විශ්ව විද්‍යාල
ආචාර්යවරුන්ගේ අරගලය ට එරෙහිව සටන් බිමට අවතීර්ණ වී ඇති ජාතික චින්තන ගුරු කුලයෙන්
මෙම අරගලය සඳහා අපූරු විවේචනයක් එල්ල වෙයි. එනම්, ඔවුන් 'අරාබි වසන්තය' ලංකාවට ගෙන
ඒමට කටයුතු කරන බවයි. මේ පිළිබඳව අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි. එක්කෝ මෙය විශ්ව
විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය වෙත ජාතික චින්තන ගුරුකුලය විසින් ලබා
දෙන අති විශිෂ්ඨ ගෞරවයකි. නැතිනම්, මෙය ශ්‍රේෂ්ඨ අරාබි මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ඇති ඉතා බොළඳ විග්‍රහයකි.
අරාබි වසන්තය යනු එක වෘත්තීය සමිතියක් මගින් කල මැදිහත් වීමක් නිසා හට ගත් එකක්
නොව, පුරෝ කථනය කල නොහැකි
දේශපාලනික විවර වීමක ඓතිහාසික ප්‍රතිපලයකි. නවීන ඉලෙක්ට්‍රොනික මෙවලම් ඉදිරියේ
තුෂ්නිම්භූත වී බලා සිටින අඥාන පාරිභෝගිකයකු වන සමකාලීන මිනිසාට, මෙය ෆේස්බුක් විප්ලවයක් කියා සිතනා 'ලංකා සී නිව්ස්' අර්ථකතන ගැලපිය හැකි විය හැකිය. නමුත් 'ලංකා සී නිව්ස්' යනු ඉතිහාසයේ අවසානය නොවන බව අපට නිශ්චිත වශයෙන්ම කියා
දුන්නේ මෙම මැද පෙරදිග අරගලයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් ලංකාවේ 'දේශපාලනය' යලි අරඹා ඇති වත්මන් මොහොත තුල මැද පෙරදිග ශ්‍රේෂ්ඨ මහජන
නැගී සිටීම් සම්බන්ධයෙන් කතා බහක් ඇති කිරීම සුදුසු බව අපගේ හැඟීමයි. මෙහි
ආරම්භයක් වශයෙන් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ නැගී සිටීම් ඇති වූ සමයේ ස්ලැවෝයි
ජිජැක් විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයක් පහතින් පල වෙයි.
අරාබි
වසන්තයට බිය වන්නේ ඇයි?
ඊජිප්තුවේ සහ
ටියුනීසියාවේ ජනතා නැගිටීම් පිලිබද බටහිර ලිබරල් ප්‍රතිචාරයන් බොහෝ විට ප්‍රකට
කරන්නේ කුහකත්වය හා නරුම භාවයයි. මෙම විප්ලවයන්හි ඇති ආකර්ෂනීයත් වය වන්නේ ඉස්ලාම්
මූලධර්මවාදය කැපී පෙනෙන ලෙස ම නොපැමිණීම යි. සුවිශිෂ්ට ලෞකික ප්‍රජාතන්ත්‍රික සම්ප්‍රදායට
අනුව මෙම ජනතාව මර්ධිත රෙජීමයකට, එහි දූෂණයට සහ එය විසින් ඇති කරන ලද දරිද්‍රතාවයට එරෙහිව කැරලි ගසා නිදහස
සහ ආර්ථික අපේක්ෂාවන් ඉල්ලා සිටියහ. මෙයින් "අරාබි කරයේ රටවල සැබෑ ප්‍රජාතන්ත්‍රික සංවේදනය සීමිත ලිබරල් ප්‍රභූ පංතියකට සීමා වී
ඇති අතර බහුතර සාමාන්‍ය ජනතාව උත්තේජනය කර විය හැක්කේ ආගමික මූලධර්මවාදයට හා ජාතික
වාදයට පමණකි ය" යන බටහිර ලිබරල්වාදීන් ගේ නරුමවාදී පණ්ඩිතමානී අදහස වැරදි බව
ඔප්පු විය. ප්‍රධාන ගැටලුව වන්නේ ඊලගට
සිදුවන්නේ කුමක් ද යන්න යි. දේශපාලන ජයග්‍රාහකයා ලෙස මතුවනු ඇත්තේ කවුරුන් ද?
