Sunday, October 7, 2012

අනාගත ලංකාව!

පසු ගිය දිනක ESPN වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සමග ඇමෙරිකානු ජාතික ක්‍රීඩා රචකයකු වන රයිට් තොම්සන් විසින් කල සාකච්චාවක් පල වී තිබිණි. තොම්සන් ට මහේල ව මුණ ගැසී තිබුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය බිරිඳ සමග තේ පානය කරමින් සිටින අතර තුරයි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ පුළුල් ඓතිහාසිකත්වය තුල තබා කියවීමට මහේලගේ අත්දැකීම් යොදා ගැනීමට මෙම රචනය තුලදී ලේඛකයා උත්සාහ කරයි.

වසර ගණනක යුද්ධය අවසන් වීමෙන් පසුව නොදන්නා අනාගතයක් දෙස බලා සිටින ශ්‍රී ලංකාව දැන් සිටින්නේ පිහි තුඩක් මත සිටගෙනය යන්න එහිදී තොම්සන් විසින් දෙන නිගමනයයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලොබි එක තුල තේ බොන අතර තුර අප පරම්පරාවේ සමාජීය වගකීම සම්බන්ධයෙන් මහේල මෙහෙම කියයි: "ඊළඟ පරම්පරාවේ තුවාල සුව කිරීමටත් අප අතර ඇති දුරස්තබව නැති කිරීමට පාලම තැනීමටත් මෙය අපට මහගු අවස්ථාවකි. අපේ පරම්පරාව යුද්ධය අතරේ හැදී වැදුණු නිසා අපට මෙය මානසිකව අපහසු උනත්, ඊළඟ පරම්පරාවට මෙය වඩාත් පහසු වනු ඇති". මේ අනාගත ලංකාව සම්බන්ධයෙන් තොම්සන් හට මැවෙන්නේ මෙවැනි චිත්‍රයකි:



"සෑම දෙනාම මහේල දෙස බැලුවත්, ඒ කිසිවෙක් ඔහුගේ තේ පානයට බාධා කලේ නැහැ. මෙම හෝටල් ලොබි එක තමයි ලංකාවට තමන් වෙනුවෙන් අවශ්‍ය වෙන අනාගතය: දිය උල්පතකින් දිය බින්දු වැටෙන සිත නිවන ශබ්දය, තරමක් ඈතින් බාර් එක අසලින් ඇසෙන පියානොවේ හඬ, හොඳින් මදින ලද පොලොව ප්‍රතිබිම්භ ගත වන විශාල විදුලි ආලෝක පහන් (chandeliers), දිය තටාකයට පඩි පෙලකින් විවර වුනු ඉහල විලාසිතාවේ බොජුන්හල්"

අද හවස තරඟය ගැන දෑස් දල්වා බලා සිටින සියලු ලාංකිකයන් වෙනුවෙන් අප මෙම අනාගතයට සුභ පතන්නෙමු!

No comments:

Post a Comment