Monday, July 16, 2012

මහින්දගේ පිටපත සහ ජ.වි.පෙ ඇතුල්පත

ජ.වි.පෙ. කටුවන දි පැවැත්වූ ජන හමුවකට ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරෙ යන ත‍්‍රස්තවාදියා, ඔහුගේ ත‍්‍රස්තවාදී ගෝල පිරිසක් ද රැගෙන විත් පහර දී දේපල හානි සිදු කර එම ජන හමුවට සහභාගි වූ ජ.වි.පෙ. සාමාජිකාවක් හා එයට පැමිණි අවු. 18 ක් පමණ වයසැති තරුණයෙකුට ද වෙඩි තබා ඝාතනය කර තිබූ බව පුවත්පත්වල සඳහන් විය. ජූලම්පිටියේ අමරේ අවු. 09 ක් පුරා වරෙන්තු පිට ස්ත‍්‍රී දූෂණ, මංකොල්ලකෑම් හා මිනීමැරුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බව ද සඳහන්ය ලංකාපුවත්පත (ජ.වි.පෙ. ට සම්බන්ධ) ට අනුව 2002 හිර ගෙදර පැවති කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා එවකට යූ.ඇන්.පි. යේ ජෝන් අමරතුංග ඇමති සමග පැමිණ අමරෙට කතා කර අමරෙ මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එළියට එන්න.ලෙස එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කළ බව තව දුරටත් ඒ පිළිබඳ වූ විස්තරයේ සඳහන් ය. තව ද හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා වර්තමාන පාලක දේශපාලන බලවතුන්ගේ  අනුග‍්‍රහය ලබන තවත් ත‍්‍රස්තවාදීන් ගණනාවක් ද මෙලෙස මිනීමරා දේපල මංකොල්ල කා ජනතාව බියවද්දමින් ජීවත්වුවන් සහ වන්නන්ගේ ද නාම ලේඛනයක් විය. ඔවුන්ගෙන් උදව් ලබා තම දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කර බලයට පත්වීම සඳහා ක‍්‍රියාකල දේශපාලකයන් අතරින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන ද විශාල සඳහනක් විය. මේ සියල්ල අද ඊයේ පටන් නොව මහින්ද විපක්ෂ නායක හා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි කාලවලට ද සම්බන්‍ධ බව ද ජ.වි.පෙ. ලංකා පුවත්පතින් හඟවා තිබුණි.

