Saturday, September 8, 2012

ඉගිලුණු තාරාවන් ගැන ලියවුනු සටහනට සංශෝධනයක්

දේශපාලනය තුල ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද, සාර්ථක අර්ථකතනයන් මෙන්ම අසාර්ථක අර්ථකතනයන්ද, නිවැරදි පුරෝකථනයන් මෙන්ම වැරදෙන පුරෝකථනයන්ද තිබේ. 'ස්වයං විවේචනය' කියන්නේ මෙලෙස සිදු වන පරාජයන්, අසාර්ථක අර්ථකතනයන් සහ වැරදුනු පුරෝකථනයන් පිළිබඳව කෙරෙන අවංක සිතා බැලීමකි. සාර්ථක දේශපාලන අනුක්‍රමණයක් සඳහා මෙය අනිවාර්ය කොන්දේසියකි. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය ආරම්භයේදී එමගින් මේ වන විට ගොඩ නැගී ඇති වටිනාකම් විනාශ වීමක් විනා නව්‍ය ගොඩනැගීමක් සිදු විය නොහැකියි කියා තර්ක කල අජිත් පැරකුම් ජයසිංහ මිතුරා සිය තක්සේරුව නිවැරදි නොවන බව පිලි ගැනීම   අපට අනුව සාධනීය ක්‍රියාවකි.

මෙම අරගලය වැටුප් අරගලයකට වඩා වැඩි පළල් අරගලයක් වුවහොත් මුලින්ම නැති වන්නේ තමන්ගේ පවුල බව හොඳින්ම දන්නා ආචාර්යවරුන් එවැනි දේ කිසිදා නොකරන බව කියා, මෙම අරගලයට හැකි තරම් අපහාස කල කණ්ඩායමක් කිසිවක් සිදු නොවුණු සේ එක්වරම ලැක්ලාවුයි අරුයි මූයි ගැන ඔක්කොම කියමින් කිසිදු ලැජ්ජාවක් නොමැතිව මේක මහජන අරගලයක් කියල කියන අවස්තාවක අජිත්ගේ ආදර්ශය වැදගත් බව අපගේ අදහසයි.

ඒ අනුව යමින්, නැවත සිතා බැලීමේදී එතරම් නිවැරදි නොවන ලෙස පෙනෙන වැරද්දක් අපි පහතින් නිවැරදි කරමු. දීප්ති කුමාර ගුණරත්නගේ මූලධර්ම නැති දෙබිඩි ක්‍රියාපිළිවෙත විවේචනය කරමින් කල්‍යා විසින් ලියන ලද ලිපියේ ඇති සමහර යෙදුම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය විරෝධය පල කර තිබේ. මෙවැනි යෙදුම් වලින් එම ලිපියේ මූලික තර්කය වෙනුවට ද්වේශය ප්‍රමුඛ වීමක් සිදු වීමට ඉඩ ඇති බව අපි පිළිගනිමු. එම නිසා එය නිවැරදි කිරීමෙන් පසුව එම ලිපිය නැවත පහතින් පල කර තිබේ. මෙය නැවත වරක් කියවීම හැඟවුම්කාරක වල ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට හොඳ අභ්‍යාසයක් වෙයි. 


තාරාවෝ ඉගිලෙති


ගල්කිස්ස පොලීසිය විසින් ගණිකානිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝස්තු 11 දින අත් අඩංගුවට ගෙන  (එම අවස් ථාවේ  එහි ‍වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමින් පසු නඩු දිනයක් නියමව ඇප මත නිදහස් කරන ලදී. එදිනම උසාවියේ ගණිකාචෝදනාව බාර ගෙන වැරදිකරැවන් වු  වෙනත් අයට  රැ 50000 බැගින් දඩ නියම විය.

 ගුණරත්න විසින් මෙම සිද්ධිය, තම 3 mana වෙබ් අඩවියෙන් අසුචි අච්චාරුවක් ලෙස සාදා තමන්ද කන ගමන් අන් අයටද කැවීමට උත්සහ කරවමින් සිටියි. ගුණරත්න ගේ පට්ටපල් බොරුවලට අනුව මාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසිය වන අතර රිමාන්ඩ් දින 14 කි. මම එහි හිමිකරුවා ද වෙයි.

