සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ.
කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය.
Saturday, March 30, 2013
Tuesday, March 26, 2013
ආදරය සඳහා ඇවින්යොන් වේදිකාව...
1990
දශකයේ ආරම්භය
යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ
සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින්
අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය.
"ආදරය සඳහා හෝර්ටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන්
ඇරැඹි 'ප්‍රේමය' පිලිබඳ ලාංකික සංවාදය 1990 දශකය පුරා නව තාරුණ්‍ය හට ඉමහත් ආකර්ශනීය
වූයේ ප්‍රේමය මෙම පුද්ගලත්ව කේන්ද්‍රීය විශ්වය දෙදරවාලූ අත්දැකීමක් වන
නිසාය. ප්‍රේමය යනු සිය පුද්ගල ජීවිතයේ යහ පැවැත්ම පසෙකලා 'දෙදෙනා'
වෙනුවෙන්
ජීවිතය කැප කිරීමේ මිනිස් උරුමයයි. වසර විසිපහකට පමණ පසු බදියු මේ සඳහා සූත්‍රයක්
නිපදවා තිබේ. "ප්‍රේමය = අවම කොමියුනිස්ට්වාදය".
Tuesday, March 12, 2013
ගණික කටු කම්බි
ලංකාවේ කලාත්මක
ප්‍රකාශන වල පොදුවේ දක්නට ලැබෙන එක් සීමාවක් වන්නේ ඒවා බොහොමයක් තුල දේශපාලනය විසින් කලාව සීචනය (suture) කර තිබීම යි. තාක්ෂණික යෙදුම් හැකිතාක් ඉවත් කර මෙය
කියනවානම් එය මෙසේ ලිවිය හැකිය : 'කලා කෘතියක් විසින් කල යුත්තේ දේශපාලනය තුල අප අභිමුවේ තිබෙනා ගැටළු වලට පිළිතුරු සෙවීමය' යන අදහස තුල තිබෙන්නේ කලාව දේශපාලනය
විසින් සීචනය කිරීම යි. මේ පිළිබඳව තරමක් හාස්‍යජනක නිදර්ශනයක් ලෙස, වරක් චන්ද්‍රගුප්ත තේනුවර සිත්තරාගේ චිත්‍ර
ප්‍රදර්ශනයක සමරු පොතක් පෙරලමින් සිටින විට මුණ ගැසුණු අපූරු සටහනක්
සිහිවේ. සටහන තියා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා ය. මතක විදියට එහි ලියා
තිබුනේ මෙවැන්නකි: "ඔබගේ කලා නිර්මාණ තුලින් ජාතික සමගිය ගොඩ නැගීමට ගන්නා
උත්සාහයට අපගේ ආචාරය!". අපිට පුළුවන් මෙය කලාව පිලිබඳ 'විජිත හේරත් තිසීසය' ලෙස නම් කිරීම ට. මෙයට පරස්පර ලෙස අප යෝජනා කරන්නේ කලා කෘතියකින් කල යුතු වන්නේ කලා කෘතියකින් පමණක් ප්‍රකාශ කල හැකි
දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීම යි. වෙනත් ලෙසකින් කියනවානම් කලා කෘතියක සුවිශේෂය කුමක්ද කියා සොයා බැලීම යි.
Wednesday, March 6, 2013
"කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය
'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත.
Monday, February 25, 2013
ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය (2 කොටස)
පහතින් පල වෙන්නේ බදියුගේ "ඉස්ලාමීය හිස්-පළඳනාව පිලිබඳ නීතිය" නම් අප විසින් කොටස් වශයෙන් පල කරන ලිපියේ දෙවන කොටසයි. එහි පළමු කොටස මෙතනින් කියවන්න.
Sunday, February 10, 2013
පර්දාව, විමුක්තිකාමී දේශපාලනය සහ...
'බොදු බල සේනා' සංවිධානය විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසියම් ආකාරයක දෙපළු වීමක් සලකුණු කර ඇති බව පෙනේ. එහි නිල නායකයන්ට අනුව ඉහත සංවිධානය විසින් මූලිකව ප්‍රති-ජීවක දී පණ ගන්වන ලද සිංහල සමාජයේ ඇති මුස්ලිම් විරෝධී වර්ගවාදය, ගැටුමක් දක්වා වර්ධනය වීම මේ මොහෙතේ සේවය කරන්නේ සිංහල-බෞද්ධයන්ගේ ප්‍රධාන සතුරාටය. මෙම සන්දර්භය තුල, විමුක්තිකාමී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් වාර්ගික දේශපාලනය හමුවේ ගත යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව ඉහල සංකල්පීය ගුණයෙන් යුතු සාකච්චාවක් ඇති කිරීම ප්‍රයෝජනවත් වේය කියා සිතමු. මෙයට ආරම්භයක් ලෙස ප්‍රංශයේ මුස්ලිම් කාන්තාවන්ට හිජාබ් පැළඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් බදියු විසින් රචනා කරන ලද ප්‍රශස්ත රචනාවක් සිංහලට නගන්නට අපි තීරණය කළෙමු. තරමක් දීර්ඝ එම රචනය කොටස් කීපයකින් පල කිරීමට අදහස් කලමු.
මෙය සන්දර්භ ගත කිරීම සඳහා අපට තල තුනක කරුණු තුනක් කියන්න ඉඩ දෙන්න.
Wednesday, February 6, 2013
බලය සහ දර්ශනය ගැන තවදුරටත්...
මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්‍රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ඕනෑම අයෙකුට මෙම අභියෝගය මග හැර යා නොහැකි බව අපගේ අදහසයි.
Subscribe to:
Posts (Atom)


+2012+Screen+Print,+Acylic+on+Canvas+110x67.5+cm.jpg)


.jpg)