අපට මෙහිදී පැනයක් පැන නගී. ශ‍්‍රී.ල.නි.ප. යටත් වඩා  මහින්ද රාජපක්ෂව පුද්ගලිකව විශ්වාස කර ඔහට සුදු හුණු ගා ජනාධිපති ලෙස ජයග‍්‍රහණය දක්වා ගෙන ගියේ කවුරුන්ද? එහි දී ග‍්‍රාමීය ප‍්‍රදේශවල මැතිවරණ සම්බන්ධව දැවැන්ත වැඩ කොටසක් කළෝ කවරහුද? ඒ අන් කවුරුන් නොව අද තමන්ගේම සාමාජිකයින් ආණ්ඩුවේ මැරයින් ලවා ඝාතනය කර ගන්නා ජනතා විමුක්ති පෙරමුණ ය.  ආණ්ඩුව ද තමන්ට පාතාල මැරයින් සමඟ වූ සම්බන්ධකම් ජ.වි.පෙ.න් එළිදරව් කළ විට වි‍ශේෂයෙන් රාජපක්‍ෂ පවුලේ අයගේ එයට ඇති සම්බන්ධකම් එළිදරව් වන විට, ජනතා විමුක්ති පෙරමු‍ණේ අතීතය නැවත හාරා අවුස්සා ජනතා විමුක්ති පෙරමුණ 1971, 88-89 දී සමාජය මත  ඇති කළ භීෂණය ගැන මහින්ද අබේසුන්දරගේ වමනේ සමග අශූචි කලවම් කර මුත‍්‍රා වලින් ලියන ලද පිටපතකින් ජනතාවගේ බදුවලින් නඩත්තු වන ස්වාධීන-රාජපක්ෂ වාහිනියකින් ප‍්‍රවෘත්ති විකාශනයෙන් පසු විකාශනය කරවයි. ජ.වි.පෙ. තොත්ත බබාලා ලංකා පත්තරයෙන් 2002 ටත් පෙර සිට මහින්ද රාජපක්‍ෂ මැරවර කල්ලි නඩත්තු කළ පුද්ගලයෙක් බව අපට කියන විට ජ.වි.පෙ.න් අපට අසන්නට තිබෙන ප‍්‍රශ්ණයම (2005 ජ.වි.පෙ. ජනාධිපති කළෙත් ඒ මහින්දම ද නැතහොත් වෙන මහින්ද කෙනෙක් ද බව) ශ‍්‍රී.ල.නි.ප.යෙන් ද ඇසීමට සිදුවේ. විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැති නිසා විධායකය අහෝසි කිරීමට චන්ද්‍රිකාගෙන් පොරොන්දු ගෙන 2003 දී එම බලතල යොදා ගෙන යූ.ඇන්.පී. ආණ්ඩුව විසුරුවා හැරීමට චන්ද්‍රිකාට බල කළ ජනතා විමුක්ති පෙරමුණට සෑම දිස්ත‍්‍රික්කයකදිම ශ‍්‍රී.ල.නි.ප. මනාපවලින් අංක එකට තෝරාපත් කරගත් ජ.වි.පෙ. මන්ත‍්‍රීවරු 41 දෙනා 71, 88-89 වෙනත් ජනතා විමුක්ති පෙරමුණකට සම්බන්ධ  අය ද කියා ශ‍්‍රී.ල.නි.ප. තොත්ත බබාලගෙන් ද ඇසීමට සිදුවනු ඇත. මොවුන් සියල්ලන්ම  අත්වැල් බැඳගෙන බොහෝ දුරක් ගමන් කර රටට ජනතාවට හා සමාජයට ද කෙළවා රට දරුණු  ආගාධයකට ආර්ථික දේශපාලන හා සමාජ වශයෙන් රැගෙන යද්දී ජනතාව ගොන්නුන් යැයි සිතා හෝ ජනතාවට අතීතය අමතක වී යැයි සිතා අතීතය ගැන රිලා නැටුම් වර්ථමානයේ අපට පෙන්වමින් සිටියි.
 
88-89 භීෂණ කාල වකවානුව තුළ ලංකාවේ සෑම සියළු දේශපාලන පක්‍ෂවල (ලොකු/පොඩි) පහළ සිට උඩ මට්ටමේ සිටින නායකයන්ව  ඝාතනය කළ ද ජ.වි.පෙ. වෙඩි නොතැබූ එකම සංවිධානය හා පක්ෂය ශ‍්‍රී.ල.නි.පක්‍ෂයයි. මහින්ද අබේසුන්දර ගේ පිටපතට අනුවත් ජ.වි.පෙ.න් ඝාතනය කළ ලැයිස්තුවට එක ශ‍්‍රී.ල.නි.ප. පාක්‍ෂිකයෙකුවත් නැත. එවකට ශ‍්‍රී.ල.නි.ප. ද විරුද්ධ වූ මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංගව පෙන්වීමෙන් පිටපතෙහි විකාර බව තවත් වැඩි විය. විජයගේ මරණය සම්බන්ධයෙන් රට පුරා ප‍්‍රසිද්ධ ඵක් කතාවක් වූයේ ජ.වි.පෙ. සමග දේශ‍ප්‍රේමී ලෙස අනියම් එකඟතාවයක සිටි අනුර බණ්ඩාරනායක ගේ උපන්දිනයට ජ.වි.පෙ.න් අනුරට දුන් තෑග්ග විජයගේ මළ සිරුර බවයි. සෑම ප‍්‍රදේශයකම කඩ වැසීමට තුන්ඩු කෑලි බෙදා හැරියේ ශ‍්‍රී.ල.නි.පක්‍ෂයේ පහළ සාමාජිකත්වයද සමග සම්බන්ධ වෙමින් බව එවකට දේශපාලනය ගැන විමසිල්ලෙන් සිටි සියළු දෙනාම දන්නා කරුණකි මහින්ද අබේසුන්දරත් ඒ වගක් තම පිටපතෙත් ලියූවා නම් තම පිටපත සම්පූර්ණ පිටපතක් බවට පත් කිරීමට තිබුණි. 2005 මහින්දට ජනාධිපතිවීමටත් හා ජ.වි.පෙ. ඉන් පෙර සිටම පරිවාස ආණ්ඩුව රැක ගැනීමට කළ වලිකෑමේ දී සියළු විපක්‍ෂ පක්‍ෂවලට පෝස්ටරයක් හෝ ඇලවීමට තිබූ ඉඩකඩ ඉතාම අල්ප විය. ජ.වි.පෙ. රට පුරා ක‍්‍රියාත්මක කර වූ පෝස්ටර් යාන්ත‍්‍රනය හරහා එක රැයින් තම මැර බලයන් ද සහිතව විපක්‍ෂයේ පෝස්ටර සියල්ල ඉවත් කලේ ය.