ගුණරත්න ගේ කුහක දෙබිඩි වත ගැන මතක් කරන විට මට මතකයට නැගෙන සිද්ධීන් අපමණය. සාමාන්‍යයෙන් ගුණරත්න ගේ ප්‍රතිපත්තිය වන්නේ ප්‍රතිපත්තියක් නැති කමයි. ඔහු සමහර වෙලාවට නිදහස් ලිංගිකත්වය, වැඩිහිටි ලිංගිකත්වය ආදී දේ වෙනුවෙන්, එසේ කිරීමට මිනිසුන්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී හිඳී. තවත් විටක, එය මහා පරිමාන අවුලකි, අදේශපාලනයකි, බඩුකාර කමකි. සමහර විට නිල් සිනමා පට වල ස්ත්‍රීන්ගේ ලිංගික ශ්‍රමය හුවමාරු වීම ගැටළුවක් නොවන්නේ එය 'දුක නිවන සිනමාව' වන නිසාය. තවත් විටෙක ලිංගික ශ්‍රමය හුවමාරු වන කර්මාන්තයක් යනු අන්තිම ප්‍රති-මාක්ස්වාදී ආනන්තරීය පාප කර්මයකි.

මා මීට පෙරද  මෙවැනිම වු නඩුවකට ‍පෙනී සිට ඇත. ඒ 2001 වසරේ London සඟරාවේ මැයි ජුනි කලාපය වෙළද පලේ තිබියදී එය අසැබි සගරාවක් ලෙස මරදාන පොලිසිය විසින් විකුණු තැනැත්තාත් සමග අත්අඩංගුවට ගත්විටදී ය. London සඟරාව අතර තිබු අන් අසැබි සඟරා සහිතව අනෙක් වෙළදුන් තමන් වැරදිකරුවන් වී මාලිගාකන්ද උසාවියෙන් රු. 500 දඩයක් නියමව, ගෙවා පිටව යත්දී පිටකොටුවෙ බෝ ගහ යට පත්තර තට්ටුව හිමි විමලරත්නව නිවැරදිකරු ලෙස  පෙනි සිටින ලෙස මා කැමති කරවා ගත්තෙමි. නඩු වාර දෙක තුනක් ගිය විට ගුණරත්න මට කිවේ වැරදිකරු වී නඩුව ඉවර කර ගන්නා ලෙස ය. එවිට අප විසින් ඒ දක්වා මාතොට සහ London  හරහා අධිපති ලිංගිකත්ව කතිකාවට එරෙහිව කළ පෙනි සිටීම පාවාදීමක් වන නිසා එයට වෙනස් ව මා දිගින් දිගටම අවුරුදු එකහමාරක් නීතිපති සමග නඩු කියා නඩුවෙන්  දිනීය. ඇසැබි  යන්නට නිර්වචනයක් පොලිසියට නොතිබු ලෙසම  ගුණරත්න තලු මරන ගණිකා නිවස යන්නටද ඇත්තේ පොලිස් නඩුවක් පමණි. ලංකාවේ තිබෙන පිරිහි ගිය ආයතනයක් ගොනුකල නඩුවක  සැකකරුවෙක් වු මා සමග එල්ලිමෙන් අග්නිදිග ආසියාවේ දැවැන්තම පක්ෂයක නායක ගුණරත්න කටු දෙහි ගසක පැටලුනු ගෝනි නුල් පන්දුවක්  බවට පත්වී ඇත. එහිදි තමාගේම  නහය මුහුණ කැත නිසා ගුණරත්න කපා ගෙන ඇත්තේ තමන්ද පෙනි සිටි තමන්ගේම අතීත වමන වමාරා තමන්ද කන ගමන්ය. හැමදාමත් නඩුවට පෙනි සිටිමට හෝමගම සිට ස්වේච්ජාවෙන් පැමිණි අවුරුදු 74 ක් වු අකුරු නොදන්නා වුවද අපේ මතවාද අරගලය  වෙනුවෙන් පෙනි සිටි, පසුව මියගිය විමලරත්නටවත් ගරු  කරන්න  ඉගෙන ගන්න  කුහක  ගුණරත්න. ඒ London  සඟරාවල් පෙන්නල තමයි ගුණරත්න පක්ෂයේ ලියා පදිංචිය ගත්තෙත්.

