Showing posts with label සමපේක්ෂී යථාර්ථවාදය. Show all posts
Showing posts with label සමපේක්ෂී යථාර්ථවාදය. Show all posts

Tuesday, May 29, 2012

මෙයසු පිලිබඳ තිසීස


කෙන්ටින් මෙයසු (Quentin Meillassoux) යනු පසු ගිය වසර කීපය තුල දාර්ශනික ලෝකය කැළඹු මැදිහත්වීමක් කල යොවුන් චින්තකයා ය. සමකාලීන දර්ශනයේ උද්යෝගීමත් ව්‍යාපාරයක් වන සමපේක්ෂී යථාර්ථවාදී ව්‍යාපාරයේ (Speculative Realism Movement) කේන්ද්‍රීය ප්‍රකාශකයාය. මෙයසු පිළිබඳව සාකච්චාව ලාංකික සන්දර්භය තුල සලකා බැලීම හදිසි අවශ්‍යතාවයක් බව අපගේ තක්සේරුවයි. 'නාථ දෙවියන්' විසින් ලාංකික බුද්ධිමය කතිකාව හොල්මන් කරන විට මෙයට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ, 'හේතුවාදීන්ගේ' ළදරු ප්‍රතිචාර සහ 'ජාතික බුද්ධිමතුන්ගේ' නිර්වින්දනය වීම ය. මෙම 'නාථ දේවගමනයේප්‍රතිවිපාකයන් වලට කිසිවෙක් ස්වාභාවිකව ප්‍රතිදේහ නිපදවන්නේ නැති බව වටහා ගන්නා විට විය හැකි හානිය විශාල විය හැකි ය. එම නිසා මෙයසු පිළිබඳව සාකච්චාව අරඹමින්, අපගේ හැදෑරීම් පහතින් ගොනු කර තිබේ. මෙය විදාරණය කරමින් තරමක් දීර්ඝ ලිපියක් පසුව ලිවීමට අදහස් කරමු. නමුත් මෙවැනි සාකච්චාවක් හඳුන්වා දීම සඳහා මෙම බ්ලොග් ආකෘතිය ප්‍රයෝජනවත් උවත් මෙය වැඩිදුර වර්ධනය කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. එම නිසා මෙම සාකච්චාව ඉදිරියට ගෙන යාම සඳහා හැකි තරම් පිරිසකගේ සහය අපට අවශ්‍ය වෙයි. ඔබගේ දායකත්වයත් එයට ලබා දෙන්න. 



ප. ලි. ලංකාවේ විවිධ දාර්ශනිකයන් 'ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය' දිනා ගැනීම සඳහා සටනක් ඇති හෙයින්, මෙයද ලිවිය යුතුය. අපට අවශ්‍ය වන්නේ මෙයසු පිළිබඳව සාකච්චාව ඇති කිරීම විනා ඔහුව අයිති කර ගැනීමට නොවේ. එම නිසා අප විසින් මෙයසු පිළිබඳව පළමුවෙන් සාකච්චාවක් ඇති කිරීමේ 'වරදට' මෙයසු සමග තරහ නොවන්න. ඔහු ගැන ලිවීමේදී අප ගැන සඳහන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මුහුණ සමග තරහ වී නහය කපා නොගන්න.