විශ්ව විද්‍යාල
ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය
සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි
භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි.
පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන්
විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. මෙයට පෙර සාමාන්‍ය තත්වයන් වලදී විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් දරන
ස්වෙච්චා තනතුරු වලින් ඉවත් වීම වැනි වෙනත් මාදිලියේ විරෝධතා වෙත සම්මේලනය යොමු වී
තිබිණි. දෙවනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පිලිබඳ ගැටලුව විශ්ව විද්‍යාල සීමාවෙන් ඔබ්බෙහි සිටිනා පොදු මහජනයා වෙත ගෙන යාමේ 2011 වසරේ උපක්‍රමය ඉදිරියට ගෙන යමින් සම්මේලනය විසින් සිය සාමාජිකයන්ගේ නිශ්චිත
ඉල්ලීම් වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වඩාත් පොදු ගැටළු අවධාරණය කරන ලදී. මේ නිසා මෙවර
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැවෙන ප්‍රශ්න පිළිබඳව පුළුල් සාකච්චාවක් ඇති
කිරීමට සම්මේලනයට හැකි විය. වෘත්තීය
සමිති අරගලයක් යනු මූලික වශයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණු සහිත පාර්ශවයන් දෙකක් අතර
අරගලයක් වන හෙයින් සංයුක්ත ප්‍රතිඵලයක් නොමැතිව වෘත්තීය සමිති අරගලයක් අවසන් කිරීම
යනු වෘත්තීය සමිති ඉතිහාසයේ අමුතුම අත්දැකීමක් නොවේ. මෙම අරගලය සංයුක්ත සහ භෞතික ජයග්‍රහණයන් නොමැතිව අවසන් වූ පමණින් එය
අනිවාර්යයෙන් අසාර්ථක වූ බවක් ඉන් හැඟවෙන්නේ නැත. එලෙසින්ම එය පරාජයක් වූවද, වෘත්තීය සමිති
නායකයන්ට සහ එහි සාමාජිකයන්ට හැකිනම් මෙවැන්නක් අනාගතයේ නැවත සිදු නොවන ලෙස මෙම පරාජයට හේතු වූ කාරනා
හඳුනා ගන්නට මෙම පරාජය කල කිරීමට හෝ අපේක්ෂාභංගත්වයට හේතු නොවනු ඇත.
එම නිසා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සම්මේලනය විවේචනාත්මකව
සිතා බැලීම අතිශයින් වැදගත් වෙයි. විශ්ව
විද්‍යාල ගුරුවරුන්ගේ 90% ගේ පමණ සහය සහ දායකත්වය මෙන්ම සමාජයේ සැලකිය යුතු කොටසක ගේ සහයද හිමි වීමෙන් පසුව පවා සිය ඉල්ලීම්
දිනා ගැනීමට එයට නොහැකි වුනේ ඇයි? එයට හේතුව වන්නේ සම්මේලනයේ සමහර ඉල්ලීම් පවතින ආර්ථික සහ සමාජ සන්ධර්භයේ
දුර දිග යන වෙනස්කම් වන්නේ නොමැතිව ඉටු කර ගත නොහැකි නිසාද? මෙම අරගලය
රාමුගත කල ආකාරයේ මූලික වැරද්දක් තිබුණිද? සම්මේලනය
විසින් මහජන ක්‍රියාකාරකම් මගින් ශක්තිමත් පීඩනයක් ගොඩ නැගීමට සමත් උනත් ඔවුන්ගේ
සාකච්චා කණ්ඩායම සාකච්චා මේසයේදී අසාර්ථක වීය යන්නට මෙම අසාර්ථක වීම දැමිය හැකිද? මාගේ මතයේ
හැටියට සම්මේලනයට තව දුරටත් වෘත්තීය සම්තියක් ලෙස කටයුතු කිරීමට අවශ්‍යනම් සාකච්චා
කල යුතු සහ සිතා බැලිය යුතු කාරනා වන්නේ මේවාය. මේවා සම්බන්ධයෙන් මට නිශ්චිත අදහස්
තිබුනද මෙම රචනය තුල එය සාකච්චා කිරීමට අදහස් නොකරමි. මෙහිදී මාගේ අරමුණ වන්නේ අධ්‍යාපනය
සඳහා ද.දේ.නි. 6% වෙන් කිරීම සඳහා වූ සම්මේලනයේ ඉල්ලීම පිලිබඳ සාකච්චාවේ සීමා ඉරි නැවත
ලකුණු කිරීමයි.
