tag:blogger.com,1999:blog-2991596727751755963.post4309147106552004229..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේමධ්යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2991596727751755963.post-7010953080058760762012-07-25T04:13:58.874-07:002012-07-25T04:13:58.874-07:00"මගේ තර්කය වුනේ අදාල සම්මන්ත්‍රණය පැවැත්වුනු..."මගේ තර්කය වුනේ අදාල සම්මන්ත්‍රණය පැවැත්වුනු දිනවලම රඟ දැක්වුනු ‘ජූලම්පිටියේ අමරේ’ නාටකය මගින් සංකේතවත් වන්නේ පියදාස නමැති ගමනක අග නවකතාවේ චරිතයේ දේශපාලනයේ සිහිනය හරහා අමරසේකර අපට දෙන බලාපොරොත්තුව සුනුවිසුනු කරමින් තිබීම බවයි. වැඩි දුරටත් මා තර්ක කරන්නේ මේ බලාපොරොත්තුව සුනුවිසුනු කරන්නේ දෙමළ ජාතිවාදය හෝ බටහිර අධිරාජ්‍යවාදය වැනි ජාතික චින්තනය විසින් සිංහල ජාතියේ සතුරන් ලෙස හඳුනා ගැනෙන බාහිර කාරක විසින් නොව අමරසේකර ද ඇතුළු ජාතික චින්තනයට ලැදි බලවේග වල පූර්ණ හා කි‍්‍රයාකාරී සහයෝගය යටතේ බලයට පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළම ක්‍රියාත්මක ගතිකයන් මගින් බවයි."

මෙය සාර්ථක තර්කයක් නොවේ. ට්‍රොට්ස්කි මිය ගියේ ධනේශ්වර ඒජන්තයකුගේ වෙඩි පහරකින් නොව ඔහුත් සමගම විප්ලවයට දායක වුණු සගයකුගේ ඒජන්තයකුගේ පොරෝ පහරකිනි. යම් හෙයකින් දේවසිරි මෙය සාර්ථක තර්කයක් ලෙස සළකයි නම් ඔහු ට්‍රොට්ස්කිවාදය සම්බන්ධවද මීටා සමාන අස්ථානයක් දරනවාද යන්න කිව යුතුව ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-76174388882022921442012-07-24T07:11:44.963-07:002012-07-24T07:11:44.963-07:00<<"කම්කරු පංතිය ට්‍රොට්ස්කිවාදීන් අපේක්...<<"කම්කරු පංතිය ට්‍රොට්ස්කිවාදීන් අපේක්ෂාකරන ආකාරයට හැසිරෙන්නේ නොමැතිවිට එය ට්‍රොට්ස්කිවාදීන්ගේ විග්රහයේ අර්බූදයක් ලෙස දකින නලින් ද සිල්වා ග්‍රාමීය දේශපාලනය තම බලාපොරොත්තුවට වෙනස් ආකාරයට හැසිරෙන විට එය තම විග්රහයේ අර්බූදයක් ලෙස සලකන්නේ නැත්තේ ඇයි.">>

සිල්වා කීවේ ජාතික චින්තනය රැකී ඇත්තේ ගැමිකමේ කියා මිසක ග්‍රාමීය දේශපාලනය ඊට අනුකූලව ජාතික චින්තනය පදනම වශයෙන් ගෙන හැසිරෙණු ඇතැයි කියා නොවේ. සිල්වා කර ඇත්තෙ "හුදු නිරීක්ෂණයක්" පමණි. සිල්වා ඒ මත පදනම්ව ගැමියන් කෙසේ හැසිරෙණු ඇතිදැයි කියා තියරියක් ගොඩ නගා නැත. එබැවින්ම සිල්වා ගැමි දේශපාලනය මෙසේ විය යුතුයැයි කියා කිසිවක් ස්පෙකියුලේට් කොට (අනුමාන කොට) නැත. ඔහු ගැමියන් විසින් කළ යුතු ඓතිහාසික කාර්ය භාරයක් ගැන නන් දොඩා නැත. ගැමියන් නගර මූලික පාලනය පෙරළා දමා ජාතික චින්තනය පදනම් කර ගත් පාලනයක් පිහිටුවනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුනේද නැත (කොටින්ම් ග්‍රාමීය දේශපාලනය මෙසේ වනු ඇතැයි සිල්වාට බලාපොරොත්තුවක් නොවීය. එවැන්නක් වී යැයි දේවසිරි කරන උපකල්පනයෙන් පෙනෙන්නේ ඔහුට ඇත්ත වශයෙන්ම ජාතික චින්තනය ගැන නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි). එබැවින් ගැමි දේශපාලනය කුමන හැඩයක් ගත්තද ඉන් සිල්වාට වන හානියක් නැත. විය හැකි උපරිම හානිය නිරීක්ෂණයක් වැරදී යාම පමණි (නමුත් මෙහිදී එම හානියද වන බවක් නොපෙනෙන්නේ සිල්වා කියා ඇත්තේ ජාතික චින්තනය රැකී ඇත්තේ ගැමියන් අතර කියා මිසක ගැමියන් බහුතරය ජාතික චින්තනය මත පදනම්ව ඇත කියා නොවන බැවිනි - අපගේ පාරම්පරික කලා ශිල්ප රැඳී ඇත්තේ ගැමියන් අතර යැයි කීමෙන් ගැමියන් බහුතරයක් එවැනි කලා ශිල්ප ප්‍රගුණ කරන බවක් නොකියවෙන්නාක් මෙනි).

