දර්ශනය ගැන
කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති අය අද ලංකාවේ දර්ශනය ගැන ලියනවා (අප මෙහිදී
විධිමත් භාවය යන්නෙන් අදහස් කරන්නේ දර්ශනය ආයතනගත විශ්ව විද්‍යා ලයකින් ඉගෙන ගැනීම
පමණක් නොව එය එම විෂය තුල පිළිගත් ප්‍රමිතීන් ට අනුව ඉගෙන ගැනීමයි). එහෙම ලියන
ගමන් අපෙන් පෙරලා ප්‍රශ්න කරනවා උඹලා දන්නේ අහවල් කෙංගෙඩියක්ද කියලා. මේ සියලු
දෙනාට පිළිතුරු දෙන එක වෙලාව නාස්ති කිරීමක්. මේගොල්ලන් දර්ශනය දන්නවද නැද්ද කියන
කාරණය සම්බන්ධයෙන් අපිට තියෙන එකම නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ලිපි වල ඒගොල්ලෝ
දර්ශනය ගැන දන්නවා කියල ඒගොල්ලෝම කියන එක.
නමුත් මේ
දර්ශනය ගැන දන්නවා කියලා මැරෙන්න දඟලන මල්ලිලාගේ දාර්ශනික අවබෝධය පිළිබඳව තීරණයක්
ගැනීමේදී අපේ පාඨකයන්ට පුංචි ඔත්තුවක් අපි දෙන්න කැමතියි.
මේගොල්ලන්ගේ ලිපි වල නිතර යෙදෙන වචනයක් තමයි 'පාරභෞතික' කියන වචනය. සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ 'metaphysics' කියන වචනයේ සිංහල පරිවර්තනය ලෙස. මේ ගොල්ලන්ගේ ලිපි වල මේ වචනය යොදන්නේ 'මනස්ගාත' කියන අර්ථයෙන් (මේකට ඕන තරං උදාහරණ දෙන්න පුළුවන්). දර්ශනය ගැන සාමාන්‍ය උපාධියක් තියෙන කෙනෙක් වුනත් දන්නවා, metaphysics කියන්නේ මනස්ගාත නෙමෙයි කියලා. ඇත්තටම සම්ප්‍රදායිකව metaphysics කියන එක යෙදෙන්නේ, යථාර්ථයේ ඉතාම ප්‍රාථමික හා පොදු නියාමයන් සහ එහි අපගේ තැන පිළිබඳව කෙරෙන අධ්‍යනයටයි. මේ අර්ථයෙන් සද්භාවවේදය (ontology) කියන්නේ metaphysics වල උප ප්‍රවර්ගයක්. එම නිසා metaphysics කියන්නේ දර්ශනයේ ඉතාම ප්‍රාථමික ස්වරූපයක්. නිදර්ශනයක් ලෙස, මේ එක-පාරටම-අහසෙන්-පාත්-වෙච්ච-දර්ශනය-පරතෙරට-දන්නා-පුද්ගලයන් කාන්ට් ගේ Critique of Pure Reason වල පෙරවදනවත් කියෙව්වානන් දැන ගන්නවා කාන්ට් එයා මැදිහත් වෙන සමකාලීන දාර්ශනික අවකාශය හඳුන්වන්නේ metaphysics කියලා.

කොහොම උනත්
පාරභෞතික කියන වචනය සම්බන්ධයෙන් පටලැවිල්ල තියෙන්නේ හෛඩැගර් එයාගේ Being
and Time වල හැඳින්වීමේදී කියන
කතන්දරේ එක්කයි. එයා කියනවා;
“We have shown at the outset (Section I) not only that the
question of the meaning of Being is one that has not been attended to and one
that has been inadequately formulated, but that it has become quite forgotten
in spite of all our interest in ‘metaphysics’.”
("අප (පළමු
කොටසේදී) පෙන්වා දී තිබෙනවා පැවැත්මේ අර්ථය පිලිබඳ ප්‍රශ්නය කියන්නේ අප සැලකිලිමත්
නොවුණු එකක් සහ එය ප්‍රමාණවත් ලෙස සූත්‍රගත කෙරී නොමැති එකක් විතරක් නෙමෙයි,
'පාරභෞතික' පිලිබඳ අපගේ මෙතරම් උනන්දුවක් තිබියදී පවා එය අපට බොහෝ
දුරට අමතකව ගොස් තිබෙනවා යන්න." )
මෙන්න මේ නිසා
මෙයා යෝජනා කරනවා අප මෙම 'පාරභෞතික'
සම්ප්‍රදාය විනාශ කරලා දර්ශනයේ ග්‍රීක
ආරම්භය වෙත යන්න ඕන කියල. ඇත්තටම මෙතනදී එයා 'පාරභෞතික' කියල නම් කරන්නේ ප්ලේටෝ ගේ ඉඳල බටහිර දර්ශනයට.
දැන්
සිහිබුද්ධිය තියෙන මනුස්සයෙක් 'පාරභෞතික'
යන්න 'මනස්ගාත' ලෙස පරිවර්තනය කරන්නේ නැති බව ඔබට වැටහෙන්න ඕන. කවුරු හරි එහෙම කරනවානං
ඒකෙන් එන්න තියෙන එකම වැටහීම තමයි දර්ශනය ගැන විධිමත් අධ්‍යනයක් නැති මනුස්සයෙක්
හෛඩැගර් ගේ destruction of the history of metaphysics කියන එක ඩෙරීඩා deconstruction of the history of
metaphysics කියල කරපු පරිවර්තනය,
තමන්ගේ නොදැනුමත්කම නිසා, ඉතාම වැරදියට තේරුම් ගත්තා කියන එකයි. මේ
වැරැද්ද නිසා ලංකාවේ බොහෝ දෙනෙකු දශක දෙකකට ආසන්න කාලයක් ගත කල අඳුරු ගුහාවෙන් අප
ඔබව දැන් එලියට ගෙන ආවෙමු.
අනුකරණ වලට
නොරැවටෙන්න! ගුහාවෙන් එලියට එන්න!
(අපේ බුද්ධිමය
අනන්‍යතාවය පශ්චාත්-X !)
මේ වගේම තවත් ප්‍රශ්නයක් තියනව. ඔය දාර්ශනික සයිට් එකේ අළුත්ම පෝස්ට් එකකට අනුව එක්තරා පුද්ගලයෙක් "දීප්ති" නැමැත්තෙක්ට 'කැත' වැඩ (කක්කාද?) කල බව තව අයෙක් කියා තියනව. ඒක උපුටා දක්වමින් ඒ අය කියන්නේ ඒ කෙනා "සංවිධානයට" එම වැඩය කල බවයි. දැන් අළුත් ප්‍රශ්නයක්;
ReplyDeleteඑයාල "සංවිධානය" කියන්නෙ "දීප්ති" කියන එක්කෙනාටද?