රාවයේ වික්ටර් අයිවන් හා ජයදේව උයන්ගොඩ ඉලක්ක කර ගැසූ මඩ පහරවල් අනන්ත ය. එයට පිළිතුරු දුන් ජයදේව උයන්ගොඩගේ ලිපියක් ගැනවු ගේ රාවය පෝස්ටරයක් විනාඩි ගණනාවක්වත් පාරවල්වල ප‍්‍රදර්ශනය නොවූයේ ජ.වි.පෙ. බලහත්කාරයන් නිසාය. ඝාතන සංස්කෘතිය එක තැනක නිවැරදි වන්නේ සහ තව තැනක වැරදි වන්නේ ද නැත.  මේ සැවොම යුද්ධ පසුබිම තුළ යුද්ධයට අමතරව සිදුවු ඝාතන සංස්කෘතියට අත් වැල් බැඳගෙන සහයෝගය දුන්හ. ඒවා අනුමත කළ හ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කුමාර් ගුණරත්නම් අතුරුදහන් කර වූ විට ජ.වි.පෙ. සුනිල් හඳුන්නෙත්ති BBC සිංහල සංදේශයට කීවේ ප‍්‍රසිද්ධ වීම සඳහාත් මෙවැනි ක‍්‍ර‍්‍රම අනුගමනය කරන නිසා ඒ අයම එඒ දේ සිදු කරනවා දැයි බැලිය යුතුයි යන්න ය.

කන්න  ඕන වන විට කබරගොයා තෝර පෙත්තක් කර ගෙන කෑමේ, වර්තමානයේ සිට ජ.වි.පෙ. ට අනුව කියවෙන මහින්දගේ අතීතයෙන්වත්, ශ‍්‍රී.ල.නි.ප. යෙන් කියවෙන ජ.වි.පෙ. අතීතයෙන්වත් නැවත යහපතක් උදාවන්නේ නැත. දෙගොල්ලන්ගේම අතීත පැටිකිරියන් දෙගොල්ලන්ම හොඳින්ම දැන අවස්ථාවාදී බල සම්බන්ධතාවයන් වෙනුවෙන් ගොඩ නැගූ පාලන බලයන් නිසා තව කොපමණ නර බිලි සංඛ්‍යාවක් ඵයට අවශ්‍ය ද යන්න ජනතාව ලෙස කල්පනාවට ගත යුතුව ඇත.

මැක් පෙරේරා.        

3 comments:

  1. KATHAWA HARITA HARI ELA ELA

    ReplyDelete
  2. කතාව හරි ජනාදිපතිවරනේදී JVP ලංකා පත්තරේ මුල් පිටුවේ පින්තුර සමග කියා තිබුනා යාපනේ unp පොස්ටේර් අලවන්නේ කොටි කියලා , අවසානෙදි කොටි තමා රනිල්ව පරාද කෙළේ , රනිල් කොටියා කියල සිංහල චන්ද කැඩුවා , අනිත් පැතෙන් කොටි දෙමල චන්ද රනිල්ට දමන එක වැළකුවා

    ReplyDelete
  3. ක්කගේ බලපෑමෙන් හරි රනිල් ආපු නැති එක හොඳයි.. රනිල් ආවනං මෙලහට අද ඊලම පිහිටුවලා

    ReplyDelete