Showing posts with label සත්‍යය. Show all posts
Showing posts with label සත්‍යය. Show all posts

Wednesday, May 16, 2012

සත්‍යය යනුවෙන් දෙයක් පවතී ද?


පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම(damage control) සඳහා කරන ලද ප‍්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හී අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම පුහුල් හොරාගේ කරේ අලූ ගෑවී ඇතැයි කියූ වහාම තමන්ගේ කර අතගා බැලූ මෝඩ ගැමියාගේ හැසිරීම වැනි එකකි.
මේ ප‍්‍රකාශය ද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම පිළිබඳ සිද්ධියේ දී ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට භාරවුනා හා භාර වූ වහාම ඔහුගේ ඉල්ලීමට සවන් දී ඔහු  ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබුවා යයි කීම වැනි සුරංගනා කතා වර්ගයේ ප‍්‍රබන්ධයකි.

Thursday, October 27, 2011

සාකෝසි යනු කුමක්ද? ග‍්‍රන්ථ සමාලෝචනයක්

2007 දී ප‍්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප‍්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප‍්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප‍්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, අපි පොතේ නම වන සාකෝසි යන නාමය වෙනුවට ආණ්ඩුකරණ බලයක් භාවිතා කලා වූ වර්තමාන නැතිනම් අතීත දේශපාලන නායකයෙකුගේ නමක් (ඔබාමා, බ්ලෙයාර්, බුෂ්, හෝ මහින්ද රාජපක්‍ෂ වැනි) ආදේශ කලත්, මෙම පොත තවමත් අර්ථයක් ජනනය කරයි. එම නිසා මෙම පොතට විශ්වීය අදාලත්වයක් ඇත. The Meaning of Sarkozy ^MS& කෘතියේ ලේඛකයා වන ඇලේන් බදියු ^Alain Badiou& ප‍්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකි. මෙම පොතේ පළමු පරිච්ජේදය ලියා ඇත්තේ සාකෝසිව ප‍්‍රංශ ජනාධිපති බවට පත් කල 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉතා සුළු කාලයකට පෙරය. අවසාන පරිච්ජේද දෙක ඔහුගේ අළුත්ම පොත වන The Communist Hypothesis ^CH&" හි තව දුරටත් වර්ධනය කර ඇත.