවිධානයක, ආයතනයක, කල්ලියක බොහෝ නායකයන් අඩු වැඩි ලෙස මෙය මානසිකව තම ග්‍රෝත්‍රයේ ගැහැණුන්ගෙන් බලාපොරොත්ත වන්නක් මෙන්ම ඉල්ලා සිටින්නක් ය. පවිත්‍රාදේවී ලා සහ ශිරාණි ලා ඒ අනුව සිටිය යුත්තේ පූර්වජ ලක්ෂණ සහිත නායකයාගේ බලය, මනදොල පුරවන මානසික යටහත් කමකය. අතුරු උදාහරණයකින් මෙය පැහැදිලි කරන්නේ නම් අප පෙර සිටි සංවිධානයේ නායකයා ද දීප්ති කුමාර ගුණරත්න හැමවිටම කල්පනා කරමින් සිටියේ එහි සියළු ගැහැණු තමන් සමඟම පමණක් සිටිය යුතු බව යන පූර්වජ ලක්ෂණ තුළය. පිළිවෙලින් ප්‍රභා, නදී, මනෝජා ෆැන්ටසිය කරගෙන සිටි ගැහැණුන් සංවිධානයේ වෙනත් පිරිමින් තෝරාගත් විට ඔහු ඔවුනට තම පූර්වජ හැසිරීම සහිතව පහර දෙන අයුරු කියවා ගැනීමට ඔහුගේ ප්‍රකාශන දෙස බලන්න.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවසාන අරගලයේ විප්ලවය එනතුරු ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය මඟහැර සිටිය ද ජ.වි.පෙ. ඔවුන්ට ශාරීරිකව පහර දෙන විට යුක්තිය ඉටු කර ගැනීමට විශ්වාසය තබන්නේ පොලීසිය හා අධිකරණය කෙරෙහි ය. අවසාන අරගලයට පෙර අරගල ශක්තිමත් නොවන්නේ නම් අවසාන අරගලයේ ශක්තිය හුදු පක්ෂයේ සාමාජිකයන්ගේ බලහත්කාර මැදිහත්වීම පමණක් බවට "විප්ලවය" පත්වන්නේ ය. 88/89 යේ නිල නොවන මිනීමරු කල්ලි ඊනියා දේශප්‍රේමයේ නාමයෙන් හා ඊට සමගාමී විරුද්ධ කමකින් වෙනත් අය ද මනුෂ්‍ය ඝාතන සිදුකරන විට පොලීසි වල අත්අඩංගුවට පත්වූවන් බොහෝ ප්‍රමාණයක් බේරී සිටියේ ශිෂ්ඨාචාරයේ ඒ දක්වා වූ මිනිස් එකඟතාවන් වල ධනේෂ්වර නීතිය හෘද සාක්ෂියක් ලෙස හෝ පැවැතුනු නිසා ය.

"ඒකා-අධිපති" නාට්‍යයේ එහි එන ඒකාධිපතියා කැරැලිකාර 'ලාන්ස්ලොට්' ගේ නමට පමණක් නොව 'ල' යන්නට ද බියක් දැක්විය. කැරැලිකාර නොවූවද, බණ්ඩාරනායක 'බ'යන්නට බිය වීමේ අවිඥාණකත්වයක් ද රාජපක්ෂ තුළ අවම සාධකයක් ද විය හැකිය. දූෂිත වුවද පන්තිමය වුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුත්තේ අප තවමත් ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය මේ දක්වා වූ විකල්පයක් ලෙස අපට තෝරාගැනීමට සිදුවී ඇති නිසා ය.

කල්‍යානන්ද පෙරේරා

No comments:

Post a Comment