ටියුනීසියාවේ
තාවකාලික ආන්ඩුව තෝරා ගන්නා අවස්ථාවේ එයින් ඉස්ලාම් වාදීන් හා රැඩිකල්
වාමාංශිකයින් බැහැර කෙරින. තෘප්තිමත් ලිබරල් ප්‍රතිචාරය වූයේ,“ ඉතා හොදයි, මේ තමයි ඒකාධිපතිවාදී අන්ත දෙක, ඔවුන් මූලිකව එක සමානයි“ යන්නයි. නමුත් දේවල් ඒ තරමට ම සරල ද? සැබෑ දිගු
කාලීන පසමිතුරුභාවය රැදී පවතින්නේ ඉස්ලාම්වාදීන් හා වාමාංශය අතර නොවේ ද? මර්ධිත රෙජීමයට එරෙහිව ඔවුන් තාවකාලිකව
එක්සත් වුවද, එයින් ජයගත්
වහා ඔවුන් දෙකඩ වී මරණීය අරගලයකට මුල පුරයි. එය බොහෝ විට පොදු සතුරාට එරෙහි අරගලයට
වඩා බෙහෙවින් දරුණු එකකි.
නිශ්චිතවම
මෙවැනි ගැටුමක් අවසන් ඉරාන මැතිවරනයන්ගෙන් පසුව අපි නොදුටුවෙමු ද? සිය දහස් ගණනක් වූ මුසාවිගේ ආධාරකරුවන් රැදී සිටියේ කුමේනිගේ
විප්ලවය දරා සිටි ජනප්‍රිය සිහිනය වූ නිදහස සහ සාධාරණත්වය මත ය. මෙම සිහිනය
මනෝරාජික වන්නේ වී නමුත්, එය
ලොමුදැහැගන්වන සමාජ හා දේශපාලනික නිර්මාණශීලීත්වයක් සමාජය තුල පිපිරවීමට මග පෙන්වී
ය. ශිෂ්‍යයන් අතර හා සමාන්‍ය ජනතාව අතර සංවිධානමය අත්හදා බැලීම් සිදු විය; වාද විවාද ඇති විය. ඕනෑම දෙයක් කල හැකි බව
පෙනුනු මොහොතක , විවෘත වූ මෙම
සැබෑ ඉඩ ප්‍රස්තාව සමාජ පරිවර්තනයේ බලවේගයන් විසින් නොසලකා හරින ලදි. ඉස්ලාම්වාදී ස්ථාවරය මගින් දේශපාලන යාන්ත්‍රණය අත් කර ගැනීම
විසින් මෙම ඉඩ ක්‍රමයෙන් යටපත් කෙරිනි.
පැහැදිලිව
මූලධර්මවාදී වන ව්‍යාපාරයන් ගැන සලකා බැලීමේ දී
පවා සමාජ සංරචකය මගනොහැරීමට අප ප්‍රවේශම් සහගත විය යුතු යි. දිගින් දිගටම
තලෙයිබාන් විද්‍යාමාන වන්නේ ත්‍රස්තය මගින් සිය බලය ක්‍රියාත්මක කරන මූලධර්මවාදී
ඉස්ලාම් කණ්ඩායමක් ලෙසයි. කෙසේ නමුත් 2009 වසන්ත කාලයේ දී ඔවුන් පකිස්තානයේ ස්වැට් නිම්නය අල්ලා
ගත් අවස්ථාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ එහි වෙසෙන සුලුතර ධනවත් ඉඩම් හිමියන් හා
ඔවුන්ගේ ඉඩම් අහිමි කුලී කරුවන් අතර ඇති
පැසවූ තුවාල භාවිතා කරමින් තලෙයිබාන්
සංවිධානය පංති අරගලයක් නිර්මාණය කර ඇති බවයි. නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ වචන
වලින් තලෙයිබාන් සංවිධානය කරමින් සිටින්නේ ගොවියන්ගේ තත්වයෙන් ප්‍රයෝජනය ලබා ගෙන “විශාල වශයෙන් වැඩවසම් ලෙස පැවතීමෙන්
පකිස්තානයට ඇති අවදානම් පිලිබද අනතුරු ඇඟවීම” නම්, පකිස්තානයේ
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සහ එක්සත් ජනපදය මෙම තත්වය සමාන ලෙසම ප්‍රයෝජනයට ගෙන එම ඉඩම් අහිමි ගොවියන්ට උදව්
කිරීමෙන් වලකන්නේ කුමක් විසින් ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවික සහයකයා වන්නේ පකිස්තානය තුල ඇති මෙම
වැඩවසම් බලවේගයන් ද?
මෙයින් ලැබිය
හැකි අනිවාර්ය නිගමනය වන්නේ මුස්ලිම් රටවල් වල රැඩිකල් ඉස්ලාම් වාදයේ නැගීම යනු
ලෞකික වාමාංශය අතුරුදන් වීමේ අනික් අන්තය බවයි. අද ඇෆ්ගනිස්තානය අගතිගාමීම ඉස්ලාම්
මූලධර්මවාදී රට ලෙස නිරූපනය කරන විට, කාටද තවමත් මතක, වසර හතලිහකට
පමණ පෙර, එය සෝවියට් සංගමයෙන්
ස්වාධීනව බලය ගත් බලවත් කොමියුනිස්ට් පක්ෂයක් ද ඇතුලත් ශක්තිමත් ලෞකික සම්ප්‍රදායක්
සහිත රටක් වූ බව. එම ලෞකික සම්ප්‍රදායට
සිදු වූයේ කුමක් ද?
ටියුනීසියාවේ
සහ ඊජිප්තුවේ (සහ යේමනයේ හා සමහර විට සෞදි අරාබියේ පවා) වර්ධනය වෙමින් ඇති
සිදුවීම් මෙම පසුබිම තුල කියවීම අතිශය තීරණාත්මක ය. තත්වය අවසානයේ ස්ථාවර වී,
ලිබරල්වාදී අංගරාග ශල්‍යකර්ම (liberal
cosmetic surgery ) ද සහිතව පැරණි රෙජීමයම පැවතුනහොත් එය විසින් ජයගත නොහැකි
මූලධර්මවාදී ප්‍රතික්‍රියාවක් ජනනය කරනු ඇත. අති මූලික ලිබරල් උරුමයේ පැවත්ම
වෙනුවෙන්, ලිබරල් වාදීන්ට
රැඩිකල් වාමාංශයේ සහෝදර උපකාරය අවශ්‍යව තිබේ. නැවත ඊජිප්තුව දෙසට හැරුනොත්,
වඩා ලැජ්ජාසහගත සහ භයානක ලෙස
අවස්ථාවාදී වූ ප්‍රතිචාරය වූයේ සී එන් එන් මගින් වාර්තා වූ
ටෝනි බ්ලෙයාර් ගේ ප්‍රකාශයයි : “වෙනසක් අවශ්‍යයි.
නමුත් එය ස්ථායී එකක් විය යුතුයි. අද දවසේ ඊජිප්තුව තුල ස්ථායී වෙනස යන්නෙන් අදහස්
වනුයේ පාලක ස්ථරය ක්‍රමිකව විශාලනය කර ගැනීම ඔස්සේ මුබාරක් ගේ බලවේග සමග සම්මුතිගත
වීම යි”. සාමකාමී සංක්‍රාන්තියක්
ගැන කතා කිරීම අශ්ලීල වන්නේ මේ නිස යි.
විපක්ෂය තලා පොඩිකර දැමීමෙන් එය නොකහැක්කක් බවට පත් කරනු ලැබුවේ මුබාරක්
විසින් ම ය. උද්ඝෝෂකයන්ට එරෙහිව මුබාරක් විසින් හමුදාව එවීමත් සමග තෝරා ගැනීමට ඇති
දෙය පැහැදිලි විය: එක්කෝ අංගරාග වෙනසක් (cosmetic change) එනම් යමක් වෙනස් වන එනිසා සියල්ල පෙර ලෙසම
පවතින වෙනසක් නැත්නම් සැබෑ පරිවර්තනයක්.
