Showing posts with label හේගල්. Show all posts
Showing posts with label හේගල්. Show all posts

Tuesday, August 7, 2012

දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි?




හේගලියානු දර්ශනය පිළිබඳව ලංකාවේ තරමක උනන්දුවක් ඇති වී තිබීම යහපත් තත්වයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ පිළිබඳව ලියවුනු ස්ලැවොයි ජිජැක් ගේ "අරගලය සහ ප්‍රතිසංධානය" නම් කෙටි ලිපියේ පරිවර්තනයක් අපි ඉදිරි දින කීපයේදී පල කරන්නට අදහස් කරමු. මෙම සටහන වෙන් වන්නේ එය සඳහා වන ඉල ඇදෙන පූර්විකාවකටයි.

හේගල් පිළිබඳව ඇති වී ඇති මෙම තරමක උනන්දුව සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ  'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' මගින් ආරම්භ කර ඇති හේගල් පිලිබඳ සාකච්චාවයි. ඔවුන්ගේ අදහස වන්නේ සමකාලීන දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් හේගල් කියවිය යුතු බවයි. අප කියවා ඇති හේගල් නම් දේශපාලනය කිරීම සඳහා අනිවාර්යයෙන් කියවිය යුතු දාර්ශනිකයෙක් ලෙස වටහා ගැනීම අපහසු වූ හෙයින් අපි මෙය තේරුම් ගන්නට විවිධ ලෙස උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. ඉතිහාසයේ අවිචල්‍ය වන පාඩමක් තිබේනම් ඒ සමාජ විප්ලවයන් වලට නායකත්වය දී තිබෙන්නේ දාර්ශනිකයන් නොව, නිර්මාණශීලී දේශපාලන ක්‍රියාකාරීන්ය යන්නයි. මෙලෙස දෙගිඩියාවෙන් සිටි අපට මෙය තේරුම් ගැනීම සඳහා කදිම අවස්තාවක් විවර වූයේ විශ්ව විද්‍යාල ගුරුවරුන් ගේ වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය' දක්වන ප්‍රතිචාර සමගයි.