Showing posts with label ගුණදාස අමරසේකර. Show all posts
Showing posts with label ගුණදාස අමරසේකර. Show all posts

Friday, July 20, 2012

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

Sunday, June 3, 2012

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම


1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතර ය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හි කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්න යි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත.


Tuesday, November 8, 2011

ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් = ‘‘පොදු පුරුෂයා’’ නවකතාව ඇසුරෙන්

සුනේත‍්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකථාවට වර්තමාන සාහිත්‍ය කතිකාව තුළ ලැබී ඇත්තේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයකි. ලංකාවේ දැනට ජීවත් වන වඩාත් බලපෑම් සහගත සාහිත්‍යකරුවා වන ගුණදාස අමරසේකර මෙම කෘතිය පිළිබඳව ඉදිරිපත් කළ අදහස වූයේ එය ‘‘තනිකරම ව්‍යාජයක් බවයි’’ (දිවයින 15-10-2009 සරසවි උයන අතිරේකය) ගුණදාස අමරසේකරගේ අදහස් දැක්වීම කෙටි එකක් වන අතර අදාල කෘතිය ‘‘තනිකරම ව්‍යාජයක්’’ යන මත දැක්වීමට අමතරව එය එසේ වන්නේ ඇයිද යන්න පැහැදිලි කර නැතත් ඔහුගේ අදහස්වල පසුබිම ඔහු විසින් මෑතකදී ලියා පළ කරනු ලැබූ ‘‘නොසෙවුනා කැඩපත’’ (අමරසේකර, 2008) කෘතියෙන් ලබාගත හැක. 

මගේ මෙම රචනයේ උපායමාර්ගය වන්නේ ‘‘පොදු පුරුෂයා’’ නවකථාව සම්බන්ධව අමරසේකරගේ විවේචනය හා ඊට පදනම් වන වත්මන් නවකථාව පිළිබඳව ‘‘නොසෙවුනා කැඩපත’’ කෘතිය මගින් ඉදිරිපත් ඔහුගේ අදහස් සමඟ විවේචනාත්මකව අභිමුඛ වෙමින් මෙම නවකථාව විවරණය කිරීමයි. වර්තමානයේ බිහිවන නවකථා පිළිබඳව අමරසේකරගේ විවරණය මෙබඳුය.