Showing posts with label ප‍්‍රජාතන්ත‍්‍රවාදය. Show all posts
Showing posts with label ප‍්‍රජාතන්ත‍්‍රවාදය. Show all posts

Monday, October 31, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී‍්‍රට්’ වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ? දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන ‘පිබිදීම’ තමයි අපි.