Saturday, August 24, 2013

අභියෝගය බාර ගත්තෙමු!

දීප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.

මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි. 

අප දෙපාර්ශවය අතර එකිනෙකා පිලිබඳ තිබෙන විවේචන වලින් එකක් අවසන් වන තුරු කෙරෙන පාණදුරාවාදයක් බවට මෙය පත්විය යුතු අතර අවසාන මොහෙතේදී කුමක් හෝ හේතුවක් දක්වා ගුණරත්න මහතා විසින් මෙය මග නොහරිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

මෙහි සංවිධාන කටයුතු සඳහා නිර්මාල් ගේ පාර්ශවයෙන් වංගීස ඉදිරිපත් වී තිබේ. මේ සඳහා ගුණරත්න මහතාගේ නියෝජිතයෙකු පත්කර හැකි ඉක්මනින් 0714391514 අංකය යටතේ වංගීස හට ඇමතුමක් දෙන මෙන් ඉල්ලමු. මෙය තිබෙන ස්ථානය, දිනය, වෙලාව අපිට එලෙස තීරණය කර ගත හැකි ය. 

10 comments:

  1. නිර්මාල් රංජිත් සහ දීප්ති කුමාර ගුණරත්න පිළිබඳ මා තුළ ගෞරවයක් වගේම විවේචනයකුත් තියෙනවා. විවාද කර ගැනීමත් හොඳයි. අපටත් යමක් ඉගෙන ගන්න පුළුවන්නේ. හැබැයි තමන්ගේ ව්‍යාපෘතිවලට පානදුරුවාදය වගේ යෙදුම් යොදා නොගන්නවා නම් හොඳයි.පානදුරාවාදය කියන්නේ මේ රටේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ සංධිස්ථානයක්. ඒක කොහොමද මේ වගේ දේකට අදාළ වෙන්නේ. පානදුරාවාදයට බෞද්ධයින් ආවේ ඔවුන්ට විඳින්නට සිදුවූ අනන්ත කරදර හිරිහැර නින්දා ඉවසගන්න බැරිව. පානදුරාවදය බෞද්ධ සංකේතයක්. ඒක මේ දෙගොල්ලන්ටම නොතේරෙන බව මම දන්නවා. ඒ මොනා වුණත් මේ වගේ දේවල්වලට ඉතිහාසය විකෘති කරමින් ඊට අවමන් කරන යෙදුම් යොදා නොගත යුතුයි.

    ReplyDelete
  2. ඉන්ටනෙට් මඩ ගැහිල්ල විතරයි දීප්ති දන්න එකම ප්‍රසිද්ධ සංවාදෙ. ඌට "මගේ(යි මගේ කොලුපැංචන්ගෙයි )ලෝකයෙ" දාර්ශනිකයා වෙන්න ඉඩදීල උබල උබලගෙ වැඩක් බලාගනිල්ලා.

    ReplyDelete
  3. විවාදය කොළඹ දී සිදු විය යුතුයි.

    ReplyDelete
  4. as, lesa mama 3mana.com ekata damana lada comments eka owun wenas kara atha.....aththa comment eka pahatha paridi wei....
    as,
    thana thana nirmalta mada gahana, deepthita muhunata muhuna nirmal hamba unoth bayatama kakka yanawa……….api nodanna deepthi podi eka……………..

    mama sabawatama adahas kala deya deepthi vikurthi kota atha..............eka etath wada katha wadaki

    ReplyDelete
  5. 2013-08-13: "ගුණරත්න මහතා සමග සංවාද කිරීම අරුත් සහිත වැඩක් නොවේ. ඒ ඔහු සංවාදයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට සමත් නොවන හෙයිනි."

    2013-08-24: "දීප්ති කුමාර ගුණරත්න මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ඒ මහතා නිර්මාල් හට අභියෝග කර තිබේ. මේ 2004 වසරේ අවසාන භාගයේ සිට අප බලාපොරොත්තු වූ දෙයකි. දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් හෝ ඔහු මෙයට ඉදිරිපත්වීම අප අගය කරමු.

    මේ සටහන තබන්නේ නිර්මාල් එම අභියෝගය ඉමහත් සතුටින් බාරගත් බව පැවසීමටයි."

    ReplyDelete
    Replies
    1. පැවැත්වෙන්නේ 'විවාදයක්' මිස 'සංවාදයක්' නොවේ. සංවාද කරන්නේ අදහස් වර්ධනය කරන්න. විවාද කරන්නේ ප්‍රතිවාදියා පරාජය කරන්න.

      Delete
    2. නමුත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. දීප්ති යෝජනා කරන්නේ මෙන්න මේ ලින්ක් එකෙන් පෙනෙන විදියේ වාදයක් කරන්නයි.

      https://www.youtube.com/watch?feature=player_embedded&v=QhAMgVFKokk

      (පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක.)

      දැන් ප්‍රශ්නය වන්නේ නිර්මාල් යන්නේ එම ලින්ක් එකෙන් පෙනෙන ආකාරයේ වාදයක් කරන්නද නැත්ද කියන එකයි.

      Delete
    3. මේ පිළිබඳව ඔබට යමක් පැවසිය හැක්කේ දීප්ති ගේ නියෝජිතයෙක් සමග කතා කිරීමෙන් පසුව පමණයි.

      Delete
  6. දීප්ති දන්නේ කුණු කතා කියන්න විතරයි .ඒකට එයා කියන්නේ දේශපාලනය කියලයි.මේ වාදයෙන් සිද්ධ වෙන්නේ දීප්තිගේ කුණු කතාවලට තවත් අවස්තාවක් හදල දෙන එක විතරයි

    ReplyDelete