'අක්ෂරය' චිත්‍රපටිය පෙන්වීමේදී, ගුණරත්න විසින් ලිංගික සදාචාරවාදයන්ට එරෙහිව මාරාන්තිකව පෙනී හිඳී ('සුළඟ එනු පිණිස' සඳහා නම් මෙවැනි පෙනී හිඳීමක් අප දුටුවේ නැත්තේ ඇයි කියන එක අපි ඔබට තීරණය කරන්න දෙන්නන්).

 ජ.වි.පෙ විඡිත හේරත් සංස්කෘතික ඇමති  වී ළමා සංස්කෘතික පාලනයක් සඳහා ග්‍රාම්‍ය වු නීති රීති ගෙන එන විට  අපද ඇතුලුව එදා ගුණරත්න ද London සඟරාවෙන් පල කරන ලද ලිපි වලින් පෙනි සිටිමින් ජ.වි.පෙ සංස්කෘතික පොලිසියට එරෙහි විය. වැඩිහිටි ලිංගිකත්වයට ඉඩකඩ අහුරාලීමෙන් සමාඡයකට සිදුවිය හැකි බරපතල අනතුරු ගැන අරගලයම ජනරලපුවත්පත හරහා අප කරනා විට ගුණරත්න අංශක එකසිය අසුවකින් කැරකැවී  කොසු  brush  එකක මිට පැත්තෙන් දත් මදිමින් 3 මාන  බංකරයේ සිටිනු  දැක ගැනිමට පුලුවන.

එවකට  X කන්ඩායමේ මිතු‍‍රකුව සිටි කරු පරණවිතාන  විසින් ස්ත්‍රී දුෂණයක් සිදු කලා යන්න  1999 රාවය පුවත්පත පළකල විට  එය ත්‍රාසජනක ශෘංගාරාත්මක, ලිංගිකත්වය උරා ගන්නා පුවතක් ලෙස නම් කල ගුණරත්න, 2000 අප්‍රේල් මාතොට කලාපයෙන් ඩෙරිඩියන් binary- oppositions ක්‍රමවේදයට අනුව ඇතුල නිසා පිට  යන්න පවතින බවත් ඒ අනුව යෝනිය- පුරුෂ ලිංගයේ පාර භෞතික  meta physics යොදා ඩෙරිඩාගේ කරේ ඉණිමඟක් තබා නැග ඒ අනුව ස්ත්‍රී දුෂණයක් පවතින්නේ නැති (does not exist)  බව දාර්ශනිකව ඔප්පු කලේ ය (අම්මට හුඩු පරණේ”). පරණේ තරහ වු විට ඥාන විභාගාත්මක ඛන්ඩනයකට ලක්වු ගුණරත්න දාර්ශනික මැගිලින්  ක්‍රමවේදයට අනුව ( තුක් නොදකින් පරණේ”) පරණවිතාන නැවති සිටි කාමර අංක  තමන් ලඟ තිබෙන  බව කිවේ ය.

රවුෆ් හකීම් black mail කිරීම සඳහා ගුණරත්න ගේ සදාකාලික ගැලවුම් කරුවා වන රුවන් විසින් ආරම්භ කල ක්‍රියාවලියක අවසානයේදී ගැහැනියක් ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා ය. මේ ගැන ඔහුගේ ඔය ශ්‍රී මුඛයෙන් කිසිවක්ම නොලියවීමට ගුණරත්න තුල තිබුණු පරිස්සම කුමක්ද? මේවා නොදන්නවා සේ නිහඬව ඉන්න කුහක ගුණරත්න අනිත් මිනිස්සු ඔහුගේ කුණු කන්දල් වලට අඩිය නොතියන විට මව අහිමි වූ ළදරුවෙක් සේ බෙරිහන් දෙයි.

ගුණරත්න ගේ විවේචන, විචාර, එරෙහිවීම් ඇති වෙන්නේ මූලධර්ම මත නෙමෙයි, පුද්ගලික වෛරයන් උඩයි. මේක ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නොවෙන්නේ, පුද්ගලික වෛර දේශපාලනය කර ගන්නා ලෙස ගුණරත්නම  අපට කියා ඇති නිසා ය.

මෙම අලුත් පන්නයේ දේශපාලනය ගැන එක උදාහරණයක් මෙසේය. රොහාන් අනෙකා කර ගත් එහෙත් එතරම් පරිමාවක් තමන්ට නොතිබේ යැයි පරිකල්පනය කරගෙන සිටි ගුණරත්න සිටියේ විශාල බුද්ධිමය හීනමානයක ය. අවසානයේ දී තර්කානුකුලව රොහාන් ජයගන්න නොහැකි වූ තැන, ගුණරත්න එයට ගොඩ මනෝවිශ්ලේෂණ ප්‍රතිකර්මයක් කළේ ය. එනම් රොහාන් මානසික රෝගියෙකු යන්න යි. එවිට රොහාන්ට පිළිතුරු දීමට නොහැකි වන්නේ ඔහුගේ පිළිතුර මානසික රෝගියෙකුගේ පිළිතුරක් වන නිසා එය කලින්ම පිළිතුරක් ලෙස අවලංගු වී ඇති නිසා ය. මෙවන් අසාර්ථක තර්කයකින් රොහාන් එක්ක තිබුණු වෛරය පිරිමහ ගත් ගුණරත්න සිය 'ජයග්‍රහණය' සැමරුවේ සිය සැබෑම රූපය පෙන්වමිනි. රොහාන් සම්බන්ධයෙන් මෙම ඔහු පැවසු උදාන වැකිය මෙයයි: "තම්බියෝ එනවා අපිට අරින්න". ජාතිවාදයට විරුද්ධ මහා විප්ලවවාදියාගේ අවංක ප්‍රතිචාර වන්නේ මේවා ය.

පෙර දිනයක  ගුණරත්න විසින් පොළඹවා නිර්මාල් විසින් ලියන ලද X කන්ඩායමෙන් හෙල උරුමයට කල විවේචනයක් නිසා හෙල උරුමයේ කමල් අප සමග උරණ වී සිටියදී  බිය නිසා අදහස් ගේට්ටුව ලඟ”  පොත එලිදැක්වු දින  කමල්ට සමාවෙන්න කියා  X කණ්ඩායමේ විනය පාවා දුන් ගුණරත්න රෝහිත භාෂණ කුහකයෙක් බවද  කීය (තුක් නොදකින් භාෂණ”). අඡිත් මා සම්බන්ද ප්‍රශ්නයේදි මට දේශපාලනිකව එකඟවෙත්දි පැරකුම්ට එරෙහිව ගුණරත්නට රෝහිත භාෂණව මේ දැන් (අම්මට හුඩු භාෂණ”) වී ඇත.

මේ විදියටම පොලීසිය විසින් මා කළමණාකරුවෙක් කරත්දී ගුණරත්න පොලිස් මාධ්‍ය පුකාශක විසින් මා එහි හිමිකරුවා (තුක් නොදකින් කල්යා) බවට පත් කරන්නේ මා හරහා වෙනත් අයට පහර දීමට ය. එහි හිමිකරු කවුද යන වග ගුණරත්න හොදින්ම දනී. වාචාලවීමට නිදහසේ වේදිකාවක් හා රජයේ චැනල් එකක් ලැබෙයි නම් දකුණ වම කියා වෙනසක් නැති ගුණරත්න, මට එරෙහිව වමේ අයව අභිමුඛ කරවන්නේ ලිංගික ශ්‍රමය සුරා කෑමේ ප්‍රශ්ණයකට ය. ගුණරත්න මගේ යහලුවන් ලෙස ඔහුගේ වෙබ් ලිපියේ සඳහන් නම් වල සිටින්නේ ගුණරත්නගේ තරහාකරුවන් ය. දඹුල්ලට ගොස් තලගොයි ද මරා ගැනීමට try කල ගුණරත්නට කුරුණෑගලටවත් යෑමට නොහැකි විය.