සමාජ ව්‍යාපාරයන් ගොඩනැගීමේදී මනඃ සෘෂ්ටීන් (fantasies) ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් වෙයි. සම්මේලන විසින් අධ්‍යාපනය වෙනුවෙන්
ද.දේ.නි. 6% යන්න විශේෂයෙන්ම ලංකාවේ වර්ධනය වන අන්තර්ජාල ප්‍රජාව තුල මනඃ සෘෂ්ටිකරණය
කරනු ලැබීම ට සමත් වීම වැදගත් වෙයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමයේ මෙම ඉල්ලීම මනඃ සෘෂ්ටි යෙහි
තලය තුල පවත්වා ගැනීම එම වෘත්තීය ක්‍රියාමාර්ගයටද යහපත් දායකත්වයක් වන්නට හැකිය.
කෙසේඋවත්, පශ්චාත්-වැඩවර්ජන සාමය තුල දී මෙම ඉල්ලීම සාකච්චාවට බඳුන් වූ අදහස් ඇසුරින්
යලි කියවීම අතිශයින් වැදගත් වෙයි. සම්මේලනයේ ඉල්ලීම සම්බන්ධයෙන් වූ විවේචන දෙකක්
වෙත කෙටියෙන් යොමු වීමට මම අදහස් කරමි.
1.
ආර්ථිකවේදීන්ගේ
විවේචනය සහ එයට ප්‍රතිචාර දැක්වීමට සම්මේලනය අපොහොසත්වීම : අධ්‍යාපනය වෙනුවෙන්
ද.දේ.නි. 6% වෙනුවෙන් වූ ඉල්ලීමට ආර්ථිකවේදීන්, එම ඉල්ලීමේ ඇති
ප්‍රායෝගික බව අවධාරණය කරමින්, නිශේදනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීය. ඔවුන් නිවැරදි ලෙස පේනවා දුන්නේ 1977 නව ලිබරල් ප්‍රතිපත්ති
හඳුන්වා දීමත් සමග ද.දේ.නි. සඳහා රාජ්‍යයේ දායකත්වය විශාල වශයෙන් අඩු වී ඇති බවයි.
පසු ගිය වසර වලදී ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ආණ්ඩුවේ සමස්ත වියදම සියයට 22 දක්වා අඩු වී
තිබිණි. එම නිසා, ඔවුනට අනුව, මෙම ආණ්ඩුවේ
සමස්ත වියදමෙන් 6 % වියදම් කිරීම ප්‍රායෝගිකව කල හැකි නොවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා
අංශයට සම්බන්ධ බොහෝ ආර්ථිකවේදීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප
කලේ මෙම හේතුව නිසා විය හැකිය. මෙයට
සම්මේලනය පැත්තෙන් ලැබුණු පිළිතුර ප්‍රමාණවත් නොවේ. සම්මේලනයේ තර්කය වූයේ ආණ්ඩුව
විසින් ආරක්ෂක වියදම ප්‍රමාණාත්මකව අඩු කිරීමට සහ/හෝ දූෂණය සහ නාස්තිය අවම කිරීමට
එකඟ වන්නේනම් 6% වියදම් කල හැකි බවයි. මෙම තර්කය සාර්ථක නොවේ. වත්මන් ආරක්ෂක වියදමෙන්
විශාල ප්‍රමාණයක් පුනරාවර්තන ස්වාභාවයක් ගනී. එහි විශාල අඩු වීමක් සඳහා වන යෝජනාව
හමුදා සේවකයන් අඩු කිරීම සහ විකල්ප රැකියා අවස්ථා ලබා දීම සමග සම්බන්ධ නොවුනහොත්, එම යෝජනාව ක්‍රියාත්මක
කිරීම තවත් ගැටළු රාශියක් ඇති කරනු ඇත. එමනිසා, අධ්‍යාපනය සඳහා ද.දේ.නි. 6% පිළිබඳව වූ ඉල්ලීම යථාර්ථවත් වීමටනම්, මෙම ඉල්ලීම
