2007 දී ප‍්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප‍්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප‍්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප‍්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, අපි පොතේ නම වන සාකෝසි යන නාමය වෙනුවට ආණ්ඩුකරණ බලයක් භාවිතා කලා වූ වර්තමාන නැතිනම් අතීත දේශපාලන නායකයෙකුගේ නමක් (ඔබාමා, බ්ලෙයාර්, බුෂ්, හෝ මහින්ද රාජපක්‍ෂ වැනි) ආදේශ කලත්, මෙම පොත තවමත් අර්ථයක් ජනනය කරයි. එම නිසා මෙම පොතට විශ්වීය අදාලත්වයක් ඇත. The Meaning of Sarkozy ^MS& කෘතියේ ලේඛකයා වන ඇලේන් බදියු ^Alain Badiou& ප‍්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකි. මෙම පොතේ පළමු පරිච්ජේදය ලියා ඇත්තේ සාකෝසිව ප‍්‍රංශ ජනාධිපති බවට පත් කල 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉතා සුළු කාලයකට පෙරය. අවසාන පරිච්ජේද දෙක ඔහුගේ අළුත්ම පොත වන The Communist Hypothesis ^CH&" හි තව දුරටත් වර්ධනය කර ඇත.
