1. අප ජීවත්වන යුගයේ ප්‍රධානම දාර්ශනිකයා ඇලේන් බදියු බව ස්ලැවොයි ජිජැක් විසින් 2008 වසරේ අවසානයේදී පිළිගනු ලැබීය.ලැකේනියානු න්‍යායේ සමකාලීන ගෝලීය බලකේන්ද්‍රය වන්නේ ස්ලැවොයි ජිජැක් වන අතර, ඔහුගේ වඩාත් පැතිරුණු අනුගාමිකයන් පරාසය අයත්වන්නේ සිනමා විචාරය අළලා ඔහු කරන මැදිහත්වීමටය.
2. බොහෝ දෙනෙකුගේ කැමැත්ත කුමක් වුවත් පසු ගිය දශක එකහමාරක පමණ කාලය තුල මෙරට බුද්ධිමය සංවාදයේ අධෝව්‍යුහය වූයේ ලැකේනියානු න්‍යායෙන් ප්‍රභවය වූ කතිකාවකි. ජාතික චින්තන ව්‍යාපාරයේ විද්‍යාත්මක සබුද්ධිකත්වයට එරෙහි දාර්ශනික විවේචනය ක්‍රමිකව වාර්ගික දේශපාලනවාදයකටත් ආගමික ගූඨවාදයකටත් ගමන් කිරීම සමග ඉතාම සීමිත පැවැත්මක් සහිත මෙරට බුද්ධිමය සංවාදයේ කේන්ද්‍රයට ඉහත කතිකාව පැමිණ තිබේ.
3. අව්‍යාජ දර්ශනය සෑම විටම කිසියම් තීරණයක් මත ගොඩනැගෙන අතර මෙම තීරණය කිසි ලෙසකින් හෝ අපගේ ඓතිහාසිකත්වයන්ගෙන් පරිපූර්ණ ලෙස ස්වායත්ත වන්නක් නොවේ. මේ මොහොත තුළ මෙරට ඇතිවන ඕනෑම ආකාරයක දාර්ශනික පුනරුදයක ඓතිහාසික හුය බවට ඉහත කතිකාව පත්වන්නේ එම නිසාය.
4. බදියුගේ ගමනාරම්භක ලක්ෂ්‍යය වන්නේ විසිවෙනි සියවසෙන් පසුව දර්ශනය යළි ඇරඹීම වන අතර මේ සඳහා ඔහු දර්ශනයේ මූලධාර්මික සංකල්ප වන 'පැවැත්ම', 'සත්‍යය' සහ 'විෂය' පිළිබඳව අති නවීන අර්ථකථන සහිත දාර්ශනික පද්ධතියක් බිහිකරයි.
5. නියත ලෙසම පාර්ශවීය නමුත් සැබෑ වන්නා වූ සත්‍යය වන්නේ, මේ අනුව, අපේ යුගයේ දාර්ශනික නූතනත්වය සලකුණු කල හැක්කේ බදියු සමගින් පමණක් බවයි.
6. විෂය පිළිබඳව බදියුගේ සංකල්පීය උපකරණ නිර්මාණය වීමේදී මූලික බලපෑම වන්නේ ෆ්‍රොයිඩෝ-ලැකේනියානු මනොවිශ්ලේෂණ න්‍යාය වන අතර මෙම නිසා ඔහු ගේ ඓතිහාසික පිහිටුම ලැකේනියානු අවකාශය විනිවිද යන්නකි. මෙම අවකාශය තුලදී දර්ශනය පිලිබඳ බැරෑරුම් ලෙස සිතන සහ එලෙසෙ සිතීමට කැමැත්තෙන් සිටිනා ඕනෑම අයෙකුට ඉහත ජිජැක් ගේ ප්‍රකාශය මග හැරිය යා නොහැකි වන්නේ එම නිසාය.
7. ගෝලීය ලැකේනියානු අවකාශයේ පරිධියේ සාමාජිකයන් ලෙස ලාංකික බුද්ධිමය කුලක වලට දර්ශනය විෂය තුලදී මෙම ඓතිහාසික පිහිටුමේ උරුමය මග හැරිය නොහැකි වෙයි. වෙනත් ලෙසකින් කියන්නේනම් ඕනෑම බැරෑරුම් දාර්ශනික සංවාදයක් සිය සුජාතභාවය සඳහා බදියු හට දක්වන පක්ෂ හෝ විපක්ෂ සම්බන්ධය පැහැදිලිව කිව යුතු වෙයි.
8. මෙම සම්බන්ධය හෙළි නොකරමින් ලාංකික සංවාදය තුළ
දර්ශනයේ ඉතිහාසයේ සෞත්‍රික දාර්ශනිකයන් පිළිබඳව කෙරෙන සාකච්චාවක් අත්‍යන්තයෙන් දිළිඳු වන අතර එය ගෝලීය සංවාදයන් වලට සාපේක්ෂව කල් ඉකුත්වී ඇති බව හඳුනා ගැනීමට හෝ අවශ්‍ය පසුබිමක් අපට නොලැබේ.
දර්ශනයේ ඉතිහාසයේ සෞත්‍රික දාර්ශනිකයන් පිළිබඳව කෙරෙන සාකච්චාවක් අත්‍යන්තයෙන් දිළිඳු වන අතර එය ගෝලීය සංවාදයන් වලට සාපේක්ෂව කල් ඉකුත්වී ඇති බව හඳුනා ගැනීමට හෝ අවශ්‍ය පසුබිමක් අපට නොලැබේ.
9. නමුත් මෙහි ප්‍රමුඛ ගැටළුව වන්නේ ලාංකික සන්දර්භය තුලදී දර්ශනය දේශපාලනයට සීචනය (sutured) වීමය. ශාස්ත්‍රාලීය දාර්ශනිකයන් ඓතිහාසිකව බිහිකිරීමට අපොහොසත් වී ඇති ලාංකිකයන් හට මෙහිදී උග්‍ර සංකල්පීය දරිද්‍රතාවයකට මුහුණ දීමට සිදුවේ.
10. දේශපාලන සත්‍යය දාර්ශනිකයාගේ ආධිපත්‍යයෙන් ගලවන්නා වූ බදියු ගේ දර්ශනය ලාංකික දර්ශන සම්ප්‍රදායක දේශපාලන අර්ථය වටහා ගැනීමේදී අතිශයින් වැදගත් වෙයි.
11. මක්නිසාද යත් දාර්ශනිකයන් කර ඇත්තේ ලෝකය විවිධාකාරයෙන් අර්ථකථනය කිරීම වුවත් සැබවින්ම කල යුත්තේ එය වෙනස් කිරීම වන නිසාය.
බර්ටන්ඩ් රසල් එකවතාවක් කිව්වා මාක්ස් වාදය හමුවේ ඇදවැටුනේ නැත්තේ බුදුදහම විතරයි කියල.රසලුත් කිව්ව නිසා ඒක පිළිනොගෙන පුලුවන්ද?
ReplyDelete