 මාතොට සඟරාව අහිමි වීමෙන් පසු නැවත සඟරාවක් සදහා මුදල් සෙවීමට ගත්උත්සාහයේදී වැල්ලවත්තේ එවකට සම්භාහන මධ්‍යස්ථානයක් හිමිව සිටි මාලා අක්කා ලඟ මාස කීපයක් කැෂියර් රැකියාවක් වු යෝඡනාවට බුද්ධික විරුද්ධ වෙත්දී ගුණරත්න කිවේ තමන්ට එය defend කිරිමට  පුළුවන් බව ය (අම්මට හුඩු කල්යා).

ගුණරත්න තමන්ගේ ඇත්ත ග්‍රාම්‍ය සදාචාරවාදී පෙනි සිටීම තමන්ටම බැක් ෆයර් වු නිසා අළුත් බේගලයක් එකතු කලේ මා පාතාලයටද සම්බන්ද කරවමිනි .2004,  X හි දි ප්‍රශ්න ඇති වු විට එහි සංවාද වලට පවා නෑවිත් මිතුරු දේශපාලන සබදකම් පාවාදී  බුද්ධික, ප්‍රභාව ඉදිරියට දමා හැංගුන හිකනැල් ගුණරත්න ට ගැසීමට පාතාල සබඳකම් අනවශ්‍ය ය. කොහොම වුනත් ගුණරත්න ලඟ තිබෙනවා යැයි කියන පාතාල හඩ පටය ගුණරත්න එලියට නොදා තබා ගන්නේ රෝල් කර ගුද මාර්ගයේ ගසා ගැනීමට අවශ්‍ය නිසා ය.  ගුණරත්න ඇඟවීමට උත්සහා කරන්නේ දරුණුම පාතාල සබඳකම් වලින් පවා ගුණරත්න ව තර්ජන වලට ලක්වි ඇති අවදානමක් ඇති යන්න හඟවා වටිනා කමක් ගැනීමට ය.
 
රොහාන් පෙරේරා හිතන සහ ක්‍රියා කරන විදිය මුලදි බොහෝ දෙනාට ප්‍රශ්ණයක්/මැජික් එකක් වී තිබුනි. පසුව ගුණරත්න ද ඇතුලු බොහෝ දෙනෙකුට මෙන්  රොහාන්ගේ  ප්‍රවේණිදාසයා වු අනිල්ටද රොහාන්ව ලඟ ලඟම මාට්ටු විය . ගුණරත්නවද ප්‍රශ්නයක් / මැජික් එකක් වී තිබු දෙය දැන් හැම  පැත්තෙන්ම මාට්ටු ය. ගුණරත්න මොනව හෝ කරන්න හිතනවනම්  පරණ ක්‍රම දැන්වත්  අතඇරගන්න බලපං බං. දැ න් 51යි නේද. අපි නම් කමක් නැත. ගුණරත්න ට වඩා වයස භාගයකින් අඩු අයද ගුණරත්න ට අමතන්නේ ඩල් ගුණයා නමින්ය. ගුණරත්න ලියන කියන දාර්ශනික සංවාදවලටද අභියෝග කරයි. අපිටත් ලැඡජයි බං. උඹ (අවු 2 කට වරක් කොළඹ පමනක් book launch එකක් පවත්වන) අග්නිදිග ආසියාවේ දැවැන්තම පක්ෂයක, දැවැන්ත නායකයෙක් නේද. හුජ්ජ කොල්ලො එක්ක පැටැලෙන්න යන්න එපා බං.... මල කෙලියයි. ඩෙරිඩියන්  ක්‍රමයට අනුව  කලින් ලියවුනු  වචනය ලඟට පසුව ආ වචනය  නිසා  ගුණරත්න ගැන ආදර වාක්‍යකුත් ලියවුනා.