සිල්වාගේ තියරියට එදිරිව ට්‍රොට්ස්කි කොට ඇත්තේ හුදු නිරීක්ෂණයක් නොව තියරියක් ගොඩ නැගීමකි. ට්‍රොට්ස්කි කම්කරුවන් යම් නිෂ්චිත ආකාරයකට හැසිරෙණු ඇතැයි බලාපොරොත්තු විය. ඔහු කම්කරු පංතියේ ඓතිහාසික කාර්යභාරයක් ගැන කතා කළේය (මෙම කරුණ නිෂ්චිත වශයෙන්ම ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබද න්‍යාය සහ මාක්ස්වාදය පොදුවේ අනුදකින භෞතිකය මුල්කරගත් විග්‍රහය සමග ගැට ගැසී ඇත). එබැවින්ම කම්කරු පංතිය ට්‍රොට්ස්කි බලාපොරොත්තු වුණු ආකාරයට අරගල නොකරත් නම් ඉන් සමස්ත ට්‍රොට්ස්කිවාදය අනාථවීම වැළකිය නොහැක.

මෙහි ගැටළුව මේ සරළ කරුණ දේවසිරිට නොවැටහුනේ මන්ද යන්නයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-18614876394662738202012-07-21T06:24:36.320-07:002012-07-21T06:24:36.320-07:00ස්තූතී.
මම අදයි මේ group එක දැක්කෙ. එතන ගොඩක් ප...ස්තූතී.
මම අදයි මේ group එක දැක්කෙ. එතන ගොඩක් පහැදිලිව තියනවඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-29146639843183414582012-07-21T05:55:38.255-07:002012-07-21T05:55:38.255-07:00නිර්මාල් 'මධ්‍යස්ථානයේ' සාමාජිකයෙක් උවත්, ...නිර්මාල් 'මධ්‍යස්ථානයේ' සාමාජිකයෙක් උවත්, අප විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය නිල වශයෙන් නියෝජනය කරන්නේ නොමැත. එම නිසා එම සම්මේලනයේ වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අපට නිල වශයෙන් අදහස් පල කිරීමට නොහැකිය. නමුත් එම අරගලයේ දේශපාලන ප්රතිවිඵාකයන් අපට දේශපාලනය තුල ක්‍රියාකාරී පිරිසක් ලෙස අදහස් දැක්විය හැකිය. නමුත් ඔබට නිල වශයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සමග ඍජුව සාකච්චා කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ඇති හොඳම වේදිකාව වන්නේ, ඔවුන් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් කණ්ඩායම් පිටුව තුල එම ප්‍රශ්න සාකච්චා කිරීමයි. එහි සබැඳිය සහ එහි නිල වෙබ් අඩවියේ සබැඳිය පහතින් දැක්වේ.

https://www.facebook.com/groups/futasl/

http://futa-sl.org/මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-90699956231958580872012-07-21T05:36:16.625-07:002012-07-21T05:36:16.625-07:00ආචර්ය නිර්මාල් මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. වි...ආචර්ය නිර්මාල් මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. වි.වි. ආචර්ය වරුන්ගේ අරගලය ගැන. කොතනට සම්බන්ද උනොත්ද හරි. නැත්නම් මම මෙතනම අහන්න ද???අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-67996970769988782972012-07-21T00:15:21.579-07:002012-07-21T00:15:21.579-07:00ජාතික චින්තනයම උනත් අවසානය කොහෙද වෙන්නෙ කියල වෙනම ...ජාතික චින්තනයම උනත් අවසානය කොහෙද වෙන්නෙ කියල වෙනම කල්පනා කරන්න ඔනෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-84298781188099530432012-07-21T00:14:57.278-07:002012-07-21T00:14:57.278-07:00අමරෙලව පෝෂනය කලේ ජාතික චින්තනය කියල හිතන්න පුලුවන්...අමරෙලව පෝෂනය කලේ ජාතික චින්තනය කියල හිතන්න පුලුවන් නේද? රාජපක්ෂ හරි අමරසේකර හරි කියල කණ්ඩායමක් නම් කරන්න බෑ, ජාතික චින්තනය විසින්???

ලංකා සමාජය තියෙන්නෙ ඊනියා ජාතික චින්තනයක් ඇතුලෙ. නිකන් ලිබරල් එකක් අතුලෙ වගේ හැබැයි ප්රජාතන්ත්ර වාදී වෙන්න ලෝබයි වගෙ සීන් එකක්.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.com