අපගේ බ්ලොග් අඩවියේ
පලවූ ලිපිවල ලින්ක්ස්
ෆේස්බුක් වෙබ් අඩවියේ පල කිරීම වළක්වමින් එහි URL එක
ඊයේ දිනයේදී ෆේස්බුක් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් විසින් නවතා දැමූ බව ඔබ දන්නවා
ඇතැයි කියා සිතමු. මෙයට හේතුව වුයේ අපගේ බ්ලොග් අඩවිය spammy
සහ/හෝ abusive බව කිසියම් පුද්ගලයෙක්
හෝ පුද්ගලයන් පිරිසක් එහි පරිපාලකයින්ට වාර්තා කර තිබූ නිසා ය. මෙසේ වාර්තා කර
ඇත්තේ කවුරුන්ද කියා අපි නොදනිමු. අපව මර්ධනය කිරීමට අවශ්‍යය වන්නේ කාටද කියා
උපකල්පනය කිරීමට පමණි අපට හැකි වන්නේ.
සාමාන්‍යය තත්වයන් උඩ ලංකාවේ අදහස්
පැවසීමේ අයිතිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් බොහෝ විට ඇඟිල්ල දිගු වෙන්නේ ආණ්ඩුව
දෙසටය. නමුත් අපගේ බ්ලොග් අඩවිය පිළිබඳව ෆේස්බුක් එකෙන් ප්‍රචාරය දීම වැලක්වීමට
ආණ්ඩුව උත්සාහ කරයි කියනා සිතුවිල්ලද සිනහ උපදවන්නකි. එම නිසා අපගේ අදහස් ප්‍රකාශනය
සහ ප්‍රචාරණය ඉවසන්නේ නැති වෙනත් පාර්ශවයක් විසින් මෙය කර ඇති බව පැහැදිලි ය.
ඒ කවුරුද කියා අපිට නිශ්චිතව කිව නොහැකිය. නමුත් එය
ආණ්ඩුවට සම්බන්ධ නොවන කණ්ඩායමක් නම්, ඔවුන්
මේ වෙලාවේ අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිනා කණ්ඩායමක්
වීමේ සම්භාවිතාවය වැඩිය. මන්ද, අද විරුද්ධ පාක්ෂිකයන්
සියලු දෙනාම පාහේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත්
එක්නැලිගොඩ අතුරුදහන් වීම ඇතුළු මාධ්‍ය මර්ධනයට
එක් සිතින් එරෙහි වන්නෝය. එය එසේනම් අප ඉදිරියේ ඇත්තේ බිහිසුණු යථාර්ථයකි.
මානව හිමිකම්, භාෂණයේ නිදහස, සුළු ජන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආදී ලස්සන වචන වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නා පුද්ගලයන් ඔවුන්ගේ අප්‍රසිද්ධ ජීවිතයේ ව්‍යවහාරය තුල අපට පෙන්වන රූපකාය කුමක්ද? නිසැක වශයෙන්ම ඒ ඔවුන්, ඔවුනගේ ධාරිතාවයන් තුලදී මර්ධකයන් ම වන බවයි. අපගේ අදහස වන්නේ මෙය පුද්ගලයා පිලිබඳ ගැටළුවක් නොව, ව්‍යුහය පිලිබඳ ගැටළුවක් බවයි. නිදර්ශනයක් ලෙස ජ. වි. පෙ. විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඔවුනගේ අප්‍රසිද්ධ ජීවිතය තුල ප්‍රතිචාර ලබා දුන් අයුරු සිහියට ගන්න. එම නිසා මෙම අත්දැකීම ඇසුරින් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පුහුල් හොරා අල්ලා ගැනීම සඳහා නොව පුහුල් හොරුන් බිහිවීමේ ව්‍යුහාත්මක යථාර්තය පිලිබඳව ය.
පළමුවෙන්ම කිව යුත්තේ අප මෙම ගැටළුවට 'අවසාන පිළිතුර' නොදන්නා බවයි. අප ගේ එකතුව 'සංවිධානයක්' නොවී 'මධ්‍යස්ථානයක්' වන්නේ මේ නිසාය. නමුත් අප ඉතා නිශ්චිතව දන්නා දෙයක් වන්නේ 'දේශපාලන පක්ෂය' නම් ආකෘතිය, අවම වශයෙන් එය විසි වැනි සියවසේ සැකැසුණු ආකාරයට, තවදුරටත් අපට ප්‍රයෝජනයක් නොවන බවයි. මෙය ඉතාම අපහසු පිළිගැනීමක් වන බව පැහැදිලි උනත්, මෙය මග හැරීමෙන් වන්නේ තමන්ගේ විනාශය පමණයි. මෙය පිළිගැනීම මගින් අපට ඉදිරිපත් වන්නේ ඉතාම නිහතමානී තෝරාගැනීම් සහ මාවත් කීපයක් වන අතර, එය විශාල චිත්‍රය තුල නොපෙනී යන තරම් කුඩා විය හැකි ය. වසර ගණනක දේශපාලන අත්දැකීම් තුලින් අප ලද ගැඹුරුතම පාඩම වන්නේ 'ඩයිනෝසරයන්' වීමට ගොස් අතුරුදහන් වනවාට වඩා 'කැරපොත්තන්' ලෙස පරිනාමය තුල ඉතිරි වන එක යහපත් බවයි. මන්ද, මිනිස් සමාජයේ සාතිශය බහුතරය සුළුතරයකට සිය ශ්‍රම ශක්තිය විකිණීම ඉතිහාසයේ අනිවාර්යතාවයක් නොවන බවත්, කොමියුනිස්ට් අවිචල්‍යයන් අඛණ්ඩ බවත්, අප ඉතාම හොඳින් දන්නා නිසා ය.
මධ්‍යස්ථානය
අතකොලුවන් වන මේ අය ඇත්තටම ඔවුන් කාගේ අතකොලුවන්ද යන්න පවා නොදනී.
ReplyDelete