Wednesday, October 24, 2012

'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස්


සාකච්චාවල් (negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද කියල. අනෙක් අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින් ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය එහෙම නොවෙයි. දර්ශනයට එහි මහා අභ්‍යන්තර ගැටුම් (විඥානවාදය සහ යථාර්ථවාදය අතර ආදී ලෙස) තිබෙන්න පුළුවන් නමුත් ඒවා ඇත්තටම බොරු ගැටුම්. බලයක් ලෙස නොපවතින නිසා පවත්නා බලයන් සමග ගැටෙන්නට දර්ශනයට නොහැකි උවත් එය ගැටුම් නොමැති යුද්ධයක් ලෙස, ඔවුන්ට එරෙහි ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස සටන් කරනවා. ඒ එක්කම එයට බැහැ ඔවුන් සමග සංවාද කරන්න. ඔවුන්ට කියන්නට කිසිවක්ම එයට නැහැ. සන්නිවේදනය කරන්න කිසිවක්ම නැහැ. කල හැක්කේ සාකච්චා (negotiate) කිරීම පමණයි. බලයන් කියන්නේ හුදු පරිබාහිර දේවල් පමණක් නොව අප සැවම විනිවිද යන දේවල්ද වන නිසා දර්ශනය විසින් අප සමග කෙරෙන නිරන්තර සාකච්චාවකටත් අපටම එරෙහිව කරන ගරිල්ලා ව්‍යාපාරයකටත් අප සියලු දෙනාවම ඇද දමනවා.


ජිල් ඩෙලර්ස් (Giles Deleuze)


"Negotiations sometimes last so long you don't know whether they're still part of the war or the beginning of peace. And philosophy's always caught between an anger with the way things are and the serenity it brings. But philosophy isn't a Power. Religions, states, capitalism, science, the law, public opinion, and television are powers, but not philosophy. Philosophy may have its great internal battles (between idealism and realism, and so on), but they're mock battles. Not being a power, philosophy can't battle with the powers that be, but it fights a war without battles, a guerrilla campaign against them. And it can't converse with them, it's got nothing to tell them, nothing to communicate, and can only negotiate. Since the powers aren't just external things, but permeate each of us, philosophy throws us all into constant negotiations with, and a guerrilla campaign against, ourselves."

[ GILLES DELEUZ, Negotiations, 1972-1990 (New York: Columbia University Press, 1990, translated by Martin Joughin) ]

3 comments:

  1. සහෝදරවරුනි සයිබර් අවකාශය තුල (බොහෝවිට සාමාන්‍ය සමාජයේද) සමාජවාදය පිළිබද කතිකාව ඇත්තේ බොහෝ පසුගාමී තැනකය (සමාජවාදය පිළිබද දැනුම අතින්). රාමචන්ද්‍රන්ගේ අඩවියේ නව ලිබරල් වාදය පිළිබද දිග අරුණු සංවාදය මිට උදාහරණ සපයයි (http://ramachandrageadaviya-ramachandra.blogspot.com.au/). සමාජවාදය සදහා වූ ගුරුකුල අතර සිදුවන්නා වූ දාර්ශනික අදහස් හරබයකට වඩා අවශ්‍යව ඇත්තේ සමාජවාදය පිළිබද අදහස සරල ලෙස බෙදාහැරීමයි. එසේ නොවන්නේනම් අනේකවිද රෝගීන්ගේ මනස්තුල ඇතිවූ සමාජවාදය යැයි සිතා සිටිනා විකුර්ති අදහස් සමාජගත වීමය. සරලව කියන්නේනම් ඔබ සාමාන්‍ය මිනිසුන්ගේ සමාජවාදය පිළිබද සාහිත්‍යට කරන බලපෑම ඉතා අල්ප බවයි. කරුණාකර මෙය නිවැරදි කරන්න ඔබේ දැනුම සමාජවාදයට ඉතා අවශ්‍යව ඇත.

    ReplyDelete
  2. බොලා මොකක්ද බං මකන්න හදන්නෙ
    http://inogolo.com/pronunciation/d1038/Gilles_Deleuze

    ReplyDelete