පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම(damage control) සඳහා කරන ලද ප‍්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හී අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම පුහුල් හොරාගේ කරේ අලූ ගෑවී ඇතැයි කියූ වහාම තමන්ගේ කර අතගා බැලූ මෝඩ ගැමියාගේ හැසිරීම වැනි එකකි.
මේ ප‍්‍රකාශය ද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම පිළිබඳ සිද්ධියේ දී ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට භාරවුනා හා භාර වූ වහාම ඔහුගේ ඉල්ලීමට සවන් දී ඔහු ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබුවා යයි කීම වැනි සුරංගනා කතා වර්ගයේ ප‍්‍රබන්ධයකි.
