අපේ ලිංගික ජීවිතය
පිළිබඳව, අපි ෆේස්බුක් එකේ ඵල කරන ජායාරූප
පිළිබඳව, අපි කෑම කන විදිය ආදිය පිළිබඳව
කාලයක් තිස්සේ, ප්‍රචාරය වෙමින්
තිබෙනා විවිධාකාරයේ මඩ ව්‍යාපෘතීන් සඳහා පසු ගිය සති දෙකක පමණ කාලය තුල අපි
පිළිතුරු දුන්නෙමු. මේවාට ලැබුණු විවිධ පාඨක ප්‍රතිචාර අතර තිබුණු පොදු අදහසක්
වූයේ, 'ඕගොල්ලෝ හැමදාම කරන්න ඉන්නේ, අපිට මඩ ගහනවා කියල ලතෝනි දෙන එක
විතරද? ඔගොල්ලන් ගේ අදහසේ හැටියට මේ
වෙලාවේ දේශපාලනය විග්‍රහ කල යුත්තේ කොහොමද කියන එකත් කියන්න ඕන නේද?' යන්නයි. මෙය සාධාරණ තර්කයකි. අපි
මේ මේ දේවලට විරුද්ධ වන බව පැවසීම අවශ්‍ය වුවත්, නිශ්චිත
ලක්ෂ්‍යයකට පසුව අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නත් පැහැදිලි කල යුතු ය. එම
නිසා අප පවත්නා අවස්ථාව සූත්‍රගත කරනා ආකාරය සහ අරගලය ආකෘතිගත කරගන්නා ආකාරය
පිළිබඳව තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් පහතින් ඵල වෙයි.
මේ සඳහා අප
යොදා ගන්න මුලික න්‍යායික ප්‍රවේශය පදනම් වන්නේ ඇලේන් බදියු ගේ "සාකෝසි යනු
කුමක්ද?" යන
කෙටි කෘතියයි. (බලන්න, බදියු, ඇ., "සාකොසි යනු කුමක්ද?"පරි. සුමනසේකර, ව., නුගේගොඩ, සංහිඳ ප්‍රකාශකයෝ, 2011). මේ පරිවර්තනයේ පිළිසිඳ
ගැනීම අවජාතක වන්නේය කියා චෝදනා එල්ල වී තිබෙනා හෙයින් ද මෙවැනි ප්‍රවේශයක් ගැනීම
ප්‍රයෝජනවත් වන්නේය.