රාවයේ විමලනාත්ටද ජෝකරයෙක් වී ඇති  ගුණරත්න, මහින්ද රාජපක්ෂ රනිල් ගෙන්  පැරෙදෙනකම් බලා සිට අපට පහර දීමට (ගුණරත්න මාධවට ගාල්ලේදි ප්‍රකාශ කල පරිදි) මුක්කං ආරක්ෂක බලකායක් ගොඩ නංවා ඇත. ගුණරත්නගේ ලණු කෑ එක මුක්කමෙක් මාගේ ඔත්තු බැලීමට උසාවියට විත් පොලිසියෙන් පහර කා එලියට වැටුනි.   දැවැන්ත පක්ෂයක නායක, ලෝකයම තමන්ව දන්නවා යැයි පරිකල්පනය කරන ගුණරත්න වැඩකටම නැති මාව ගනන් ගෙන ඇති තරම සමග  මා සමග ඇති වෛරයේ තරම පැහැදිලිය.

තල් කොළේට වැටුණු බෙලි ගෙඩිය ගුණරත්න බෝම්බයක් කර ගනිමින් සියළු දෙනාම ගුණරත්න පසුපසින්  දුවගෙන එනවා යැයි සිතීය. ගුණරත්න ගේ  හා ඔහුගේ කොළු රංචුව හැර අන් හැම දෙනාම කියන්නේ බලපිය යකෝ‍ වැටුණේ බෙලි ගෙඩියක්”  කියාය. ගුණරත්න පසුපස කිසිවෙක් දුව ගියේ නැත. පෙරටුගාමී පක්ෂය ජ.වි.පෙ. න් වෙන්වුනේ ගුණරත්න ට අනුවම X හි සාමුහික කතිකාවක, ශ්‍රමයක ප්‍රතිඵලයක් නම් නැවත ඔවුන් ජ.වි.පෙ හෝ  විජිත හේරත්ලා වන්නේ ද නැත.

ලොකු තියරි අවශ්‍ය නැත. ගුණරත්න පාලිත සිල්වාට විරුද්ධ වු මුල්ම හේතුව වුයේ දෙදෙනා එකතුව කල නාට්‍ය සෙට් එකේ බඩු ටික ගුණරත්න ට ගෙදර ගෙන යෑමට නොදුන් නිසා ය. නිහාල් පීරිස්ට විරුද්ධ වුයේ ගුණරත්න ව රාවයට තෝරා නොගෙන පීරිස්ව තෝරා ගත් නිසා ය. චන්ද්‍රගුප්ත තේනුවරට විරුද්ධව ලීවේ ඔහුගෙ කලාකෘති ගැන විවේචනයකින් නොව කුමුදිනී සැමුවෙල් වැනි නාගරික බුද්ධිමත් ලස්සන ගැහැණියක් තේනුවරට කැමති වූ නිසා ය. මේවා අතිශයෝක්තියෙන් ලියනා දේවල් කියා කෙනෙකු සිතනු ඇතත් මම මේවා ලියන්නේ ලැබූ අත්දැකීම් පදනම් කරගෙනය. නිදර්ශනයක් ලෙස ගුණරත්න, "අදහස් ගේට්ටුව ළඟ" පොත එලි දැක්වුණු දිනයේදී ප්‍රකාශ කලේ ඔහුගේම බිරිඳ අසංස්කෘතික, මෝඩ ගැහැනියක් බවයි (මෙය නිවැරදිව ලියා තැබීම ගැන ගුණරත්න මට ස්තුතිවන්ත විය යුතුය).


පානදුර මහ ගෙදර තමන්ට නොලැබුන නිසා ගුණරත්න කොරලවැල්ලේ  නැන්දා කෙනෙකුගේ ගෙදර ගුණරත්න ගේ අම්මාට ඇතුළු සිය පවුලටම ශාප කරමින් නැවති සිටින කාලයේ අල්ලපු ගෙදර බාප්පා බීගෙන විත් කුණුහරුප කියත්දි ගුණරත්න ඔහු පරදවන තොග කුණු හරුප කියන්න පුළුවන් තරමේ පාදඩ ගති සහිත කෙනෙක් විය. ගුණරත්න ගේ වර්තමාන පාදඩ පෙනී සිටීම් ගැන අපට එතරම් ගානක් නොවන්නේ අපගේ මෙම මතකයන් නිසාය. ගුණරත්න ශිෂ්ඨයි‍, මධ්‍යම පංතිකයි, දේශපාලනිකයි යන්න සිතන අය පමණක් ගුණරත්න ගෙන්  එසේ කරන්නේ ඇයිද යන්න  ප්‍රශ්ණ කරයි.