සත්‍යයේ නිමේෂය ඇත්තේ මෙතැනයි: දශකයකට පෙර ඇල්ජීරියාවේ
සිදු වූ වා සේ සැබවින්ම නිදහස් මැතිවරන පැවැත්වීම ඉස්ලාම් මූලධර්මවාදීන්ට බලය ප්‍රදානය
කිරීමට සමාන වන්නේ යැයි කිසිවෙකුට කියා පෑ නොහැකි යි. තවත් ලිබරල් කනස්සල්ලක්
වන්නේ මුබාරක් ගිය හොත් බලය ලබා ගැනීමට සංවිධිත දේශපාලන බලවේගයක් නොපැවතීමයි. ඔව්,
ඇත්තෙන්ම එවැන්නක් නැහැ. මුබාරක් විසින්
සියලුම විපක්ෂ බලවේගයන් හුදු ආන්තික සැරසිලි (marginal ornaments) බවට ඌනනය කිරීමට වගබලා ගත් තත්වයක් තුල ඇති
වී ඇති ප්‍රතිඵලය අගතා ක්‍රිස්ටිගේ ජනප්‍රිය නවකතාවක නමට සමාන වී ඇත: ඉතින්
කවුරුත් නැහැ (And Then There Was
No One). මුබාරක් වෙනුවෙන් ඇති
තර්කය වන එක්කෝ ඔහු නැත්නම් වියවුල යන්න
ඔහුටම එරෙහිව ඇති තර්කයක්.
බටහිර ලිබරල්
වාදීන්ගේ කුහකත්වය ලොමුදැහැගන්වන සුලුයි: ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රසිද්ධියේ
සහය දුන්හ; දැන් ජනතාව
ආගමේ නාමයෙන් නොව, ලෞකික නිදහසේ
සහ සාධාරනත්වයේ නාමයෙන් ප්‍රජාපීඩක පාලකයන්ට එරෙහිව නැගී සිටින විට, ඔවුන් ඒ පිලිබද ගැඹුරින් කල්පනා කරමින්
සිටිති. කල්පනා කරන්නේ ඇයි? අවස්ථාවක් ලද
ඒ නිදහසින් ප්‍රමුදිත නොවන්නේ ඇයි?
මාඕ සේතුං ගේ පැරණි
ආදර්ශ වාක්‍යය කවරදාටත් වඩා අදට උචිතය: ස්වර්ගයට යටින් ඇති සියල්ල අවුල් වියවුල්
වී ඇත, මෙය අතිවිශිෂ්ට අවස්‍ථාවකි(
There is great chaos under heaven. The situation is excellent).
එසේනම්
මුබාරක් යා යුත්තේ කොහාට ද? මෙතැන දී ද පිලිතුර පැහැදිලි ය. එනම් හේග් අධිකරනය වෙතට
ය. එහි විත්ති කූඩුවේ අසුන් ගත යුතු රාජ්‍ය නායකයෙකු සිටී නම් ඒ ඔහු ය.
පරිවර්තනය
කෞශල්‍ය
කුමාරසිංහ
මම ලිය ඇති කමෙන්ටුව මෙහි පල කිරීම සඳහා ඉඩ කඩ නොමැති හෙයින් මම එහි Link එක මෙහි සඳහන් කරමි.
ReplyDeletehttp://www.facebook.com/gode.baiya.7/posts/404723712914194
solution to capitalism is a rapid repoliticization of the economy. class struggle not as localized objective determinations, as a social position vis-à-vis capital but rather as lying in a "radically subjective" position: the proletariat is the living, "embodied contradiction". Only through particularism in the political struggle can any universalism emerge. Fighting for workers interests often appears discredited today ("indeed in this domain the workers themselves only wish to implement their own interests, they fight only for themselves and not for the whole"). The problem is how to foster a politicizing politics in the age of post-politics. SLAVOJ ZIZEK
ReplyDelete