පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම්
සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා
තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය
නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ඉගෙන ගත්තේ පරණ බණ කතාවකින් නිසා මේ ගැන අප එතරම් කලබල විය යුතු නොවේ.






