tag:blogger.com,1999:blog-2991596727751755963.post1874730763982492523..comments2022-03-26T04:58:29.810-07:00Comments on මධ්‍යස්ථානය: ජාතික චින්තනය ගැන තව දුරටත්මධ්යස්ථානයhttp://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2991596727751755963.post-10195976901497299632013-05-14T23:06:07.108-07:002013-05-14T23:06:07.108-07:00ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝය...ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්

බලන්න,
http://kathika.lk/?p=121
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-60788825627032236482013-04-26T01:29:45.083-07:002013-04-26T01:29:45.083-07:00ඔබගේ සියලුම කොමෙන්ටු පල කිරීමට නොහැකි වන්නේ, සමහර ...ඔබගේ සියලුම කොමෙන්ටු පල කිරීමට නොහැකි වන්නේ, සමහර ඒවා වල ඇති කුණුහරුප ඉවත් කල නොහැකි වූ නිසාය. වාක්‍යයට හානියක් නොවී කුණුහරුප ඉවත් කල හැකි විට එය පල කළෙමු. අනෙකුත් කොමෙන්ටු කුණු හරුප ඉවත් කර නැවත එවන්නේනම්, කිසිදු වෙනසක් නොකර පල කරමු.මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-37279632502348164642013-04-26T01:21:49.019-07:002013-04-26T01:21:49.019-07:00එනම් ජාතික චින්තන සංවාදය වසර විසි පහක පමණ දීර්ඝ ඉත...එනම් ජාතික චින්තන සංවාදය වසර විසි පහක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති විට සමපේක්ෂී යථාර්ථවාදයට ඇත්තේ වසර දෙක තුනක ඉතිහාසයකි.....

Lol!... Lol!..... Lol!......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-74464868390023052552013-04-26T01:17:34.779-07:002013-04-26T01:17:34.779-07:00බුදු දහම පිළිබඳව ලංකාවේ සීරියස් පර්යේෂණ කෙරිලා නැහ...බුදු දහම පිළිබඳව ලංකාවේ සීරියස් පර්යේෂණ කෙරිලා නැහැ.....

Lol!....Lol!.....Lol!.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-46920813021792566692013-04-19T04:52:31.322-07:002013-04-19T04:52:31.322-07:00මේ පිළිබඳව අපගේ බ්ලොග් අඩවියට සම්බන්ධ මිතුරන් අතරේ...මේ පිළිබඳව අපගේ බ්ලොග් අඩවියට සම්බන්ධ මිතුරන් අතරේ සංවාදයක් තිබෙනවා. බුදු දහම පිළිබඳව ලංකාවේ සීරියස් පර්යේෂණ කෙරිලා නැහැ. එය කිරීම ඉතාම යහපත්, කුමන අර්ථයකින් ගත්තත්. නමුත් ගැටළුව තිබෙන්නේ බුදු දහම අප සමාජයේ බහුතරයක් දෙනා ආගමක් ලෙස ඇදහීමයි. එවිට එය පිළිබඳව කෙරෙන දාර්ශනික සාකච්චාවක් නිවැරදි තාර්කික තලයක් තුල පිහිටවීම අපහසුයි. එනම් එය තවත් දර්ශනයන් අතර එකක් ලෙස නොව අනුභූතිඋත්තරව නිවැරදි එක ලෙස පූර්ව නිගමනය වීමයි. එම නිසා, අඩුම තරමේ දර්ශනය ගැන සාකච්චාවක් ආරම්භ කිරීමේදී බුදු දහම තාවකාලිකව දුරින් තැබීම හිතකර වේ.මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-45958780785082266622013-04-19T04:43:28.268-07:002013-04-19T04:43:28.268-07:00ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව වඩාත් ප්‍රශ...ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව වඩාත් ප්‍රශ්න කල යුතු වන්නේ විද්‍යා හා ගණිත සිසුන් කියන එක එතරම් නිවැරදි නොවේ. මින් අදහස් කරන්නේ විද්‍යා හා ගණිත සිසුන් අන් අයට සාපේක්ෂව තාර්කිකව සිතීමේ ඉහලම තලයක සිටිනා නිසා ඔවුන් දෘෂ්ඨිවාදී අගතීන් වලට අඩුවෙන්ම හසු වේ යන්න කියා සිතේ. මෙය නිවැරදි නොවේ. දෘෂ්ඨිවාදය කියන්නේ, ඉතාම සරල ලෙස, අපි දන්නා බව නොදන්නා දැනුමයි. දෘෂ්ඨිවාදය විවේචනය (critique of ideology) යන්න සෑම විටම භාවිතය සමග සම්බන්ධ ක්‍රියාවලියකි (එම නිසා එය දර්ශනයට අයත් කොටසක් නොවේ). එම අර්ථයෙන් විද්‍යාව පිලිබඳ ජාතික චින්තනයේ අදහස් විද්‍යා හා ගණිත සිසුන් අතර වැඩියෙන් ජනප්‍රිය වේ කියන ඔබගේ නිවැරදි නිරීක්ෂණය එතරම් පුදුම සහගත නොවේ. විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙන් විධිමත් විකල්ප අදහසක් නොමැති සමාජයක ඒ සඳහා ඇති එකම අදහස ජනප්‍රිය වීම ගැටළුවක් නොව සාමාන්‍ය තත්වයයි.

අප යෝජනා කරනා විකල්ප දාර්ශනික සංවාදයන් මාක්ස්වාදය සමග නිශ්චිතව සමපාත වේ. නමුත් මාක්ස්වාදී දෘෂ්ඨිවාදයන්ට සමාජයේ පදනමක් තිබේද? අපනම් එතරම් සුභවාදී තැනක නැහැ.
මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-55730123680040046692013-04-19T02:26:24.643-07:002013-04-19T02:26:24.643-07:00ඒක අප්සෙට් එකේ හොදම එක.... මාර්සෙල් දුෂො (Marcel D...ඒක අප්සෙට් එකේ හොදම එක.... මාර්සෙල් දුෂො (Marcel Duchamp) නම් අතිශයින් වැදගත් සිත්තරා ගේ Fountain නම් ස්ථාපානය සදහා ටොයිලට් එකක් අරගත්ත එක......

මේක තමයි දැනුමෙ සීමාව......

නලිය, බුද්ධ, මාක්ස් දැනුමට විරැද්ධ ඒකයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-67714278797238806632013-04-18T21:47:15.575-07:002013-04-18T21:47:15.575-07:00මෙය ඉතාම වැරදි වැටහීමකි. මේ චායාරූපයේ තිබෙන්නේ මාර...මෙය ඉතාම වැරදි වැටහීමකි. මේ චායාරූපයේ තිබෙන්නේ මාර්සෙල් දුෂො (Marcel Duchamp) නම් අතිශයින් වැදගත් සිත්තරා ගේ Fountain නම් ස්ථාපානයයි. මධ්‍යස්ථානයhttps://www.blogger.com/profile/06269567948880562060noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-78007834068648102242013-04-18T21:34:56.560-07:002013-04-18T21:34:56.560-07:00වැසිකිළියක රුවක් මෙහි පල කිරීම ඔබගේ බ්ලොග් අඩවියේ ...වැසිකිළියක රුවක් මෙහි පල කිරීම ඔබගේ බ්ලොග් අඩවියේ තත්වය බාල කරනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-54908569171259736212013-04-18T20:29:48.294-07:002013-04-18T20:29:48.294-07:00//එයට පරස්පරව, ජාතිය, ආගම, කුලය, ලිංගික කැමැත්ත ආද...//එයට පරස්පරව, ජාතිය, ආගම, කුලය, ලිංගික කැමැත්ත ආදිය නොසළකන ගණික විශ්වීයත්වයක් වෙනුවෙන් අප පෙනී සිටින විට එය කිසි සේත්ම මෙරට සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග සමපාත නොවේ//

අඩුම ගණනේ බෞද්ධ දර්ශනයේ දාර්ශනික අඩංගුව නිසි ලෙස සමාජගතවී තිබුනා නම් එය සමපාත වන්නේ ඔබ නියෝජනය කරන පාර්ශවය සමග බවයි මට හිතෙන්නේ. එබැවින්, එය සමාජගත කිරීමේ ප්‍රවේශයක් ලෙස බුද්ධ දර්ශනයම යොදාගත නොහැකිද? මම එහෙම කියන්නේ, ඔබ අවසානයේ පවසන පරිදි මඩ, අවලාද සහ මාධ්‍ය මගින් නිවැරදි දෙය යටපත් කල නොහැකිය යන්න, තරමක භාවතිශය ප්‍රකාශයක් ලෙස පෙනෙන බැවිනි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2991596727751755963.post-21992873629566053812013-04-18T07:37:00.764-07:002013-04-18T07:37:00.764-07:00පැහැදිලි කිරීමට ස්තුතියි, එසේම එය තර්කානුකුල, විශ්...පැහැදිලි කිරීමට ස්තුතියි, එසේම එය තර්කානුකුල, විශ්වාස කිරීමට පොලබවන සුළු, හැදෑරීම් උත්ප්‍රේරණය කරන නමුත් තවදුර පැහැදිලි කිරීම් අවශ්‍ය ප්‍රභාමත් ලියවිල්ලක් බව විශ්වාසයයි.

කෙසේනමුත් සුළු ප්‍රශ්න කීපයක් ඇසීමට ඉඩදෙන්න, ජාතික චින්තන සංවාදයේ දෘෂ්ඨිවාදී අඩංගුව වඩාත්ම ප්‍රශ්ණ කිරීමට ලක්කලයුතු සමාජතිරුව ලෙස අඩුමතරමේ සලකියහැකි විද්‍යා හා ගණිත පීඨ වල සිල්වාගේ අදහස් වලට ඇති ඉහල පිළිගැනීම හා උසස්පෙළ විද්‍යා හා ගණිත සිසුන්ගේ සිල්වාගේ අදහස් වලට ඇති නැබුරුව අප තේරුම් ගත යුත්තේ කෙසේද? (ඔබට මෙය මෙසේ නොවේයැයි කිවහැකි මුත් මා මෙය අද්දැක ඇති සත්‍යයි)

දෙවනුව,අනෙකුත් දාර්ශනික දෘෂ්ඨිවාදයාන් සිංහල-බෞද්ධ සමාජයේ විශ්වාසයන් සමග සමපාත නොවුනත් මාර්කස් වාදී දෘෂ්ඨිවාදයාන් සමග
යම්තාක් දුරට සම්පත වනවා නොවේද? මාර්කස් වාදී දෘෂ්ඨිවාදයාන්ට
යම් පදනමක් ලංකාවතුල ඇතැයි උපකල්පනය කළහොත්, තවදුරටත්
අනෙකුත් දාර්ශනික මත බහුතරයකගෙන් 'දුරස්' වන්නේ වෙන කුමක් හෝ ඉහත විස්තර නොවුණු කරුණක් නිසාද?

බ්ලොග් හරහා දර්ශනය ගැන ප්‍රශ්න කිරීම 'හාස්‍යයක්' ලෙස පෙනී ගියත්, දැනට මා සතුව ඇති එකම මගවේ! Anonymousnoreply@blogger.com