බිල් ක්ලාක් කෙනෙක්, කම්කරුවෙක් වීම ගුණරත්නට අනුව අප්සට් දෙයකි. Very sorry Lenin කිසිදු රැකියා සුදුසු කමක් නැති නිසා උපතින් brook- bond පියා ගේ පිහිටෙන් හේලීස්  company යේ රැකියාවක් ලබන ගුණරත්නට chemical හෝ වෙනත් machinery වර්ග අලෙවි කිරීමට භාර නොදී  කැමරා film rolls  අලෙවිකමක් බාර දුන්නද එයද කර ගැනිමට නොහැකිව පන්නා දැමෙයි. දැන් ගුණරත්න පුද්ගලික වෛර පිරිමහමින් එයට දේශපාලනය ලෙස නමක් දමා පිනට අනුන්ගෙන් කමින් අනුන් කරන රැකියා වලට අපහාස  කරන්නේ පරපුටුගාමී පක්ෂයේ බොහෝ දෙනෙක් එවැනිව රැකියා කරමින් ගුණරත්නව නඩත්තු කරන ගමන්ම ය. ගුණරත්නයානනි අපිට පෙන්නන්නකො ශ්‍රමය සූරාකෑමට, ප්‍රාග්ධන සංසරණයට දායක වෙන්නේ නැතුව අද කාලේ ධනවාදය තුල රස්සාවල් කරන විදිය. ඔබ වගේ අනිත් මිනිස්සු හම්බු කරන දෙයින් ඉන්නේ නැති මිනිස්සු කොහොමද කොමියුනිස්ට්වාදී රස්සාවල් හොයා ගන්නේ කියල ගුණරත්න කියල දෙනවනම් අපිට හොඳයි.

අප X අදහස සමාජගත කලේ පිංපියෙක්, පාදඩවෙක්, අපරාධකරුවෙක්, මත් ලෝලියෙක් වු මැල්කම් X කලු ජාතික ව්‍යපාරයේ නියමුවෙකු වීම දක්වා වු  ගමන් මාවත අපට අරුතක් ලැබෙන අයුරින්ය. කරුමයක මහත එය ලීවේ ද ගුණරත්න මය. එහෙත් ගුණරත්න ඉපදෙන්නේම සල් අතු පාත් කරත්දි නෙළුම් මල් පිපෙත්දි එක් අතක Of Grammatology සහ අනෙක් අතින් Ticklish Subject පොත්ද රැගෙනය. පියා උපතින් brook- bond ය. ගුණරත්න ට බාල නංගිලා දෙදෙනෙක්  සිටි නිසා මව මරිය කන්‍යතුමිය නොවී බේරුනේ අනු නමයෙනි.

අපි හැමදාමත් කෑවේ බීවේ අපේ මහන්සියෙනි. ගුණරත්න හැමදාමත් කෑවේ බීවේ අනුන්ව රවට්ටාගෙන ය. රොහාන් මෙන්ම ගුණරත්න ද කියන්නේ ඒක රැවටෙන උන්ගේ ප්‍රශ්ණයක් කියාය. ගුණරත්න ගේ රංචුව මේ බව දැන්වත් සිතිය යුතු ය.

එත් ඉතින් මම කොහොම නාවන්නද මඩේ ලගින තාරාවන්ව ?

550 ජාතක වල ඉතිරි කොටස ඉදිරියට......

කල්‍යානන්ද පෙරේරා
 

අනුන්ගේ වැසිකිලි වලට එබිකම් කිරීම ජීවන වෘත්තීය කර ගත් දීප්ති කුමාර ගුණරත්න නොහොත් බාබර් ජයරත්න නොහොත් බාබරා ජයරත්න වැසිකිළියක චායාරූපයක් ගනිමින් 

1 comment: