tag:blogger.com,1999:blog-2991596727751755963.post647201476276810254..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද?මධ්‍යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2991596727751755963.post-44317332037479383782013-01-08T21:22:04.168-08:002013-01-08T21:22:04.168-08:00තිසර, අපි මෙම කෙටි ලිපියේ පළමුවෙන් සඳහන් කර ඇති පර...තිසර, අපි මෙම කෙටි ලිපියේ පළමුවෙන් සඳහන් කර ඇති පරිදි, මෙම ලිපිය හදිසියේ සම්පාදනය කරන ලද්දක්. අපගේ දේශපාලනයේ එක්ව ගමන් ගන්නා බොහෝ දෙනෙක් මෙම දෝෂාභියෝගය හා බැඳුනු ක්‍රියාදාමය හඳුනාගෙන තිබෙන්නේ ඉමහත් වියවුල්කාරී අර්බුධයක් සහ සුභවාදී දේශපාලන වෙනසකට ඇති විවරයක් විදියට. පසු ගිය සතියේ 'රාවය' පුවත්පතේ අප මිත්‍රයන් යොදා තිබූ 'රට අවුලක' කියන එක, අපි හිතන්නේ, මේක සඳහා කදිම ප්රකාශනයක්. අපි හිතන්නේ මේක ඉතාම පරිස්සමින් තීරණ ගත යුතු මොහොතක් බවයි. නිදර්ශනයක් ලෙස නලින් ද සිල්වා මහතා ප්රමුඛ අර්ථකථනකරුවන් මෙය හඳුන්වන්නේ (විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හරහා) 'අරාබි වසන්තය' ගෙන ආ අයම (නීතිඥයන් සහ විනිසුරුවරුන් හරහා) 'පකිස්තාන වසන්තයක්' ගෙන ඒමට කරන උත්සාහයක් විදියට. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ මෙම දෝශාභියෝග-විරෝධී උද්ඝෝෂණ අතර තිබෙන්නේ එකිනෙකින් වෙනස් ප්‍රවර්ග දෙකක සටන් දෙකක්. පලවෙනි එක අධ්‍යාපනය පිලිබඳ 'අදහසක්' (අධ්‍යාපනය යනු ශිෂ්ඨාචාරයේ පදනමයි) වෙනුවෙන් සහ එයට විකල්ප ධනේශ්වර මෙහෙයුමට එරෙහි අරගලයක්. දෙවෙනි එක රාජ්‍ය තුල ඇති බල අරගලයක් වෙනුවෙන් 'මතයක්' (අධිකරණයේ ස්වාධීනත්වය) වෙනුවෙන් කරන අරගලයක්. මේ වෙනස සලකුණු කිරීමට අපිට රාජ්‍ය සහ ස්වාධිපත්‍යය පිළිබඳව සංකීර්ණවම සාකච්චා කරන සමකාලීන දාර්ශනිකයා වන අගම්බෙන් ගෙන ඒමට අවශ්‍ය උනා. මෙය කලින් සැලසුම් කල දෙයක් නොවෙයි. අනෙක් අතට මේ සාකච්චාව සමාජයේ බොහෝ පිරිසක් අතරට ගෙන යාමට අපි මහන්සි වන්නේ ද නැත. අපිට අවශ්‍ය වන්නේ 'උද්ඝෝෂණයේ උද්වේගකාරිත්වයෙන්' දෑස් නිලංකාර වී ඇති අපේ මිතුරන්ට රාජ්‍ය සහ පරමාධිපත්‍යය පිලිබඳ දියුණු සංකල්පීය අවබෝධයක් ලබා දීමට. අපිට හිතෙනවා වියවුල්කාරී තත්වය තුල නිවැරදි තීරණ ගැනීමට එය අතිශයින් වැදගත් වනු ඇති කියා. කෙසේ උවත් මේ පිළිබඳව තරමක පහසු පැහැදිලි කිරීමක් අපි නුදුරු දිනයකදී කරනවා. එයත් කියවා බලන ලෙස මිත්‍රත්වයෙන් ඉල්ලනවා. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-46914869262744640202013-01-08T16:04:31.606-08:002013-01-08T16:04:31.606-08:00//මෙයට වෙනස්ව අප උත්සාහ කරන්නේ වෙනත් අදහසක් වෙනුවෙ...//මෙයට වෙනස්ව අප උත්සාහ කරන්නේ වෙනත් අදහසක් වෙනුවෙන් සමාජය සංවිධානය කිරීමටයි//<br /><br />යමක් සමාජගත කරන්න කලින් සමාජය අඳුනගන්න. අද ලාංකීය සමාජය කියන්නේ බරපතල දර්ශනවාදී අදහස් හුවමාරුවන තැනක් ද? ඔබට අවශ්‍ය මෙවැනි සංවාද තේරුම්ගත හැකි ඉතා සුළු පිරිසක් සමග ගමනක් යාම නම්, එසේ කිරීමට බධා නැත. එසේ නොමැතිව මේ බ්ලොගය කියවන මා හටද ආමන්ත්‍රණය කිරීම ඔබගේ උත්සාහය නම්, මීට වඩා බොහොම පහලින් පටන් ගත යුතුය. මගේ නොදැනීම ගැන කණගාටුවන අතරම, මා නොදන්නා බව ඔබ නොදැන සිටීම ගැන වඩාත් කණගාටු වෙමි. මන්ද වෙනස්කම් තිබුනද අපගේ ගමනාන්තය එකම බැව් පෙනෙන නිසාවෙනි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com