රාජ්‍ය ආර්ථිකයේ වර්ධනය සමග සම්බන්ධ විය යුතුය. වෙනත් වචන වලින් කියන්නේනම්, මෙහි අර්ථය වන්නේ 1977 නව-ලිබරල් ප්‍රතිපත්ති වල කණපිට හැර වීමකි. මහජන (public) අංශය
මගින් මූලික වශයෙන් ආධිපත්‍ය දරනා ආර්ථිකයක් වෙත ගමන් නොකරන්නේනම්, 6 % යනු නිකම්ම
හිස් හැඟවුම්කාරකයක් පමණි. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදුජන ප්‍රවාහනය වැනි දේ සඳහා ප්‍රමාණවත් ලෙස මුදල් වියදම් කල හැක්කේ
එවැනි ආර්ථිකයට පමණි.
වැරදිවටහා ගැනීම් වලට ඉඩ නොතබමින් රාජ්‍ය ආර්ථිකය සහ පෞද්ගලික ආර්ථිකය යන්නට සෑහෙන්න වෙනස් වූ මහජන ආර්ථිකයක් (public economy) යන්නෙන් මා අදහස් කරන්නේ කුමක්ද කියා විස්තර කිරීමට ඉඩ දෙන්න. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහජන ප්‍රවාහනය වැනි දේවල් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීතන්ත්‍රයකට හෝ අතිරික්තය සොයනා ප්‍රාග්ධනයට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. අතීත අත්දැකීම් මත පදනම් වෙමින් මෙම අංශයන් වෙත අලුත් පරිපාලන ක්‍රමයක් සැලසුම් කිරීම අවශ්‍ය වෙයි. සම්මේලනයේ ඉල්ලීම අර්ථවත් වනු ඇත්තේ එය පවත්නා ආර්ථික ක්‍රමයේ මෙවැනි දුර දිග යන වෙනස්කම් සමග සම්බන්ධ වන්නේනම් පමණි.
වැරදිවටහා ගැනීම් වලට ඉඩ නොතබමින් රාජ්‍ය ආර්ථිකය සහ පෞද්ගලික ආර්ථිකය යන්නට සෑහෙන්න වෙනස් වූ මහජන ආර්ථිකයක් (public economy) යන්නෙන් මා අදහස් කරන්නේ කුමක්ද කියා විස්තර කිරීමට ඉඩ දෙන්න. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහජන ප්‍රවාහනය වැනි දේවල් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීතන්ත්‍රයකට හෝ අතිරික්තය සොයනා ප්‍රාග්ධනයට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. අතීත අත්දැකීම් මත පදනම් වෙමින් මෙම අංශයන් වෙත අලුත් පරිපාලන ක්‍රමයක් සැලසුම් කිරීම අවශ්‍ය වෙයි. සම්මේලනයේ ඉල්ලීම අර්ථවත් වනු ඇත්තේ එය පවත්නා ආර්ථික ක්‍රමයේ මෙවැනි දුර දිග යන වෙනස්කම් සමග සම්බන්ධ වන්නේනම් පමණි.
2. ගුරුවරුන් ට ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගැනීමට තිබුනා : සම්මේලනයේ අරගලය තුලදී,
සම්මේලනයේ ආස්ථානය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය
බලමණ්ඩලයේ ආස්ථානය අතර පැහැදිලි වෙනසක් පැන නැගුනා. සම්මේලනය 'රාජ්‍ය අධ්‍යාපනය' ආරක්ෂා කිරීමට පෙනී සිටින විට ශිෂ්‍ය බලමණ්ඩලය අර ගත්තේ 'නිදහස් අධ්‍යාපනය'
ආරක්ෂා කිරීමේ සටන් පාඨයයි. මෙය හුදු වචන පෙරලියක්
පමණද?
මගේ අදහසට අනුව, මෙම ඉල්ලීම් දෙක ගුණාත්මක ලෙස වෙනස් වෙයි. සම්මේලනයේ ආස්ථානයෙන් හැඟවෙන්නේ එයට රාජ්‍ය අධ්‍යාපනය සමගම අතිරික්තය සොයා යන ප්‍රාග්ධනයේ
තර්කනයෙන් පාලනය වන පෞද්ගලික අංශයේ අධ්‍යාපනය පැවතීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති
බවයි. දෙවනුව, එමගින්
වැඩිදුරටත් අදහස් වන්නේ විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුල රාජ්‍ය නිලධාරීතන්ත්‍රයක්
මගින් පාලනය වන ක්‍රමයක් වන වත්මන් ක්‍රමයේ අඛණ්ඩ පැවැත්මයි. එක් අතකින් ශිෂ්‍ය බලමණ්ඩලය ට අවශ්‍ය
වූයේ C .W .W . කන්නන්ගර විසින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමටයි.
ලාංකික අධ්‍යාපන කතිකාව තුල මහජන අධ්‍යාපනය හැඳින්වීමට පුළුල් ලෙස යොදා ගත් යෙදුම
වූයේ නිදහස් අධ්‍යාපනයයි. සම්මේලනය
විසින් එය වෙනස් කරනු ලැබුයේ ඇයි? මෙය පැහැදිලි නොකෙරිණි. ශිෂ්‍ය බලමණ්ඩලයේ ඉල්ලීම මගින් නිදහස් අධ්‍යාපනය පාලනය කරනා ක්‍රමවේදය හෝ නිදහස්
අධ්‍යාපනය රාජ්‍ය නිලධාරීතන්ත්‍රයෙන් නිදහස් කර අධ්‍යාපනවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී
පාලනය යටතට ගන්නේ කොහොමද කියන එක පැහැදිලි නොමැති උවත් අද අධ්‍යාපන ක්‍රමය තුල
හොඳින් පෙනෙන්නට තිබෙන වෙනස්කම් කණපිට හැරවීමේ අවශ්‍යතාවය එමගින් අවධාරණය කරයි.
මම ඉහතින්
සඳහන් කර ඇති දෙය ඒ හා සමානවම ආධිපත්‍යධාරී පාලන යාන්ත්‍රණයන් දෙකෙන්, එනම් ධනේශ්වර
සහ රාජ්‍යවාදී නිදහස් කල යුතු සෞඛ්‍ය වැනි අනෙකුත් අංශයන්ට සඳහාද යොදා ගත හැකිය.
තමන්ගේ ජීවිත පාලනය කිරීම සඳහා අලුත් යාන්ත්‍රණයක් සොයා ගත යුතු තැනකට මනුෂ්‍ය
වර්ගයා පැමිණ තිබේ.
සුමනසිරි ලියනගේ
The Island පුවත්
පතේ Six Percent GDP on Education : From fantasy to a real programme නමින්
පළවූ ලිපියේ සිංහල
පරිවර්තනයයි.
පරිවර්තනය
මලින්
ගණිතගේ
ඉතා වටිනා ලිපියක්... ඇත්තෙන්ම අපි බොහෝ දෙනා මතුපිටින් කරන විචාර නවතා, ඉතා ගැඹුරින් සාකච්ඡා කලයුතු කාලයක් මේක. ඉස්සෙල්ලාම හඳුන්වාදිය යුත්තේ සාර්ථකව, සමාජ කතිකාවක් වර්තමාන සමාජයේ ගොඩනගාගන්නා ක්‍රමවේදයක්.
ReplyDelete