Monday, July 30, 2012

සක්කෝ උජූ ච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානී

දීප්ති කුමාර ගුණරත්න මහතා ඉර හඳ වැඳලා, අත් දෙක නළලේ තියා, අපට පොරොන්දු වන්නේ, නිර්මාල් සම්බන්ධයෙන් ඇති ඔවුනගේ 'විවේචනය' කිසිදු ආකාරයක පෞද්ගලික කෝන්තරයක් නොව සමාජ ක්‍රමයට එරෙහිව සාධාරණ යුතෝපියාවක් යෝජනා කල දේශපාලන සංවිධානයක් පවතින ක්‍රමයේ සියළු ප්‍රතිගාමී කුලක වලට වසර 2005 දී පාවා දුන් පුද්ගලයෙකු වෘත්තීය සමිති නායකයෙකු වීම පිළිබඳව ගැටලුවකි යන්නය. මේවාට ප්‍රතිචාර ලෙස අපිට කල හැක්කේ එකම එක දෙයකි : x කණ්ඩායම තුල ඇති වූ ගැටලුව නැවත නැවතත් ලියා තැබීමය.     

ඔහු දැන් මේවා සම්බන්ධයෙන් කිසිවක් නොදත් අහිංසක, අසරණ තොත්ත බබා කෙනෙකු සේ හැසිරෙන බැවින්, මෙලෙස ඒ පිලිබඳ මතක් කිරීමට අපට සිදු වෙයි.

දීප්ති කුමාර ගුණරත්න යනු අන් මත ඉවසන්නේ නැති, තමන්ගේ මතය පමණක් නිවැරදි කියා සිතන, ඒකාධිපතිවාදියෙකි. මෙම 'ඒකාධිපතිවාදියා' යන වචනය සම්බන්ධයෙන් විවිධ ගැටළු තිබෙන බැවින් (මෙය totalitarian යන වචනය සඳහා ඇති සිංහල වචනයද? නැතිද? ආදී ලෙස) එය අවධාරණය කල යුතුය: අපට වචන සෙල්ලම් කිරීමට අවශ්‍යය නොවේ, ගැටලුව ප්‍රකාශ කිරීම සරල වෙයි : දීප්ති කුමාර ගුණරත්න යනු කිසිදු ආකාරයක ප්‍රශ්න කිරීමකට අකමැති තමන්ගේ මතය දේව භාෂිතය කියා සිතන පිරිසක් සමග පමණක් වැඩ කල හැකි පුද්ගලයෙකි. ඔහුට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව එයයි.  

මෙම නිසා දීප්ති කුමාර ගුණරත්න මහතා දේශපාලනය යනු සාමුහික ක්‍රියාකාරිත්වයකි යන්න දන්නේ නැත. ඔහුට අනුව තිබෙන්නේ, ඔහුගේ මතයට අනුව ක්‍රියා කරන ඔහුගේ ගෝලයන්ගේ ක්‍රියාකාරකම් සහ ඔහුගේ මතයට අනුව ක්‍රියා නොකරන ඔහුගේ සතුරන්ගේ ක්‍රියාකාරකම්ය. එයට අනුව, දීප්තිට එකඟ නොවීම අර්ථකථනය වන්නේ 'පවතින ක්‍රමයේ සියලු ප්‍රතිගාමී කුලක වලට දේශපාලන සංවිධානයක් පාවාදීම ලෙසය'. එම නිසා නිර්මාල් පෘථිවියේ පමණක් නොව සෞරග්‍රහ මණ්ඩලයේම කොමියුනිස්ට් විප්ලවයට නායකත්වය දුන්නද, එයට දීප්තිගේ අනුදැනුම නොමැති තාක් එය 'ප්‍රගතශීලී' නොව 'ප්‍රතිගාමී' වෙයි. මෙම තර්කය මෙසේද ලිවිය හැකිය. 

දීප්තිගේ මතයට එකඟ නොවීම   =     පවතින ක්‍රමයේ සියලු ප්‍රතිගාමී කුලක
 
නිර්මාල්                                =     දීප්තිගේ මතයට එකඟ නොවේ

එම නිසා  නිර්මාල්                   =     පවතින ක්‍රමයේ සියලු ප්‍රතිගාමී කුලක 

බල්ලෙකු, හොඳ බල්ලෙකු වන්නේ හොඳට බුරන නිසාද?

1 comment:

  1. දීප්ති කුමාර මහතාගේ 3mana වෙබ් අඩවියේ පළ කර
    ඇති "විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ
    සභාපති වරයාට දෝශාභියෝගයක්" යන ලිපියේ සදහන්
    ආකාරයට ආචාර්යවරුන්ගේ අරගලයේ කිසිදු ආකාරයක
    ප්‍රගතිශීලී අරමුණක් නොමැත. ඒ අනුව බහුතරයක්
    ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දීප්ති මහතා හමුවී
    පවසා ඇත්තේ නිර්මාල් 360 දී මෝඩ ප්‍රශ්ණ
    අසන්නියක් වන දිල්කි ඉදිරියේ කිචවී ඇති බැවින් (දීප්ති
    මහතා මෙයට කියන්නේ පොන්නකම කියාය.) එය
    සමස්ථ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දැඩි කැලලක් වීම
    නිසා තම සංගමයේ සභාපති තනතුරට වඩාත් සුදුසු
    පුද්ගලයෙකු තෝරා දෙන ලෙසයි. ඒ අනුව දීප්ති මහතා
    යෝජනා කර ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ
    සම්මේලනයේ සභාපති තනතුර සදහා එතුමාගේ
    දේවාලයේ කපුමහතෙකු හා පොන්නයෙකු නොවන
    සමන් පුෂ්පකුමාර මහතා වඩාත් සුදුසු බවයි. එවිට
    පවතින ක්‍රමයේ සියලු ප්‍රතිගාමී කුලක වලට එරෙහිව
    අරගල කිරීමට ඔවුන්ට හැකිවන බව වැඩිදුරටත් පවසා
    ඇත.

    ReplyDelete