Monday, July 30, 2012

සක්කෝ උජූ ච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානී

දීප්ති කුමාර ගුණරත්න මහතා ඉර හඳ වැඳලා, අත් දෙක නළලේ තියා, අපට පොරොන්දු වන්නේ, නිර්මාල් සම්බන්ධයෙන් ඇති ඔවුනගේ 'විවේචනය' කිසිදු ආකාරයක පෞද්ගලික කෝන්තරයක් නොව සමාජ ක්‍රමයට එරෙහිව සාධාරණ යුතෝපියාවක් යෝජනා කල දේශපාලන සංවිධානයක් පවතින ක්‍රමයේ සියළු ප්‍රතිගාමී කුලක වලට වසර 2005 දී පාවා දුන් පුද්ගලයෙකු වෘත්තීය සමිති නායකයෙකු වීම පිළිබඳව ගැටලුවකි යන්නය. මේවාට ප්‍රතිචාර ලෙස අපිට කල හැක්කේ එකම එක දෙයකි : x කණ්ඩායම තුල ඇති වූ ගැටලුව නැවත නැවතත් ලියා තැබීමය.     

Thursday, July 26, 2012

මහින්දගේ ආගිය කතා - නිර්මාල් ගැන මහින්ද අබේසුන්දර!


1. නිර්මාල් පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ 2004 වර්ෂයට පසුව ඔස්ට්‍රේලියාවනි.

2. එකල ලංකාවේ භීෂණයක් තිබී ඇත.

3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කලයුත්තේ ඔවුන්ට අවශ්‍ය වැටුප කොලයක ලියා දී, දේශන ශාලා වලට ගොස් වැඩ පන්ති පැවැත්වීමය.

4. ඔවුන් දේශන කිරීම නවත්වන්නේ නැතිනම් ඔවුන්ගේ වෘත්තීය සටන් වලට මහින්ද අබේසුන්දර ගේද සහය ලැබේ.

පහත සබැඳිය හරහා මේක බලන්න

මහින්දගේ ආගිය කතා

Tuesday, July 24, 2012

නිර්මාල්, අනුරුද්ධ, නලින් - වාද පිටිය

දෙරණ රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනය පිලිබඳ සංවාදයට අදාල සබැඳිය. මෙහිදී මූලික වශයෙන් ප්‍රශ්න අසන්නන්ගේ භූමිකාව රඟ දැක්වූයේ නලින් ද සිල්වා සහ - අඩු වශයෙන් - රොහාන් රාජපක්ෂ වන හෙයින් 360 සංවාදයේදී මෙන්, අපගේ බ්ලොග් අඩවියේ එක කොමෙන්ටු කරුවෙක් කියා තිබූ පරිදි, සංවාදය නිල වශයෙන් මෙහෙයවන්නාගේ හක්ක තැලීමට ඔබට සිතීමට ඇති ඉඩ කඩ අඩුය. 

http://www.youtube.com/watch?list=PLD4C31E2AE1A01988&v=AhTEI3eqR18&feature=player_embedded

නිර්මාල් - දෙරණ 360

නිර්මාල්ගේ දෙරණ 360 සාකච්චාව (සහ රුපවාහිනි නිවෙදිකාවන්ගේ නූගත් කම, මාධ්‍ය හරහා දේශපාලනය කිරීමේ සීමාව, සහ - අවසාන වශයෙන් - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය පිළිබඳව) දැක බලා ගැනීමට අවශ්‍යය කෙනෙක් වේනම් පහත සබැඳිය ක්ලික් කරන්න. 

http://www.youtube.com/watch?v=gmVsV148jh4&list=PLCBD9279D5A107422&index=1&feature=plpp_video

Friday, July 20, 2012

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ගුණදාස අමරසේකර විසින් රචිත රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තියනමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේයන්නයි. ගමනක අගයන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ගමනක අගයන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ගමනක අගනව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

Monday, July 16, 2012

මහින්දගේ පිටපත සහ ජ.වි.පෙ ඇතුල්පත

ජ.වි.පෙ. කටුවන දි පැවැත්වූ ජන හමුවකට ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරෙ යන ත‍්‍රස්තවාදියා, ඔහුගේ ත‍්‍රස්තවාදී ගෝල පිරිසක් ද රැගෙන විත් පහර දී දේපල හානි සිදු කර එම ජන හමුවට සහභාගි වූ ජ.වි.පෙ. සාමාජිකාවක් හා එයට පැමිණි අවු. 18 ක් පමණ වයසැති තරුණයෙකුට ද වෙඩි තබා ඝාතනය කර තිබූ බව පුවත්පත්වල සඳහන් විය. ජූලම්පිටියේ අමරේ අවු. 09 ක් පුරා වරෙන්තු පිට ස්ත‍්‍රී දූෂණ, මංකොල්ලකෑම් හා මිනීමැරුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බව ද සඳහන්ය ලංකාපුවත්පත (ජ.වි.පෙ. ට සම්බන්ධ) ට අනුව 2002 හිර ගෙදර පැවති කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා එවකට යූ.ඇන්.පි. යේ ජෝන් අමරතුංග ඇමති සමග පැමිණ අමරෙට කතා කර අමරෙ මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එළියට එන්න.ලෙස එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කළ බව තව දුරටත් ඒ පිළිබඳ වූ විස්තරයේ සඳහන් ය. තව ද හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා වර්තමාන පාලක දේශපාලන බලවතුන්ගේ  අනුග‍්‍රහය ලබන තවත් ත‍්‍රස්තවාදීන් ගණනාවක් ද මෙලෙස මිනීමරා දේපල මංකොල්ල කා ජනතාව බියවද්දමින් ජීවත්වුවන් සහ වන්නන්ගේ ද නාම ලේඛනයක් විය. ඔවුන්ගෙන් උදව් ලබා තම දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කර බලයට පත්වීම සඳහා ක‍්‍රියාකල දේශපාලකයන් අතරින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන ද විශාල සඳහනක් විය. මේ සියල්ල අද ඊයේ පටන් නොව මහින්ද විපක්ෂ නායක හා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි කාලවලට ද සම්බන්‍ධ බව ද ජ.වි.පෙ. ලංකා පුවත්පතින් හඟවා තිබුණි.

Friday, July 13, 2012

රොහානියානු සිම්ටමය තව දුරටත් රැගෙන යන දිප්ති


මම ගුණයා ගැන ලියන්නේ නැහැ.  ගුණයා අන් අය ගැන ලියපු ‍දේවල් වලින්ම අරගෙන ඵම කන්නාඩියම ගුණයාට හරවන ඵක විතරයි කරන්න තියෙන්නෙ. හිස්ටීරියා පොත පලවීමෙන්  පසු හිස්ටීරියාවපොත කියවා ඇති කෙනෙක් සිටී නම් හෝ එම පොතෙන් ප්‍රශ්න මතු වී තිබේ නම් එවැනි කෙනෙකු තමන්ට මුණ ගස්සවන ලෙස ගුණයා දිනක් කීවේය. බොහෝ කලක් යනතුරු මට කිසිවෙක් හමු වූයේ නැත. බොහෝ දෙනෙක් කීවේ පොත බලා ටික වේලාවකින් එය නවතා දමන බවයි. ශිරාල් ලක්තිලක කීවේ ලිංගිකත්වයට අදාල සාමාන්‍ය සෑම  කාරණාවක්ම හිස්ටීරියාව ලෙස ප්‍රකාශ කර  ඇති නිසා නිරෝගී තමන්ටද පොත බලා හිස්ටීරියාව දැනෙමින් තිබූ නිසා තමන්ට නශ්ඨකාමය වැනි දෙයක් ඇතිවේ යැයි යන සිතුවිල්ල ද පහළවි පොත බැලීමඅතර මග නවතා දැමූ බවයි.