Saturday, August 31, 2013

'විවෘත අභියෝගය' පිලිබඳ මතක් කිරීමයි!

පසුගිය 25 වෙනි දා දීප්ති කුමාර ගුණරත්න මහතා ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් නිර්මාල් හට අභියෝග කරන ලදී. එම අභියෝගය නිර්මාල් විසින් බාර ගන්නා ලද අතර මේ සඳහා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව නිර්මාල් පාර්ශවය වෙනුවෙන් වංගීස ඉදිරිපත් වී ගුණරත්න මහතාගේ නියෝජිතයෙක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ පිළිබඳව දැනුම් දීම සඳහා පල කල සටහන ෆේස්බුක් මගින් හුවමාරු කරන විට තුෂාර දස්කොන් නම් මහත්මයකු මේ පිළිබඳව සතියක කාලයක් දෙන මෙන් නිර්මාල් ගෙන් ඉල්ලීමක් කළේය. අද වන විට එම සතියක කාලය ඉක්ම ගොස් තිබේ. 

අනෙක් අතට ඔවුන් පළමුව 'අභියෝග' කල අවස්ථාවේ පවසා තිබුනේ "තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක"කියාය. එසේ පවසා නැවතත් සතියක කාලයක් ඉල්ලා සිටීම පරස්පර උවත්, වැදගත් වන්නේ විවාදය පැවැත්වීම වන නිසා අපි එය ගැටළුවක් කර නොගත්තෙමු. අනෙක් අතට තුෂාර දස්කොන් මහතා විසින් ගුණරත්න මහතාව නිල වශයෙන් නියෝජනය කරන්නේද යන්නත් අපි නිශ්චිතවම දන්නේ නොමැත. මෙවන් තත්වයක් තුල සමහරවිට ගුණරත්න මහතා බලාපොරොත්තු වන්නේ අප විසින් දිනය, වෙලාව සහ ස්ථානය තීරණය කර ඒ පිළිබඳව දැනුම් දීම යන්නත් විය හැකිය.

එම නිසා අපි මේ පිළිබඳව මතක් කිරීම් දෙකක් කිරීමට තීරණය කළෙමු. මේ පළමු මතක් කිරීමයි. දෙවැනි මතක් කිරීම මෙම සතියේ මැද දිනකදී කිරීමට බලාපොරොත්තු වෙමු. එයටද ප්‍රතිචාර නොමැති වන්නේනම්, තුන්වෙනුව අප විවාදය සඳහා දිනය, වෙලාව සහ ස්ථානය නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙමු. තුන්වෙනි සීනුව නාද වෙනවා සමගම වේදිකා නාට්‍යය ආරම්භ වේ. සීනුව හැඬවෙන්නේ කා වෙනුවෙන්ද? 

2 comments: